මාළබේ ක්‍රිස්තියානි පල්ලියකට පහර දුන්නැයි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලබඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 13 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුවෙන් සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරු පද්මිණී එස් රණවන මහත්මිය නියෝග කළාය.
මාළබේ ක්‍රිස්තියානි පල්ලියකට පහර දුන්නැයි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලබඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 13 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුවෙන් සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරු පද්මිණී එස් රණවන මහත්මිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමලඥාන හිමි පැරිස් ,අවසරයි ස්වාමීන් වහන්ස. මා සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ මුස්ලිම් ජාතිකයෙක්. මාගේ පාසල් සමයේ 5 ශ්‍රේණිය දක්වා බුදුහම ඉගෙනගෙන ඉන්පසුව ඉස්ලාම් ධර්මය මා ඉගෙනගත්තේ. අදත් මාගේ පන්ති භාර ගුරුතුමිය (මා ලංකාවට ගිය විට) සුව දුක් බලන්න යන අතර මාගේ පාසල් මිතුරු මිතුරියන්ද එදා මෙන් අදත් ඒ අවංක මිත්‍රත්වය ගොඩනගා ගැනීමට වග බලාගෙන තිබෙනවා. සිංහල-මුස්ලිම් අපි අතර එවැනි අවබෝධයක් හා මිත්‍රත්වයක් තිබෙන අවස්ථාවක මුස්ලිම් අපිට නඟන චෝදනා ගැන ඔබවහන්සේ අවංකව දරන මතය කුමක්ද කියා දැන ගන්න කැමැත්තෙමි. (නි)
ෆස්රුල් ගෆූර් ,ඔබ වගේම අපිද සමගියෙන් ජීවත් වීමට කැමැත්තෙමු. ඔබගේ නම සම්පූර්ණව ලිවුවේ නැති එකටත් ඔයාට තරහා ගිහින්. අපේ දේවල් කෙනෙක් පැහැරගන්නේ නම් අපිට කොහොම කේන්තී යාවිද? අපි ලක්පුර වැසියෝ වෙමු. මෙතෙක් කලක් බෞද්ධයා නිහඩව සිටියේ ඔවුන් තුල ඇති අවිහිංසාවාදී ගති නිසාය. එහෙම සිටීමට නොහැකි තැනට පැමිණ ඇත. ජාතීන් අතර සමගිය ඇති කර ගැනීමට නම් හැමෝම ඉපදුන රටට ආදරය කළ යුතුයි.අද රට කෑලි වලට වෙන් කරගන්න ගිහින් මොනතරම් ජීවිත අහිමි වුණාද? (නි)
තවත් ආගමකට විරුද්ධවීම භික්ෂුවකට සුදුසු නැත. බුද්ධ කාලයේත් විවිධ ආගම් තිබුණා. අපේ බුදු රජාණන්වහන්සේ ඒවාට ධර්මයෙන් පිළිතුරු දුන්නා. අපහස, නින්දා, කළේ නැහැ. (ස)
ඔබ වහන්සේලා වගේ එඩිතර හාමුදුරුවරු මේ රටේ නැත්නම් රට විනාශයි. (ස)
චමිල. අද බුද්ධිමත් අයත් ඒ අයගේ උගුල්වලට අසුවෙනවා. අහිංසක අය ඒ අතර වැඩිදෙනෙක් මේවා බොරු නොවේ අදටත් සිදුවෙමින් පවතිනවා. කණ්ඩායාම් 150 කට වඩා සිටින බව බුදු බලසේනා සංවිධානය තහවුරු කරගෙන සිටිනවා.(නදී)
මුහුණ කියන්නේ, කෙනෙකුගේ චරිතය පෙන්වන කැඩපත කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේගේ මුහුණෙන් කියන්න පුළුවන් නේද සිතේ පවතින සැදැහැවත් බව. ෆස්රුල් මහත්මයා කියලා තිබෙන විදිහට ,හෘද සාක්ෂියට එකඟව නම් කවරෙකු හෝ මෙවැනි ක්‍රියා කරනවා වෙන්න බැහැ.නමුත් හෘද සාක්ෂියක් ඇද්ද කියන එක තමයි ප්‍රශ්නය? (නි)
කුමාර, ගමින් ගමට යමින් සමහර අාගමිකයන් කරන්නේ අහිංසක බෞද්ධයන් අසරණ කිරීමයි. ඒ අයට යමක් දී රවටා ගැනීමයි. මේ දේවල් අලුත් දේවල් නොවේ. බෞද්ධයන් රැක ගත යුතු වෙනවා. මිනිසුන් මුලා කර අසරණ කරන අයට ඉඩදී උඩ බලාගෙන සිටිය යුතු නැත. (නි)
මෙතන තියෙන වැරැද්ද ඇමෙරිකානු ආධාරයෙන් යැපෙන සංවිධානයකට ලෝකයේ දැනට පහළව ඇති ශ්‍රේෂ්ටතම දහමේ නම ඈඳා ගැනීමයි. ඉතිහාසයේ බෞද්ධාගම හැර අන් හැම ආගමකටම සේනා තිබුනේ ඔවුන් එකිනෙකා කුළල් කා ගත් නිසයි. බොදු දහම රකින්න සේනා රැස් කරන්නෝ නිගා කරන්නේ බොදු දහමේ අහිංසා වාදයටයි. සේනා අයිති ආරක්ෂක අමාත්‍යංශයටයි.(නදී)
"විමලඥාන හිමි පැරිස්" ඕනම ආගමක් ඇදහීමට ප්‍රංශයේ පමණක් නොව, ලංකාවේද ඒ නිදහස තිබෙන බව අවධාරණයෙන් කිව යුතුයි. එසේ වුවත් බලහත්කාරයෙන් බෞද්ධයන් අන්‍ය ආගම් වලට හරවා ගැනීම සහ යුධ හේතූන් නිසා ජන ශූන්‍ය වු ඓතිහාසික බුද බිම් මංකොල්ල කෑම වලක්වා ගැනීමට ඥාණසාරහිමින් ඉදිරිපත් වීම ජාතීයේ වාසනාවක්. (නදී)
සිංහලයාට මවුබිම යැයි කිවහැකි මේ එකම රටේ සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් අදහස් දැක්වූ සැමට ස්තුතියි.එමෙන්ම ඔබ වැනි දරුවන් හැදු වැඩූ දෙමවුපිය, ගුරුවරුන්ට මගේ නමස්කාරය. (නි)
අපි ඉතින් බෞද්ධ වුණාට රූපවාහිනියෙන් ගොඩක් දේ දකිනවනේ. අපෝ! ලැජ්ජාවේ බැහැ (නි)
"විමලඥාන හිමි පැරිස් ආගමික සහජීවනය සඳහා පාර්ලිමේන්තුවට යොමුකළ අන්‍යාගම්කරණ පනත සම්මත කර ගතයුතුය" ඔබේ අදහස බෞද්ධයන් සර්වාගමික කැඳහැලියට දැමීමද? ඔබ ආත්ම දෘෂ්ඨියක් ගැන කියවනවා ඇත්තෙන්ම ඔබ කවුද? කොහෙද බුදු දහමේ ආත්ම දෘෂ්ඨියක් ගැන කියලා තියෙන්නේ? බුදුබලසේනාව නැති නම් සර්වාගමික මිත්‍යා මායාව අද වෙනකොට සිංහළ බෞ්ධයාගේ සංස්කෘතිය මංකොල්ල කාලා ඉවරයි. ඥානසාර හිමිගේ උත්සාහය බෞද්ධ උරුමය රැක ගැනීම එයට අපගේ යුතුකම. (නදී)
ඇත්ත තේරුම් ගන්න කාලය ඇවිල්ලා (නි)
අන්තවාදීන් කියන වචනය තේරුම එක අන්තයකින් බැලීම නේද? ආගමික සංවිදානවල එක පැත්තක් බලන සංවිදානත් තිබනවා දෙපැත්ත බලන සංවිදානත් තිබෙනවා.(නදී)
සංඛ,"දෙපාර්ශවයටම සාධාරණය ඉටුවිය යුතුයි"ඒ කියන්නේ බෞද්ධයාගේ උරුමයන් විනාශ කරන්න ඉඩ දීමද? එයට විරුද්ධ වීම වෛරී පිළිවෙතක්ද? නුඹ "සංක" නොව ගෆූර් ය. කථාවක් තිබෙනවා, ඔරුව පෙරලුන පැත්තත් හොඳයි කියන අය ඉන්නවා කියලා. (නි)
පැනයක් අසමි හිමියනි ගලබඩ අත්තේ - කරුණා දයා ගුණ මොන දහමේද ඇත්තේ.(නදී)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ ජාතික වීරයෙක්. ඔබට ජයෙන් ජය! තෙරුවන් සරණයි! (නි)
රත්නසිරි මහත්තයෝ, බෞද්ධයින්ගේ උරුමයන් රැකගැනීම සියලු බෞද්ධයින්ගේ උරුමයයි. මා කිසි දිනක එය බැහැර කරන්නේ නැත. ඒ වගේම ගෞතම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මේ වගේ ක්‍රියාකාරකම් වලින් මේ අයට රැක ගන්න පුලුවන්ද? කූරගල ඓතිහාසික ස්ථානය, මුහුදු මහා විහාරය හා වෙනත් පූජනීය ස්ථාන විනාශ කරනවා නම් ඒවාට විරුද්ධව නඩු දාන්න පුළුවන්. නීතිය මගින් ඒ අයට දඬුවම් දෙන්නත් පුළුවන්. රටේ නීතිය ආගම් අනුව වෙනස් වෙන්නේ නැහැ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය හා පළාත් පාලන අමාත්‍යාංශ වලටත් පොලීසියටත් බලය පැවරෙනවා ඒ සඳහා. හැමෝම නීතිය අතට ගෙන ක්‍රියාත්මක වීම පිළිගත හැකිද? ඔබ කියන්නේ මාළඹේ ක්‍රිස්තියානි පල්ලියකට පහර දීම ඇතුළු ඒ වැනි ක්‍රියා සියල්ල සාධාරණයි කියලාද? (නි)
රවිදු, ඔබ බෞද්ධයෙක් වගේ රඟපාන්නේ ඇයි? (නි)
චීවරධාරීන් වුණහම හොඳ හික්මීමක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍යයි (නි)
ඒ කොහොමද එහෙම වෙන්නෙ? පහර දෙන එක වැරදි දෙයක් නේ? (ස)
පැනයට පිළිතුරු නම් සරලයි ජගත් අයියේ. ඔලුව අතගා බලනු අං ඇත හිස මත්තේ (නි)
ගෆූර් මහතා. ඔබ සදහන් කළ අමාත්‍යංශ වල අණ නොතකා ඉතා සාහසික ලෙස මේ සංහාර කරගෙන යන්නේ.උසාවියට ගරු නොකරන මිනිස්සු කෙසේද අමාත්‍යංශ වල නිතී වලට ගරු කරන්නේ?ඔය කථා ඔබ වැනි අයට තේරෙනවා ඇති. ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ අපේ බෞද්ධ උරුමවලට අත නොතැබුවා නම්. බෞද්ධයා බලහත්කාරයෙන් බඳවාගෙන බුදු දහමට අපහාස කරන්න ගියාම ඔය ප්‍රශ්න ඇති වෙනවා. එයට නීතියෙන් තීරණයක් දීලා අවසන්. ඔබට අපට වෙන දෙයක් වුණා නම් ඔබගේ ඔය බණ බලාගන්න පුලුවන්. (නි)
මට නම් හිතාගන්න බැහැ මොනවා කියන්නද කියලා (නි)
රත්නසිරි මහත්මයා, මම බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සළකන ආනන්දයෙන් උගත් අයෙකි. කරුණාකර බොරු චෝදනා කරන්න එපා. මට නම වෙනස්කර අදහස් දැක්වීමේ අවශ්‍යතාවක් නැත. මම අදහස් කළේ මෙම භික්ෂුවටද, ඔබ චෝදනා කළ එම ඉඩම් කොල්ලකන අයටද යන දෙපාර්ශවයටම නීතිය ක්‍රියාත්මක වියයුතු බවයි. (නි)
උන්වහන්සේගේ වැරැද්දක් නැතුව ඇති (නි)
කුමාර, නිවැරදි නියම බෞද්ධයෙක්ගේ මඟ බුදුරජාණන් වහන්සේගේ මඟ වෙයි. (නි)
ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (නි)
එතකොට රූප රාමු සහිතව රූපවාහිනී නාලිකා වල පෙන්නපු දේවල්? (නි)
නිමල් මහත්තයා කියන විදියට ශ්‍රී ලංකාව බෞද්ධයන්ගේ මවුබිමලු. මම කතෝලික. නිමල් මහත්තයෝ, එතකොට ඉතාලිය කතෝලිකයන්ගේ මව්බිම. නමුත් ඉතාලියේ අලුතින් පන්සල් හදනවා ,හිමිවරු වඩිනවා ,නමුත් අපේ ගරු පියවරුන් පන්සල් වලට පහරදෙන්නෙත්නැහැ,පහර දීලත් නැහැ. ජේසු තුමා කියලා තියෙන්නේ වැරදි කරන මිනිසුන් එම වැරදි නොදැන කරන නිසා ඒවාට සමාව දෙන්න කියලයි. (නි)
ෆස්රුල් ගෆූර්,ඔබ බණ කිවුවට ඔබ ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි. ඇත්තටම ඔබ ජාතිවාදියෙක්.ඔබ මුල අමතක කරලා අපිට පිහිටවුණ සිංහල සහෝදරත්වය නැතිකරන්න එපා. (නි)
සංජී, ඔයා බෞද්ධයෙක්ද? කියන්න බලන්න බුදුහාමුදුරුවෝ කවදාද කාටද කිවුවේ කියලා උන්වන්සේ නැති කලක උන්වහන්සේගේ ප්‍රතිමා හදලා හෝ උන්වහන්සේගේ ඡායාරූපයට වන්දනාමාන කරන්න කියලා? අවම වශයෙන් උන්වහන්සේට වන්දනාමාන කරන්න කියලා? (නි)
අත ගා බලන්නට අං දෙක හිස මත්තේ - තණකොළ කන්න එනු මැන පන්සල් වත්තේ (නි)
කුසුම්,ඔබට කුසුම් කියන නම තිබුන පළියට ඔබ මලක් නොවේ. ඔබේ ගඳ සුවඳ දැනගන්නේ කොහොමද නමෙන්? කුසුම් ඔබගේ මූහුණ රැගෙන කණ්ණාඩිය ළඟට ගොස් දැනගන්න ඔබ මොන වගේ කෙනෙක්ද කියලා. ඔබේ මූහුණ දකින්න ඕනෑ නැහැ. ඔබ ලියූ වචනවල තිබෙනවා ඔබේ කැත. (නි)
නියම නමවත් ලියන්න නොදන්නා මහත්මයාටය් - මම ජාතිවදියෙක්ද නැද්ද කියන දෙය ලංකාදීප පාඨකයින් හොඳින් දන්නවා. ඔබෙන් කිසිම චරිත සහතිකයක් මට අවශ්‍ය නැහැ. මම ලාංකිකයෙක් නොවේ කියා ඔබ කියනවා නමුත් ඔබට මම ලියල තියෙන සිංහල කියව තේරුම් ගැනීමට තරම් ඥානයක් නොතිබීම කනගාටුයි . හනික සිංහල සහෝදරත්වය පමණක් නොව ජාතික සමගිය වෙනුවෙන් ලංකාදීප පුවත්පතේ මා විසින් පලකරන ලද අදහස් කියවා බලන්න. සියල්ලට කලින් තමන්ගේ නම හරියට ලියා අදහස් පලකරන්න පුරුදුවන්න. (දී)
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදු දහම ආරක්ෂා කිරීමේත්, පෝෂණය කිරීමේත් වගකීම පැවරී ඇත්තේ ජනතාව විසින් තෝරා පත්කරගත් රජයටයි. රජය විසින් එම වගකීම කිසියම් සංවිධානයකට පවරා ඇද්දැයි මම නොදනිමි. අනිකුත් ආගම්වල අයිතිවාසිකම් වලට ගරු කරමින් බුදු දහම ආරක්ෂා කිරීමට රජය බැඳී සිටියි. රජයෙන් තම වගකීම ඉටු නොකර අනිකුත් සංවිධාන වලට කොන්ත්‍රාත්තු භාර දිය නොහැක. මන්ද, රටේ බහුතර ජනතාව එම සංවිධාන අනුමත කර නැති හෙයිනි. (නි)
මම ලාංකික කතෝලිකයෙක්. මම අනුමත කරන්නේ නැහැ කිසිම ආගමික පුජකයකු තවත් ආගමකට නිග්‍රහ කිරීමත්,පුජනීය ආගමික ස්ථාන වලට කඩා වැදී කළහ කිරීම අඩම්තේට්ටම් කිරීමත්.එමෙන්ම අාගමික පුජකයන් සංවර විය යුතුය. සෑම ආගමකින්ම කරන්නේ අනුගාමිකයින් යහමඟට හැරවීම හැර විරුද්ධ ආගමිකයන්ට අඩම්තේට්ටම් කිරීම නොවේ. (නි)
මොළය පාවිච්චි කළහොත් මෙම ආගම් සියල්ලේම මුලික ඉගැන්වීම එක හා සමාන බව වැටහෙනු ඇත. නමුත් කියන ක්‍රමයේ වෙනස්කම් ඇත. අප කළයුතුව තිබෙන්නේ ආගම මුවාවෙන් යුද්ධ කිරීම, කළහ කිරීම, අපහාස කිරීම නොවේ. බුදුන්ගේ දහම අනුව සම්මා වායා, සම්මා සති, සම්මා සංකප්ප, සම්මා දිට්ඨි... මෙම කරුණු සතර මැනවින් තේරුම් ගෙන ක්‍රියා කිරීමයි (නි)
මම නම් හිතන්නේ මේ හැමෝම හිතන විදිහට නොවෙයි. අපේ බුදු සමිඳුන් බුද්ධ ශාසනයේ සේනාවන් හදන්න කිවුවේ නැහැ. හැදුවෙත් නැහැ. මේ කතන්දර ඔක්කොම එන්නේ මෙහෙම සේනාවල් හදන හින්දනේ. අහවල් බල සේනාව කියල කිවුවට ලංකාවේ ඉන්න ඔක්කොම බෞද්ධයෝ ඒ වටා රොක් වෙනවද? නැහැ නේ. (නි)
එතකොට ටී.වී. එකේ පෙන්නන්නේ බොරුද? (දී)
කෙටි ආයුෂයක් ඇති මේ ලෝකේ ජීවත් වන සුළු කාලයතුල මේ කුඩා දිවයිනේ සාමයෙන් සමගියෙන් ජීවත්වීමට බලාපොරොත්තුවන සියලු හින්දු, බෞද්ධ, කිතුනු හා ඉස්ලාම් බැතිමතුන්ට ජයෙන් ජය වේවා. මාගේ ලක්මෑණිනියන්ට ජයෙන් ජය වේවා. සියලු බලවේග පරාජයවී සාමයට ලැදි ශ්‍රීලාංකික දේශප්‍රේමී බලවේගයක් පමණක් මේ රටතුල වැජඹේව. (දී)
හාමුදුරුවන්ට බනින වෙනත් ජාතීන්ට මම මොකුත් කියන්නෙ නැහැ.හැබැයි උන්වහන්සේට බනින අපේ බෞද්ධයන්ට මම කියන්න කැමතියි ඇත්ත දැනගෙන කතා කරන්න කියලා (නි)
මොන ආගම වුණත් මොන ජාතිය වුණත් පූජනීය ස්ථානයකට පහරදීම මා සිතන්නේ හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කරන ලාංකිකයින් විසින් කිසිවිටෙක අනුමත නොකරන බවයි (නි)
සිංහළ ජාතියත්,බුදුසසුනත් වනසන්න ක්‍රියාකරන අන්තවාදී සංවිධානවලට විරැද්ධව සටන්වදින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලබඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලු බොදුබල සේනා සංවිධානය නියොජනය කරන සියලුම භික්ෂූන්වහන්සේලාටත්,බොදුබල සේනා සංවිධානට සහයොගය දක්වන සියලුමදෙනාටත් අපගේ ගෞරවය පුදකරමු.(දී)
බලමුකෝ ඉදිරියට මොකද වෙන්නෙ කියලා (නි)
මම මේ ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ..නමුත් එක දෙයක් පැහැදිලියි .උසාවියෙන් නිවැරිදි කරු කලානම් හාමදුරුවෝ නිවැරිදි ඇති.බොදු බල සේනාවෙන් පල්ලියකට ගැහුවා කියලනම් මම අහල නැහැ..ඔය පල්ලි කියල තැන් තැන් වල යාතිකා පොළවල් අටවාගෙන කිතුනු පල්ලියටම විරුද්දව යන මුලධර්මවාදී නිකායන් සමග පැටලිම් තිබුනත්..සංක මහත්තයට ඕන හැමදුරුවෝ දඩු කඩේ ගහන්නම වගේ මට පෙන්නේ..ඇත්තටම ඔය කියන ඉස්කෝලෙටද ගියේ..පුදුම වෙන්න දෙයකුත් නැහැ..මාත් ඕකට ගියේ..(දී)
මෙවන් දේවල් තව ඉදිරියටත් අපිට දකින්න සිදුවේවි. (නි)
ෆස්රුල් ගෆූර් ගේ අදහස අනුමත කරනවා.(ස)
රත්නසිරි මහත්මයා - ජාතීන් අතර සමගිය කොහොමද ඇති වෙන්නේ ඔබ වැනි අය ලියන අදහස් දැකල? උගත් බුද්ධිමත් බෞද්ධ පාඨකයින් යතාර්ථය තේරුම් ගෙන වටිනා අදහස් ලියනවිට මේ රටට ආදරය නොදක්වන පිරිස් පවා ඔවුන්ගේ අදහස් අනුමත කරවී. මා ඉතාමත් විශ්වාසයෙන් හා වගකීමෙන් කියන්න කමතියි බහුතර බෞද්ධ ජනයා ජාතිවාදය ප්‍රතික්ෂේප කරන්නේය. ඒ නිසා ජාතිවාදයේ අවසානය ත්‍රස්තවාදය. නැවතත් එවැනි ඉරණමක් අපේ රට අත් නොවේවා කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. (ස)
මේවා කාට කියන්නද?? (ස)
රත්නසිරි, බෞදයෝ කියනේ මෝඩයෝද යමක් දීල රවටලා වෙන ආගමකට හරවා ගන්න? (දී)
මේ හාමුදුරුවන්ට බනින අය අය නිකන් වත් හිතුවද කිසිම ගිහි කෙනෙක් මේ වගේ දෙයක් කලාද කියලා? (දී)
මම දැක්ක ඊයෙත් ප්‍රව්ර්ති වලට මේ හාමුදුරුවෝ ආවේගශීලිව හැසිරෙනවා (දී)
අපි බෞද්දයන් ලෙස උත්සහ කලයුත්තේ මනුෂ්‍යවාදී බෞද්ධයන් වීම බවයි මගේ හැගීම..අදිකාරම්තුමා ලියුව 'පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය' ලෝකයේම විශ්වවිද්‍යාල වලින් පිළිගන්න පොතක්.එතුමා කියුවේ අපි සිංහල,දෙමල විදිහට බෙදෙන්නතුව හැමෝම එකවගේ මිනිස්සු ලෙස සලකන්න ඕන කියලය්.ජාති ලෙස බෙදාගැනීම මානසික රෝගයක්ලෙසයි එතුමා සැලකුවේ.මාර්ටින් වික්‍රමසිංහ,එදිරිවීර සරත්චන්ද්‍ර, අචාර්ය ඊ.ඩබ්ලිව්. අධිකාරම් වැනි අය ආදර්ශයට ගත්තොතින් අපිට ශ්‍රේෂ්ට රටක් විදිහට ඉදිරියට යන්න පුළුවන්(1950ස් ගණන්වලදී මානව සගරාව) (දී)
ෆස්රුල් ගෆූර් - කටාර්, හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කරන්නට හෘදයක් නැත්නම්. (ස)
වරදක් කළා නම් දඩුවම් කළ යුතුයි. (ස)
එදා ඉඳන් මේ රට වෙනුවෙන් දිවි දුන්නේ සිංහල බෞද්ධයයි . මේ රට වෙනුවෙන් හඬ නගන හාමුදුරුවන් සමග අප එක්විය යූතුයි. (ස)
සැබෑ බුදු දහමේ හැටියට නම් අපි යනකොට ගෙනියන්නේ හොඳ නරක දෙක විතරයි. නැතුව හරි නම් ආගමවත් ජාතියවත් නෙමේ. බුදුහාමුදුරුවොත් විවිධ භවයන්වල විවිධ ජාතීන්වල ඉපදිලා හිටිය බව අපි කවුරුත් දන්නවා. අනික බුදු හාමුදුරුවෝ කුලවාදය ප්‍රතික්ෂේප කළා. අපි ඊළඟ භවයේ මොන ජාතියේ, මොන ආගමේ ඉපදේද කියල කවුද දන්නේ ? ඒක නිසා ආගමේ නාමයෙන්, ජාතියේ නාමයෙන් ගැටුම් ඇතිකර ගැනීම අනුවණකමක්. අපි සෑම කරුණක් ගැනම මධ්‍යස්ථ මත දැරිය යුතුයි. මොකද අපි අවුරුදු දහස් ගානක් ජීවත් වෙන්න ඇවිල්ල නැති නිසා. (ස)
රත්නසිරි, නම අනුව කෙනෙක්ගේ ලස්සන, කැත, හා ගඳ, සුවඳ තීරණය කරනවා මම නම් අහල නැහැ. මගේ නම කුසුම් වූ පමණින් කැලයක පිපෙන මලක් වෙලා අයාලේ යන ගවයෙක් වල්ගයක් වනද්දීත් පෙති කඩාගෙන බිමට පතිත වීමට ත්, රෝස මල් වලටත් නිල මැස්සෝ වහනව දැක තිබෙන නිසා ත්, මට කිසිදා මලක් වෙන්න නම් කොහෙත්ම උවමනාවකුත් තිබිල නැහැ. හැබැයි, අන්තවාදයේ කෙලවර ඇත්තේ ත්‍රස්තවාදය බව නම් ඔය කා හටත් මතක් කර දීමට කැමැත්තෙමි.(දී)
සේනාවේ බලය බිඳෙන සුලුයි. (ස)
හැම හාමුදුරුවන් වහන්සේ නමක්ම ආගම්වාදී නොවුණත්, ලෝකයට යන්නේ වැරදි පණිවිඩයක්. මේවට ඉඩදෙන්න හොඳ නැහැ. දැන්වත් මේ වැඩ නවත්වන්න ඕනෑ. (නි)
සුදස්සන හිමියන්ගේ අදහස අනුමත කරමි. සෑම ආගමක්, දර්ශනයක් ගැනම පුළුල්ව අධ්‍යයනය කළ විට පෙනෙන්නේ මුලික ඉගැන්වීම් සමාන බවයි. (ස)
සුදස්සන හිමි - අවසර ස්වාමීන් වහන්ස.ඉතා වටිනා අදහස් ලිවීම ගැනත් බෞද්ධ දර්ශනය මතක් කරදීම ගැනත් මාගේ ස්තුතිය. ඔබවහන්සේ වැනි ස්වාමීනවහ්සේලා මේ රටට වාසනාවක්. අපිත් ඔබ වහන්සේ සමඟ එකට එක්වී මේ රටේ ඒකීයභාවය සුරැකීමට ඕනෙම මොහොතක සූදානමින් සිටිමු. සමගිය බලය වේ. (ස)
අපි පරන දේවල් අමතක කරලා ලඟදි උදාවීමට තිබෙන සිංහල හින්දු අලුත් අවුරුදු කන්න ලෑස්ති වෙමු, සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි, මැලේ, අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ යමු ඉදිරියටම එකට අත්වැල් බැඳගෙන එක මවකගේ දරුවෝ ලෙසින්, සැමටම වාසනාවන්ත හෙට දිනක් පතමි.(දී)
ඔබ තුමන්ගේ ගමන කරදර බාධක වලින් තොරව යන්නට ශක්තිය ලැබේවා (දී)
මා එසේ පැවසුවේ, බුදු හිමියන් දේශනා කළේ අත්හැරීම ගැන නිසයි. ජේසුස් වහන්සේත් අත්හැරීම ගැන දේශනා කර තිබෙනවා. ඒ වගේම මුලික ඉගැන්වීම් රාශියකම සමානකම් තිබෙනවා. (නි)
ෆස්රුල් ගෆූර්, අපි කාලේ නාස්ති නොකර ඊළඟ ප්‍රශ්නයට යමු නේද?? (ස)
හොඳම අන්‍යාගම්කරණ පනත සම්මත කර ගැනීමයි ,විදෙස්වල පන්සල් බොදු කිතුනු ආදී සැමට සේවය සලසනවා. (දී)
ඔබ වහන්සේට තෙරුවන් සරණයි. (ස)
ආගමික සහජීවනය සඳහා පාර්ලිමේන්තුවට යොමුකළ අන්‍යාගම්කරණ පනත සම්මත කර ගතයුතුය (දී)
ෂෙරිෆ්, ඊළඟ ප්‍රශ්නය මොනවද ? (ස)
"ෆස්රුල් ගෆූර් මහතාට". ඔබට හොඳ හදවතක් තියෙන කෙනෙක් කියලා හිතෙනවා. නමුත් ඔබේ හදවතට මේවා ගැන දැනෙන විදිහ කොහොමද? කූරගල ඓතිහාසික ස්ථානය, මුහුදු මහා විහාරය විනාශ කර පොල් අතු වැට තල්ලු කරමින්, පූජා භූමිය දිනෙන් දින අල්ලා ගැනීම. සෙවනගල විහාරය විනාශ කිරීම. විල්පත්තුව තුල ඉපැරැණි ජාතික ඓතිහාසික ස්ථාන විනාශ කිරීම වැනි බොහෝ දේ. (ස)
ගෆුර් මයා,මේ රටේ අන්‍යගමිකයින්ට නිදහසේ සිය ආගම ඇදහිමේ නිදහස ඇති බව අප කවුරුත් දන්නා කරුණක්.එහෙත් විශේෂයෙන් බොහෝ ඉස්ලාමික රටවල අනෙකුත් ආගම් ඇදහීම සඳහා විවිධ බාධා පමුණවා අැති බවත් අප සියළු දෙනා දන්නා කරුණක්.ඇතැම් රටවල බෞද්ධ ප්‍රතිමාවක් හෝ රූපයක් පවා ළඟ තබා ගැනීම තහනම්.එවන් වාතාවරණයක් තුල ලංකාවේ අන්‍යගමිකයින්ට ලැබී ඇති අසීමිත නිදහස වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම් ඇති වීමට හා ගැටුම් ඇති කීරීමට අවශ්‍ය අයට අවස්ථාව ලබාදීමක්.එබැවින් ඇතැම් ආගමිකයින් වැරදි හා රහසිගත ලෙස තම ආගම ප්‍රචලිත කිරිම සඳහා ගන්නා ක්‍රියාමාර්ග නතර කීරීමට පියවර ගැනීම සාමයට ලැදි බහුතර ඉස්ලාම් ජාතිකයින්ගේද වගකීමක්. (නි)
ජාතියට වැඩ ඇති බුද්ධ පුත්‍රයින් (දී)
පැරිස්,රෝමය,වෙරෝන,ලන්ඩන්,ස්ටෝක්හොල්ම් ආදී විදෙස්වල පන්සල්වලින් විශාල සේවාවක් බොදු ,කිතුනු,ආදී සැමට වෙනවා. (දී)
උන්වහන්සේට එරෙහි චෝදනා මම නම් පිළිගන්නෙ නැහැ (නි)
මම නම් විරුද්ධයි පෞද්ගලිකව, ඔය පනතට. (නි)
සංජී, ඔයා කියන කාරණය ඇත්ත තමයි. එහෙත් බුදු හාමුදුරුවෝ රූපය ගැන දේශනා කරලා තියෙන්නේ රූපය වැඩක් නැති දෙයක් හැටියට නේද? ධර්මය තියෙන්නේ රූපවල නොවෙයි. තමන්ගේ හිතේයි. ප්‍රතිපත්ති වලයි. (නි)
සංජී, ඔයා කුසලධම්ම හාමුදුරුවන්ගෙයි, සුදස්සන හාමුදුරුවන්ගෙයි අදහස් කියවල බලන්න. එතකොට ඔයාට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වෙයි. (ස)
යම් කෙනෙක් වරදක් කලොත් වරද වරදම තමා. ඒක තවත් කෙනෙක්ගේ වරදක් නිසා ඒකට ඒක හිලවු කරන්ඩ කාටවත් පුළුවන්කමක් නෑ. තමුන්ගේ ආගමක්, තමුන්ගේ දේශපාලනයක් කරන්ඩ ඕනෑම පුද්ගලයෙක්ට නිදහස තිබේ, තව කෙනෙක්ට ඒකට බලපෑම් කරන්ඩ පුළුවන් කමක් නෑ. සිංහල බෞද්ධයන් හැටියට සම්පුර්ණ වැරදි ක්‍රියාවක්. ඒකට නිසි දඩුවම් නීතියේ හැටියට මුහුණ දෙන්ඩ වෙනවා වරදක් කලානම්.(නදී)
සේහර මහත්මයාණනි/මහත්මියනි ,ඔබ කතෝලික උනත් ඔබත් සිංහල මමත් සිංහල . අ සිංහල අපි අතර බෞද්ද කතෝලික කියල වෙනසක නැහැ. 1505 ට පෙර මෙහි සිටි ඔබෙත් මගෙත් මුතුන් මිත්තෝ සිංහල බෞද්ධ . ඒ වගේම උතුරු ඉන්දියාවෙන් කලින් කලට මෙහි පැමිණි ජන වර්ග කාලයක් යන විට සිංහල බවට පරි වර්තනය උනා එදා ඉදල මේ වෙනම රටක් ගැන අදහස් දැක්වූ යේ ඔය දෙමල බස කතා කරන අය.ඔබ කතෝලික උනත් සිංහල නම් ඔබටත් තියෙන එකම මව්බිම මේ රටම තමයි . යම් වේදනාවක් ඇති උනා නම් සමාවන්න. (දී)
උන්වහන්සේගේ වැරැද්දක් නැතුව ඇති. ඔබ වහන්සේට තෙරුවන් සරණයි!(නදී)
අපි නම් බෙලි කපල, අතපය කපල නීතිය ක්‍රියාත්මක කරන්නේ කුරානය අනුව. අපි හරිම සාමයට කැමතී. (දී)
භික්ෂුන් වහන්සේලා සිටින්නේ ගැටුම් වලට යන්න නෙමෙයි. සඳුන්, ඔයා එඩිතරකම කියන එකෙන් අදහස් කරන්නේ ඒකද? (නි)
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස තිබෙනවා. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා එම නිදහස මුලික මිනිස් අයිතිවාසිකමක්. ඒකට බාධා කරන්න කාටවත් බැහැ. (නි)
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය, ඊළඟ ප්‍රශ්නය තමයි රත්නසිරි ඉදිරිපත් කරලා තියෙන්නේ උත්තර දෙන්න බලන්න. (දී)
ඔබ වහන්සේට මෙම කරනා සේවය හේතුවෙන් සසර ගමන කෙටි කර ගැනීමට ලැබේවා (දී)
විමලඥාන හිමි පැරිස්, ඔබවහන්සේ ඔය ඉන්න රටේ අන්‍යාගම්කරණ පනතක් සම්මත කර ගත්තොත්,කොහොමද? එය ඔය රටට සුදුසුද? ඔබවහන්සේ පවසා තිබු ලෙස බොදු කිතුනු සැමට සේවය කිරීම පසෙකලා, පැරිස් වල ජිවත් වෙන බෞද්ධ ජනතාවට ගෞතම බුදුන්ගේ උතුම් ධර්මය නිසි ලෙස අවබෝධ කර ගැනීමට අවශ්‍ය ධර්ම දානය ඔවුනට ලබාදීමට පියවර ගන්න මෙන් මම ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ලාංකික බුද්ධිමත් සැබෑ බෞධයන් අන්‍ය ආගමිකයන් ගේ අතකොළු හා ඔවුන් කෙරෙහි අනියත බියක් නොදක්වන බවත්, බුදුන් වහන්සේ වදාළ ලෙස එකිනෙකා හා වෛර නොවී සිත, කය, වචනය සංවර කර ගනිමින් අනෙක් අන්‍ය ආගමිකයන් සමග සහයෝගයෙන් ජිවත් වෙන බවත් ඔබ වහන්සේට කාරුණිකව මතක් කරමි. එය වනසා දැමීමට කිසිදු සේනාවකට කිසිදා නොහැකි වනු ඇතැයි වැඩිදුරටත් සඳහන් කරමි.(දී)
ෆස්රුල් ගෆූර් ගේ අදහස මමද අනුමත කරමි. රතනසිරි මහතාණෙනි,ඒ දෙපාර්ශවයටම සාධාරණය ඉටුවිය යුතුය.නහි වේරේණ වේරාණි යන්න අපි සිහි තබාගත යුතු බවයි මගේ හැගීම. (ස)
යුරෝපයේ ඕනෙම කෙනකුට ඕනෙම ආගමක් වෙනස් කරන්නට ඕනෙම ආගමක් ඇදහීමට නිදහස රජයෙන් ලබාදී තියෙනවා . එනිසා තමා අපිත් මේ රටවල පන්සල් හදල මෙහෙ බුදු දහම ප්‍රචාරය කරන්නේ . එනිසා ලංකාවෙත් එම නිදහස ලබා දිය යුතුය (දී)
නිමල් ලලිත් ඔබ කියන ඔය බුදු දහම ඉන්දියාවෙන් මහින්ද හාමුදුරුවෝ ගෙන්න කලින් තිබුන ආගමට මොකද උනේ . අශෝක රජ තුමා එය ඇදහිමට දුන්නේ නේ නේද ? එකල රජාට ඕනේ දෙය අපි හැමෝම කරන්නේ . (දී)
සිංහල බෞද්ධයාට බොදුබල සේනාවේ අගය තව වැඩි කලක් යන්නට මත්තෙන් තේරේවි.අපි නම් සැලෙන්නේ නැතුව බෞද්ධ යෝ හැටියට බොදුබල සේනාව සමග ඉන්නවා. රට ජාතිය ආගම වෙනුවෙන්. විවේචන නිනදා ගැරහුම් වලට අපි සැලෙන්නේ නැහැ. (දී)
නිමල් මහත්මා,ඔබතුමාගේ තියරියත් හරියට ජි.ඇල්. මහතාගේ එක වගේනේ.එහෙමනම් මෙරට අයිති බලන්ගොඩ මානවයාගෙන් පැවතෙන වැදී ජනයටනේ.ඔහොම ගියොත් ඇමරිකාවත් හදට අයතිවාසිකම් කියාවි.(දී)
චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී කරුණු ඉගෙන නොගත් යම්කිසි ලාබ ප්‍රයෝජන තකා චිවරය දාගත් අයගෙන් නිර්මල බුදු දහමට අපහාසයක් සිදුවේ . මෙම බලසේනාවෙන් කෙරෙන්නේද එයමය කියා මගේ හැගීමයි (දී)
විමලඥාන හිමි පැරිස්, අවසර අපේ හමුරුවනේ, ඔබවහන්සේට මේ පනත ගැන එතරම් අවබෝධයක් නොමැති කමද? එසේත් නැති නම්, කිසියම් පැටලීමක් වෙලාද කියල හිතුන. ඇයි දැනට ලංකාවේ තමන් කැමති ආගමක් අදහන්න නිදහස නැතිද? මේ පනත සම්මත කර ගන්නේ ඒ අහිමි නිදහස ලබා ගන්නද? අනේ මන්ද? සමාවෙන්න අපේ හාමුදුරුවනේ.(නධී)