
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරට වසරක් තිස්සේ පත් කර නැතැයි කළුතර දිස්ත්රික් මන්ත්රී අජිත්.පී.පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අධිකරණ ඇමති ප්රකාශයක් කළා. නමුත් ඔහු එක කරුණක් කිව්වේ නැහැ.මීගමුව බන්ධගාරයේ 2400 කට වඩා රැඳවියන් ඉන්නවා.ප්රතිකාර නැතැයි කාන්තාවන්ද වහලයට නැග ඉතා බරපතල තත්වයක් නිර්මාණය වුණා.
ඊයේ හවස් වන තුරු ඇමතිවරයා මේ ක්රියාමාර්ගය පාලනය කිරීම සඳහා කිසිදු ක්රියාමාර්ගයක් ගත්තේ නෑ.බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වසරක් තිස්සේ පත් කරල නෑ.වැඩ තහනම් කරපු අය ගැන අද වනතුරු විධිමත් ක්රියාමාර්ග අරගෙන නැහැ.ස්ථිර පත්කිරීමක් නෑ.
බන්ධනාගාරයට නායකත්වයක් නෑ.මා මේ ගැන මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තුවේ ප්රශ්න කළ විට ඇමතිවරයා අදාල නැතැයි කියා ප්රශ්නයට උත්තර දීම මගහැරියා යනුවෙන්ද මන්ත්රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd