පාසලේ දැරිවියන් දෙදෙනාට බාල දක්ෂ පදක්කම් ගැනීමේ අවස්ථාව අහිමි කළ දෙහිවල ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ හිටපු නියෝඡ්‍ය විදුහල්පතිනි පුෂ්පානි ආදිහෙට්ටි ආරච්චි මහත්මියට එරෙහිව සිතාසි නිකුත් කරන ලෙස මහාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායස් මහතා නියෝග කළේය..
2010 ඡුලි 16 වැනිදාත් 2011 ඡුලි 15 වනිදාත් අතර කාලයේදී අවුරුදු 16 ට අඩු දැරියන් දෙදෙනනෙකුට වේදනා සිදු විය හැකි අයුරින් සහ ඔවුන්ගේ සෞඛ්‍යට හානි විය හැකි අයුරින් බැන තර්ඡුනය කිරීමෙන් ඔවුන්ට අඩන්තේට්ටම් කරන ලදැයි නිතීපතිවරයා ඇයට එරෙහිව නඩු පවරා ඇත.
ජනවාරි 28 වැනිදාට නඩුව කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පුංචි කාලේ අහපු කවි වල වුණත් ගුරු මවුපිවරුන් කොයිතරම් අගය කළාද? මොකක්ද දැන් මේ වෙන්නෙ? (නි)
ඔය මෝඩ ගැනිව උප විදුහල් පති කළේ කවුද (බ)
නැවතත් රාජයා ගත්ත පාසල් නවතා පවර දිය යුතුයි, මොකද දැන් පාසල් වල පිරිහීම යම් දුරකට නවත්වන්න පුළුවන්, නැත්නම් මේ වගේ ගුරුවරු සහ සමහර ශිෂ්‍යයින්ට හැදෙන්න්න බෑ. පෞද්ගලික පාසලක ඉගෙන ගත්ත කෙනෙක් හැටියට මම කියන්නේ. (බ)
හිටපු විදුහල්පති කන්‍යා සොයුරියන් දෙදෙනෙකුටත් ඔහොම කළ නිසා තමයි යන්න වුණේ. ගොඩක් අසාධාරණකම් ළමයින්ට කළා. මේ පාසල් රජයට පවරාගත්තොත් හොඳ නැද්ද? (නි)
පෞද්ගලික පාසල් වල වැරැද්දක් හින්දා මේවා වෙනවා නෙමෙයි. අසාධාරණයක් වුණ දරුවෙකුට යන්න තැනක් ලංකාවේ නැහැ. ගරු උසාවියෙන්වත් නිසි දඬුවමක් ලබා දුන්නොත් හොඳ පාඩම. (නි)
අනේ අපි දන්නෙ නැහැ ඕවා... (නි)
පුද්ගලික පාසල් වල වරදක් නෙමෙයි. මේවා කියා මුලින්ම නිවැරදි කිරීමට නිසි යාන්ත්‍රණයක් නැතිකමයි හේතුව. (නි)
මේ වගේ අයට විදුහල්පතිකම් දීමේදී දෙවරක් සිතාබලන්න වෙනවා නේද?
මේ වගේ පොඩි දරුවන්ට ඔය වගේ බැන තර්ජන කරන්නේ මොකක් හෝ අසනීපයකින් පෙළෙන නිසයි (නි)