පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බොහෝකාලයක සිට අඩුවක් ව පැවති බුදුපිළිම වහන්සේ නමක් වැඩවවිම සඳහා නව තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා සැරසෙයි.
" තානාපති කාර්යාල ආගමික මධ්‍යස්ථාන නොවේ. බුදුපිළිමයක් ප්‍රදර්ශනක කළහොත් අනෙකුත් ආගම් නියෝජනය කිරීම සඳහා ද පියවර ගැනීම අවශ්‍යවේය." යන තර්කය යටතේ තානාපති කාර්යාලයේ තිබු බුදුපිළිම වහන්සේ සිය නිල නිවසේ තැන්පත් කැරිණි.
පැරිසියේ වැඩවසන ශ්‍රී ලාංකික හිමිවරු එම පිළිවෙත විවේචනයට ලක් කළහ.
හිටපු තානාපති ආචාර්ය දයාන් ජයතිලක මීට කළින් එසැණට පැවසුයේ තමා එසේ කළේ බුදුන්වහන්සේට ඇති ගෞරවය නිසාම බවයි.
මෙම අඩුපාඩුව සපුරාලීම උදෙසා නව තානාපතිගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා රජය විසින් සැපැයුණු බුදුපිළිම වහන්සේ නැවත වතාවක් තානාපති කාර්යාලයේ තන්පත්කිරිම සනිටුහන් කරමින් පින්කමක් තානාපති තුමන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පසුගිය 18 වෙනි දින එම කාර්යාලයේදී පවත්වනු ලැබිය.
මෙම පිංකම සඳහා මාලිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙනේ අධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය බලංගොඩ සෝභිත හිමි, පුවක්ගහහෙනේ වජිරඥාන හිමි, විතාරන්දෙණියේ මේධානන්ද හිමි සහ මනම්පිට අමිත හිමියන් සමඟ ප්‍රංශයේ වැඩවසන පරිස්නුවර ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද නාහිමි, ජේතවන විහාරාධිපති මුරුන්ගස්යයේ ඥානිස්සර නාහිමි ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමි සහ එම විහාරවාසී මාපලගම ජිනානන්ද හිමියන් වැඩමකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම සිංහල කතෝලිකයෙක් . මම හිතනවා ඔය බුදුරුව වගේම ජේසු තුමාගේ පිළිරුවක් ද ඇතුල් කල යුතුය කියා . සමහර විට දමිල හින්දු භක්තිකයන්ට ඔවුන්ගේ පිළිරුවක් සමඟ මුස්ලිම් ලාංකිකයන්ට ඔවුන් කරන දෙයක් . මෙයින් සිංහලයන් ගේ බෙදීමක් සමඟ ලාංකියක්න්ගේ බෙදීමක් ද ඇතිවේ . ලඟදි සංස්කෘතික නිලධාරිනි සරත්චන්ද්‍ර කිසා ගෝතමී මිය කිවේ සියලුම ආගම වල ජාතින් වල ලාංකිකයන් එකතු කල යුතු බවය. (ස)
සියලුම ජාතීන්ට සම තැන දෙනවා නම් බුදු පිළිම වගේම අනෙක් ආගම් වල පිළිමත් ඔතන තිබිය යුතුයි නේද? (නි)
සෑහෙන කාලයකට පසුව ඉතාම හොඳ වැදගත් ප්‍රතිචාරයක් මම දුටුවා පිටිගල මිලානෝ මහතාගේ . නමුත් මෙහි අර්ථය තේරුම් ගන්නට කී දෙනෙකුට හැකිද ? (ස)
තානාපති කාර්යාලය තුල බුදු පිළිමයක් තිබීමෙන් කුලප්පු වුනේ හිටපු තානාපතියෙක් මිස, දෙස්, විදෙස් මිනිසුන් නොව.රජයේ පොරොන්දුව බුදු දහම ආරාක්‍ෂා කිරීම. රජයේ නිලධාරීන් හැටියට බුදු පිළිමය මේසය යටට දමා ආරම්භ කළ අත්තනෝමතික සේවය මනා පැහැදලිය. කොටියා හොඳ වැඩ දැම්මේ මේ කාලයේදී. නව තානාපති තුමාට තෙරුවන් සරණින් යහපත් සේවක් කිරීමට හැකි වේවා! සියලුම නිලධාරීන්ගේ සහය ලබා දෙන්න. (ස)
මේවා හුදෙක් ආගම සඳහාම නොව කිසියම් පිරිසක් සතුටු කිරීමට කරනා වැඩ. මෙයින් සිදු වන්නේ සිංහලයන්ගේ බෙදීම පමණි . (දිල්)
මගේ අදහස රාජ්‍ය ආයතන තානාපති කාර්යාල වලට ආගමික පිළිම පින්තුර ඇතුල් නොකළ යුතුය කියා . මේවා සිදු වනවා මැද පෙරදිග රටවල තානාපති කාර්යාල වල සහ රාජ්‍ය ආයතන වල . නමුත් කිසිදු වෙනත් දියුණු රටවල මෙවැනි දේවල් සිදු වන්නේ නැහැ . එහි අදහස ආගම සහ පාලනය එකට මුසු කොට නැතිකම නිසා . ඕනෙම කෙනෙකුට නිසිසේ ආගම ඇදහීමට ඉඩදී තිබෙනවා. මා මෙය දකින්නේ බොළඳ ක්‍රියාවක් ලෙස. මම බෞධයකු වුවත් මෙයට කැමති නැත. (ස)
රත්නසිරි ලංකාවේ රජයෙන් දී තිබෙන්නේ සියලුම ආගම් ආරක්ෂා කිරීමේ පොරොන්දුවක්. එසේ නම් සිංහල කතෝලිකයන්ට යන කල දසාව කුමක්ද ? ඔවුන් සිංහල ලාංකිකයන්. එමෙන්ම අපගේ රට එක් සේසත් කිරීමේ වගකීම කෙසේ කරන්නද ? ලාංකිකයන් විවිධ ආගම් අදහති. ඒ සියල්ලන්ට සමසේ ආරක්ෂාව සහ ඇදහීමේ අයිතිය තිබිය යුතුය . මේවා අන්තවාදී කතා. (ස)
බුදු දහම ලංකාවේ තිබෙන තුරු අන්‍ය ආගමිකයන් සුරක්‍ෂිත වේවි. අන්‍ය ආගමික සුලු කොටසක්, බුදු දහමටත් සිංහල ජාතියටත් වෛරයෙන් කුහකව ප්‍රෞඩ ඓතිහාසික අභිමානය වනසමින් සිටින බව නොරහසකි. මෙහි අදහස් පල කළ අය සිංහල නම්වලින් පෙනී සිටියත් ඒ අය බෞද්ධ අය නොවන බව පැහැදිලිය. සුලු ආගම් වාදයක් ඇති කළේ කවුද? බුදු පිළිමය අයින් කරලා කළේ කුමක්ද? අද ඒ අය බටහිර අධිරාජ්‍ය වාදීන්ට උඩගෙඩි දෙන අය නොවේද? අනතුරු අගවන කථා කරන්නේද හොඳ හිතකින් නොවේ. මේ අයගේ අදහස් අනුව තමයි? බෞද්ධ කොඩියත් අයින් කරන්න ඉල්ලුවේ. බුදු පිළිමය ඔබට බාධාවක් නැත. ඔබට හොඳ සේවයක් ලබා ගැනීමට හැකි වෙනු ඇත. (ස)
සාධු... සාධු..!! (නි)
මේවා අත්තනෝමතික ක්‍රියාවන් බව බැලු බැල්මට පෙනි යනවා .ලංකාවෙත් පුළුවන් තරම් ජාතිවාදය ආගම් වාදය අවුලන්නේ මේ වගේ සුළු ක්‍රියාවන් එලියට දාලා. උගතුන් යයි කියා ගන්න අය මෙයිට වඩා බුද්ධි ගෝචර වන්නේ නම් මැනවි. (ස)
ආචාර්ය දයාන් ජයතිලක මහතා හරි. (ස)
එතන මහාචාර්ය, ආචාර්ය පදවි දෙකේ බුද්ධියේ වෙනස එයයි.උගන්වපු දේ අරගෙන උගත් උනත් හිටපු පුද්ගලයා බුද්ධි හීනයි.ඔහුගේ මතය අනුව ඒ තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය පවා ප්‍රදර්ශනය නොකර නිල නිවසේ තබාගන්න වෙනවා.මොකද? ඒකෙ තියෙන්නේ ධර්ම චක්‍රය පමණයි. (ස)
රත්නසිරි, ඔබට පෙනෙන්නේ අනෙක් අයව වෙනත් ජාතියක් හැටියට, ඔබගේ අදහස් වලට සමාන නැත්නම්. ඔබගේ මානසික තත්වය එයින්ම පේනවා.ආගමකට බටහිර අධිරාජ්‍ය හෝ ඉන්දියානු අධිරාජ්‍ය මැද පෙරදිග අධිරාජ්‍ය ගැතිවීමක් නොමැත. තමන්ට වැටහෙන ආකාරයට නිදහසේ ඕනෑම ආගමක් ඇදහීමට ඉඩ තිබිය යුතුය. සත්‍යය කිරි මෙන් පිරිසිදුය. එහෙත් අසත්‍යයට වැඩි කල් ආයුෂ නොමැත (නි)
. බුදුන්ගේ දර්ශනයට අපි පළමු තැන දෙමු (අ)
කල යුත්තේ පිළිම වහන්සේ තියන්න තැනක් සෙවීම නොවේ. බුදුන් වහන්සේ දේශනා කල මාර්ගයේ යාමට උත්සුක වීමයි. අද බෞද්ධයාත්, ඔවුන්ව නිවන් දක්වන වැඩේ භාර අරන් ඉන්න සංඝයා වහන්සේලාත් බොහෝ විට ක්‍රියා කරන්නේ මීට පරි බාහිරවය. සුවඳින්, මලින් තේවාවකට පිදිය යුතු බුදුන්ගේ පිළිම තැබිය යුත්තේ දෙවියන්ට පවා පැමිණ වන්දනා මාන කළහැකි තරම් වූ පිරිසිදු නොකිලුටු ස්ථාන වලය. (ස)
ප්‍රංශය, ආගම සහ රාජ්‍යතන්ත්‍රය වෙන් වුනු රටක්. කිසිම ආගමක් රජයට නියෝජනය කරන්ට බැහැ. දයාන් ජයතිලක මහතා බුද්ධියෙන් වැඩ කල පුද්ගලයෙක්. (ස)
කරාපිටිය ජයලත්,ඔබට ආගම නොව භාෂාවවත් නොතේරෙන බව පෙනෙනවා. (නි)
නව තානාපති මහතාට මල් මිටක්...! (නි)
දයාන් ජයතිලක මහතා කළ කී දේ නිවැරදිය කියා වැටහෙන්නේ බහුතරයගේ මෙම ප්‍රතිචාර වලිනි. සුළු කොටසක් තවම අන්ධ භක්තියෙන් අන්තවාදයෙන් ප්‍රතිචාර දමා තිබේ (නි)
බෞද්ද රටක ,තානාපති කාර්යාලයක බුදු පිළිමයක් නොතියා වෙන ආගමක පිළිරුවක් තැබුවොත් එයට දක්වන ප්‍රතිචාරය කුමක් වේද? (නි)
ප්‍රංශයේ තිබෙන රාජ්‍ය ආයතන වලත් ආගමික පිළිම තබා තිබෙනවා කවුරුන් හෝ දැක තිබෙනවාද? තානාපති කාර්යාලයකට ජනයා ගොඩ වදින්නේ ආගමික වතාවත් කර ගැනීමට වඩා වෙනත් රාජකාරියක් කර ගැනීමටයි. උතුම් ධර්මයක හරය වන්නේ, පිළිම හිස තබා ගෙන යාම හෝ කුරුස කර තබා ගෙන යාම නොවන බව බුද්ධිමත් අප සැම වටහා ගත යුතු වෙමු. ආගමික සාරධර්ම ගොඩනැගිලි මත රෝපණය කිරීමට වඩා, මිනිසුන්ගේ හදවත් තුල රෝපණය කිරීම සඳහා සුදුසු පියවර ගැනීමට සියලු ආගමික නායකයින් ක්‍රියා කලයුතු බව මාගේ හැඟීමයි. ආචාර්ය දයාන් ජයතිලක මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගතෙක් මෙන්ම සැබෑ බුද්ධිමතෙක්. (ස)
අනුරාධ හරි. පද්මිණි - ප්‍රංශය හිතන්නේ තවමත් ප්‍රංශය විදියට. තානාපති කාර්යාලය තුළ සිදුවන ආගමික කටයුතු වලට එම රටවල් බලපෑම් කරන්නේ නැති බව මම හොඳින්ම දන්නවා. මමත් මැද පෙරදිග රටවල් වල වසර ගණනාවක සිට වැඩකරන්නේ. මේ රටවල් තනිකරම ඉස්ලාම්. නමුත් අපේ තානාපති කාර්යාලයේ මිදුලේම විශාල බුද්ධ ප්‍රතිමා තබා ආගමික කටයුතු කරනවා. "ප්‍රංශය, ආගම සහ රාජ්‍යතන්ත්‍රය වෙන් වුණ රටක්. කිසිම ආගමක් රජයට නියෝජනය කරන්ට බැහැ" පද්මිණි කියපු දෙය මා සමග වැඩකරන ප්‍රංශ ජාතික ඉන්ජිනේරුවෙකුට මා කිවුවා. එයා කියන්නේ තානාපති කාර්යාල වල වැඩට රජය ඇඟිලි ගසන්නේ නැත කියායි. ලංකා - ප්‍රංශකාරයන් ( ශ්‍රී ලංකා ජාතිකයන් ) ළඟ හීනමානය තිබෙනවා. (නි)
වීදුරුවක් ඇතුලේ කුණාටුවක් වගේ . හරි නම් බුදු රූපයත් සමඟ ජේසු තුමාගේ පිළිරුවක් සහ ඉස්ලාම් ආගමේ හින්දු ආගමේ රුපයක්ද ඇතුලත් කල යුතුය . මොකද මෙහි ලාංකිකයන් මේ ආගම් සියල්ලම නියෝජනය කරන පිරිසක් . නැතිනම් සිදුවන්නේ අසාධාරණයක් . හිටපු දයාන් ජයතිලක මහතා හරි කියා මගේ ගැඟිම. (ස)
ලංකාව නියෝජනය කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය. ලොව නිර්මල බුදුදහමේ කේන්ද්‍රස්ථානය ලංකාවයි. මේකෙන් කියන්නේ නැහැ අනෙක් ආගම් සහ ජාතීන් වලට අයිතියක් නැහැ කියලා. එහෙම හිතනවා නම් ඒක ඒ අයගේ කුහකත්වය සහ රටේ සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය ගරු නොකිරීම පිළිබද ප්‍රශ්නයක්. කව්රුත් අහන්නේ නැහැනේ මොකද එංගලන්තය ඇතුළු බොහෝ රටවල කොඩියේ කුරුසය තිබෙන්නේත් මුස්ලිම් රටවල කොඩිවල අඩ සද තිබෙන්නේත් කියා. ඒ රටවල අනෙක් ආගම වල අය එයට විරුද්දව කෑ ගහන්නේ නැහැනේ. නමුත් මේ සිංහල බොදු නියෝජනය කළොත් මැරෙන්න හදනවා. ලංකාවේ බුදු පිළිමය හුදෙක් බෞද්ධ ලකුණක් පමණක් ම නොවේ. එය රටේ ශිෂ්ටචාරය නියෝජනය කරන්නක්. ඒ නිසා එයට මුල් තැනක් දෙන්න ඕනෑ. (නි)
රත්නසිරි හරියටම හරි. නොබියව කතාකිරීම ගැන ඔබට තුති! ලොව එකම සිංහල බෝද්ධ අපේ රටේ සංස්කෘතිය පෙන්වන සංකේතය ශාන්ත බුදුරුවයි, මේක ඉවසන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ ඒ අයගේ කුහකත්වයයි, රටේ අනන්‍යතාවයට ගරු නොකිරීමයි. (නි)
පිළිම වලට වඩා අපට අවශ්‍ය තානාපති කාර්යාලයට ආවම කාටවත් හිස නොනමා අපට අවශ්‍ය සේවය ලබා ගැනිමය . පළමු තැන එතනට. හිටපු දයාන් ජයතිලක මහතා නිවැරදිය කියා සිතමි. (ස)
ගිහියන්ට වැඩිය හාමුදුරුවරු ඉන්නවනේ. (ස)