බදුල්ල නගරයට බලපා ඇති පානීය ජල අර්බුදය හේතුවෙන් සිය ව්‍යාපාරික කටයුතු පවා කරගෙන යාමට නොහැකිව ඇතැයි ආපනශාලා හිමියෝ කියති.
නගරයේ ආපනශාලා හා වෙනත් වෙළඳසල් වලටද දින කීපයකින් ජලය නොලැබුණු බවත් මුදල් ගෙවා වෙනත් ප්‍රදේශවලින් ජලය බූලිවලට පුරවා රැගෙන එන බවත් ඔවුහු පවසති.
ජල සම්පාදන මණ්ඩලය පැවසූයේ දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල ගැටලුවක් ඇති බවත් එකතුවන ජලය ප්‍රමාණවත් පරිදි බෙදා දීමට කටයුතු කර ඇති බවත්ය.
මේ අතර බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ගාමිණී මහින්දපාල මහතා කියනුයේ පවතින වියළි කාලගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 50000ක් පමණ උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ පා සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලා කපලා වන විනාශ කරනකොට මෙහෙම වෙනවා, කරපු අයයි නොකරපු අයයි හැමෝම විඳවනවා. (ර)