බෙන්තොට ප්‍රාදේශිය සභාවේ අය වැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද තුනකින් අද සම්මත විය.
උප සභාපති රංජිත් වික්‍රමසිංහ මහතා විපක්ෂව ඡන්දය දුන්නේය.පක්ෂව ඡන්ද හයක්ද විපක්ෂව ඡන්ද තුනක් ද ලැබිණි.
ඡන්දය නිම වීමවීමෙන් පසු සභාවට පැමිණි ජවිපෙ මන්ත්‍රී පුබුදු කොට්ටහච්චි මහතා පැවසුයේ කිසියම් පුද්ගලයකු තමාට තර්ජනය කැර බලෙන් බස් රියකින් රැගෙන ගිය නිසා ඡන්දය දීමට නොහැකි වු බවයි.
කයිකාවලින් බසයට නැඟුණු තමාට තර්ජනය කළ පුද්ගලයකු බෙන්තොටින් බැසීමට ඉඩ නොදී පයාගල දක්වා බලහත්කාරයෙන් රැගෙන ගිය බව කීවේය.
මෙම ප්‍රාදේශිය සභාවේ අය වැය පසුගිය 13 වැනිදා ඡන්ද හතරකින් පරාජය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැනදී උප සභාපතිගේ උපක්‍රමය වැරදුනා වගේ. අපරාදේ. (අ)