උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ හීල් ඔය දුම්රිය ස්ථාන අතර අංක 161 සහ 163 සැතපුම් කණුව අතර දුම්රිය මාර්ගයට අද පස්වරුවේ පස්කඳු කඩාවැටීම නිසාවෙන් බදුල්ල - කොළඹ දුම්රිය ගමනාගමනයන්ට බාධා පැමිණවී තිබේ.
මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියත්, කොළඹ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියත්, අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමෙන්තුව කියයි.
පවතින අධික වර්ෂාව නිසාවෙන් කඩාවැටී ඇති පස් ඉවත් කිරීමද දුෂ්කරවී ඇතැයි දුම්රිය බලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසි දවස්වල මෙහෙම වෙනවා. (ර)
දුම්රිය මඟේ ගමන් කළහැකි පස් ඉවත්කරන යන්ත්‍රයක් උඩරට දුම්රිය මාර්ගයට අත්‍යවශ්‍යයි. (නි)