දඹදිව බුද්ධ ගයාවට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් 24 පැයකට පසුව එනම් සඳුදා සවස සිට වන්දනාකරුවනට යළි මහා බෝධි විහාරය, ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු බුද්ධ ගයා පරිශ්‍රයේ සියලු සිද්ධස්ථාන වැඳපුඳා ගැනීමට පහසුකම් සළසා ඇතැයි ද, ආරක්ෂක විධි විධාන තර කර ඇතැයි ද බුද්ධගයාවේ මහා බෝධි මධ්‍යස්ථානාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ කියති.
ශ්‍රී ලංකා වන්දනාකරුවනට දැන් කිසි බියක් සැකක් නැතිව දඹදිව වන්දනාවේ පැමිණිය හැකි බව ද ඒ හිමියෝ පවසති.
බෝම්බ ප්‍රහාරය සිදුවූ පසුව ද බුද්ධගයාවේ බුද්ධ පූජා ඇතුළු ආගමික වතාවත් මහා සංඝරත්නය විසින් නොකඩවාම සිදු වූ බව බිහාර් පොලිසිය කියයි.
‘අවට විහාරස්ථානවල භික්ෂූන්වහන්සේලා එකතු වී සඳුදා (8) ජය ශ්‍රී මා බෝධින්වහන්සේ ළඟ පූජාවක් පැවැත්වුවා. ඒ පූජාවෙන් පස්සේ මහා බෝධි විහාරය වන්දනාකරුවන් සඳහා නැවත විවෘත කර තිබෙනවා.‘
ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට ඇතුළුවන හැම වන්දනාකරුවකුම ලෝහ පිරික්සුම් දොරටු, ලෝහ පිරික්සුම් උපකරණ ඇතුළු නව තාක්ෂණික උපකාරණවල සහායෙන් පරීක්ෂාවට ලක් කෙරේ.
‘සඳුදා (8) චෙන්නායි මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසකුත් මෙම ස්ථානයට ආවා. සිදුවූ දේ සහ ඉදිරියේදී මෙම ස්ථානයට එන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සලසන ආකාරය ගැන ආරක්ෂක අංශ සමග ඔවුන් සාකච්ඡා කළා.
අද (9) උදෑසනත් ආරක්ෂක අංශ බෝම්බ තිබේදැයි කියා හොඳින් පරීක්ෂා කළා.
ඉන්දියාවේ යුද හමුදාව හා පොලිසිය ආරක්ෂාවට කැඳවා තිබෙනවා.
දැන් එම ස්ථානය සම්පූර්ණයෙන්ම ආරක්ෂා සහිතයි. වන්දනාකරුවන්ට බයක් සැකක් නැතිව එන්න පුළුවන්. ලංකාවේ දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරය එල්ල වූවාට පසු ඉතා කෙටි කාලයකින් සියලු ආරක්ෂාව තහවුරු කර එය වන්දනාකරුවන්ට විවෘත කළා වගේම බුද්ධගයාවත් විවෘත කර තිබෙනවා.
සිද්ධිය වූ දිනයේ ශ්‍රී ලංකාවෙන් ඇවිත් සිටි වන්දනා නඩය පහුවදාම ගියා. තාම ලංකාවෙන් වන්දනාකරුවන් ඇවිත් නෑ.
සිද්ධියෙන් ලොකු හානියක් වුණේ නෑ. සුළු සුළු හානි තමයි වුණේ. එම ස්ථාන පිරිසිදු කර හානිවු තැන් වසා තිබෙනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසර... ධර්මයේ හැසිරීම ප්‍රමාණවත්. මෙවන් ස්ථාන දැක පහන් සංවේග ඇතිකර ගැනීම සුදුසුයි. සියල්ල අනිත්‍යයි. බුද්ධගයාවද සදාකාලීක නොවේ. (නි)
මේ ප්‍රහාරය මා හෙළාදකින අතර කණගාටුවද ප්‍රකාශ කරනවා. ඒත් මොකද මේ සිංහ පෝතකයෝ ටික බය වෙලාද? අන්තර්ජාල වීරයෝ ටික යැව්වා නම් හරිනේ ආරක්ෂාවට... එයාල ඇඳ යටවත්ද? (නි)
බුද්ධගයාව දැන් ආරක්ෂා සහිතයි කියල කිව්වට වන්දනා කරුවන් නැවතිලා ඉන්න තැන් ආරක්ෂා සහිතයිද ? ඔවුන් එකතු වෙන තැන්, යන එන තැන්, ඒ යන මාර්ග ආරක්ෂා සහිතයිද ? ඔබම හිතලා බලන්න. (නි)
මේ අපේ රටේ විදේශ විනිමය අරන් ගිහින් ඉන්දියාවට දෙනවට වඩා , ලංකාවේ සිටම පිනක් දහමක් කරගෙන හිටියම කිසි කරදරයක් නැහැ. පින් කරන්න දඹදිව යන්නම අවශ්‍ය නැහැ. සල්ලි තිබේ නම් ආගමික සංචාරයක් කළාට වරදක් නැහැ. නමුත් අද ඉන්දියාව අපේ ගැන කටයුතු කරන ආකාරය දුටුවම ඉන්දියාවට ගොස් අපේ මුදල් ඔවුන්ට පුජා කිරීම යයපත් කරුණක් නෙමේ. සියලු සත්වයෝ නිදුක් වේවා! නිරෝගී වේවා! සැපතට පත් වේවා! අන්තිමට නිවන් දකිත්වා! (නි)
පාටකයින්ට පිස්සු නෑ චාමර, ලෝකයේ රට රට වල තියෙන බොහෝ පන්සල් කරන්නේ දැන් බිස්නස් එකක්. ඔච්චර හාස්කම් තියෙනවා නම් මොකෝ බෝම්බ නොපිපිරවී තියෙන්න එපායැ. (නි)
රෂිඩ් බොරුවට කිඹුල් කඳුළු හෙලලා තව පැත්තකින් එය සාදාරණය කරන පහත් කතා කියන්න එපා. මෙය කරලා තියෙන්නේ මුස්ලිම් අන්තවාදීන්. ඔබත් එම කණ්ඩායමේ කෙනෙක් වගේ ප්‍රතිචාර දක්වන්නේ. (නි)
අනේ ඕගොල්ලෝ කලබල නැතුව ඉන්නකෝ , අපිට ඕනෙනම් අපි බුද්දගයා යනවා නැත්නම් නාගදීපේ යනවා එහෙමත් නැත්නම් ගෙදර ඉඳන් භණක් භාවනාවක් කරනවා එක බෞද්ද අපේ කමත්ත , අනික කරුණාකරලා පුජ්‍ය පක්ෂෙට අපහාස වෙන විද්යේ දේවල් නොලිය ඉන්න මොකද මේ උතුම් බුදු දහම වසර දෙදහස පංසිය් ගණනක් තිස්සේ රැක ගෙන ආවේ මේ උතුම් බුද්ද පුත්රින් වහන්සේලායි (අ)
අස්සයා ගියාට පසු ඉස්තාලය වැසීම (අ)
අපේ රටෙත් ඔය වගේ සිදුවීම් සිද්දවෙලා තියෙනවා. ඒත් රටේ අය ඒවා වන්දනා නොකර හිටියේ නැහැනේ. මෙයත් ඒ වගේ සිදුවීමක් නිසා අපේ රටේ පිරිස වන්දනා නොකලත් එය විවේචනය නොකරනවා නම් තමා අගේ (නි)
මුහුදු වෙරළට යන්න එපා. සුනාමි එන්න පුළුවන්. අනාරක්ෂිතයි. ගුවනින් යන්න එපා. ගුවන් යානා කඩා වැටෙනවා. වාහනවල යන්න එපා. අනතුරු බහුලයි. බෝම්බ පිපුරුණු නිසා බුද්ධගයවට යන්න එපා. මොනවද මේ කතා. හැමවිටම හැම තැනකම අවදානම තියනවා කියලා තේරුම් අරගෙන තමයි ධර්මය දන්නා බෞද්ධ සියළු දෙනාම කටයුතු කරන්නේ. ඉපදීම තරම් අවදානමක් තවත් තියනවද? බුද්ධගයාවට හැබෑවටම ආදරය තිබෙයි නම් දැන් තමයි යන්න ඕනෑ. අපේ නායක හාමුදුරුවෝ එන්න කියන්නේ අපිව බිලි දෙන්න නොවෙයි. සැබෑ සාසන දයාවෙන්. (නි)
මාටින්ගේ සහ මොහමඩ්ගේ අදහස් එක්ක මම එකගයි (නි)
මම තවම දැක්කේ නැහැ දලයි ලාමා තුමා මේ ගැන මොනවත් කියලා තියෙනවා. හැබැයි එයා ලංකාවේ යුද්දේ නවත්තන්න කියලා නම් කිව්වා. මේ ගැන කාට හරි අදහසක් තියෙනවා ද ? (නි)
බුද්ධ ධර්මය රකින්නේ හාමුදුරුවෝ නොව එය ජීවන මග කරගත් ජනතාවයි. හාමුදුරුවරු ධර්මය පැතිරවීම හා තමන් නිවන් අවබෝධ කරගැනීම වෙනුවට දැන් කරන්නේ උපතින් බෞද්ධ වුවන් අන්දා යාන වාහන දේපොළ සල්ලි රැස්කිරීමයි. බුදුදහම ලොව පවතින්නේ ඔය කවුරුත් නිසාවත් නොවනවා පමණක් නොව ඒ බුදුන් නිසාවත් නෙමෙයි. බුදුවරුන් කරන්නේ කලින් කලට පහළවී එය සොයාගෙන ජනතාවට කියාදෙන එකයි. කවර ආගමක් වත් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය හෝ බලය පිලිබඳ වැනි නියම නෙමෙයි. ඒවා පරමාණුක වාදය වැනි දර්ශන විතරයි. (නි)
දැන් ඔක්කොම හරි,ලංකාවේ වන්දනාකරුවෝ ටික එන්න (නි)
ඉතිහාසයේ ඉදන්ම මේ ලෝකේ ගොඩක් විනාශ කලේ ඔය අන්තවාදීන් තමා. මීට අතීතයේ නාලන්ද පුස්තකාලය, ඇෆ්ගනිස්ටනයේ බාමියන් බුද්ධ ප්‍රතිමා, දැන් ඔය බුද්ධගයාව... ඔය පව් ගෙවන්න බැරි වෙයි (නි)
අන්තර්ජාල වීරයො කී බෝඩ් එකෙන්නෙ වීරකම පෙන්වන්නෙ (නි)
මාටින් දන්නවාද, ජය සිරිමහ බෝධිය පාමුල තිබ්බ බෝම්බය පුපුරා ගියේ නැහැ. ඒක තමයි හාස්කම. (නි)
මුළු ඉන්දියාවටම යන එක නවත්වන්න ඕනෑ. ඉන්දියාව අනාරක්ෂිතය් කියලා කීපාරක් කිව්වද? ඉන්දියාවට යන්න එපා. ඉන්දියාවට ආරක්ෂාව දෙන්න ඉන්දීය රජයට බැහැ. ඉන්දියාවට යන්න එපා. (නි)
තණ්හාව, ක්‍රෝදය, මෝහය රජයන ආගම් වලට මේවා පිටුදකින බුද්ධ දර්ශනය කරදරයක්. (නි)
අජිත්, බුද්ධ දර්ශනය සහ බුද්ධගයාව කියන්නේ අහසයි පොළොවයි වගේ සම්පුර්ණ වෙනස් දෙකක්. බුද්ධගයාවේ කෙරෙන ගොඩක් දේවල් බුද්ධ දර්ශනයට ගැලපෙන්නේ නැහැ, හරියට ශ්‍රී මහා බෝදියේ වගේ (නි)
ස්නයිපකාරයොත් ඉන්න පුළුවන්. (ත)
හාමුදුරුවනේ, ලංකාවේ අපි නාවට කලබල වෙන්න එපා. අපේ ජිවිත අපිට වටිනවා. අපි ජිවත් වුනොත් විතරයිනේ කොහේවුනත් එන්න පුළුවන්. (නි)
කලිනුත් ඔහොම තමා කිව්වේ , යන්න නම් එපා. (නි)
බුදුන්ගේ අමා ධර්මය මේ බෝම්බ වලින් යටපත් කල නොහැක.තවමත් දෙව්දත්ලා වැඩ අවසන් කරලා නැති බව පෙනෙනවා.බෝම්බ ගහල සත්‍ය යටපත් කල නොහැක.මන්ද යත් බුදුන් දේශනා කලේ ලොව පවතින සත්‍ය මිස සුරංගනා කතා නොවන බැවිනි. සුරංගනා කතා වලට නොරැවටී බුදුන්ගේ සරණ යන්න.ඔබ සැමට බුදු සරණ වේවා! (නි)
අනේ අපේ හමුදුර්වනේ යටගිය දවස බරණැස් නුවර කතානම් අපිට වදාරන්න එපා.(අ)
මෙය ඉන්දියාවේම වැඩක්ද සැකයි (නි)
හාමුදුරුවන්ට බනින්නේ, පිස්සුද මේ පාඨකයින්ට? (නි)