නවසීලන්තයේ රිවර්ස්ඩේල්හි සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රීලාංකිකයෙක් මරණයට පත්ව ඇතැයි රිවර්ස්ඩේල් පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ බදුල්ලේ පදිංචි ප්‍රදීප් ඉදිරිසිංහ (44) මහතාය.ඔහු රිවර්ස්ඩේල්හි කිරි ගොවිපලක සේවය කරමින් සිටි අයෙක් බව සඳහන්ය.
පොලිස් වාර්තා වලට අනුව ප්‍රදීප් ධාවනය කළ මෝටර් රථය මංසන්ධියක නවතා තිබියදී වෑන් රියක් එහි ගැටී තිබේ.ප්‍රදීප් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල තත්ත්වයෙහි සිටි වෑන් රියැදුරු හා එහි සිටි තවත් කාන්තාවක් වහාම රෝහල් ගතකර ඇත.ඔවුන් දෙදෙන ඉතාලි ජාතිකයෝය.
දේහය ශ්‍රීලංකාවට ගෙනඒමට පියවර ගෙන ඇතැයි ඉතාලියේ සිටින ඩිලීෂියා ඩෙවෝටෝ මහත්මිය කියයි.
තොරතුරු ඩිලීෂියා ඩෙවෝටෝ මහත්මියගේ ෆේස්බුක් පිටුවෙනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයේ කාටත් උදව් කරන 'හොඳ' පුද්ගලයෙක් ලෙස අප කව්රුත් දන්නා ඔබ මෙතරම් කලින් අප ඇත හැර යාම මහත් වේදනාවකි. ඔබට නිවන් සැප ලැබේව!!! (අ)
ඔබ සදහටම අප හැර ගියත් නිරතුරුවම ඔබ අප හදවත් තුල ජීවත් වෙනවා. ඔබට අමා මහා නිවන් සැප ලැබේවා! (නදී)
'කොපමණ පින් කලත් නැත මාරයාගෙන් සමාවක්' ... සසර එතරම් භයන්කාරය. ප්‍රදීප් තරුණ මහතාට නිවන් සුව පසක් වේවා! (අ)
දක්ෂ තරුණ ව්‍යාපාරිකයෙක් වූ ඔබට නිවන් සුව ලැබේවා. (මිලානෝ ලකී සෙවන් රෙස්ටෝරන්ට් කාර්ය මණ්ඩලය සහ සුනිල් අයියා) (අ)
මිලානෝ, නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයකු වන ප්‍රදීප් මහතාට නිවන් සුව අත්වේවා! (අ)
හොඳ මිනිසුන් ඉක්මනින් මෙලොව අත හැර යන බව මා අසා ඇත. ඔබට නිවන් සුව!!!! (හේ)
ඉතාමත්ම දක්ෂ තරුණක් මෙලෙස ඉක්මනින් සමුගෙන යාම මිලානෝ බොහෝ දෙනෙකුට දරා ගන්න බැරිය. සුළු කලක් තුල මිලානෝහි ඉතාලි අපනශාලා කිහිපයක් ඇරඹු මෙතුමා කොළඹද තරු පහේ ඉතාලි අපනශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරමිනුයි හිටියේ. තරුණ ඔබට නිවන් සුව අත්වේවා! (නදී)
මාගේ හිතාදර මිතුර එදිරි. ජීවත්විය යුත්තන් ඇයි මෙලෙස අකාලයේ මිය යන්නේ. දෛවයේ සරදම මෙයද ? තවමත් අදාහගත නොහැක ඔබගේ වෙන්වීම. ඔබගේ මතකය මා අවධි කරන්නේ අපගේ සොදුරු පාසැල් කාලයයි. කාටත් උදව් කරන හිත හොඳ කොල්ලෙක් ඔබ. එදා තිබූ මිනිසත්කම මියෙනතුරා ඔබ ලඟ තබා ගන්නට කාරුණික වුනා මිනිස් සමාජයට. ජීවිතය අනියත බව ඇත්ත. එ්ත් මෙතරම් ඉක්මනින් මරණය ඔබ සොයා ආ බව මා කෙසේ සිතන්නද? මෙවන් අකල් මරණයක් මතු උපදින භවයකදී ඔබට සිදු නොවේවා..! ඔබට නිවන් සුව එදිරි..! (නදී)
මම ඔබව හදු නන්නෙක් නොවෙමි. ඔබේ අකල් වියෝව ගැන ශ්‍රී ලංකිකයෙකු වශයෙන් ඇත්තටම හදවත කම්පා උනා. ඔබ සමාජයට වටිනා පුද්ගලයෙකි. ඔබට අමා මහා නිවන්සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි (නදී)
නවසීලන්ත ප්‍රවෘත්ති වලට අනුව කැම්පර් වෑන් රථය නීති විරෝධීව පදවා ඇත්තේ ඉතාලි සංචාරකයෙක් විසින්. මෙය දෛවයේ සරදමක්ද? (නදී)
ආදී ඌව විදුහල් මිතුරාගේ පවුලට මාගේ බලවත් ශෝකය. (නදී)
අකායලයේ හැරයාම සිහිනයක් (අ)
ප්‍රදීප්, ඔබ අප අතරින් නික්මයාම සිහිනයකි. වරද ඔබේ නොවුනද ඔබට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. මිතුදම සදාකල් අපේ හදවත්වල පවතීවි. ඔබට නිවන් සුව !!! (අ)
පිටිගල මහතාණනි! මගේ අංකය තිරිමාගෙන් ඉල්ලගෙන කෝල් කරන්න. (නදී)
ඔබ අප අතැර නික්ම යාම තවමත් සිහිනයකි. වරද ඔබ නොවුවද ඔබට ජීවිතයන් වන්දි ගෙවීමට සිදුවිය. අප අතර තිබු සැබෑ මිතුදම සැමදා අප හදවත්වල පවතීවි. ප්‍රදීප් ඔබට නිවන් සුව! (නදී)
ඔබට නිවන්සුව ලැබේවා (නදී)
නොදුටු මිතුර, මා ඔබ ගැන බොහෝ හොඳ දේ අසා ඇත. ඔබට නිවන් සුව!(ම)
මා උපන් බදුලු නගරයේ ප්‍රදීප් මහතාගේ පවුලට මාගේ බලවත් ශෝකය.(ම)
මිලානෝ හි කලක සිට පදිංචිව සිටින ප්‍රදීප් මහතා දක්ෂ ලෙස ඉතාලියට අවේනික 'මොසැරල්ලා' චීස් නිෂ්පාදකයෙකි. ඉතාලි පවුලකට අයිති නවසීලන්තයේ ගොවිපොළක් බදු ගෙන ඔහු මෙම ව්‍යාපාරය සාර්ථකව කරගෙන ගියා. සැබෑ දක්ෂයෙක් වූ ඔහුට නිවන් සැප ලැබේවා...! (අ)
ප්‍රදීප් මල්ලිට නිවන් සැප ලැබේවා. (අ)
දක්ෂයෙක් වූ ඔබට අපේ ප්‍රණාමය. නිවන් සැප ලැබේවා..! (ලෝටස් ක්ලබ් තරුණ සමාජය-මිලානෝ) (අ)
හිතවත් සහෝදරයෙක් නැති උණා විශාල කණගාටුවක් ඔබට නිවන් සුව ! ගුනවර්දන නෙදර්ලන්තයෙන් (නදී)
ඉතාමත්ම හොඳ පුද්ගලයකු වූ ඔබට නිවන් සුව ලැබේවා!!! (අ)