මාස හයකට වැඩි කාලයක් තිස්සේ ඉඩෝරයෙන් බැට කන පොළොන්නරුවේ ඈත ගම් දනව්වල ජනතාව ලක්ෂයකට වැඩි පිරිසක් පානීය ජල හිගයෙන් දරුණු ලෙස පීඩා විඳිති.
ඉඩෝරයට ලක් වු ගම්වල දෙලක්ෂයකින් මේ පිරිස වැඩි වශයෙන් ජල ප්‍රශ්නයට මුහුණ දෙති.
ස්වේච්ඡා සංවිධාන මගින් ජල බවුසර ගෙන එන නමුත් ජල බවුසර සොයා ගැනීම ප්‍රශ්නයකි.බවුසරයක දවසක කුලිය රුපියල් දස දහසකි.
බවුසරයක් ලැබුණත් ජලය සොයා ගැනීමට කිලෝමීටර් 30-40 ගමන් කිරීමට සිදු වෙතියි සහන සේවකයෝ කියති.
මේ දිඹුලාගල ගමේ දර්ශනයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ ඔබ වහන්සේවත් මේ මිනිසුන් දිහා බලලා වැසි ලබාදෙන්න. (නදී)
බුදු සරණින් දෙවි පිහිටෙන් ඉක්මනින් වැස්ස ලැබේවා (දී)
බිමට වතුර ටික ලබා දෙන්න බැරි රජය මහ දේවල් කරන එකෙන් පලක් නැහැ. පාලකයෝ ජනතාව මුලා කරමින් තම තමා හැදෙනවා. (නදී)
අපි කව්රුත් අනුකම්පා කිරීම මානුෂික ගුණයකි ඒ වගේම ඒ අයගේ දුක අදුනගෙන ඒ අයගේ අවශ්‍යතාව තෙරුන්ගෙන ඒ අයට පිහිට උනොත් එක ඊටත් වඩා මහගු පින්කමක් වෙනවා නොවේද . මෙන්න එයට අවස්ථාවක් දැනට මේ අයට බොහෝ ප්‍රදේශී සබා මගින් වතුර ලබාදුන්නද සමහර පළාත් වලට වතුර බහාලීමට ටැංකි අඩුපාඩු බොහෝ ලෙස පවතිනවා එනිසා ඔබට ඔබ ආයතනයට එක්ව එවැනි දෙයක් අරන් දීමට හැකිනම් එයද ලොකු දායකත්වයක් වේ. මම දුරකථන අංකයට අමතා එයට දායකත්වය ලබාදෙන්න. 0272248242
අසරණ මිනිස්සු (දී)
අපි සියලු දෙනා මිනිසුන්ය අපි මේ මිනිස්සුන්ට උදවු කරන්න ඕනේ (දී)
හේසා, අපේ හිතේ ඇතිවන හැඟීම්, අදහස් එලියට දාන්න මේ වේදිකාව හදා දුන්නාට ලංකාදීපයට පින් දෙන්න. එසැණ වටා ඉන්න මේ මේ ජන ගඟ මහා බලවේගයක් බව අමතක කරන්න එපා. (දී)
ඔය ලියන කව්රුත් සත පහක් අමාරු අයට වියදම් කරනවද ?ඔය නිකම් බලන නිවුස් වලට ලොකු අහදස් දැම්මට (දී)
කෝ මේ පළාතේ බලවතුන් ? අපරාදේ චන්දෙ තියන්න තිබුනේ මේ පළාතේ . එහෙනම් වතුර කලගෙඩි පුරවා අරගෙන තුමා ලා ලැසි ගමනින් පෝලිමේ ඒවි ගෙවල් වලට . (දී)
පහුගිය සෙනසුරාදා ඉඳන් ඇතුල් කෝට්ටේ අපිටත් මේ වගේ තමයි වතුර කපලා. කවද ආපහු එනවද දන්නේ නෑ... (දී)
ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ජල ප්‍රශ්නය (දී)
දුක හිතෙනවා (දී)
මේ අහිංසක ගම්වැසියන්ගේ ජල ප්‍රශ්න වලට ස්ථිර විසදුම් ලබාදෙන්න පාලකයන් කටයුතු නොකරන්නේ මන්ද ? මොන පාරවල් හැදුවත්, මොන වරායවල් හැදුවත්, මොන ගුවන්තොටුපළවල් හැදුවත් වැඩක් තිබේද මිනිසුන්ගේ පානීය ජලය ලබාදෙන්න හැකි වැඩපිළිවෙලක් හදන්නේ නැතුව. (දී)
මෙහෙත් ඡන්දයක් මේ වෙලාවේ තිබුනා නම් බලන්න තිබුනා. අපේක්ෂකයෝ වතුර බවුසර් වලින් හරි ගෙනවිත් වැව් වලට පුරවාවි. ඒකත් මේ මිනිසුන්ගේ අවාසනාව. (නි)
රේණුක, රටේ උදවියට මේවා පෙනෙන්නේ නැත්නම් දෙවියන්ට ඕවා පෙනේවිද? (නි)
අනේ පවු! (නි)
අපි සමාජ සේවා කරන්නේ ප්‍රසිද්ධියේ නෙමෙයි. මෙතන ඉන්න වැඩි දෙනෙක් අප්‍රසිද්ධියේ රුපියලකින් හරි අනුන්ට උදවු කරන අය විය යුතුයි. නමුත් කවුරුවත් මෙතන, මම අච්චර අරයාට ආධාර දුන්නා, මෙච්චර මේ වැඩේට දුන්නා කියලා ලියන්න යන්නේ නැහැ (නි)
මේ අප නෙළාගන්නේ කඩිනම් මහවැලි ව්‍යාපාරයේ අස්වැන්නයි. අපේ පැරණි ශ්‍රේෂ්ඨ වාරි තාක්ෂණයේ අගය නොදත් ඉංජිනේරුවන් එම පැරණි තාක්ෂණය නොසළකා හැර බුල්ඩෝසර් කර දැම්මා. මහා වැව් වලට කෙළින්ම මහවැලි වතුර ලැබෙන බැවින් ඉහළින් පිහිටි කුඩා වැව් වැඩක් නැතැයි සිතා ඔවුන් එම වැව් ඩෝසර් කර ගොවි බිම් ලෙස බෙදා දුන්නා. එනිසා එම වැව් වලින් එතෙක් සිදුවූ මෙහෙවර අවසන් වුණා. අද මේ අප අත්විඳින්නේ මේ නොදන්නාකමේ විපාකයයි. (නි)
ජාතියටම බැත සපයන මේ අහිංසකයන්ට කෘතගුණ සළකන්න වෙලාවයි...... (නි)
ඔබ හරි ධම්ම. එසැණ තිබෙන නිසා අදහස් කියාගන්න පුලුවන් තමයි. ලංකාදීපයට පින්. (නි)
කාපට් පාරක් තිබුන නම් වතුර බවුසර් ඕන තරම් එනවා! (දී)
මහවැලි ගඟ හරවලා කොච්චර කල්ද. තවත් බැරි උනාද මේ මිනිසුන්ට බොන්න වතුර ටිකක් දෙන්න. මේ දිනවල මහවැලියට සම්බන්ධ ජලාශවල වාන් දොරටුත් ඇරලා වතුර වැඩිවෙලා. මොනවද මේ සැලසුම්? (දී)
මල් වතු හදන්න පාර්ක් හදන්න කොටි ගණන් මුදල් වියදම් කරන එකේ රජයේ වියදමින් බවුසර් ලබා දෙන්නේ නම්, ඒ ඒ අසල ගම වලින් ජලය එකතු කර මේ නියගයෙන් පීඩා විදින ප්‍රදේශ වලට ජලය බෙදා හරිම තවත් වැඩි වේවි නේද (දී)
තවමත් වතුර ප්‍රශ්නය විසඳිලා නැද්ද ? (නි)
මහජන සම්බන්ධතා වශයෙන් මේවා තමයි ඇවිල්ලා බලන්න ඕනෑ (නි)
කවුරු බලයට ආවත් කොළඹට කිරි ගමට කැකිරි... දුප්පතුන්ට වතුර දුන්නාට වාසියක් නැහැ (නි)
කෝ අර ඡන්දෙ දීලා පත්කළ මෙම්බර් මහත්වරු? (නි)
හේමල්ගේ අදහස් වලට 100% ම එකගයි. (දී)
හිතාගන්න පුළුවන් අපිට පහුගිය දවස් තුනක් වතුර නැතිව {ජලසම්පාදන මණ්ඩලේ දක්ෂකම් නිසා}වින්ද දුකේ හැටියට අපේ ප්‍රශ්නය විසදන්න කිසිකෙනෙක් ඉදිරිපත් උනේ නැහැ වැස්සවලාහක දෙවියන් වත් පිහිටවෙන්න කියල පතනවා! (දී)
අනේ දෙවියනේ! (නි)
අනේ! මේ පාරත් වහලා කාර් රේස් තියමුකෝ .... (නි)
ඇයි මේ දේවල් වලට කිසිම පිළියමක් නොයොදන්නේ? (නි)
ඔය කෝටි ප්‍රකෝටි ගණන් නිස්කාරනේ වියදම් කරන මුදල්වලින් මේ අහිංසක මිනිසුන්ගේ ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් දුන්නා නම් මේ මිනිස්සු කොපමණ සතුටු වෙනවද? (නි)
මහා පරාක්‍රම බාහු රජ්ජුරුවන් ජප කරපු මන්ත්‍රය දැන් ඉන්න දේශපාලන අඳ බාලයෝ දන්නවද? අහලවත් නැද්ද? මේ අයට දැන ගන්න උවමනාවකුත් නැතිව ඇති. (දී)
වතුර ඉල්ලලා උද්ගෝෂණ තියන්න නම් එපා වෙඩි කන්න තමයි වෙන්නේ (දී)
සෙනරත් ආනන්ද මිලානෝ .මේ අසරණයන්ට වතුර ටිකක් දුන්න කියල මොකෝ බැංකුවට කොටි ප්‍රකෝටි ගණනින් මුදල් ලැබෙනවා කියලද? (දී)
දිස්ත්‍රික්ක 2-3 ක් හැරුනකොට රටේ 95%කගේ යථාර්ථය ඕක තමයි. (නි)
පවු අහිංසක මිනිස්සු (නි)
දැන්වත් කෘමිනාශක භාවිතය නවතමු. සුරාහල් වසා දමමු. නැත්නම් ඉදිරියට තත්වය තවත් දරුණු වෙයි. (නි)
වැසි ලැබේවා අසරණ මිනිස්සු (දී)
"සෙනරත් ආනන්ද මිලානෝ ඔබ හරි, ඔය දෙයම තම මමත් කියන්නේ, ,මගේ ගමට යන පුංචි පාර ලොකු වෙලා, රිය අනතුරු වැඩි වෙලා,අවුරුදු 200ක් කාලයක් තිබුන ලස්සන නුග ගහත් කපල දාල . ඒක දැකපු දවසේ පුදුම දුකක් ඇති උනා. හෙවනට, වැස්සට , හැමෝටම රුකුලක් උනා තැනක්. ..සොබදර්මය වෙනස් කලේ මිනිසා. .. පාපය .. ලං කර ගන්නේ මිනිසා විසින්මය.. "පරාක්‍රම රජු "නැවත ඉපදේවා !!!!!!!! (දී)
දැන් රජයටයි, යු එන් පී එකටයි තියෙන්නේ "ඌව" ප්‍රශ්නය විතරයි. රටේ අනෙක් තැන් යකාට ගියදෙන්.... (දී)
කෝ අර හැමදාම මල්ලත් අරන් කඩේ යන සම්පත් ? නිදිද ? මේ අසරණ මිනිස්සු ගැන හොයන්න බලන්න කෙනෙක් නැද්ද ? (දී)
වතුර බොන්නේ නැතුව මිනිස්සු මැරෙනවා මොකාක් හරි කරන්න ඒකට (දී)
හැම දිස්ත්‍රිරික්කයකටම කොලඹට වගේම ජලනල පද්දතියක් සකස් කිරීමට සැලසුම් නොකොළොත් ඉදිරි දිගු නියන් කාලවලදී ගොවි ජනපද ඇතුළු නිෂ්පාදන ශ්‍රමිකයන් බලවත් අපහසු තාවන්ට මුහුණ දෙනු ඇත. (නදී)
මට හිතෙන්නේ අපි මේ පන දා ගෙන අදහස් ලිවට, අදාල බලධාරීන් කියවනවද දන්නෙත් නැතිව ඇති. සමස්ථයක් ලෙස අරන් බලන කොට කොයි තරම් නම් වැදගත් අදහස් පටකයින්ට තියෙනවද (දී)