
(සුජිත් හේවාජුලිගේ)
මීගමුව බන්ධනාගාරයේදී නිලධාරීන් අට දෙනා ඝාතනය කළ රැඳවියන් දෙසීයකට ආසන්න පිරිසකට මිනීමැරීමේ චෝදනා යටතේ ඉදිරියේදී නඩු පැවරෙනු ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මෙම අපරාධය සුරේෂ් සහ බූරුමූණා ඇතුළු අපරාධකරුවන් දහතුන් දෙනෙකු මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු කණ්ඩායම් කිහිපයක් මේ සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ පවත්වමින් සිටිති.
පරීක්ෂණවලදී අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට වීඩියෝ දර්ශනද උපයෝගි කරගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම අපරාධය මෙහෙයවූ සැකකරුවන් අතට අවි ආයුධ කිහිපයක් ගොස් ඇති බවත් මේවා ඔවුන් අතට පත් වූයේ කෙසේදැයි සොයා බැලීමටද විමර්ශනයක් පවත්වන බවත් පොලිසිය පවසයි.
එසේම මීගමුව බන්ධනාගාරයේ අවි ගබඩාවේ අවි ආයුධ සම්බන්ධයෙන්ද පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් අප අපරාධ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩි තුවක්කු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
විමර්ශනවලින් අනතුරුවමේ අපරාධයට සම්බන්ධ රැඳවියන් සියලු දෙනාට නඩු පවරනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර දිවයිනේ බන්ධනාගාර 16ක සංවිධානාත්මක අපරාධකරුවෝ රඳවනු ලැබ සිටිති. මෙම සියලුම බන්ධනාගාර සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ අවධානය යොමු කර ඇත.
මේ අතර සංවිධානාත්මක අපරාධකරුවන් පසුගිය කාලයේදී විදේශ රටවලින් විවිධ අවි ආයුධ 10804ක් මෙරටට ගෙනවිත් තිබියදී සොයාගෙන ඇත. මේවා මත්කුඩු සමගම මුහුදු මාර්ග ඔස්සේ පැමිණි ඒවා බව නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd