‘ජනවාරි 8 වැනිදා ලබාගත් ජයග්‍රහණය ආපසු හරවන්න දෙන්නේ නෑ. අපට කරගන්න බැරිවුණ 20 වැනි සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අපි කරන්න බලාපොරොත්තුවෙනවා. මේ තිරිසන් මැතිවරණ ක්‍රමය වෙනුවට නියම ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට ගෙන එන මැතිවරණ ක්‍රමයක් අපි ඇතිකරනවා.‘ යනුවෙන් රාජිත සේනාරත්න මහතා යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අද (12) අරලියගහ මන්දිරයේදී අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
‘ගමේ වෙද මහතා, ඉස්කෝලේ මහතා සරම බැනියම ඇඳපු නියම ජනතා මනස හඳුනන පිරිස යළි පාර්ලිමේන්තු ගෙනෙන යුගය අපි ඇතිකරනවා.
දැන් සුදුවෑන් එන්නේ නෑ, උතුරේ මිනිස්සු බියක් සැකයක් නැතිව නිදා ගන්නවා. ඒ නිදහස අර්ථවත් කරන්න ආයෙත් 17 වැනිදා පක්ෂ බේද නොසලකා, පුද්ගල නාම නැතිව නියම පිවිතුරු දේශයක් ගොඩනගන්න ඡන්දය දෙන්න. අගෝස්තු 17 වැනිදාට අනිවාර්යයෙන්ම යහපාලනය ජයග්‍රහණය කරනවා. පිරිසිදු පාර්ලිමේන්තුවක් ගොඩ නගනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පැතුමද එයයි. උගත් ,පිරිසිදු මනා පරිචයක් ඇති රටට ආදරය කරන පිරිසක් පාර්ලිමේන්තුවට පත් කරමු. හොරු පලවා හරිමු. (බ)
යහපාලනය කියන්නේ මහා විහිළුවක්, යහපාල කඩේ දින 100ක් කරගෙන යන් බැරි වුනා . වැඩ කරන්න බැරි ටාසන්ලා බව ලෝකෙටම පෙන්නුවා , වෙන සාක්ෂි මොනවටද . අපි ඡන්දෙ දෙන්නේ සැබැ දේශප්‍රේමින්ටයි .බඩගොස්තර මගොඩිස්ලට නෙමෙයි උන්නැහේ (බ)
ජය ජය ජය! (ම)
බණ්ඩාර කැකිරාව , ඔබ බහු වචනෙන් ""අපි"" ඡන්දෙ දෙන්නේ' කියලා කීමෙන්ම ඔබ කව්ද කියා ලෝකයට පෙන්නුම් කරලා තියනවා . ""මම""ඡන්දෙ දෙන්නේ 'කියලාවත් කිව්වානම් ඔබත් යමක් කමක් තේරෙන කෙනෙක් කියලා හිතාගන්න තිබුනා. (අ)
සුළුතර ආණ්ඩුවක් තියාගෙන මේ කරපු දේවල් හොදටම ඇති.. වැඩක් කරන්න නොදුන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඔක්කොම මේ පාර ගෙදර යවනවා.. හොරු වංචා කාරයෝ මිනි මරුවෝ ඔක්කොම දැන් එක පැත්තක.. බුද්ධිමතු යහ පාලනයේ ඔක්කොම තව තැනක. මිනිස්සු දැන් තේරුම් ගන්න කාටද ඡන්දෙ දෙන්නේ කියල.. කතා දෙකක් නෑ.. මේ පාරත් මහින්ද මහත්තයට පරදේ නීයති... ඊට පස්සේ කොහේ පලාත් සභාවට ඉල්ලිද මන්ද (අ)
මෛත්‍රිපාල සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලා දින 100 ක පාර්ලිමේන්තුවක් තමයි සැලසුම් කලේ. එය දිග්ගස්සුවේ ඔය කියන මහත්තුරුම තමයි. එහි පල විපාක තමයි අපි අද විඳින්නේ. (අ)
පුතාව,දුවව ,බෑනාවනොනවත් එක්ක.... ද (අ)
රට හදන්න කලින් ගෙදර ප්‍රශ්ණ විසදලා එන්න .. ඔයා ඇති දේශපාලනේ හිටියා ..මදැයි (බ)
බණ්ඩාර කැකිරාව, දේශපාලනයෙන් පමණක් අන්ධ වෙන්න එපා. දින සීයෙන් කරපු ටික අගය කරන්න ඕනේ. ඉස්සෙල්ල හිටපු කට්ටිය කරපු දේවල් අපිට අමතක නෑ (බ)
අපේ පැතුමද එයයි.නමුත් යහපාලනය කියන්නේ මහා විහිළුවක්, දැනටමත් එතනෝල් බලපත්‍ර 20 දීල කුඩු සහ එතනෝල් විමද්‍යගත වෙන එක පමණි සියලු හොරුන් පළවා හැරීමට හොරුන් පත් කොරමු (බ)
මධ්‍යම පාලනයට යනවා නම් වඩා හොඳයි (බ)
මට දුක, එහෙම කළොත් ඔබ තුමාටත් පාර්ලිමේන්තුවට එන්න නොලැබෙන එක ..මොකද දුෂිත අයට ඉඩක් නැහැනේ...(බ)
"ගමේ වෙද මහතා, ඉස්කෝලේ මහතා සරම බැනියම ඇඳපු නියම ජනතා මනස හඳුනන පිරිස යළි පාර්ලිමේන්තු ගෙනෙන යුගය අපි ඇතිකරනවා"- එහෙම යුගයක් මහින්දගේ යුගයේ තිබුන තමයි, හැබැයි දැන් නෑ! (බ)
එහෙනම් ඔබතුමාටත් වෙන රස්සාවක් හොයාගන්න වෙයි! (බ)
රටටයි ජනතාවටයි ළුලදායි වැඩක් කරන්න පුළුවන් බුද්ධිමතුන් බොහෝ දෙනෙක් රටේ වෙන වැඩ දැකල කලකිරිලා රට ඇරලා පිටරටවල පදිංචියට ගිහින් තියෙන එ්කයි කණගාටු. (ම)
ඔව් හැමෝම බලා ඉන්නේ කී දෙනෙක් යවනවද කියලා පාර්ලිමේන්තුවට (නි)
ඔය කවුරුත් ඔහොම තමයි කතාකරන්නේ. රාජිත කී පාරක් පක්ෂ මාරු කළාද? මොකක්ද වගකීමේ සහතිකය වෙන පක්ෂයකට මාරුවෙන්නේ නැහැ කියලා (නි)
මම සැබෑ බුද්ධිමතෙක් නම් දේශපාලනයට එන්නේ නැහැ (නි)
බුද්ධිමත් බොරුකාරයන් සහ දුෂිත දේශප්‍රේමින්ගෙන් තොර පාර්ලිමේන්තුවක් ජනතාවගේ බලාපොරොත්තුව වෙනවා ඇති.(නදී)
ඒක නම් ඇත්ත බණ්ඩාර (නි)