ජනවාරි පළමු වැනිදා සිට බදුල්ල නගර සීමාවේ රාජ්‍ය ආයතන වලින් බැහැර කරන කුණු කසල වෙනුවෙන් බද්දක් අය කිරීමට යයි.
බැහැර කරන කුණු ප්‍රමණය අනුව මෙම බද්ද අය කෙරේ.
දිරන හා නොදිරන කුණු වශයෙන් වෙන් කැර දෙන්නේ නම් ගාස්තුව ඉන් හරි අඩක් අඩු කරන බව නගර සභාව කියයි.
ජනවාරි පළමු වැනිදා සිට බදුල්ල නගර සීමාවේ රාජ්‍ය ආයතන වලින් බැහැර කරන කුණු කසල වෙනුවෙන් බද්දක් අය කිරීමට යයි.
බැහැර කරන කුණු ප්‍රමණය අනුව මෙම බද්ද අය කෙරේ.
දිරන හා නොදිරන කුණු වශයෙන් වෙන් කැර දෙන්නේ නම් ගාස්තුව ඉන් හරි අඩක් අඩු කරන බව නගර සභාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේ ඉන්න ලන්ඩන් වල තනි නිදන කාමරයේ නිවසකට ලංකාවේ මුදලින් රුපියල් 20,000 ක මාසික බද්දක් ගෙවනවා නගර සභාවට ( මාසික කුලියට අමතරව). ඊට අමතරව වැඩකරන හැමදෙනාගෙන්ම මහා ආණ්ඩුව බදු මුදල් ගන්නවා. එහෙම තමයි මේ රටවල් පිරිසිදුව තියාගන්නේ. අපි සතපහක්වත් ආණ්ඩුවට නොගෙවා, හැමදේම බලාපොරොත්තු වෙනවා. අනේ ලංකාවේ මිනිස්සු! (නි)
හරිම හොද වැඩක්. බදු අයකරන්න ඕනේ. එතකොට තමයි අපේ මෝඩ මිනිසුන්ට තේරෙන්නේ කුණු නිසා මොනතරම් පරිසරය විනාශ වෙනවද කියලා. (අ)
මේ ක්‍රමය ගොඩක් හොදයි ! ගොඩක් යුරෝපා රටවල මේ ක්‍රමය තමයි ක්‍රියාතමක වෙන්නේ. ප්ලාස්ටික් ,විදුරු ,පත්තර ,ඉදුල් මේ ඔක්කොම වෙන් කරලා තමයි දාන්නේ. ඒ අය මේක කරදරයක් විදිහට හිතන්නෙ නැහැ.ඒ වගේම පොලිතින් බෑග් ගන්නවා නම් අමතර ගෙවන්න ඕනෑ. ගොඩක් දෙනක් පුරුදු වෙලා ඉන්නවා ගෙදරින් බෑග් අරන් යන්න.හොද දේ අපිත් පුරුදු වෙමු (නි)
ඒකට කමක් නැහැ. ලස්සන පරිසරයක් අපිට වැදගත්. (ස)
යටත් විජිත යුගයේත් නැති බදු. (ස)
පුදුම වැඩක්නේ මේක, අපි එතකොට වරිපනම් ගෙවන්නේ මොකටද? (නි)
ඒ රාජ්‍ය ආයතන වලින් ආයේ නම් ඉතින් වැඩක් කරගන්න හම්බවෙන්නේ නැහැ. ලොක්කාගේ ඉඳලා පොඩ්ඩා දක්වා කුණු ව්‍යාපෘතියට මුල් තැන දෙයි. (නදී)
හරියට කරනවා නම් හොද වැඩක්. (නි)
වැඩේ හොඳයි. ප්‍රායෝගිකබව මදි (නි)
ඒක නම් බොහොම හොඳයි. කුණු වර්ග වෙන් කරන්නේ නැතුව දැම්මහම අපිට ලෙහෙසි වුණාට ඒ කුණු විනාශ කරන කට්ටියට හරි කරදරයි. පිටරටවල මහජනයා මේ තත්ත්වය තේරුම් අරගෙන ඉඳුල් වෙනමත් වීදුරු වෙනමත් ටින් වෙනමත් මලු වල වෙන් කරලා දානවා. අපිත් එහෙම පුරුදු වුණා නම් කවුරුත් අපිට බදු ගහන්න එන්නේ නැහැ (නි)
කෝට්ටේ නගර සභාවෙත් මෙම ක්‍රමය ක්‍රියාත්මකයි නේද? (නි)
"යන්නේ කොහෙද? මල්ලේ පොල්". බොහෝ දෙනෙක් මේ ප්‍රවෘත්තියේ සිරස්තලය විතරයි කියවලා තියෙන්නේ.(ස)
ධම්ම එහම කියන්න එපා. මෙතැනදී හොඳ අදහසක් දෙනවනම් එය කව්රුන් හෝ කියවල පුළුවන් විදිහට රටට වැඩ ඇති විදිහට පාවිච්චි කරාවි (ස)
වැඩේ හොදයි.හැබැයි දිගටම ක්‍රියාත්මක වුනොත්.(දිල්)