IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බදුලු නගර සභාවෙන් කුණු බද්දක්

ජනවාරි පළමු වැනිදා සිට බදුල්ල නගර සීමාවේ රාජ්‍ය ආයතන වලින් බැහැර කරන කුණු කසල වෙනුවෙන්  බද්දක් අය කිරීමට යයි.

බැහැර කරන කුණු ප්‍රමණය අනුව මෙම බද්ද අය කෙරේ.

දිරන හා නොදිරන කුණු වශයෙන් වෙන් කැර දෙන්නේ නම්  ගාස්තුව ඉන් හරි අඩක් අඩු කරන බව නගර සභාව කියයි.

 

 

 



අදහස් (0)

බදුලු නගර සභාවෙන් කුණු බද්දක්

සුමිත් Thursday, 12 December 2013 05:16 AM

අපි මේ ඉන්න ලන්ඩන් වල තනි නිදන කාමරයේ නිවසකට ලංකාවේ මුදලින් රුපියල් 20,000 ක මාසික බද්දක් ගෙවනවා නගර සභාවට ( මාසික කුලියට අමතරව). ඊට අමතරව වැඩකරන හැමදෙනාගෙන්ම මහා ආණ්ඩුව බදු මුදල් ගන්නවා. එහෙම තමයි මේ රටවල් පිරිසිදුව තියාගන්නේ. අපි සතපහක්වත් ආණ්ඩුවට නොගෙවා, හැමදේම බලාපොරොත්තු වෙනවා. අනේ ලංකාවේ මිනිස්සු! (නි)

:       0       0

තිලිණ Thursday, 12 December 2013 05:54 AM

හරිම හොද වැඩක්. බදු අයකරන්න ඕනේ. එතකොට තමයි අපේ මෝඩ මිනිසුන්ට තේරෙන්නේ කුණු නිසා මොනතරම් පරිසරය විනාශ වෙනවද කියලා. (අ)

:       0       0

මදු,ප්‍රංශය Wednesday, 11 December 2013 08:23 PM

මේ ක්‍රමය ගොඩක් හොදයි ! ගොඩක් යුරෝපා රටවල මේ ක්‍රමය තමයි ක්‍රියාතමක වෙන්නේ. ප්ලාස්ටික් ,විදුරු ,පත්තර ,ඉදුල් මේ ඔක්කොම වෙන් කරලා තමයි දාන්නේ. ඒ අය මේක කරදරයක් විදිහට හිතන්නෙ නැහැ.ඒ වගේම පොලිතින් බෑග් ගන්නවා නම් අමතර ගෙවන්න ඕනෑ. ගොඩක් දෙනක් පුරුදු වෙලා ඉන්නවා ගෙදරින් බෑග් අරන් යන්න.හොද දේ අපිත් පුරුදු වෙමු (නි)

:       0       0

අමිල - කටුනායක Wednesday, 11 December 2013 04:21 PM

ඒකට කමක් නැහැ. ලස්සන පරිසරයක් අපිට වැදගත්. (ස)

:       0       0

නිසාර් Wednesday, 11 December 2013 04:36 PM

යටත් විජිත යුගයේත් නැති බදු. (ස)

:       0       0

තරංග Wednesday, 11 December 2013 04:53 PM

පුදුම වැඩක්නේ මේක, අපි එතකොට වරිපනම් ගෙවන්නේ මොකටද? (නි)

:       0       0

ධම්ම Wednesday, 11 December 2013 05:25 PM

ඒ රාජ්‍ය ආයතන වලින් ආයේ නම් ඉතින් වැඩක් කරගන්න හම්බවෙන්නේ නැහැ. ලොක්කාගේ ඉඳලා පොඩ්ඩා දක්වා කුණු ව්‍යාපෘතියට මුල් තැන දෙයි. (නදී)

:       0       0

අකිල Wednesday, 11 December 2013 05:31 PM

හරියට කරනවා නම් හොද වැඩක්. (නි)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 11 December 2013 05:41 PM

වැඩේ හොඳයි. ප්‍රායෝගිකබව මදි (නි)

:       0       0

අල්විස් Wednesday, 11 December 2013 05:41 PM

ඒක නම් බොහොම හොඳයි. කුණු වර්ග වෙන් කරන්නේ නැතුව දැම්මහම අපිට ලෙහෙසි වුණාට ඒ කුණු විනාශ කරන කට්ටියට හරි කරදරයි. පිටරටවල මහජනයා මේ තත්ත්වය තේරුම් අරගෙන ඉඳුල් වෙනමත් වීදුරු වෙනමත් ටින් වෙනමත් මලු වල වෙන් කරලා දානවා. අපිත් එහෙම පුරුදු වුණා නම් කවුරුත් අපිට බදු ගහන්න එන්නේ නැහැ (නි)

:       0       0

ඉස්මත් Wednesday, 11 December 2013 06:09 PM

කෝට්ටේ නගර සභාවෙත් මෙම ක්‍රමය ක්‍රියාත්මකයි නේද? (නි)

:       0       0

ධම්ම Thursday, 12 December 2013 12:04 AM

"යන්නේ කොහෙද? මල්ලේ පොල්". බොහෝ දෙනෙක් මේ ප්‍රවෘත්තියේ සිරස්තලය විතරයි කියවලා තියෙන්නේ.(ස)

:       0       0

Shan Thursday, 12 December 2013 01:35 AM

ධම්ම එහම කියන්න එපා. මෙතැනදී හොඳ අදහසක් දෙනවනම් එය කව්රුන් හෝ කියවල පුළුවන් විදිහට රටට වැඩ ඇති විදිහට පාවිච්චි කරාවි (ස)

:       0       0

නිසංසලා Thursday, 12 December 2013 12:03 PM

වැඩේ හොදයි.හැබැයි දිගටම ක්‍රියාත්මක වුනොත්.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site