රත්නපුර වේරගම වේරගමකන්දේ කෑලෑබද ඉඩමක බලපත‍්‍ර නොමැතිව රඳවාසිටි කණ්ඩුල අලි පැටවාට අයිතිවාසිකම් කියන තිස්සමහාරාම විහාරස්ථානයේ දේවාලේගම ධම්මදින්න හිමියන්ගෙන් ප‍්‍රකාශයක් ලබාගන්නා ලෙස රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා රහස් පොලිසියට නියෝග කළේය.
මෙම අලිපැටවා ‘බින්දු‘ ළමා චිත‍්‍රපටයේ දර්ශන සඳහා යොදාගත් බැවින් බින්දු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වයි.
මෙම නඩුවේ ඇපමත මුදාහළ යහලේවෙල ගොඩකවෙල පදිංචි පී.ආර්. සිසිර කුමාර යන අය සහ වේරගම පදිචි උපුල් නිශාන්ත සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ පණ්ඩුල වන්නිආරච්චි මහතා පැවසුවේ බලපත් ලබාගගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවට අයදුම්පත් යොමුකර ඇති බවයි. මෙම සැකකරුවන් අලිපැටවා රැකබලාගත් බවද එහිදී නීතීඥවරයා ප‍්‍රකාශ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන සිව්පාවෝ වන අලි, මිනිස්සු නම් දෙපාවෝ නිසා විඳින දුකක්! (නි)
පවු! මේ ප්‍රශ්න වලින් දුක් විඳින්නේ කිසිත් නොදන්නා අහිංසක සත්තු (නි)
අලි පැටියා දැක්කහම මට නම් හරි දුක හිතුනා (නි)
මේ ගොල්ලෝ වනාන්තර වල ඉන්නකොට දවසකට සැතපුම් 12 විතර ගමන් කරනවා, නීරෝගීව ඉන්නවා. දම්වැලකින් බැඳලා ගහක් මුලට කොටුකරලා ඉන්නවා දැක්කම දුකයි. අපි ආදරේ එක ඇත්ත. (නි)