බුද්ධගයාවේ මහාබෝධි විහාරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය පළකරමින් ‘අපි බෞද්ධයෝ‘ සංවිධානයේ මහා සංඝරත්නය හම්බන්තොට සිරිබෝපුර ශ්‍රී ජයබෝධි විහාරයේ සිට හම්බන්තොට ඉන්දියා කොන්සල් ජනරාල් කාර්යාලයයට ගමන් කළහ.
එහිදී කොන්සල් කාර්යාල නිලධරයෙක් සංඝරත්නයේ සංදේශය භාර ගත්තේය.
බැරගම ගල්විල රජ මහා විහාරාධිපති බැරගම විමලබුද්ධි හිමියන් පැවසුවේ බෞද්ධ උරුමය රැකීමට ඉන්දියා රජය ඊට වඩා සැළකිලිමත් විය යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් අන්තවාදී සංවිධානයක් නොවේවා.(අ)
සම්බුදු සසුනට උණු හැම විපතකදිම දිවිහිමියෙන් මහා මගට බැස්සේ අපේ මහා සඟරුවන තමයි. ජාතිය සාසනය වෙනුවෙන් මෙහෙම කැපවීම් කරන බෞද්ධයන්ගේ මළගමට දානෙට පිරිතට ආගමික මෙහෙයක් ඉටුකරන අපේ මහා සඟ රුවනට මොකද්ද ලංකාවේ තියෙන තැන. නියම බුදුපුතුන් ලෙස කරන කැපකිරීම සසර ගමනට මහෝපකාරී වේවි.(නදී)
සම්බුදු සසුනට උණු හැම විපතකදිම දිවි හිමියෙන් මහා මගට බැස්සේ අපේ මහා සඟරුවන තමා. ජාතිය සාසනය වෙනුවෙන් මෙහෙම කැපවීම් කරන බෞද්ධයගේ මළගමට දානෙට පිරිතට ආගමික මෙහෙයක් ඉටුකරන අපේ මහා සඟ රුවනට මොකද්ද ලංකාවේ තියෙන තැන නියම බුදුපුතුන් ලෙස කරන කැපකිරීම සසර ගමනට මහෝපකාරී වේවි.(නදී)
බය වෙන්න එපා. කවුරු බෝම්බ ගැහුවත් තුණුරුවන්ගේ බලය, ශක්තිය නැති කරන්න කාටවත් බැහැ (දී)
අපිත් බෞද්ධයෝ තමයි (දී)
විරෝධය පාන්න ඕන මේක කරපු අයට විරුද්ධව නේද? (අ)
මහා සගරුවන නොසිටින්න අද කිසිවෙකුට ලංකාවේ ඉන්නත් නැහැ. බුදු සරණයි (දී)
එතකොට දළදා මාලිගයට කොටි ගහපුවාම ලංකාව ලෝකවාසි බෞද්ධයන්ගෙන් සමාව ගත්තද ? එහෙම ගන්න කියලා ලෝකයේ අනිත් බුද්ධාගමේ රටවල් ලංකා තානාපති කාර්යාල අසල පෙළපාලි ගියාද? වැටලුවාද ? (නි)
පෘතුවිය නැත්නම් ලංකාවත් නැහැ, අපි කවුරුත්ම නැහැ. නේද හිරු අයියේ? (නි)