සම්මත ප්‍රොටකෝල් ක්‍රමය මගහැර මුස්ලිම් නිවාස යෝජනා ක්‍රමයක් සඳහා ඇමැති රිෂාඩ් බදුර්දීන් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ට කළ ඉල්ලීම දේශපාලන අංශයන්හි කනස්සල්ලට හේතු වී ඇත.
ජාතික හෙළ උරුමයේ ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසනුයේ කිසියම් ජනවාර්ගික කොටසක් මුල් කැර ගෙන ආධාර ඉල්ලීම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවයි.
ඒ සම්බන්ධයෙන් 2009 දී ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුවක් ඔහු සිහිපත් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ අන්තර් ජාතික මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා කීවේ ඇමැතිවරයකු මෙසේ ප්‍රොටකෝල් සම්ප්‍රදාය කැඩීම වැරැදි බවයි.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සෘජු පිළිතුරක් නොදේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද. යුද්දය දිනුව කියල අනිත් හැම දේටම ඇස් පියාගෙන ඉන්න කියනවද කියලා ?සතුන් සිවුපාවුන් මරනවා, කුඩු සහ අපරාද වැඩිවෙනවා. සංඝයා වහන්සේලාට පරිභව කරනවා. කොතෙක් කලක් ඉවසන්න කියනවද? ඉවසුවා ඇතිද? (දිල්)
මොකද්ද මීලගට ගන්න පියවර (දී)
ජාතික සමගිය නැති වෙන ලෙස වැඩ කරන්න එපා (දී)
මට නම් පෙන්නේ වැරදි වැඩක් කරලා වගේ (දී)
මේවා ගැන කතා කරන්න කවුරුත් නෑ (දී)
දෙයියෝ සාක්කි කියන්නද මම (දී)
ලංකාවේ ජාතක සමගියට පහරක් වෙන්න තියන්න එපා (දී)
අනේ අපොයි ලංකාවේ මිනිස්සු එන්න එන්නම පිරිහෙනවා කියලයි මට හිතෙන්නේ (දී)
ජාති ජාති කුලල් කා ගන්න එපා මොන ප්‍රශ්නේ ආවත් (දී)
මේ ලියුමත් ඇරලා තියෙන්නේ අර අමාත්‍යංශයෙන්මද? (නදී)