IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බූන්දල අලියා පරණ අලි මංකඩ දිගේ තංගල්ලට

බූන්දල ජාතික වනෝද්‍යානයෙන් එළියට ආ වල් අලියෙක් තංගල්ලේ නොටොල්පිටිය දක්වා පැමිණ ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා පවසයි. ඔහු පවසන පරිදි මේ අලියා දැනට කිලෝ මීටර 40ට වැඩි දුරක් ගම්මාන හා කලපු පරිසරය මැදින් පැමිණ ඇත.

ජනාකීර්ණ ප්‍රදේශයක් හරහා තංගල්ල දෙසට ගමන් කරමින් සිටින අලියා යළි වනෝද්‍යානයට පළවා හැරීම දුෂ්කර බැවින් නිර්වින්දයන කැර ඇල්ලීමට කටයුතු කරන බව වෛද්‍ය ධර්මකීර්ති පවසයි. වගුරු සහිත පරිසරයේ දී අලියා නිර්වින්දනය කිරීමට අපහසු බව ඔහු කියයි.

බුන්දල සිට උස්සන්ගොඩ, කලමැටිය, රැකව හරහා නොටොල්පිටිය දක්වා අලියා පැමිණ ඇති බව වනජීවී නිලධාරීහු කියති. මේ මාර්ගය අදින් වසර ගණනාවකට පෙර අලි ඔබ මොබ ගිය මඟක් බවට ලිඛිත සාක්ෂි පවා ඇත.



අදහස් (0)

බූන්දල අලියා පරණ අලි මංකඩ දිගේ තංගල්ලට

චමිලා Monday, 02 June 2014 09:01 PM

අලියට වෙන යන්න පළාතක් තිබුණෙම නැද්ද තංගල්ලටම ගියේ? අහිංසක අලියා පවු! (නි)

:       0       0

රජින්ද Monday, 02 June 2014 01:10 PM

මිනිස්සු දුෂ්ඨ විදිහට මේ අහිංසක සත්තුන්ගේ භුමිය වනසනවා. ඒ නිසයි මේ සත්තුන් නිසා මිනිස්සු මළත් දුකක් නැත්තේ. මොකද මිනිස්සු හැමදේම විනාශ කරනකොට දැනගන්න ඕන ඒවා තමන් පස්සෙත් පන්නන බව.(නදී)

:       0       0

දසනායක Monday, 02 June 2014 02:06 PM

රජින්දගේ කතාව සහතික ඇත්ත. (ස)

:       0       0

සිරී Monday, 02 June 2014 02:26 PM

රජින්දගේ කතාව හරියටම හරි. ගම බිම් සහ වන රක්ෂිත වෙන් කර උසස් ප්‍රමිතියකින් යුතු සවිමත් විදුලි වැටක් සවිකර එය නිසිපරිදි නඩත්තුකිරීම තමා හොඳම පිළියම. ඒ හරහා මුදල් ගසා කෑම නොවේ. (නදී)

:       0       0

සම්පත් Monday, 02 June 2014 03:36 PM

මේක මහා හතර බීරි කතාවක් කැළේ කපන අය පරිසරය විනාස කරන අයටමද වල අලි පහර දෙන්නේ. ඒවා කරන උදවිය පැත්තක අලින්ගෙන් ගුටි කන්නේ ගම්වල අහිංසක මිනිස්සු (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 02 June 2014 03:46 PM

ගංගා ඇල දොලට වගේම අලින්ටත් තමන්ගේ පරණ නිජබිම් වගේම ගමන් මාරගයත් හොඳට මතකයි , අපිටනේ සතියෙන් දෙකෙන් හැමදේම අමතක වෙන්නේ (නදී)

:       0       0

කැනඩා දිසා Tuesday, 03 June 2014 09:26 AM

රජින්ද , ඔය හරියටම හරි .උසස් අදහසක් දැක්වීම ගැන ඔයාට ස්තුතියි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site