ලංගම වැඩවර්ජනයකින් පෞද්ගලික බස් ධාවනයට සිදුවූ බාධා නිසා බදුල්ල ලංගම ඩිපෝ අධිකාරී ඇතුළු රියදුරන් හා කොන්දොස්තරවරුන් 15 දෙනකුට බදුල්ල මහේස්ත්‍රාත් ප්‍රියදර්ශනී ද සිල්වා මෙනවිය රුපියල් එක් ලක්ෂ පන්දහසක දඩ නියම කළාය.
එක් අයකුට නියම වූ දඩය රුපියල් හත් දහසකි.
ඩිපෝ අධිකාරී ඩබ්ලිව් එම් චන්ද්‍රපාල ඇතුළු පිරිසට මෙම දඩ නියම විය.
පසුගිය 26 වැනිදා නුවරඑළියේ සිට කල්මුණේ දක්වා අලුතින් පෞද්ගලික බස් රියක් යෙදවීමට විරෝධය පළ කරමින් කැප්පෙටිපොල ඩිපෝ සේවකයන් ඇරැඹූ වර්ජනයට බදුල්ල ඩිපෝ සේවකයෝ ද එක් වූහ.
පෞද්ගලික බස් වලට බදුලු බස් නැවතුම්පොළට ඇතුළු විය නොහැකි වන සේ බස් හරස් කිරීම නිසා පෞද්ගලික බස් ධාවනය ඇන හිටි බව අධිකරණයේ දී කියැවිණි.
පෞද්ගලික බස් හිමියන්ගේ පැමිණිලි අනුව පොලිසියෙන් මේ නඩුව පවරා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සාධාරණ විය යුතුයි.පුද්ගලික බස් වර්ජන වලට එක නීතියකුත් ලංගමයට තව නීතියකුත් හොද නැහැ.මෙය අරාජික තත්ත්වයක් (නි)
මෙතන තවත් දෙයක් තිබෙනවා. පෞද්ගලික බස් වර්ජන තිබෙන දවසක ලංගම බස් වලට වෙන අවහිර පාඩු පහරදීම් ගැන පොලීසිය නිහඩයි. එහෙම නම් මෙතනදී පොලීසිය ලංගමයට එරෙහිව පියවර ගත්තේ ඇයි? (නි)
හොද වැඩේ. මේ අයට ෂීට් වෙන් කරපු සල්ල දෙන්න බෑ කියපු අයට හොද වැඩේ.(නදී)
ඇත්තටම මෙහෙම කළ එක හොදයි. නැත්නම් හැමදාම වර්ජන වර්ජන තමා. අපිට පෞද්ගලික බස් නැත්නම් හැමදාම මහමඟ තමා ඉන්න වෙන්නේ. (නි)
වැඩ වර්ජන වලින් හැමදේම කරන්න බැහැ. කල්මුණේ බසය අවලංගු කරන්න නීත්‍යානුකුල පියවරක් ගන්න තිබුණා. (ස)
ඩිපෝ වල බස් අලුත් පිට විතරයි..තිබුනත් එකයි නැතත් එකයි කියලා භාවිතා කරන්නේ..බස් වල යන්න බෑ දුවිලි..ඉස්සෙල්ලා ඔය අඩුපාඩු හදා ගන්න පස්සේ වැඩ වර්ජන කරන්න..පින් පඩි ගන්න ඩිපෝ වල ලොක්කන්ට නඩු දාන්න ඕන ඔක්කොටම කලින්.හොඳ අදහස් තියෙන තරුණ තරුණියන් ගන්න ඩිපෝ වලට..පැත්තකට දාලා තියෙන බස් ටික හදලා බස් යන්නේ නැති පාරවල් වලට යොදවන්න.උදාහරණෙකට ඇල්පිටිය ඩිපෝවට ආවා නම් බලා ගන්න තිබුනා වෙන විනාසේ.වෙලාවට බස් එකක් නෑ.නොකිව්වට අනිත් ඩිපෝත් ඒ වගේ තමයි ඇණයක් බුරුල් උනත් බස් එක කැලේ.ඡන්දෙට වැඩ කරා කියලා 60 පැන්න අය ඕවට ගන්න එපා.සමහර රියදුරන් , කොන්දොස්තර මහත්වරුන් තමන් වැඩ කරන බස් එක තමන්ගේ දරුවෙක් වගේ බල ගන්නවා. ඒ අයට මගේ ප්‍රණාමය.හැම ඩිපෝ එකකටම නියමිත ආදායමක් වෙන් කරන්න ඒ අවුරුද්ද ඇතුලත ඒ ආදායමට ළඟා වෙන්න බැරි ඩිපෝ වල ලොක්කන් අයින් කරන්න නැත්තන් මාරු කරන්න.මේ පුවතට අදාල නැති වුනත් ඇත්ත මේකයි ලංකාවේ ලංගමේ.. (ස)
නියමයි. මේ අය හිතන් ඉන්නේ රජයේ සේවකයන්ට ආණ්ඩු පෙරලන්න පුලුවන් කියලනේ. ඒ උනාට මිනිස්සු පෙරලන්න බෑ.(නදී)
ලංගමය, වරාය වැනි තැන් දේශපාලුවන්ගේ හෙන්චයියලට රස්සා දෙන ස්ථාන බවට පත්වෙලා බොහොම කල්. ඒ වලෙන් ගොඩ එන එක ලේසි නැහැ. ගොඩ ගන්න කාටවත් උවමනාවකුත් නැහැ. මෙහෙමවත් ටිකක් දැනෙන්න අරින එක බොහොම හොඳ දෙයක්. (නදී)