බුද්ධගයා බෝම්බ පිපිරීම තමන් කළ බව කැනඩාවේ සිට ඉන්දියා මුජහිදීන් සංවිධානය ට්වීටර් වෙබ් අඩවියෙන් කර ඇති ප්‍රකාශයේ ඇත්ත නැත්ත සොයන බව ඉන්දියාවේ ජාතික පරීක්ෂණ ඒජන්සිය කියයි.
ඔවුන්ගේම ට්වීටර් වෙබ් අඩවියෙන් එම වගකීම භාර ගෙන ඇති බවත්, ඊළඟ ප්‍රහාරය ඉන්දියාවේ මූල්‍ය ගත නගරය වන මුම්බායි නුවරට බවත් එහි දැක්වෙන බව හින්දුස්තාන් ටයිම්ස් පත්‍රය කියයි.
එම අනතුරු ඇඟවීම කර ඇත්තේ බුද්ධගයා ප්‍රහාරයට දිනකට කලින් බවත්, බුද්ධගයා ප්‍රහාරය සිදුවූයේ ජූලි හත්වැනිදා බවත්, බුද්ධගයාවේ ආරක්ෂක කැමරා වලින් ලබාගත් තොරතුරු අනුව 20 හැවිරිදි තරුණයන් තිදෙනකු රඳවා ගත් බවත් එම පුවත්පත පවසයි.
ආනන්ද් ප්‍රකාශ්, ගංජන් පටෙල්, හසන් මලික් හා ප්‍රියංකා ඔවුහුය.
ඉරිදා අලුයම ඔවුන් සැකකටයුතු ලෙස බුද්ධගයාවේ එහා මෙහා ගිය බව ආරක්ෂක කැමරා රූපරාමු වලින් පෙනෙතියි පොලිසිය කියයි.
එදින මහාබෝධිය අවට හෝටලවල ලැගුම්ගත් අයගේ තොරතුරු ද විමසා මේ තුන් දෙනාගේ තොරතුරු ලබාගෙන ඇත.
ඉරිදා උදේ හයට පමණ ඔවුන් තතාගත් හෝටලයෙන් පිටවී ගොස් ඇතැයි ද, ඒ වන විට පිපිරීම සිදුවී මිනිත්තු ගණනක් ගත වී ඇතැයි ද පොලිසිය කියයි.
හෙළි නොකරන ස්ථානයක රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යන බව ද පොලිසිය කියයි.
බුද්ධගයාවේ වැටී තිබී පොලිසියෙන් සොයා ගත් හැඳුනුම්පත හිමියා බාස් කෙනකු බවත්, ඔහුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු නැති බවත් දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව බොහෝ දේවල් ඉදිරියේදීත් සිදුවේවි. ඒ වුනත් සත්‍යය හා ස්වබාව ධරමය යටපත් කරන්න කාටවත් බැහැ. ඒක තමා ගෞතම බුදුන්ගේ ධර්මය. (නි)
මටනම් හිතෙන්නේ මේක කොටින්ගේම වැඩක්. නොමග යවන්න හදනවා වගේ. (අ)
ෂෙල්ටන් , ඔයාට හීනෙනුත් කොටි පේනවද? ඕක ලෙඩක්. බෙහෙත් ගන්න (දී)
මේකට වග කියන්ඩ ඕනේ දෙමළ ඩයස්පෝරාවයි ඔවුන්ගේ ඒජන්තයා වෙන බී.බී.එස් එකයි.(නදී)
කවුරු කලත් කළකම් පලදෙනවාමයි ! මතකනේ ඇෆ්ගනිස්ථානෙට උන දේ ! මතකනේ කොටින්ට උනදේ ! මේ හෙමෝම බුදු දහමට බයයි මොකද ආර්තර් සී ක්ලාක් මහත්තය කියල තිබුන 2050 ලෝකේ අංක 1 බුදු දහම කියල . අපි හයියෙන් සාදු කාරයක් දෙමු සාදු! සාදු! සාදු!(අ)
පරීක්ෂණ නොමගයවන්නයි, ඒ කාලය ඇතුලත පැනගන්නයි හැදුනුම්පතක් දාලා යන්න ඇත්තේ.කැමරා පද්ධතිය ගැන ආරක්ෂක අංශ අවධානයෙන් නොසිටීමේ පලය තමා ලැබුනේ.යුද්ධයක් ඇතා,නැතා රටක ආරක්ෂක අංශ අවදියෙන් සිටීම වැදගත් බව එම ප්‍රහාරය කියාදීපු පණිවිඩයයි.නමුත් ආනිසංස පාපකර්ම ඔවුන්ට පලදෙනවාමයි. (අ)
කෙසේ වෙතත් සත්‍යට බයේ මිත්‍යා දෘෂ්ටිකයෝ අවි අරගෙන. සියලු බෞද්ධ සිද්ධස්ථාන රැකගෙන බුරජාණන් වහන්සේ වදාළ අවිහිංසා මාර්ගයේ යමු. මේ උදවිය වල්මත්වී ඇති බව පෙනෙනවා.(නදී)