අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති කළුතර ධම්මානන්ද (88) නා හිමියෝ අපවත්වූහ.
වේවැල්දෙණියේ මේධාලංකාර ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අපවත්වී වදාළ මහා නායක හිමිපාණන්ගේ ශිෂ්‍යයකු වූ ධම්මානන්ද හිමියෝ 1964 වසරේ දී බුද්ධංගල අභය භූමියට වැඩම කර ආරන්‍ය සේනාසනය ඇරැඹූහ.
ශ්‍රී දේහය සඳුදා සවස්වනතුරු බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කෙරෙන අතර අනතුරුව දේහය මහජන ගෞරවය සඳහා අම්පාර දහම් මැතුරේ තැන්පත් කර තැබෙයි.
ආදාහන පූජෝත්සවය 10 වැනි දා, අම්පාර එච් එම් වීරසිංහ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේ සැබෑ කාරුණික බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. මීට වසර ගණනකට පෙර මා අසනීප වී රෝහලේ ප්‍රතිකාර ලබන විට කිසිවෙකුගේ පිහිටක් නැතුව සිටි මා හට කරුණාවෙන්, තමන් වහන්සේට ලැබුන දාන වේල මා හට ඔබ වහන්සේගේ පින්වත් අතින් දුන් දවස තවමත් සිහිපත් වෙනවා. ලංකාවේ නොමැති නිසා ඔබ වහන්සේගේ දෙපා අල්ලා වඳින්න මට වාසනාව නැහැ. නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේ සැබෑවටම ශාසනයට සේවයක් කළ බුද්ධ පුත්‍රයෙක්. වසර ගණනක් පැවිදි වී සිටින මා හට එය හොඳින් වැටහෙනවා. අපේ හාමුදුරුවන්ට සසර සුවපත් බවත් නිවන් සුවත් පතමි. (නි)
නායක හාමුදුරුවනේ, ඔබවහන්සේට නිවන් සුව පතමු! (නි)
ඔබව වහන්සේට නිවන් සුව අත්වෙවා !(නදී)
ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා. (ස)
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
අම්පාර කියන්නේ දුෂ්කර පැත්තක්. ඔබ වහන්සේගේ උත්සාහය අතිශයින් සාර්ථකයි. ඔබ වහන්සේගේ සැප සුව නොතකා හුදී ජනයා වෙනුවෙන් කළ ආගමික මෙහෙවර හේතුවෙන් ඔබ වහන්සේට අමා මහ නිවන් සුවම ලැබේවා. දුරු රටක වැඩ වාසය කරන පොඩි හාමුදුරුවන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. (ස)
අපවත් වී වදාළ නා හිමි පාණන් වහන්සේට අමා මහනිවන් සම්පත් ලැබේවා ! අපේ බුද්ධ දත්ත පණ්ඩිත ස්වාමීන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට අපේ බලවත් සංවේගය පිරිනමමු. (ස)
නායක හිමියනි ඔබ කළ මහා පින් මහිමයෙන් සසරින් මිදෙන්නට හේතු වේවා.(ස)
නිවන් සැප ලැබේවා !!! (ස)