(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බදුල්ල මහ රෝහලේ පරිශ්‍ර ගණනාවක විදුලිය කපා දමා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විදුලි බිල නොගෙවීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බව කී ප්‍රේමදාස මහතා මේ ගැන වහා මැදිහත් වන්නැයි ඉල්ලා සිටියේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් වල ගිලන් රථ වලට ඉන්ධන සපයා ගන්නට හැකියාවක් නැති වී ඇතැයි කී විපක්ෂ නායකවරයා මුදල් ප්‍රශ්නය නිසා මෙලෙස ඉන්ධන සපයා ගැනීමට නොහැකි වී තිබෙන බවද සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කීවෙි රජයේ වියදම් අතර ප්‍රමුඛතම වියදම වන්නේ සෞඛ්‍ය වියදම බවත් සජිත් ප්‍රේමදාස මහතා මතු කළ කාරණා දෙක පිළිබඳවම සොයා බලන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකත් ගෙවල දාන්න.
විදුලි බල මණ්ඩලයත් දැන් රටේ වගකිවයුතු සහ ජාතික වටිනාකම් ඇති තැන්වල විදුලි විසන්ධි කරලා සජිත් මහතා බිල ගෙවනකම් බලන් ඉන්නව වගේ.
රු 500 ගානේ විදුලි ආලෝක පූජාවට කියලා වසර ගානක් තිස්සේ මුදල් එකතු කරන මිහින්තලේ විදුලිය විසන්ධි කලහම ඒ බිල ගෙවන්න ඉදිරිපත් උනා වගේ රෝහල්.බිලත් ගෙවන්නකෝ.ඔයානේ සම්බුද්ධ ශාසනයයි රටයි බේරාගන්න ඉන්න දේවතාවා පියාණෝගෙන් පස්සේ.