IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බුදයියා අධිවේගය පුළුල් කිරීමේ කටයුතු ඉදිරියේදී සැබෑවක් වන ලකුණු

අධික රථවාහන තදබදයක් දකින්නට ලැබෙන බුදයියා අධිවේගී මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට සැලසුම් පියවරේ පවතින බව රජයේ උසස් නිලධාරියෙක් පවසයි.


අධික රථවාහන තදබදයක් දකින්නට ලැබෙන මෙම මාර්ගය උතුරු පළාතේ ජනාකීර්ණ ප්‍රදේශ රැසකටම ළඟාවීමට ඇති එකම මාර්ගය වන අතර එය පුළුල් කිරීමේ අවශ්‍යතාවය මතුවූයේ මීට බොහෝ කලකට පෙරය. එහෙත් කලින් කලට මාර්ගයේ සංවර්ධන කටයුතු ගැන කතාබහ මතුවුවත් ඉදිකිරීම් කටයුතු ආරම්භ වන දිනය හෝ අවසන් වන දිනය ගැන හරි හැටි තොරතුරු ඉදිරිපත් නොවූ බව නගරසභිකයෝ පවසති. කෙසේවෙතත්, අධිවේගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා සමාගම්වලින් ටෙන්ඩර් කැඳවා ඇති බව පසුගියදා වාර්තා විය.


“අපි මාර්ගයට අමතරව විදුලි ආලෝකකරණය ප්‍රතිසංස්කරණය කරලා අධිවේගී මාර්ගය ලස්සන කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පදික බාධක වගේම වාහන අනතුරුවලින් වළක්වාලන බාධක යෙදීමටත් බලාපොරොත්තු වෙනවා” යැයි ෆාක්හ්රෝ මහත්මිය පවසයි. “ඒ වගේම මාර්ගය හරහා මාරුවීමට දැනට තිබෙන රථවාහන සංඥා වෙනුවට පදික පාලම්ද ඉදිකිරීමට නියමිතයි” අධිවේගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජිසීසී සංවර්ධන අරමුදලෙන් ඩොලර් බිලියන 10ක් ලබාදීමට බහරේනයේ අසල්වැසි රටවල් 2011 වසරේදී පොරොන්දු වූ බවද ඇය පැවැසුවාය. 


කෙසේවෙතත් ඉදිකිරීමේ වැඩ ආරම්භ කරන දිනය ගැන සඳහන් කිරීමට තවමත් කල්වේලා වැඩි බවද ඇය අවධාරණය කළාය.



අදහස් (0)

බුදයියා අධිවේගය පුළුල් කිරීමේ කටයුතු ඉදිරියේදී සැබෑවක් වන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site