දින හතරක් තිස්සේ වසා දමා ඇති බදුරලිය රෝහල යළි විවෘත කරන්නැයි ඉල්ලමින් අද දහවල් ඇරැඹූ උපවාසයට පොලිසියෙන් පහර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා මීට ටික වේලාවකට පෙර පැවසී.
පහර දීමට ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන් පැමිණි බව ද ඒ මහතා කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියනුයේ එවැනි පහරදීමක් සිදුවී නැති බවට බදුරලිය පොලිස් ස්ථානාධිපති තහවුරු කළ බවයි.
කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී රොෂාන් සිල්වා මහතා ‘එසැණට‘ පැවසුවේ නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍රයක් තිබී ඉවත් කළ බවයි. කිසිදු ගැටළු කාරී තත්ත්වයක් මතු නොවූ බව ද ඒ මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලන වාසි ගන්නද හදන්නේ? (ත)
රාජ්‍ය ත්‍රස්තවාදයද? (නදී)
පොලිස් ස්ථානාධිපති කිව්වා නම් ඉතින් එයා එයාටම පහර දෙයි.(නදී)
තුවාල කරුවන් එම රෝහලට ඇතුලත් කරන්න. (ස)
පහර දුන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? මා ලග වීඩියෝ තියනවා . පොලිසිය බලු විදියට මිනිස්සුන්ට ගහනවා.(නදී)
මිනිස්සු රවට්ටන එක නවත්වන්න.(නදී)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන ඒව නම් තඹේකට මායිම් කරන්න බැහැ. (නදී)