බදුරලිය රෝහලේ පොලිස් මුරපොළ අද පිහිටැවිණි. උප පොලිස් පරීක්ෂකවරයකු යටතේ පොලීසියේ තිදෙනෙක් යොදවනු ලැබ සිටිති.බීමතින් රෝහලට එන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය කියයි.
බදුරලිය රෝහලේ පොලිස් මුරපොළ අද පිහිටැවිණි. උප පොලිස් පරීක්ෂකවරයකු යටතේ පොලීසියේ තිදෙනෙක් යොදවනු ලැබ සිටිති.බීමතින් රෝහලට එන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි සත්‍ය කතාව අන්තර්ජාලයේ විස්තර සහිතවම තිබෙනවා. (නදී)
බන්දුල කටාර්. රටටම කසිප්පු බෙදා හරින්නේ කුඩු සිමෙන්ති කොට්ට ගණනින් ආනයනය කරලා බෙදා හරින්නේ කව්ද? ෆොර්මලින්,මෙතලින් බෙදා හරින්නේ කව්ද? අනුග්‍රහය දෙන්නේ කව්ද? ඔහෙලා නොදන්නවා වෙන්න පුළුවන්. ඒත් මුළු ලංකාවම දන්නවා.(නදී)
අපේ ගෙවල් ලගත් තරුණයෙක් හදිසියේම මලා. දොස්තරලා කියන්නේ ඇගේ නහර දුර්වල වෙලා කියලා. කුඩු ගහන්න ඇබ්බැහි වේලා මැරිලා තිබෙන්නේ. මිනීමරු ප්‍රභාකරන්ට මේ තරම් විනාසයක් කරන්න ලැබුනේ නැහැ සත්තකින්ම.(නදී)
මේ නිතිය බදුරලිය රෝහලට විතරක් නොවෙයි.අනිත් සෑම රෝහලකටත් යෙදිය යුතුයි. (නදී)
හරි අපට යමක් දැන් වැටහෙනවා.මේ ප්‍රශ්නයේ මුල් බීජය බිමත් පුද්ගලයකුගේවගේ ? (අ)
බදුරලිය රෝහලට බීමතින් අවොත් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය කියනවා ,,,,,,,,මාරය්,,,මතට තිත ...මේ වගේ ගමේ රෝහල් වලට එන්නේ ගමේ දුප්පත් මිනිස්සු ,ඒ අය ළඟ පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන් .නමුත් ඔය මත්පැන් නිෂ්පාදනය කරන්නේ බෙදාහරින්නේ කව්ද රටේ දේශපාලන බලවතුන් මේක රහසක් නොවෙයි ,ඉතින් ලංකාවේ පොලිසිය කරන්නෙත් පහත් තැනින් ජලය ගලා යනවා වගේ දුටු තැන අහිංසක ජනතාවටම පහරදෙන එකයි ,,මම මත්පැන් බීම අනුමත කරන්නේ නැහැ .නමුත් මත්පැන් විකිනිමත් මම අනුමත කරන්නේ නැහැ ,,,(අ)
තිලක් ඩුබායි, රටටම අරක්කු ,කුඩු බෙදාහරින්නේ සිල් රෙදි පොරෝවා ගත්ත ලොකු උදවිය කියලා මුළු රටම නොදන්නවා නෙමෙයි. නමුත් ඒවා බෙදුව පලියට බදාගෙන තමන්ගේ වටිනා ජීවිතය විනාශ කරගන්න දගලන උදවිය ඉන්නෙත් ලංකාවේම වෙන්න ඇති. අරක්කු ,කුඩු නැති උනා කියලා කිසිම කෙනෙක් මැරිලා නැහැනේ. අනික කිසි කෙනෙක් බලේට පොවන්නෙත් නැහැනේ. මෝඩයෝ වගේ ඒවාට ඇබ්බැහි නොවී ප්‍රතික්ෂේප කරනවා නම් ඒවා විකුනන්නේ කාටද. පොඩ්ඩක් හිතන්න තමයි මොලයක් තියෙන්නේ. (නදී)
දැනගන්නයි අහන්නේ මෙහෙම අත්අඩංගුවට ගන්නේ මොන නීතියක් යටතෙද (අ)
බොන එක වැරදියි තමයි, ඒත් බිව්ව කියල ඒ මිනිහට බෙහෙත් ගන්න අයිතියක් නැද්ද? එතකොට ඔය දොස්තර මහත්තුරු අරක්කු බොන්නෙ නැද්ද? ලංකාවෙ දැන් වෙන්නෙ අරුම පුදුම දේවල් (අ)
මිනිස්සු මෙහෙම ආව කියල උන්ට ගහල හරියනවද . (අ)
නියමයි,අනිත් රෝහල්වලටත් ගෙනෙන්න,(අ)
බොහොම හොඳ වැඩක්...නමුත්..ලොකු ලොක්කෝ බීල ආපුවම ඔහෙලා මොකද කරන්නේ....? (අ)
ඔය නීතිය අනිත් හැම රෝයලටම දැම්මොත්, රෑ එළිවෙනකොට සුලුසේවක සහ ඇටෙන්ඩන් මහත්තුරු වැඩිහරියක් පොලිස් අත්අඩංගුවේ.(අ)
බීමතින් එන මිනිස්සු විතරක් නෙමෙයි, අරක්කු බීල ලෙඩවෙලා එන අයත් හරවල යවන්නයි තියෙන්නේ. (අ)
සෑම රජයේ රෝහලකටම බීමතින් එන අය අත්අඩංගුවට ගත ගන්න. නොමිලේ දෙන සේවාවට වටිනාකමක් දෙන්න. (අ)
අල්ලන්න ඉන්න මහත්වරු ,බීලා ආවට කමක් නැද්ද ? (අ)
බන්දුල කටාර්ගේ අදහසට මගේ සම්පුර්ණ එකඟත්වය පල කරමි. (අ)
බොන එක සම්පුර්නයම වැරදී , ඔයගොලන්ට පුලුවනම් ලංකාවේ තියන අරකුකු කඩවල් වන්න පුලුවන්ද ?(අ)
බීලා වැඩ කරන අයත් අල්ලමුද? (නදී)