හම්බන්තොට බදගිරිය ගම්මාන පහක පවුල් 1600 ක ජනතාවට පිරිසිදු පානිය ජලය ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් ගොන්නොරුව සමූපකාර හන්දියේ දී අද (25) පැවැත්විණි. බදගිරිය වැවෙන් ජලය ලබා ගෙන ග්‍රාමීය ජල යෝජනා ක්‍රමයක් යටතේ ලබා දෙන ජලය පානය කිරීමෙන් ප්‍රදේශයේ ජනතාව දැනටමත් විවිධ රෝගී තත්ත්වයට පත්ව ඇති බව ජනතාව පවසති. හම්බන්තොට පොලීසයද එම ස්ථානයට පැමිණ ජනතාවට මාර්ගයෙන් ඉවත්වන ලෙස කියා සිටියත් ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන තෙක් ඔවුහු උද්ඝෝෂණය කරන බව කියති.

![DSC01294[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC012941.jpg)
![DSC01296[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC012961.jpg)
![DSC01301[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC013011.jpg)
![DSC01309[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC013091.jpg)
![DSC01310[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC013101.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට ඉස්සර හාල් නැතුව බත් කන්නම්, සීනි නැතුව තේ බොන්නම් , රෙදිත් නැතුව අපි ඉන්නම් කියල පෙළපාලි ගියා කියල කතාවක් තියෙනවා. අන්න ඒකතාවට මේකත් එකතු කර ගන්න පුළුවන් - වතුර නැතුව අපි බොන්නම් කියල. මොකද පසුගිය ඡන්ද ප්‍රතිපලය අනුව මොනවා නැතත් මේ කට්ටිය වතුරවත් නොදීපු පක්ෂෙට ඡන්දෙ දීල තියෙනවා. (අ)
මහින්ද විතරක් නොවෙයි. සජිත්වත් මොකුත් කරලා නැහැනේ. (අ)
මහින්දලා මේ අහිංසක ජනතාවට බොන්න වතුර ටිකක් දුන්නා නම් මොකද (අ)
ජාත්‍යන්තර ගුවන් තොටක්, වරායක් , සම්මන්ත්‍රණ ශාලාවක් ,දිවා රාත්‍රී ක්‍රිකට් පිටියක් හයි වේ එකක් දෙන්න ඉස්සර බොන්න වතුර දුන්නා නම් හොඳයි . (අ)
හිටපු මහරජා ගමට කරලා නැද්ද (අ)
රජතුමා නැතිවුනත් හරි පළාතට බොන වතුර ටිකත් නැතිවුණා. (බ)
එ්ක හින්ද තමයි අලුත් කට්ටිය පත්කළේ (බ)
මාමා ඉන්න කාලේ වතුර ටික එහෙම ගෙදරටම ගෙනත් දුන්නද දන්නේ නෑ.(අ)
බලනකොට හම්බන්තොටටත් වටිනා දෙයක් කරලා නැහැනේ. (ම)
ජලගැටලුවට දුන් විසදුම ප්‍රමාණවත් නොවීමේ ගැටලුව (ම)