ලබන ඉරිදා පැවැත්වෙන පහේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දකුණේ ඇතැම් පාසල් දරුවන්ගෙන් රුපියල් පනහේ සිට සියය දක්වා මුදල් එකතු කර බෝධි පූජා පැවැත්වීමට යතියි ලංකා ගුරු සංගමය කියයි.
අම්බලන්ගොඩ නගරයේ පාසලක පන්ති හතරක දරුවන් 194 දෙනකුගෙන් රුපියල් 9700ක් එකතු කර ඇතැයි ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
අම්බලන්ගොඩ, ඇල්පිටිය, ගාල්ල, මාතර, තංගල්ල යන නගරවල ඇතැම් පාසල් මෙසේ මුදල් එකතු කර ඇති බවත්, මේ ගැන පරීක්ෂණයක් කරන ලෙසත් ගුරු සංගමය ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මෝඩකම් ද? කපටිකම් ද? නැත්නම් ගොනාට ඇන්දවීම් ද?(දිල්)
රුපියල් 100/= ගණනේ එකතු කළා නම් රුපියල් 9700/= ට වැඩියෙන් එකතුවෙලා ඇති (නි)
අධ්‍යාපනයේ සහ ගුරුවරුන්ගේ ගුණාත්මක බව වැඩිකරගන්න බලන්නේ නැතුව මොනවද මේ කරන වැඩ? (නි)
රොකී 2014-08-08 13:45:53................ රොකී..., බෝධි පූජා තියන්නේ ළමයින් විභාග පාස් කරවන්න නෙවේ, ළමයින්ගේ මානසිකත්වය සන්සුන් කරලා ඔවුන්ගේ සිත්වල ඇතිවන තැතිගැන්ම අඩුකිරීමටත්. ඔවුන්ට ආශීර්වාද කිරීමටත්. (දී)
මේවා කපටිකම් (නි)
රන්ජිත්, මේවා මිනිසුන්ව ගොනාට ඇන්දවීම් (දී)
ඇත්තටම විහිළුවක් (දී)
මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීම හොඳයි (නි)
දරුවන්ට සහ දෙමාපියන්ට කරන්න තියෙන්නේ තමන්ට අවශ්‍ය පන්සලකට ගිහින් පුද්ගලික මට්ටමින් ඒ පුද පුජා පවත්තන එක. පාසලට ඕනෑ දෙයක් කරගන්න කියන්න. එහෙම බලපෑම් කරන්න බැහැනේ. (නි)
මේ දේවල් නම් අනුමත කරන්න අමාරුයි තමයි (නි)
අම්මලා ළමයින් පාසල් යවන්නෙත් බොහොම අමාරුවෙන්. මෙවන් කටයුතු වහා නවතා දැමිය යුතුයි (නි)
අනේ මන්දා! සිසුන්ගේ විභාගත් ඉවරයි වගේ (නි)
බෝධි පූජා තියන්න සල්ලි මොකටද කියලා මට නම් තේරෙන්නෙ නැහැ (නි)
හරියට උගන්වනවා නම් ළමයි ටියුෂන් යන්නත් ඕනෑ නැහැ, බෝධිපුජා තියන්න ඕනෑත් නැහැ. ඔන්න වෙසක් එකට හරි පොසොන් වලට හරි කළා නම් ආගමට නැඹුරු කළා කියන්නවත් තිබුණා. මේ කරන දේවල් නම් අනුමත කරන්න බැහැ (නි)
ඇත්තටම බෝධි පුජාවකට තෙල් මල් හඳුන්කුරු අරන් එන්න කියනවා මිසක් සල්ලි ගේන්න කියන්නේ මොකටද ? ළමයින්ට ඕන නම් පුද්ගලික මට්ටමින් පන්සලේ පින් පෙට්ටියට පඬුරු කාසි දමන එක වෙනම දෙයක්.(දිල්)
ළමයින්ට උගන්නන්න ඕන නැහැ. බෝධි පූජා තියපුවාම ඕන විභාගෙකින් පාස් වෙන්න පුළුවන් නේ. ඔය කියන ඉස්කෝලේ ගුරාලාට මොලේ පෑදෙන්න බෝධි පූජාවක් තියනවා නම් මමත් එ්කට පනම් අටක් විතර එවන්නම්. (නදී)
ඉස්කෝලේ මහත්වරු හරියට උගන්නන්නේ නැතිව බෝධි පූජාවෙන් ලමයි පාස්කරන්න පුලුවන්ද (නදී)