ශ්‍රී ල නි ප සංවිධායිකා ගීතා කුමාරසිංහ බෙන්තර ඇල්පිටිය සංවිධායක කමින් ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රාදේශිය දේශපාලනඥයෝ පස් දෙනෙක් ඇල්පිටිය නගරයේ ලොරි තට්ටුවකට නැගී උද්ඝෝෂණයක් ඇරැඹුහ.
දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න ,ප්‍රාදේශිය සභා මන්ත්‍රී සරත් අල්විස් ,ඒ ජී සාගර තිලකසිරි,නලින් ප්‍රියදර්ශන, කේ ඩී ඩී සුමිත් (ස්වාධීන් මන්ත්‍රී) යන් මන්ත්‍රීවරු උද්ඝෝෂණයේ ඇරැඹුහ.
එතැනට පැමිණී නැවත පදිංචිකිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබදව ජනපතිතුමන්ට දැනුම් දෙනතුරු එය නවතා දමන ලෙසයි.
ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුයේ තමා පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බැවින් එහිදී ඔවුන් පරාද වේ යැයි බියෙන් තමන් ඉවත් කැර ගැනිමට කැස කවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නා රඟපෑම කරගෙන ඉන්නේ නැතුව දේශපාලනයට ආවේ ඇයි? කළා කරුවෝ කියන්නේ මේ රටේ මිනිස්සු බොහොම ආදරේ කරන කට්ටියක් ඒකයි මෙහෙම කීවේ.(නදී)
මෙච්චර ලසන්න සංවිධායිකාවක් එපා කියන්නේ ඇයි? (නදී)
ලුම්බිණි, කියන්න පුලුවන්ද ඇයි එවැන්නක් අදහස් කලේ කියා? (නදී)
නැවත පදිංචිකිරීමේ අමාත්‍ය කෙනෙකුත් ඉඳලද බලපෑම් වලට යටවෙලා සිංහල මිනිසුන්ට හැන්දෙන් බෙදන්නේ? මේ ප්‍රාදේශීය ගොල්ලෝ කරන වැඩ මොනවද? ඉඩම් කොල්ලකම ඇරෙන්න? (අ)
මෙයාලට චන්දෙ දෙන්නෙත් හයක හතරක් නොදන්නා මෝඩ මිනිස්සු (අ)
ගීතා මුලින්ම වැඩේ අනාගන්නේ නැතිව හිමිහිට යන්න ගීතා.(නදී)
ගීතා කැලණියට එන්න. අපි ඔබ සාදරයෙන් පිළිගනිමු! (නදී)
පළාත් සභාවල ඉන්න සියලුම දෙනා ඉවත් කරන්න කියලයි අපි නම් ඉල්ලන්නේ.(නදී)
විජය කුමාරණතුංග, රංජන් රාමනායක වැනි දේශපාලනය පිලිබදව දැනුමක්,අවබෝධයක් ,සහිත කලාකරුවන් දේශපාලනයට පිවිසීම වරදක් නැත. නමුත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව,සහ සම්මත කරගන්න පනත් පිලිබදව දැනුමක් නැති අය වෙනත් ක්ෂේත්‍රයක ප්‍රසිද්ධිය තුලින් දේශපාලනයට පිවිසීම රටට අයහපතකි. දේශපාලන දැනුමක්,අවබෝධයක් නැති රංගන ශිල්පීන් /ශිල්පිනියන් ,ගායක ගායිකාවන්,ක්‍රීඩක,ක්‍රීඩිකාවන් කරන්නේ බුද්ධිමත්ව තීන්දු තීරණ ගත නොහැකි රසික රසිකාවන්,ක්‍රීඩා ලෝලීන් මුලා කර තමන්ට නුසුදුසු,නොගැලපෙන වෘතියකට පිවිස රට අගාධයට ගෙන යාමට සම්මාදම් වීමයි. මෙය රටේ උගත්,බුද්ධිමත් කොටස් වලට කරන නිගාවකි. රටේ සමස්ත ජනයාටම කරන අසාධාරණයකි.(නදී)
ගීතා කුමාරසිංහ මහත්මිය අස් නොකළ යුතුයි. කරුණාකර මෙතුමියට සහයෝගය දී තබා ගත යුතු බවයි මම කියන්නේ. (නදී)
ලංකාවේ අධ්‍යාපන සුදුසුකමක් නොබලන වසර පහක සේවා කාලයෙන් පසුව විශ්‍රාම වැටුපක් හිමිවන රජයේ එකම රැකියාව මන්ත්‍රී තනතුරයි. මේ නිසා කුමන හෝ කැපකිරීමක් කර හැමෝම මෙතනට එන්නට පොරකති. මාරාන්තික සටන් කරති. තම ආත්මයම පාවාදී ප්‍රසස්ති ගයති. මොවුන්ගෙන් බහුතරයක් මිල මුදලින් පොහොසත් වුවද දැනුමෙන්,බුද්ධියෙන් හීනය. මොවුන්ගේ අධ්‍යාපන මට්ටම දන ගැනීමට සහතික අවශ්‍ය නැත. මොවුන් කතා කරන දෙයින් සහ කතා කරන විලාශයෙන් තේරුම් තේරුම් ගත හැක."කතා නොකර සිටින තාක් මෝඩයා ද බුද්ධිමතෙකි." (නදී)
ගිතා ඔයාට පළාත් සභාව ජය ගත හැකිවේවි. බෙන්තරට වඩා මෙය පහසු වේවි. අපේ සුබ පැතුම්.(නදී)
ඇයි රංඩු වෙන්නේ.(නදී)
ලොරි තට්ටු උඩට නැගලා කරන්නේ මොන විකාරයක්ද අප්පා. මේ මිනිස්සුන්ට වැදගත්කමක් නැද්ද හැබෑට. බොරුවට ප්‍රසිද්ද වෙන්ට හදන්නේ නැතුව කෙලින්ම අදාළ තැන්වලට කිව්වා නම් හරිනේ. ඊට පස්සේ ප්‍රසිද්ද වෙන්න බැරියෑ.(නදී)
ඔයාලා කැමති හංසයින්ටද, පාත්තයින්ටද? (නදී)
ගීතා අපිට අපි ගීතට.(නදී)
ඉල්ලීම් දිනාගන්න අමාරුයිද? (නදී)
ගීතා අක්කේ ඔබගේ අදිෂ්ඨානය සමාජ සේවය නම් අපේ ආශිර්වාදය ඔබටයි.(නදී)