වෛද්‍ය සභාවට එල්ලවෙතියි කියන අනිසි බලපෑම් වලට විරෝධය පළකරමින් බදුල්ල මහ රෝහල ඉදිරිපිටදී අද (2) වෛද්‍යවරු පිරිසක් උද්ඝෝෂණයක් කළහ.
විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව වෛද්‍යවරු මෙසේ උද්ඝෝෂණය කළ අතර බදුල්ල,වැලිමඩ,මහියංගණ, දියතලාව,වැල්ලවාය,මොණරාගල යන රෝහල් වල සේවය කරන රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ වෛද්‍යවරු ඊට එක්වූහ.
කඩිනමින් විසදුමක් නැත්නම් දැඩි වෘත්තීමය ක්‍රියාමාර්ගයක් ගන්නා බව එම සංගමයේ බදුල්ල ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසීය.
මාලබේ සයිටම් විශ්වවිද්‍යාලය වහාම ඉවත්කර එය ජනසතු කරන ලෙස රජයට බල කරමින් අනුරාධපුර දිස්ත‍්‍රික් රජයේ වෛද්‍ය සංගමයේ සමාජිකයෝ අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
“මාලබේට වෛද්‍ය සභාවේ අනුමැතියකුත් නැහැ සයිටම් ආයතනය ආහෝසි නොකළොත් දැඩි ක‍්‍රියාමාර්ගයකට යනවා “යැයි එම සංගමයේ උතුරු මැද පළාත් කැදවුම්කරු වෛද්‍ය චින්තක විජේවර්ධන කීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන විදිහට එහෙනම් රටේ තියන හැම පෞද්ගලික ආයතනයක්ම රජයට පවරාගන්න වෙනවනේ. අසරණ රෝගීන්ගේ මුදල් ගසාකන චැනල් සෙන්ටර් කළුකඩ, පෞද්ගලික රෝහල් කළුකඩත් රජයට පවරා ගන්න කියලා තමයි අපිත් ඉල්ලන්නේ. එතකොට සයිටම් වගේ ආයතනත් ඉබේටම වැහිලා යයි. බලාගෙන ගියාම ජනතාවගේ මුදල්වලින් බිහිකරලා තියෙන්නේ සැබෑ වෛද්‍යවරු වෙනුවට රෝගීන්ගේ ජීවිත පරදුවට තියලා ඔවුන්ගේ පොකට් එක හා පරපුර වෙනුවෙන් ඉල්ලීම් ඉල්ලන දොස්තර මාෆියාකාරයෝ පිරිසක්නේ. (නි)
රෝගී ජීවිත අනතුරේලු, සයිටම් නිසා. අයි ඔයගොල්ල හැම එකටම වර්ජන කරන කොට රෝගීන් සුරක්ෂිත ඇති. අනේ මේ ගොල්ල වෙද කමටත් නිගාවක්. (ම)
ඇත්තටම දැන් ඉන්නේ කිසිම වැදගත්කමක් නැති දොස්තරලා, ඊර්ෂ්‍යාකාර අය. මේගොල්ලන්ගේ ළමයින්ට අධ්‍යාපනය සඳහා හොඳ ඉස්කෝල හොයන අතර අනික් දෙමවුපියන්ගේ ළමයින්ට ඒ නිදහස නැහැ. නැවතත් වැදගත් පවුල් වලින් දොස්තරවරු බිහිවේවා! (නි)
මේගොල්ලෝ දැන් පාරට බැහැලා ඉන්න ගමන් අනේ පාරවල් ටික අලුත්වැඩියා කරලා, කුණු ද්‍රව්‍ය ඉවත් කරලා දමනු මැනවි. (නි)
ගුණාත්මකභාවයෙන් තොර ආයතන වලින් දොස්තරවරුන් බිහිකිරීමට ඉඩදීම රටේ අනාගත පරම්පරාවම බිල්ලටදීමක් බව කාටත් හොඳින් පැහැදිලි කරුණකි. (නි)
අසරණ රෝගීන්ගේ මුදල් ගසාකන චැනල් සෙන්ටර් කළුකඩ, පෞද්ගලික රෝහල් කළුකඩත් රජයට පවරා ගන්න. (නි)
රටේ බදු ගෙවන්නන්ගේ මුදලින් පිනට ඉගෙනගෙන, ලෝකයේ තියෙන උතුම්ම කාර්යයක් රටේ ජනතාව වෙනුවෙන් ඉටු කිරීම සඳහා දොස්තර උපාධියක් ලබාගත් මොවුන්ගේ කිසිම සදාචාරයක් හෝ කෙළෙහිගුණයක් නැහැ. මතකද, කලකට පෙර වාහන බලපත් ඉල්ලා රෝගීන් අතහැර දමා, මහපාරේ පෙළපාලි ගිය දොස්තරලා ඉන්න ලෝකයේ එකම රට? (නි)
දැඩි තීරණයක් ගන්නවා කියන්නේ අසරණ රෝගීන් බිල්ලට ගන්න එකනේ (නි)
ඔහොම එළියේ ඉන්න කොට රෝගීන් අනතුරේ තමයි අනතුරරේ වැටෙන්නේ . ජේ.ආර් හිටියනම් ඔක්කොම ගෙදර.(අ)