ජනප්‍රිය විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ අනුකරණය කරමින් ඔහුගේ නමින් චිත්‍රපටවල රඟපා ඩීවීඩී තැටි අලෙවි කළැයි කියන ඔහුගේම හැඩරුව ඇති බින්දු බෝතලේගමට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද (15) විභාගයට ගැනිණි.
සාමදාන වන්නැයි මහේස්ත්‍රාත් ඔවුනට උපදෙස් දුන්නේය. බන්දු සමරසිංහ නළුවා අනුකරණය කරමින් ඩීවීඩී තැටි අලෙවි කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කටඋත්තරයක් දෙන්නැයිද බින්දුට නියෝග කැරිණි.
බුද්ධිමය දේපළ යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝනය කළැයි බින්දුට එරෙහිව මේ නඩුව පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් විදේශ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් (ම)
බන්දු තව ටිකක් හොයල බලල වැඩ කරා නම් හොඳයි. තමන්ගේ සහජාත පුත්‍රයෙකුටද ඔහොම කරන්නේ කියලා. (බ)
ඩුප්ලිකේට් නල්ල තම්බිලා ඇතිවුණා නම් ඩුප්ලිකේට් බන්දුලාටත් තැනක් දෙන්න (බ)
ඩුප්ලිකේට් එකට ඔරිජිනල් වෙන්න කොහොමටත් බැහැනේ. අහෝ දුකකි ..බින්දුට බින්දුව ! බෝතලේකින්වත් සැනසෙන්න!(අ)
බින්දුට අන්තිමේදී බින්දුව! (නි)
මේවා ෂැඩෝව් ස්ටාර් කියලා ජනප්‍රිය කරපු අයගෙන් අහන්න ඕන. ඒවාට කවුරුත් අප්පුඩි තැලුවා නේද? (බ)
ජාන පරීක්ෂණයක් කරමුද (අ)
මේක බරපතල ප්‍රශ්නයක් . දෙන්නෙක් එකම වගේ. (බ)
බන්දු සමරසිංහට ආදායම අඩුවෙනකොට කරන දේවල්. හැබැයි ඔබට වැඩිය දක්ෂ නළුවෙක්. (බ)
කව්රු හරි නිර්මාණයක් කළාම ඒක අනුකරණය කරන්න හොරු දහස් ගානක් ඉන්නවා. හැමෝටම තමන්ට තියෙන හැකියාවන්ගෙන් දියුණු වෙන්න ඕනේ. මේ වගේ හොරුන්ට ආපහු මෙහෙම නොකරන්න ලොකු දඩයක් ගහන්න ඕනේ. (බ)
මට නම් මේ දෙන්නගේම විහිළු වලට හිනායන්නේ නැහැ, කේන්ති යනවා. (නි)
මමත් රුවන්ගේ ප්‍රතිචාරය සමඟ එකඟයි. (නි)
ලංකාවේ අයගේ පුරුද්දනේ ඉතින් කොපි කරන එක (නි)
අනේඅපේ රටේ මිනිස්සුන්ගේ තියන කුහක කම. තව මනුස්සයෙක් ජනප්‍රිය වෙනවට තියන අකමැත්ත. බන්දුගේ කාලේ ඉවරයි. එය අමරණීය කෙනෙක් නෙමෙයිනේ. තව මනුස්සයෙකුට හැදෙන්න දෙන්න. (බ)
බන්දු සමරසිංහ ඔබ සැලිය යුතු නෑ,බින්දුට කවදාවත් ඔබ වෙන්න බෑ,බොහෝ කලක් අප සමග සිටි ඔබ හෙටත් අප අතරමි, ඔබව අනුකරණ කරන්න ඔහුට බෑ ,ඔහු මවා පාන්නෙක්,ඔහුට ඔබ වීම අමාරුයි (අ)
මෝඩ වැඩ (බ)
බන්දුව කොපි කළ හැක සම කළ නොහැක. (ර)
මේ මනුස්සය දක්ෂයෙක් නම් එයාගෙම ශෛලියකින් ඉදිරිපත් කරන්නනේ තිබුනේ! (බ)
බින්දු මොනවා කරන්නද බන්දු වගේ ඉපදුනා කියලා... එකට කරන්න දෙයක් නැහැ. (ර)
බින්දු මොකද බන්දු මොකද? දෙන්නම දැන් එකවගේ රඟපානවා. ඔය රඟපෑම බින්දු තමුන්ගේ නමින් ගියා නම් තමා හොඳ. දැන් විජය වගේ රඟපාන නළුවෝ කී දෙනෙක් ඉන්නවද? බින්දු බන්දුගේ නම විකුණපු එක තමා වැරදි. (නි)
එතකොට අර සුපර් ස්ටාර්ලා අනුන් අනුකරණය කරලා, ප්‍රවීණයන්ගේ ගීත ගායනය කරලා ප්‍රසිද්ධ වෙන්නේ? ඔවුන්ව පිළිගන්නේ රතු පලස් දාලා. ඒගොල්ලන්ට මේ නීතිය වලංගු නැද්ද? (නි)
අනේ පවු කියලා හිතුනා (නි)