
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කල්ලි කණ්ඩායම් අටවාගෙන ආණ්ඩුවේ ගමනට කරන බාධා සියල්ල පරාජය කරන්නට රජය සූදානම් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අද අප සාකච්ඡා කරන්නේ පසුගිය ආණ්ඩුව විසින් ගෙනා පනතකට සංශෝධනයයි.එදා ගෙන ආ පනතේ අඩුපාඩු සැකසීම සඳහා මෙම සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා. ඒ කාලේ ඩේටා හැංගුවට දැන් දත්ත හංගන්න බෑ. ඒ කාලේ හංගගෙන සෙල්ලම් කලාට දැන් එහෙම හංගන්න බෑ.
කිසිම දත්තයක් පදනම් කරගන්නේ නැතිව රට කරපු නිසා ජනතාව වින්ද දුක අප දන්නවා.පසුගිය කාලයේ අප හෙළි කළේ පෞද්ගලික දත්ත නොවේ. පොදු ජනතාවගේ දේපොළ බදු මුදල් වංචා කලා නම් ඒවා රටේ ජනතාවට දැනගන්න අයිතියක් තිබෙනවා.ඉතිහාසයේ බොහෝ දේවල් වහගෙන තිබුණා.අපට මේ රටේ ජනතාව සමඟ බැඳිච්ච අයිතියක් තිබෙනවා. මේ රටේ ජනතාවගේ රැකිය යුතු පෞද්ගලිකත්වය රකින්න නීති රීති අප සම්මත කරගන්නවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන විහිළු කරුවෙක් බව දන්නවා. හැමතිස්සේම ඒක පෙන්වන්න එපා...
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් සහ කිසිම පරීක්ෂාවකින් තොරව රේගුවෙන් පන්නපු බහාලුම් හැර අනිත් සියල්ල ජනතාවට හෙළි කරනවා. ආණ්ඩු මාරු වුණු දවසක ඉතිරි ඒවා හෙළි වේවි. මාලිමාවට ජය වේවා .
ඔව්, ඉතින් ඔයාලා විද්ද මත ධාරීන් නිහඬ කරන්න හොඳට දන්නවානේ
මලීමාවට බැරි බැරි ගාය හැදිලා, කුරෝලු වෙලා හොරු අල්ලන්නත් හිමින් … හොරකම් කරන්න දන්නෙත් නැහැ… වැඩක්ම නැහැ.
1971 සිට පැවති රජයන් එක් එක් රජයන් කළ දේ අවලංගු නොකර බාධා කල්ලි ඔක්කෝම මර්දනය කළා නම් ඔහොම කියන්න පිරිසක් බේතකටවත් සොයාගන්න බැරිවේවි... එනිසා එකිනෙකා කුලල්කාගනිමින් හිටපු එවුන්ට පිංදීපල්ලා...