ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ බුද්ධගයාවේ මහහෝබෝධි විහාරය අවට කුඩා බෝම්බ පහක් ද, ජපන් පන්දසල අසල එක් බෝම්බයක් ද, තවත් ස්ථානයක බෝම්බ තුනක් ද පිපිරී ගිය නමුත් ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන් කිසිවකුටත් හානියක් නැතැයි බුද්ධගයා මහාබෝධි විහාරයේ හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ ලංකාදීප එසැණට පැවසූහ.
‘පාන්දර 5.30ට විතර මේ බෝම්බ පිපිරුණේ. විහාරය අවට පහන් පත්තු කරන ස්ථානයේ, රුවන් සක්මන හා රුවන් ගේ අවට කුඩා බෝම්බ පහක් විතර පිපුරුණා. ඒ වගේම ජපන් පන්සලේ සහ තවත් ස්ථානයකත් පිපිරුණා.
මේ පිපිරීම්වලින් ටිබෙට් සහ බුරුම හිමි දෙනමකට සුළු තුවාල වුණා. ලංකාවේ කිසිවකුටත් හානියක් නෑ. විහාරයටත් ලොකු හානියක් වුණේ නෑ. වීදුරු දෙකතුනක් හානි වුණා පමණයි.
ලංකාවෙන් වන්දනාවේ ආ 25 දෙනකුගෙන් යුත් නඩයක් බුද්ධගයාවට ගිහින් හිටියා. එයාල දැන් අපේ පන්සලේ ඉන්නවා. කිසිම ගැටළුවක් නෑ.
ආරක්ෂක අංශවලින් ඇවිත් තවත් බෝම්බ කිහිපයක් නිශ්ක්‍රීය කළා. දැන් ගැටළුවක් නෑ.
මේ ආරක්ෂාව තර කර තිබෙනවා. ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වන නිසා තවම ඇතුළට යන්න දෙන්නේ නෑ.‘
මෙම පිපිරී ගිය බෝම්බ අඩු පීඩන බෝම්භ බවත්, පන්සලේ බුදු ගෙට හානියක් නැති බවත් බිහාර පොලිසිය කියයි.
මහාබෝධියට මදක් දුරින් පිහිටි ජයශ්‍රීමහා බෝධිය නිරුපද්‍රිත බවත්, කිසිම හානියක් නැති බවත් බිහාර් පොලිස් ප්‍රධානී අබයානන්ද් පවසයි.
මෙම බෝම්බ ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයක් බව ඉන්දියා රජය කියයි. බිහාර් මහ ඇමැති නිටිෂ් කුමාර් ද සිද්ධිය සැලවූ වහාම එහි ගියේය.
මෙම ස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි තොරතුරු තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී එස් කේ බාරද්වාජ් කියයි. එහෙත් ඔහු විස්තර හෙළි කළේ නැත. විහාර භූමියට පිට අය පැමිණීම වළක්වා ඇති බවත්, ප්‍රදේශයේ සෙසු ආගමික ස්ථාන ආරක්ෂාවද තර කළ බවත් පොලිසිය කියයි. බිහාර් පොලිසියේ විශේෂ පොලිස් බලකාය මහා බෝධි විහාරයේ ආරක්ෂාව බාර ගත්තේ ගිය වසරේය. පසුගිය ජූනියේ පෙරහුරු පොලිස් අභ්‍යාසයක් ද එහි සිදුවිය. දකුණු පැට්නා නුවර සිට කිලෝමීටර් 130ක් දුරින් පිහිටි බුද්ධගයාව ශ්‍රී ලංකාව, මියන්මාරය , ජපානය, තායිලන්ත වැනි රටවල බෞද්ධයන්ගෙන් පිරී පවතී.
වන්දනා සමය ඇරැඹෙනුයේ සැප්තැම්බර මාසයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දි, හරි අගෙයි කියූ දේ. බොහෝ දෙනෙකුට නොතේරෙන්නෙත් ඔතන තමා. බෞද්ධ අබෞද්ධ හැමෝටම ගත යුත්තක් ඇත. (නි)
මේවා කරන්නේ කවුරුත් නෙමේ ,අන්තවාදී පිරිස්. සමහරවිට ලංකාවෙන් පලිගන්න වෙන්නත් බැරි නැහැ (නි)
ශ්‍රී බුද්ධගයා විහාරේ.... වදීමු මෝක්ස පාතාලා (නි)
ශ්‍රී ලංකික අපිට රිදවන්න කරන දේවල් මේ. අපේ රජය දැන්වත් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අපේ රටේ මෙවන් දෑ නොවෙන්න වග බලාගත යුතුයි (නි)
ඉන්දීයාව කියන්නේ ලොකු මෝඩයෝ ඉන්න ලොකු රටක්. ඒ රට පාලනය කරන අය හිතන් ඉන්නේ එල්ට්ටීඊ කියන්නේ අන්තිම අහිංසක ත්‍රස්තවාදී සංවිදානයක් කියාලයි. ඉන්දීයාවෙ එල්ට්ටීඊ සාමාජිකයෝත් ලංකාවේ එල්ට්ටීඊ සාමාජිකයෝත් එකතුවෙලා ඉන්දීයාවෙදී කරන මේ විනාශය මානව හිමිකම් කඩකිරීම් වලට එකතු වන්නේ නැහැ. මොකද දන්නවද? මේවා එක්සත් ජාතීන්ගේ සංවිදානයට පෙනෙන්නේ නැහැ. එක දෙමල මිනිහෙක් වත් මැරිලා හෝ තුවාල වෙලා නැහැ. මේ වගේ විනාශයන් ඉන්දීයාවෙදී තව තවත් සිදුවේවි. ඉන්දීයාව විනාශ වේවි. (නි)
මටක තියාගන්න බුද්ධ දේපළ වලට හානි කරපු අයට දඩුවම් ලැබුනු බව (නි)
ශ්‍රී ලාංකික අපිට බුදුරජාණන් වහන්සේ වැඩසිටි තැන් අදටත් මෙහෙම දැකබලා ගන්න ආරක්ෂා කරලා තියෙන එක මොනතරම් නම් දෙයක්ද? (නි)
ඉන්දියාවේ ආරක්ෂාව කිසිම වැඩකට නැති එකක්. (නි)
ධර්මය බෝම්බ වලින් විනාශ කරන්න බැ.අපේ රටේ බෞද්ධ සිද්ධස්ථාත් ආරක්ෂා කරන්න ඕනෑ. ආරක්ෂාව තර කරන්න ඕනෑ. අනෙක් බෞද්ධ රටවල් වලත් සිද්ධස්ථාන ආරක්ෂා කරන්න ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂාවක් දෙන්න ඕනෑ. මේවා ලංකාවේ අය පාඩමකට ගනීවිද (නි)
මේවා කැත වැඩ.ලැජ්ජාව ඉන්දියාවට .තමිල්නාඩුවේ අයගේ මේ වැඩ වලිනුත් ත්‍රස්තවාදීන්ගෙනුත් වදින්නේ ඉන්දියානු ආර්ථිකයට. (ත)
මේ අයට දිට්ඨ ධම්මවේදණීය කර්මය පටිසන්දෙනවා (අ)
මේවා ඉන්දියාවේ නිගණ්ඨ නාථ පුත්‍රයින්ගේ ම්ලේච්ච ක්‍රියා. (ත)
මම නම් කියන්නේ මේක අන්තවාදීන්ගේ වැඩක් (නි)
මේවා ඉන්දියාවේ නිගණ්ඨ භක්තිකයන්ගේ ම්ලේච්ච ක්‍රියා හැටියටයි මම නම් හිතන්නේ. (නි)
ලුම්බිණිගේ කියමන තාර්කිකව හරි. නමුත් කවුරුන් හෝ එසේ කිරීම අනුමත කර හුවා දැක්වීමෙන් කරනුයේ නිරුවත පෙන්නිමයි. (නි)
වැරදි කරන අයට නිසි දඩුවම් නිකම්ම ලැබේවි. (නි)
අපේ දහතුන වෙනස් කරන්න එපා කියන, කොටින්ට කඩේ යන ,කොටින්ට කිරි පොවන, අපේ රට දෙකට කඩන්න බලන් ඉන්න අයට ඇස් ඇරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
කොටින්ට කිරිපොවන අපේ සමහර අයට මේකේ ශාපය වදිනවා. (නි)
බුදුගුණ අනන්තයි බුදු දහම පරම සත්‍යයයි ඇප්ගණිස්ථානයට වුන දේ මතකනේ බලාගෙන ඉමු කෑම හම්බවෙයි (ත)
මේ දේවල් කර කාටවත් බුද්ධ දර්ශනය නැති කරන්න බැහර. කෙවින්, ඔයාට දැනගන්න ඕනෑද මේ දේවල් කව්ද පටන් ගත්තේ කියලා.මොනම ආගමකටවත් අගෞරව කරන්න නරකයි.මෑතකදී බංගලාදේශයට වෙච්ච එක මතකනේ. පන්සල් ගිනි තිබ්බා බුදුපිළිම කැඩුවා මාසයක් යන්න කලින් ඒ දේවල් වලට දඬුවම් ලැබුනා. මේවටත් ඉක්මනට දඬුවම් ලැබෙයි. සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා (නි)
ඉන්දියන් ටුඩේ පුවත්පත් වෙබ් අඩවිය ඇසුරින් ගත් කරුණු සමග බැලූ විට පෙනී යන්නේ මෙරට මුස්ලිම්වරුන් බෞද්ධයන්ට එරෙහිව මුස්ලිම් ලෝකය වෙත ගෙනයන අසත්‍ය ප්‍රචාරත් මෙයට හේතු වන බවයි. දැන්වත් සිංහල බෞද්ධයින් තම ඉදිරියේ ඇති අනතුර තේරුම් ගත යුතුය. දළදා මාළිගාවටද මොවුන්ගේ ප්‍රහාර එල්ලවන දිනය වැඩි ඈතක නොවේ. (නි)
මෙය පිටුපස විදේශ බලවේග සිටිය හැකිය,ඇමරිකාව ආසියාවේ හොල්මන් පටන් අරන් වගේ (නි)
මිනිසුන් ධර්මය නොදන්නා බව බුද්ද ගයාව විනාස වෙනවට වඩා විශාලයි. ඒක නිසා හැකි ඉක්මනින් නිවන කියන්නේ මොකද්ද කියලා හොයන්න.(නදී)
අනුරාධපුරේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත් දළදා මාලිගාවටත් මේ දෙයම කලා.ලෝකයේ නන් දෙසින් ඇවිත් වන්දනා කරන එක අඩු වුනේ නැහැ. තව ටික දවසකින් වන්දනා කරන අය එන්න පටන්ගනිවී. මේ ස්ථාන රැක බලාගැනීමට කැපවී කටයුතු කරන ශ්‍රී ලංකාවේ හාමුදුරුවරු හුදකලා නොකර අපේ ආරක්ෂාවත් සලසාගෙන වන්දනාවේ යෑම ඉදිරියටත් සිදුවේවි. ගුවන් අනතුරු සිදුවුනා කියලා නොයා ඉන්නවද? (නි)
මේවා කරන අයට විපාක ලැබෙයි. හැම ආගමකම හොඳ මිනිස්සු ඉන්නවා. මේවගේ අන්තවාදී වැඩ නිසා හොඳ මිනිස්සු අසරණ වෙනවා. බුද්ධගයාව බෞද්ධ අපට කොච්චර වටිනා තැනක්ද. (නි)
මේවාට ඉන්දියාව වග කියන්න ඕනෑ. රජිව් ගාන්දිට කලදේ මතක නැතුව ඇති තවත් කොටින්ට උදවු කරන්න යන්නේ. (නි)
බුද්ධගයා ත්‍රස්ත ප්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙළා දකිමි (ත)
මේවාට විසඳුම් සොයන්නේ නැතුව, මෙම ස්ථාන වන්දනා කරන එක වැලක්වුවායි කියලා මෙම ක්‍රියා නවතින්නේ නැහැ, අනික සිංහලයා නොගියත් මේවා උග්‍ර වෙලා අපේ රටටත් බල පාහැකියි. යුද්ද කරලා දින්නයි කියලත් කවදාවත් එය සතුටින් සමරන්න අමාරුයි මොකද කීයක් අහිංසක මිනිස්සු ඒ වෙනුවෙන් ජීවිත, අතපය කැපකරන්න ඕනද ඒ ජයග්‍රහණය කියන එක ලබා ගන්නත්. මේ පවුකාර වැඩ වලට දැඩි දඬුවම් දිය යුතුයි.(නදී)
මම කිව්වේ තථාගයන් වහන්සේ ශ්‍රී මුකයෙන් දෙසන ලද නිර්මල දේශනාව තැනයි. පිළිගැනිම නොගැනීම ඔබලාටම භාරයි. සියලු දෙනාගේම අවිද්‍යාව දුරුවේවා! සැමදෙනාට තෙරුවන් සරණයි ! (නි)
බෞද්ධයන් වශයෙන් අපි මුලින්ම කිසිම හේතුවක් නිසා කිසිම ආගමික ස්ථානයකට පහර නොදිය යුතුයි. අනෙකුත් ආගමිකයන්ට ගරු කලයුතුයි. අන්‍ය ආගමිකයන් කියමින් ඔවුනට ගැරහීම නතරකළ යුතුයි. අපි අපේ ආගමට ආදරය කරන පරිදිම ඔවුනුත් ඔවුන්ගේ ආගමට ආදරය බව දැනගන කටයුතු කළ යුතුයි. අන්න එහෙම ඉන්නකොටත් මේවගේ පහරදීම් වෙනවා නම් අපි අවිහිංසාවාදීව විරෝධය දැක්විය යුතු විනා එකට එක නොකළ යුතුයි. අපි ත්‍රස්තවාදීන්ගේ උගුල් වල නොවැටී සාමුහික සමගියෙන් එකිනෙකාට ගරු කරමින් ජීවත් වන්නේ නම් සොබා දහම ඉතුරු හරිය බලාගනු ඇත. (නි)
සිසිල් සුළග පවා සුව දෙන බුද්ධගයා පින් බිමට එල්ලවූ ප්‍රහාරය බෞද්ධ සැමට වේදනාවක්. අපි මහත් භක්තියෙන් වැඳ වැටෙන පුණ්‍ය භූමිය වනසන්න හිතුනු ඔබ මිනිස් වර්ගයාටම නිගාවක්. (නි)
මේවා කැත වැඩ (නි)
බුද්ධි අංශවලින් තොරතුරු ලැබී තිබිද්දීත් නියමිත ආරක්ෂාව සැපයුවේ නැත්තේ මන්දැයි සොයා බැලිය යුතුය (නි)
බෝම්බයකින් භෞතික සම්පත් විනාශ කල හැකි නමුදු ආගමික භක්තිය කිසිවෙකුටත් විනාශ කල නොහැක.කව්රුන් මෙයට සම්බන්ධ වුවත් මෙය ඉතා පිළිකුලෙන් හෙලා දකිමි. (නි)
චන්දි,නිකම් මෝඩ කතා කියන්න එපා.තෙරුවන් සරණ යනවා තියා ඔයා තෙරුවන් හඳුනන කෙනෙක් නොවන බව හොඳට පැහැදිලි වෙනවා (නි)
"සියලු සංස්කාර විනාශ වන සුළුය" මේ මගේ බුදුපියාණන් දෙසු දෙයකි. සියලු බොදු සිහලුනි, කලබල නොවන්න. අප අදහන බුදුබණ කිසිවකුට විනාශ කල නොහැක. එය ඇත්තේ අපේ මනස තුලය. මෝඩයන්ට අනුකම්පා කරන්න. 'නමෝ බුද්ධාය" (නි)
දෙව්දත්තර පරපුරේ අය .ගල් පෙරලපු සංසර පුරුද්ද ඉටුකරලා.තව ටික දවසකින් ප්‍රතිපල පෙනේවි. (ත)
කර්මපල විශ්වාසයක් නැති මිසදුටුවන්ගේ අධම ක්‍රියාවක්. මහා අකුසල කර්මයක් කරගෙන තියෙන්නේ. විපාක පොලියත් එක්කම ලැබෙයි (නි)
කවුරුවත් වල්ගේ පාගාගෙන කෑගහන්න එපා (ත)
මේවට වග කියන්න ඕන ඉන්දියන් රජය.. (නි)
මේවා මෙහෙම වෙන්න දීලා බලා ඉන්න පුලුවන්ද? ඇයි වගකිවුත්තෝ මේවා ගැන බලන්නේ නැත්තේ. (නි)
ෆාශික් දන්නේ මොනවද බුද්ධාගම ගැන? චන්දි දන්නවද මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ වාසය කරද්දී බුදුන් වදින්න ඕනෑ කියලා ධාතුන් වහන්සේලාට වදින්න දඹදිව වඩලා තියෙනවා. ඔය කියන විදිහට එහෙනම් රුවන්වැලි සැය, දළදා මාලිගාව වදින එක වැරදිද? මෝඩ කතා කියන්න එපා.නැත්නම් මෝඩකම පෙන්නන්න එපා. (නි)
මේක ඉන්දියාවේ වෙලා තියෙන්නේ. අපි පනින්න හොඳ නැහැ. රජයේ නිහඩතාවය හොදයි. (නි)
කුමාර, ඔයා මෝඩයෙක්ද? (නි)
අපිට ශක්තියක් නැහැ ඉන්දියාව සමග යුද්ද කරන්න. ඒ නිසා ඔයවගේ දේවල් ගොඩක් වෙයි ඉදිරියට. හොඳම දේ ඉන්දියාවේ නොගිහින් ඉන්න එක. දඹදිව ගියා කියලා නිවන් යන්න පුළුවනැයි? (නි)
ත්‍රස්තවාදී ඉන්දියාවටත් දැන් හිසරදයක්. (ත)
ධර්මය අවබෝද නැතිකමනේ (ත)
අපි අනෙක් අය ගැන හිතන විදියට තමා අනෙක් අය අප ගැන හිතන්නෙත්. (නි)
උපාලි නිකන් මෝඩ කතා කියන්න එපා. ඔයා දන්නවද මේක තමිල්නාඩු අයගේ වැඩක් කියලා? අනික බුද්ධගයාවට යන්න එපා කියලා කිව්වොත් මිහින් ලංකා ෆ්ලියිට් එක කොහාටද පියාසර කරන්නේ.(නදී)
මොන දේ වුනත් තමිල්නාඩුවේ අයගේ වැඩ වලිනුත් මේ ත්‍රස්තවාදීන්ගෙනුත් වදින්නේ ඉන්දියානු ආර්ථිකයට. මොකද ඉන්දියාවට වැඩියම සංචාරකයෝ එන්නේ බුද්ධගයාවට නිසා. ජපානය, කොරියාව, චීනය, තායිලන්තය, මලයාසියානු බුද්ධාගමිකයන්, සින්ගප්පුරු ජාතිකයන්, ශ්‍රී ලාංකිකයන්, වියට්නාම පිරිස් ඉතා විශාල ලෙස ඉන්දියාවට යාම අඩු වෙනවා මෙම ප්‍රශ්නයෙන්. මෙය ඉන්දියානු විරෝධී ත්‍රස්ත ක්‍රියාවක්. (නි)
පෙනෙන්නේ නැද්ද ? දැන් ඊජිප්තුවේ,සිරියාවේ,ඉරාකේ,ඇෆ්ගනිස්ථානයේ අයම මරා ගන්නවා. (නි)
කොටින්ට කිරි පොවන අයට මේවා හොද පාඩම් නේද? කොටින්ට කඩේ යන අය දන්නේ නැහැ උන්ගේ හැටි. අපිට තියෙන්නේ උපේක්ෂාවෙන් බලාගෙන අපේ රට ගැන තීන්දු තීරණ අපිම අරගෙන ඉන්න. අපිත් කැමතියි ඊලම දෙන්න. ඒත් මෙහෙ නෙමෙයි. ඉන්දියාවේ. අපේ රට දෙකට කඩන්න බලන් ඉන්න අයට ඇස් ඇරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
චන්දි ඔබ නිවැරදියි. අපි ඉපදිලා තියෙන්නේ පරක්කු වෙලා, නැත්නම් වේලාසන. මේ ඊට සුදුසු කාලය නොවෙයි (නි)
පුජනීය ස්ථානවලට බෝම්බ ගහන්න තරම් මිනිස්සු පහත් තත්වයට වැටිලා. කණගාටුයි (නි)
අනේ අපේ මිනුස්සු බොරුවට වියදම් කරලා බුද්ධගයා ගියා කියලා නිවන් යන්නෙය් නැහැ නේද? ඉන්න අම්මා තාත්තාට හොදට සැලකුවොත් නිවන් ගිය හැකි සැනසීමක් (නි)
මමත් අම්මා දඹදිව යවන්න හිතාගන ඉන්නේ.මේ තත්වේ උඩ යන එක කොහොමටත් හොද නැහැ. බුදුහාමුදුරුවෝ කියපු විදියට අපි හරියට ලංකාවේ ඉදලා ආගම අදහනවා නම් ඇති. ඉන්දියාවට ගියා කියලා විශේෂ කුසල කර්මයක්,පිනක් ලැබෙන්නේ නැහැ. එම තැන බලපුවම හිතට ලොකු සතුටක් දැනෙනවා තමා.ඉන්දියාවේ ගොඩක් මෝඩ මිනිස්සු ඉන්නේ.ෆිල්ම් එකක කොල්ො මැරුනොත් හෝල් එකට ගිනි තියනවා තවමත්. යන අය දඹදිවට ගොඩක් පරිස්සමෙන් යන්න. (නි)
හරිම සංවේගජනක සිද්ධියක්.අනතුරක් සිදුවෙන්න ඉඩ ඇතිබව කලින් දැනුම් දී තිබුනත් ඉන්දීය රජයේ වගකිවයුත්තෝ නොසලකා හැර ඇතිබවයි පෙනෙන්නේ.ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවයට පාත්‍ර වුන මෙවැනි උතුම් ස්ථාන වලට ප්‍රහාර එල්ලකිරීම පිළිබඳව අපේ පිළිකුල අපි ප්‍රකාශ කරන්න ඕනෑ.අනතුරට පත් අයට ඉක්මන් සුවය ලැබේවා! (නි)
අන්‍ය ආගම්වල වල අයට ට හිරහැර කරන අයට නම් හොදක් වෙන්නේ නැහැ.(නදී)
බුද්ධ ධර්මය කිසිම දෙයකින් විනාශ කල නොහැකියි. (නි)
අපේ අනුකම්පාව මේවා කරන පවු කාරයින්ට හිමි වෙනවා. ඒත් මේ අපහාස කරන්නේ ලොව උතුම් මනුස්ස රත්නයට. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. ඒ පව් සංසාරේ ගෙවාගන්න බැරි අකුසලයක් වේවි. මේ වගේ බොලද ක්‍රියා වලින් නිර්මල බුදු දහම විනාස කරන්න බැරි බව දැනගන්න ..!!! නිදුක් නිරෝගී සුවයම ලැබේවා..!!(නදී)
ඉතා ම්ලේච්ඡ ක්‍රියාවක්. තරයේ හෙලා දකිමු. මේකේ ලැජ්ජාව අපිට නෙමෙයි ඉන්දියාවට...!! (නි)
දමිත්, වැරදි කරන්නා ඉන්දියාවේ හිටියත් ලංකාවේ හිටියත් දඩුවම් හම්බ වෙනවා. මේ දඩුවම ලංකාවේ වෙච්ච දේවල්වලට කියල කවුද දන්නේ? ලංකාවේ හොඳ දේවල්ද වෙන්නේ? සේනාව කරන එවා හොඳයි ද?(නදී)
කොටින්ට කිරි පොවන කාට කාටත් මේවා හොඳ පාඩම්. (නි)
කැලුම් කුමාර කෙවින් වගේ අනිත් අයටත් මේ කියන්නේ මේගැන හිතන විදිහ ඔයාලට හැඟුමක් නැති උනාට බොහෝ අයට හිත රිදෙනවා මේවා දකිනකොට. බුදුන් ඉපදුන බුදු උන පිරිනිවන් පෑ ස්ථාන දකින කොට හිතට දැනෙන ප්‍රීතිය වචන වලින් විස්තර කරන්න බැහැ. එනිසා ඔය වගේ මෝඩ කොමෙන්ට්ස් දන්නා එපා ඔයාලගේ මෝඩකම ප්‍රදර්ශනය කරන එක විතරයි ඒකෙන් වෙන්නේ.(නදී)
මෙය තරයේ හෙළා දකින්නෙමු. මේ වැඩේ කරපු අයට නම් හොදක් වෙන්න එපා. හොද පාඩමක් ඉගෙන ගන්න ඕනෑ ඔක්කොමලට මේක මතක හිටින්න. (නි)
ඉන්දියාව තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ රොඩු අරන් දාන්න යනවා. ඉන්දියාව අසාර්ථක දේශයක් වන ලකුණු පෙනෙනවා. අනුන්ගේ ප්‍රශ්න පැත්තක තබා ඉන්දියාව තමුන්ගේ ප්‍රශ්න විසඳා ගත යුතු කාලය පැමිණ ඇත.(නදී)
ත්‍රස්තවාදයට ආගමක්, ජාතියක්, ගැහැණු පිරිමි භේදයක්, ළමා ළපටියැයි සිතීමක් නැහැ (නි)
මේකෙන් සිදුවන ලංකාවට සැලකිය යුතු තරම් වන එකම දෙය නම්, ලංකාවේ ඉන්න දහස් ගණනක් වූ දඹදිව වන්දනා සංචාර සංවිධානය කරන වෙළද ව්‍යාපාරිකයින්ගේ ආදායම පහල යාමයි. මෙමගින් ඉන්දියාවට යන ලක්ෂ සංඛ්‍යත පින්වතුන් විසින් ඉන්දියාවේදී වියදම් කරන රුපියල් බිලියන ගණනක් වූ ධනස්කන්දය ලංකාවේ සංවර්ධනය සදහා ඉතිරිවනු ඇත. චිත්‍රපට වල විරයා මැරුණම හෝල් එක ගිනිතියන, මැච් එකක් පැරදුනාම ක්‍රීඩකයන්ගේ ගෙවල් ගිනිතියන ඉන්දියාවේ පට්ට මෝඩයන්ට මෙය නොතේරෙන එක ගැන පුදුම විය යුතු නැත.(නදී)
ඉන්දියාවට දැන් කනවෝ කනවෝ කියලා කෑගහන්නයි වෙලා තියෙන්නේ (නි)
අද ලෝකේ දිහා බැලුවම හැම අගමිකයන්ම අනිත් ආගමිකයන්ගේ දේවස්ථාන පූජා බිම් අල්ලාගෙන නැත්නම් ඒවා විනාශ කර අන්තවාදීන් වෙලා. එහෙත් සෑම ආගමකම අන්තවාදී කොටස් ඉන්නවා .එහෙත් බහුතර සෑම ආගමේම සාමකාමිවයි ඉන්න කැමති. ඉන්දියාවේ අරමුණු අපිට වටහා ගන්න බැහැ. ලෝක විනාශයේ ආරම්බය තමා අපි දැන් දකින්නේ. ධර්මය අවබෝද නැතිකමත් මේ වගේ දේවල් කරන්න මිනිස්සු පොළඹවනවා.(නදී)
ඉන්දියාවෙන් ආපු හිඟන්නෙකුට හරි නිකම් සුළු තුවාලයක් සිදු වුනානම් අද ඔවුන් එන්නේ රෙදි උස්සගෙන. මෙහෙම සිද්ධියක් වුනාම ලංකාවේ අය ඉතාමත් නිස්ෂබ්දයි. අපට තේරුම් ගන්න ටිකක් අමාරුයි. ලංකාවේ තොරතුරු හොයන්න ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් ලංකාවට එනවා. ඇවිත් සියලුම ගරු සත්කාර ලබාගෙන විෂම ප්‍රකාශයක් ලෝකයට නිකුත් කරනවා. අපි නිදහස් ජාතියක් වශයෙන් හිස කෙලින් තියාගෙන අන්තිම හුස්ම දක්වා කෙලින් ඉන්න ඕනේ නේද?(නදී)
මෙවා පටන් ගත්තෙ කවුද? (නි)
අනිත්‍ය පෙන්නමින්, වචන හරබ කරමින් , අනුචිත උපහැරණ උලුප්පා දැක්වීමෙන් ප්‍රකට කරන්නේ බුදු දහම ක්‍රමයෙන් අගාධයකට තල්ලු කිරීමේ නොනිත් ආශාවයි. සමහරු කියන ඇතැම් වචන වලින්ම තේරෙනවා යටි අරමුණ යස අගේට. (නි)
බෝම්බ පහක් පත්තු වෙලා.අපිට කියනවා කරදරයක් නැහැ කියලා.මේකේ ලැජ්ජාව අපිට නෙමෙයි ඉන්දියාවට.ඔවුන් දැනගන්න ඕනෑ ආගමික ස්ථාන රැකගන්න. (නි)
මේවා කරන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
නිමල් මහතාට මමත් එකගයි (නි)
මේ වැඩ වලින් අපකීර්තියට පත්වෙන්නේ ඔවූන්මයි..!! දේව ශාපයක් වැනි මීට සති කිහිපයකට කලින් මහා ගං වතූරින් මහම විනාශයක් වුනා. තව ඉදිරියේදී මූළු ඉන්දියාවම සොබා දහමින්ම විනාශ වී යාවි (නි)
බුදුහාමුදුරුවෝ වක්කලී හාමුදුරුවන්ට කිව්ව දේ දන්නවද ? බුදුහාමුදුරුවන්ගේම ශ්‍රී මුකයෙන් දෙසන ලද්දේ මගේ කුණු ශරීරයේ මොනවා බලන්නද? දෙසන ලද දර්මය අවබෝද කරන්න කියලයි. එසේනම් තථාගයන් වහන්සේගේම වචන වලින්ම කියනවා නම් දිරාපත් වේලාගිය ඇටකබලි වලට වැන්දම අවබෝද වෙනදෙයක් තියෙනවද ? ධර්මය අවබෝද කරන්න උත්සහ කරන්න.හැමදෙනාටම තෙරුවන් සරණයි (නි)
කෙවින් මහත්තයෝ, එහෙම කියන්න එපා. ඒ තැන් ඇත්තටම බලාගෙන ශ්‍රද්ධාව උපදවා ගත්තාම ලොකු පිනක් සිද්ධ වෙනවා. ඒ නිසා පුලුවන් හැමෝම ඔය ප්‍රශ්න නැති වුනාම යන්න ඕනෑ. ඒවා දැකලා පහන් සංවේගය උපදවා ගන්න ඕනෑ. අවධානම හැමදාම තියෙන්නෙ නැහැ. (නි)
මෙයට සම්පුර්ණ වග කියන්න ඕනෑ අපේ රටේ ඉන්න ස්වාමින් වහන්සේලා. ඒ කාලෙ කොටි ප්‍රශ්න තියනකොට අපේ අය දඹදිව ගියේ නැද්ද? මේ ළගදී ඉදලා අපේ අය තමන්ගෙ ආගමවත් රැකගන්න විදියටද වැඩ කළේ? දැන් බොරුවට කොඩි උස්සගෙන කෑගහලා වැඩක් නැහැ (නි)
කොහොමත් හින්දි ෆිල්ම්ස් වල පෙන්වන සුරඟන ලෝකය නෙමෙයි ඉන්දියාව කියන්නේ.අපේ අයට හරි ලොකුයිනෙ ඉන්දියාව කිවුවම.ඉන්දියාවට අවශ්‍ය ඒගොල්ලන්ට ඕනෑ විදිහට ලංකාව නටවන්න. ඒකනේ ලංකාවේ දහතුන වෙනස් කරන්න එපා කියලා ඔච්චර බලපෑම් කරන්නේ. (නි)
අපේ රටේත් පහුගිය දවස්වල කෝවිල් කැඩුවා.(නදී)
බුද්ධ ධර්මය එහෙම බෝම්බ දමා හෝ වෙන යම් ක්‍රමයකින් විනාශ කළ නොහැක්කකි.අපි ඔවුන්ට අනුකම්පා කළ යුතුය.ඒ මන්ද බුද්ධ ධර්මය සත්‍යයකි.ඒ නිසා බුද්ධ ධර්මය අවබෝධ කර ගන්නා පිරිස වැඩි වෙමින් පවති.ත්‍රස්වාදින් හෝ ඔවුන් අදහන ධර්මය එතරම් සත්‍යයෙන් තොර ඇති. (නි)
ලංකාවේ හින්දු කෝවිල් කැඩුවා , මුස්ලිම් පල්ලි කැඩුවා , එතකොට බෞද්ධ ජනතාව නිහඩ වෙලා වෙන දේ ගැන බලාගෙන හිටියා. ඒ වෙලාවේ හින්දු , මුස්ලිම් බැතිමතුන්ගෙ හිත් වලට කොච්චර වේදනාවක් දැනෙන්න ඇද්ද? දැන් මේක දකින කොට ඔය කට්ටියට දැනෙන වේදනාවෙන් ඒක තේරෙනවා ඇති.තමන්ගේ රටේ තියන කුණු වැඩ අයින් කරලා ඉන්න ,ඉන්දියාවේ කුණු අයින් කරන්න කියන්න කලින්. ලංකාවේ හැම සුළු ආගමකටම සාදාරණව සලකන්න. එතකොට ඔය දේවල් වෙන්නේ නැහැ (නි)
අනේ මන්දා , අදහස් දාන අය බුද්ධාගම ගැන මොනවා දන්නවද කියලා? අපි ඉන්දියාවේ යන්නේ නිවන් දකින්න නෙවෙ. මේ තරම් උතුම් ධර්මයක් ලෝකෙට දායාද කල උත්තම මනුසේයෙකුට ගෞරව කරන්න. අතීත , වර්තමාන , අනාගත කියන කාලත්‍ර 3 ම සරිලන මේ උතුම් ධර්මයට කරන ගරු කිරීමක් හැටියට. ඒ තමා බෞද්ධයන්ගේ තියෙන මනුස්සකම කලගුණ සැලකීම (නි)
කොටිද , අන්තවාදීන්ද කියලා කොහොමද දන්නේ? මේ දෙගොල්ලන්ගෙන්ම බෞද්ධයන්ට තර්ජන තියෙනවා. විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ට. විමසිල්ලෙන් සිටිය යුතුයි. පරිස්සම් විය යුතුමයි. අනාගතය භයානකයි. (නි)
බුදුරජාණන් වහන්සේගේ දෙසුමට අනුව ආගමානුකුලව හැසිරෙන්න. මුලින්ම අරක්කු සිගරට් නවත්තන්න. බොරු කියන එක නවත්තන්න. අනිත් අයගේ දියුණුව බලලා ශෝක වෙන්න එපා. එතකොට අන්තිම කාලේ බුද්ධගයා එහෙම හිතන්න ඕනෑ වෙන්නේ නැහැ. නමුත් මේවා ආරක්ෂා කරන එක ඉන්දීය රජයේ වගකීමක්. (නි)
තලෙයිබාන් වලත් තිරිසන් විදිහට බුදුන්ගේ දේවල් විනාශ කළා කාලෙකට පෙර. පසුව පොකුරු බෝම්බ වැසි වැස්සා. (නි)
මේක කලේ කොටි හිතවාදියෝ නෙවෙයි මම හිතන්නේ. අන්තවාදී කණ්ඩායමක්. ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ඉන්දියාවට මේවා පාලනය කරන්න බැහැ. (නි)
ජයශ්‍රී මහා බෝ හාමුදුරුවනේ, මේ නිර්මල බුදුදහම ලොව පවතින්නට ඔබ වහන්සේගේ ජීවමාන වැඩසිටීම අප්‍රමාණ ශක්තියක්. ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා! (නි)
අනේ මෙහෙම ආශාවක්, මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්... (නි)
ඔව් තිලක්, මම පිළිගන්නවා. (නි)
ඉතා ම්ලේච්ඡ ක්‍රියාවක්. තරයේ හෙලා දකිමු. ඉන්දියාවට ත්‍රස්තයන්ගේ රහ තාම දැනිල නැහැ වගේ. (නි)
අසේල, දුලානි, මාටින්, ශ්‍රීලාල්, රූපා ඔබ නිවැරදියි. හිත රිදෙනවා තමයි. අප බුදුධර්මය කිසිවකුට විනාශ කළ නොහැක. කොටියා කනවා ඉවසන්න හැකියි.අපේ සමහර අයම කොටින්ට කිරි පොවන එක තමයි ඉවසන්න බැරි. (නි)
බුදු හාමුදුරුවො ඉන්දියාවේ ඉපදුනේ මොකද මන්දා, මෙච්චර හොද ලංකාවක් ඒ කාලෙ තිබිද්දී? (නි)
ලංකාවේ අය ඉන්දියාවට ගිහිල්ලා මෙහෙම තැන්වලට වදිනවට හොද වැඩේ. සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ ලංකාවේ, බුදු වුනේ ලංකාවේ, පිරිනිවන් පෑවේ ලංකාවේ, සියලුම ධර්ම ප්‍රචාරය කටයුතු කලේ ලංකාවේ.... එහෙම හිතන්න. දැන්වත් ඔය ඉන්දියාවට ගිහිල්ලා කාලෙ නාස්ති කරන්නේ නැතුව ලංකාවේ තියන සිද්ධස්ථාන වැඳ පුදා ගත්තොත් තමන්ට යහපතක් වගේම ජීවිත් ආරක්ෂාවටත් හොදයි. (නි)
දැන් ඉතින් මහසේනාවක් මෙහේ පාරට බස්සලා විරෝධය පාන්න සූදානම් වෙයි. පාරෙ යන අපිට තමයි රස්තියාදු වෙන්න වෙන්නේ. (නි)
චන්දි යන නමින් පෙනී සිටින්නේ මොන ආගමක කෙනෙක්ද කියලා කාටත් හිතාගන්න පුළුවන්... (නි)
ආගමක්, ජාතියක්, ජන්මයක් නැති අය කරන මේ වැඩ බලාගෙන ඉදීම මෝඩකමක්. දැන්වත් සිංහලයිනි, නැගිටිවු! (නි)
අපේ බුද්ධගයාව ආරක්ෂා වේවා! (නි)
මතකනේ. බංගලාදේශ පිළිම කඩලා පන්සල් විනාශ කරපු අයට වුන දේ? මෙයාලටත් වෙයි. සියළු බෞද්ධ ජනතාවටම සහ සියළු සත්වයන්ට තෙරුවන් සරණයි. (නි)
මේවට හොඳම පිළිතුර සාමකාමිව ඉන්න එක. බුදු දහම එයයි! බෞද්ධයෝ අන්තවාදීන් නෙමෙයි. මේ මොනවා කලත් ඉස්මතු වන්නේ සර්ව සත්‍යයයි. එය බුදුදහමයි (නි)
පුද්ගලයකු හෝ 7 ක් 8 ක් වැනි කුඩා කණ්ඩායම් කරන ක්‍රියා නිසා වෙනත් ජාතියකට හෝ ආගමකට ද්වේශ කරන්න එපා. එය බුදු දහම නොවේ. එයින් වන්නේ කුඩා කණ්ඩායම් වල අරමුණු ඉටු වීමයි. පණ්ඩු කියා ඇති දේ හරි. (නි)
අමතක කරන්න එපා කම්මැලි ,කොන්දනැති සිංහල බෞද්ධයනි, බුදුහාමුදුරුවෝ දේශනා කළ විදියට බෞද්ධයන්ට පහන් සංවේගය උපදවාගත හැක්කේ ඉපදුන ,බුදු වුන ,පළමු ධර්මය දේශනා කළ තැන හා පිරිනිවන් පෑ තැන නිසයි. මෙය අපි රැකගත යුකුයි. එහෙම නේද? (නි)
අපේ රටේ රාජ්‍ය භාෂාව හින්දිද? ලංකාවට ගොඩ බැස්ස වෙලාවේ ඉඳන් ඇහෙන්නම හින්දි කෑලි. ඒකයි ඇහුවේ. (නි)
ප්‍රහාරය හෙළා දකිනවා. දිට්ට දම්ම වේදනීය කර්මය කාටත් පොදු දෙයක් (නි)
තරු ගේ කතාව මරු. (නි)
අපෝ! ඉන්දියාවෙ ඉන්න අය ෆිල්ම් එකක් බලලා අන්තිමට කොල්ලා මලොත් ෆිල්ම් හෝල් එක ගිනිතියන තරම් මොඩ අය ඉන්න රටක්. පුජනීය ස්ථානවලට බෝම්බ ගහන්න තරම් ඉන්දියාවෙ අය පහත් වෙලා. බෝම්බයෙන් භෞතික සම්පත් නැති කරන්න පුලුවන් වුනාට මිනිස්සුන්ගේ හිතේ තියන ආගමික භක්තිය කාටවත් නැති කරන්න බැහැ. (නි)
බුදු දහමමට මුල්තැන (නි)
ඔන්න අපේ සේනාවට ටික දවසක් කියවන්න දෙයක් තියනවා. (නි)
කලින් දැනගෙන හිටියා නම් පිපිරෙනකන් මොනවා කළාද? (නි)
මේ විනාශ කරලා තියෙන්නේ අපේ උරුමයක්. ඒ ගැන සැහැල්ලුවෙන් දැකලා අදහස් දාලා තියෙන අයත් ත්‍රස්තවාදීන්ට කඩේ යන සහ පන්දම් අල්ලන අයයි. (දී)
මෙවැනි වාතාවරණයක් බිහි වී ඇත්තේ කුමක් නිසාද ? මදක් සිතා බලන්න .... නමුත් මෙවැනි දේවල් මේ ලෝකේ කාට සිද්ද වුනත් මෙය අපි තරයේ හෙලා දකින්නෙමු . (නි)
ලුම්බිණි කියලා නම දාගත්ත කෙනාට කියන්නේ ,ඔයා හිතන විදිහට මේ රටෙන් පිටට ගිහින් ඔයා හිතන තැනක ඉඳන් හිතන්න.නයින්ට කිරි පොවපු ජාතියක් නෙමයි අපි.එකෙක් නැතත් එකෙක් හරි හිටිය නිසා අදටත් ලංකාව කියලා එකක් සිතියමේ තියෙන්නේ. (නි)
දැන් ඉතින් අර මියන්මාර් උණුසුමත් වැඩිනේ දුන්න කොන්තරාතුව කාටහරි ගත්ත සමහර කට්ටිය වැඩේකරා සඟරාත් විකුණුනා.ජාති දෙක අතර වෛරයත් ඇතිකරා පුලුවන්නම් ආයුධත් දුන්න ඊටපස්සේ සාමකතා එක ගලෙන් ගෙඩි තුනඊ ඒ පමණක් නොව අන්‍ය ආගමික ස්ථාන වලට පහරදීම් පිළිකුල් කතා සහ වාද කිරීම් නබි තුමා කියාදුන් හැටියට .පිළිකුලෙන් හෙළා දකිමු (අ)
අදහස් වලින් කියවුනා ඉන්දියාවේ මිනිස්සු මෝඩ නිසා බුදුරජාණන් එහි ඉපදුන බව .ඒ වගේම ලංකාවේ සිද්ධස්ථාන වලට වන්දනා කිරීම හොඳ බව. ගෞරවයක් වශයෙන් හැකි අය ඉන්දියාවට ගිහින් කලගුණ සැලකිම හොඳයි. බොහෝ ආගම් ව්‍යාපාරික අරමුණු සදහා තමයි තියෙන්නේ. (නි)
බුදුරජාණන් වහන්සේට අනුව ඔහුගේ ශ්‍රවකයා යනු තමාගේ කකුල් දෙක කියතකින් කපන විටදී හෝ ඉවසීමෙන් සිටියහැකි කෙනෛකි..එසේ නම් මේ ප්‍රහාරයට පළමුවෙන්ම අපි කලබල හෝ එකට එක නොකළ යුතුයි. නමුත් අපගේ පුදබිමකට එල්ල කළ ප්‍රහාරයට ලබාදුන් ආරක්ෂාව මදි බැවින් ඉන්දීය රජයට අපේ ආරක්ෂාව පතා මැදිහත් වන ලෙසට ඉල්ලීමක් කිරීමට මැදිවෙමු.මොකද මේ ගොල්ලෝ දිලා තියෙන්නේ කොමාන්ඩෝ බටයෝ 5 ක් විතරයි. මුළු බුද්ධගයාවටම මෙටරම් තර්ජන තිබිලත්... (දී)
මේක ඉතාමත්ම වේදනාත්මක සිදුවීමක්. ඒත් විහාරයට හානියක් වෙලා නැති නිසා තරමක සැනසීමක් දැනෙනවා. ඒත් මේකෙ මහත්වරුන්ගේ ධර්මය ගැන දක්වන අදහස් දැක්කම ඊට වඩා වේදනාවක් දන්නවා. බුදුදහම ගැන අදහස් දක්වන්න කලින් බුදු දහම ගැන ටිකක් ඉගෙනගෙන ඉන්න මහත්වරුනි. (නි)
බුද්ධගයාව තියෙන්නේ ලංකාවේ. ඉතිහාසඥයින් විද්වතුන් එකතුවෙලා දැන්වත් ඔය වැලලි ගිය බෞද්ධ ඉතිහාසය මතුකරලා දුන්නොත් හොඳයි (නි)
මේ සියල්ල කරන්නේ ලංකාව අසරණ කිරීමට. දැන්වත් අපි සුව ශක්තියෙන් නැගීසිටීමට උත්සාහ කරමු. එවිට අපි කිසිම රටකට බාල්දු නොවී සිටිය හැක (නි)
පළමුව මම මෙය තරයේ හෙලා දකිමි. මේ සිදුවීමෙන් බුදු දහමට හානියක් වන්නේ නැත. මෙය ඓතිහාසික පුජා බිමක් සහ පුරා වස්තු තිබෙන රැක ගත යුතු ප්‍රදේශයක්. මෙය වෙනුවෙන් අපි අනික් අයට අවලාද නැගීම වැඩක් නැත. මෙයට පිළිතුරු දීම ඉන්දීය රජයේ යුතුකමක්. ඉන්දීය රජයට සිදුවූ පහර ගැසිමක් මෙය. අපි මෙය නිසා නඩු අසා වැරදිකාරයා කොටියා හෝ මුස්ලිම් කියා වෛර කිරීම හොඳ දෙයක් නෙමේ. මෙය අන්තවාදීන්ගේ වැඩක්. අහිංසක මුස්ලිම්වරුන්ට හෝ කතෝලිකයන් ගාව ගැනීම වරදකි. නියම බෞද්ධයන් කිසිවිටෙක වෛර නොකරති. බුදු දහමේ විදියට මගේ කියා හෝ අපගේ කියා කිසි දෙයක් නොමැත. අප කරන පින් මිස වෙන කිසිවක් අප ආපසු රැගෙන නොයමු. (නි)