2015 වසරේ නගර සභාවට ගෙවීමට ඇති හිඟ මුදල් කපා දමන ලෙස ඉල්ලමින් බදුල්ලේ ත්‍රීරෝද රථ රියදුරෝ පිරිසක් ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ජනවාරියේ සිට නිසි පරිදි මුදල් ගෙවීමට කැමති බව ද ඔවුහු කියති.
බදුල්ල නාගරික කොමසාරිස් ඩබ්ලිව් රන්දෙනිය මහතා කියනුයේ ත්‍රීරෝද රථ රියදුරන් නගර සභාවට ගෙවීම ඇති හිඟ මුදල ලක්ෂ 70ක් බවයි.
නගර සභා පනත අනුව හිඟ මුදල් නොගෙවූ රියදුරනට එරෙහිව නඩු පැවරූ බවත්, දිනකට රුපියල් 20 බැගින් වන පරිදි මාස හයක මුදල් ගෙවා බලපතක් ලබාගෙන මේ මස සිට ඔවුනට වැඩ කරගෙන යා හැකි බවත් ඔහු කියයි.
![IMG_20160106_101534[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_20160106_1015341.jpg)
![IMG_20160106_101729[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_20160106_1017291.jpg)
![IMG_20160106_101924[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/IMG_20160106_1019241.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසකට රුපියල් විස්සක් මොකක්ද ? මොවුන්ගෙන් දවසකට රුපියල් 100 ක් වත් ගන්න ඕන ,මිනිස්සුන්ගෙන් ගන්න හැටියට ! (බ)
යහපාලනේ හොඳ වැඩිද මන්ද. මෙහෙම ගියොත් රජයට අයවිය යුතු බදු එකක්වත් ගෙවන්න බෑ කියලා කට්ටිය උද්ඝෝෂණය කරයි.(හේ)
ඔය ත්‍රීරෝද රියදුරන් මිනිස්සු හූරාකනවා මදිවාට වෙන වාහන වලට පාරේ යන්නත් බැරි විදියටයි එළවන්නේ. ඔවුන්ට අවුරුදකටම හරියන්න ඔය බද්ද ගහන්න පුලුවන් නම් මමත් කීයක්හරි දෙන්නම්. (නි)
අපොයි ඔය කට්ටිය පුදුම වදයක් දෙන්නේ. හරියට එළවන්න දන්නේ නැහැ බහුතරයක්. හරිනම් තහනම් කරන්න ඕනෑ. (නි)
ටික දෙනෙක් නිසා හැමෝම බැටකනවා, මේ රක්ෂාව හේතුවෙන්. හැමතැනම බැලුවොත් මේක තමයි වෙන්නේ. (නි)