බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල කුණු කන්දේ දින හතරක් පුරා පැවැති ගින්න බදාදා (12) රාත්‍රී 9ට පමණ සම්පූර්ණයෙන් නිවා දැමූ බව ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා පැවසීය.
ගින්නත් සමග පැතිර ගිය විස දුමද මේ වනවිට නතර වී ඇතැයි ඔහු කීවේය. මේ හේතුවෙන් වසා දමා තිබුණු අවට පාසල් පහක් යළි ආරම්භ කැරුණද පාසල් පැමිණි සිසුන් ප්‍රමාණය ඉතා අඩු බව කියති.
ගුවන් හමුදාව, පොලිසිය, මහ නගර සභා සේවකයින්, ගිනි නිවන භටයන්, හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් ගින්න නිවීමට සමත් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd