ලෝකය පුරා විවිධ රටවල බෞද්ධ නායකයින් සහභාගීවන ජාත්‍යන්තර සම්මේලනයක් බුද්ධගයාවේදී ආරම්භවිය.
වාර්ෂිකව සංවිධානය කැරෙන මෙම සම්මේලනය වෙවර පැවැත්වෙන්නේ 25 වැනි වතාවටය.
ගෞතම බුදුරජානන් වහන්සේ දේශනාකළ කරුණාව සහ මෛත්‍රිය ප්‍රගුණ කිරීම තුලින් මුළු මහත් මිනිස් වර්ගයා වෙතම සාමය හා සමඟිය උදාකරගත හැකිබව පහදාදීමේ අරමුණෙන් සංවිධානය කර ඇති එම සම්මේලනය ආරම්භ කෙරුනේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවැත්වුන ආගමික වතාවත් අලින් අනතුරුවය.
මෙම සම්මේලනය සඳහා බංග්ලාදේශය,කාම්බෝජය, ලාඕසය, නේපාලය,මියන්මාව, තායිලන්තය , ඉන්දියාව,වියට්නාමය සහ ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවලින් විද්වත් මහා සංඝරත්නය වැඩම කළහ.
බුදුන්වහන්සේ දේශනාකළ ධර්මය ලොව පුරා ප්‍රචලිත කරවීමේ අගය පිළිබඳවත් ඒ සඳහා ගතහැකි හොඳම ක්‍රියාමාර්ගයන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට භාජනය කැරෙන බවද සංවිධායකයින් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම දෙයක්.මේ ශත වර්ෂයේදී බුද්ධාගම තවත් ලෝකයේ ව්‍යප්ත කරන්න හොඳ වැඩසටහනක්. (නි)
ප්‍රවෘත්තිය වගේම ඡායාරූප ටිකත් පළකළාට ගොඩක් පින්! (නි)
බොදු සමුළුව විතරක් නොව සංඝ සංගායනාවක් කරන්නත් කාලේ හරි. බුදු දහම රැකගන්න සැවොම එක්විය යුතු කාලයයි මේ (නි)
ලෝකයේ තිබෙන ඉහළම මානව හිමිකම් සංවිධානය විය යුත්තේ මෙවන් සංවිධාන බව මගේ අදහසයි. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
ඔව්. කුමාර හරි (නි).
බොදු සමුළුව විතරක් නොව සංඝ සංගායනාවක් කරන්නත් කාලේ හරි.ඒ ගැන කියන්න ඕනෑ නැහැ නේ. (නි)
මෙය ඉතාම අගය ඇති වැඩක්. උගත් බුද්ධිමත් බුද්ධ ශ්‍රාවකයින් මේ සදහා යවන්න.(නදී)