(අංජුල මහික වීරරත්න)
බණ්ඩි පොහොර (MOP) මිල තවත් සියයට 50කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
දැනට රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 28,600ක් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එම බණ්ඩි පොහොර පිරිවැය ගාස්තු අඩු කිරීම මගින් සියයට 50ක මිල අඩු කිරීමක් කළ හැකි බව රජයට අයත් බණ්ඩි පොහොර සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව බණ්ඩි පොහොර මිල සියයට 50කින් අඩු කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත්, ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් දෙන්න අඩුවට. ගෝඨාභය වගේ නිකන්ම දීලා ටික දවසක් ගොවියෝ අසරණ කරපල්ලා...!