අහිංසක වන්දනාකරුවන් පාදක කරගෙන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ බෝම්බ පිපිරවීම ඉන්දියා ජනාධිපති ප්‍රනාව් මුඛර්ජී අද හෙළා දුටුවේය.
මේ පිපිරවීම් ගැන දැඩි සංවේගය පළ කළ ජනාධිපති සාමායේ ශ්‍රේෂ්ඨ දූතයකු වන ගෞතම බුදුරජානන් වහන්සේ වෙනුවෙන් කැපවූ ශුද්ධ භූමියකදී අහිංසක වන්දනාකරුවන් හා භික්ෂූන් ඉලක්ක කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම අර්ථ විරහිත ක්‍රියාවක් බව කියයි.
තුවාලකරුවන් ඉක්මණින් සුවපත්වේවායි ඔහු ප්‍රාර්ථනා කරයි.
සංසුන්ව, සංයමයෙන් කටයුතු කරන්නැයි මහජනයාගෙන් ඉල්ලන ජනපති අපරාධකරුවන් නීතිය හමුවට රැගෙන ඒමට සහාය වන්නැයි ද ඉල්ලීමක් කරයි.
රටවල් 52ක් බුද්ධගයාවේ සිය පන්සල් පිහිටුවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කළත් අමානුෂික ක්‍රියාවක්. කරපු සංවිධානය හෝ තැනැත්තාව අධිකරණට යොමු කර ඉහලම දඬුවම් දිය යුතුය (නි)
ඔය මිනිසුන්ට ඕවා අද හෙටම පඩිසන් දෙනවා. ඇෆ්ගනිස්ථානයක් වසර 10 කටත් වැඩිය විදවනවා. එයාලටත් රටක් අලුතෙන් ගෙනත් තියන්න වෙනවා ඇෆ්ගනිස්ථානය උඩින්. පලදුන්න තරම ලෝකෙටම රහසක්, අපි පමනයි දන්නේ. (නි)
රූපවතී -ඒ කියන්නේ ඇමෙරිකාව ද ඔය දහමේ ගෝලයෝ ? මට පැහැදිලි නැහැ විස්තර කරන්න ? හැබැයි තාම ඉවරයක් නැහැනේ.(නදී)
මේ සසර දනව්වේ, අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ... (නි)
මේකේ ලැජ්ජාව අපිට නෙමෙයි ඉන්දියාවට (නි)
මිනිසුන්ගේ හිත්වලට මොනවාවෙලද බුදු හාමුදුරුවනේ ? (නි)
හෙලා දැකල විතරක් හරියනවද? තමන්ගේ පාලනය තිබෙන රටක මේවට දැඩි ක්‍රියාමාර්ග ගන්න එපායැ? ජිනීවා වල ලංකාවට විරුද්ධව ප්‍රසිද්ධියේ ඡන්දය දෙන්න මැලි වෙන්නේ නැහැ. අපේ එවුන්ටයි බූ හනස්සෙන් ගන්න ඕන.(නදී)
රිෂාඩ් ඔයාට සිංහල නම් තේරෙන්නෙ නැතුව ඇති. කොහොම වුනත් මුස්ලිම් මුලධර්මවාදීන්ට හොදක් නම් වෙලා නැහැ (නි)
බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනාට ඉන්දියන් කාරයන්ට බැරි වුනා බෞද්ධ සිද්ධස්ථාන රැක ගන්න.කලින් අපිට අහසින් පරිප්පු දාලා ඒ ගොල්ලොම පස්සේ පරිප්පු කෑවා.මේ වගේ දේවල් කරලා මෙවරත් ඉන්දියාව පාඩමක් ඉගෙන ගන්න යන්නේ.මෙවර කොටින්ට උඩ ගෙඩි දීලා ඊළම හදන්නේ ඉන්දියාවේ.තමිල්නාඩුව මහා ආණ්ඩුවෙන් කැඩිලා යාවි. (නි)
අනේ! ඔය නිවේදනයේ අගට අපේ අහවල් ඇමති උතුමෙකුගේ ශෝකය සහ එතුමත් ඔය ප්‍රහාරය හෙළා දකිනවා කියලා එකතු කරන්නකෝ (නි)
තමුන්ගේ දේවල් වලට අනතුරක් ආපුවහම ආරක්ෂා කරන්න ගියහම ජාති වාදී කියලා හංවඩු ගහනවා. තේරෙයි නුඹලාට වැඩි කල් නොගිහින්ම. (නි)