අහිංසක වන්දනාකරුවන් පාදක කරගෙන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ බෝම්බ පිපිරවීම ඉන්දියා ජනාධිපති ප්‍රනාව් මුඛර්ජී අද හෙළා දුටුවේය.
මේ පිපිරවීම් ගැන දැඩි සංවේගය පළ කළ ජනාධිපති සාමායේ ශ්‍රේෂ්ඨ දූතයකු වන ගෞතම බුදුරජානන් වහන්සේ වෙනුවෙන් කැපවූ ශුද්ධ භූමියකදී අහිංසක වන්දනාකරුවන් හා භික්ෂූන් ඉලක්ක කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම අර්ථ විරහිත ක්‍රියාවක් බව කියයි.
තුවාලකරුවන් ඉක්මණින් සුවපත්වේවායි ඔහු ප්‍රාර්ථනා කරයි.
සංසුන්ව, සංයමයෙන් කටයුතු කරන්නැයි මහජනයාගෙන් ඉල්ලන ජනපති අපරාධකරුවන් නීතිය හමුවට රැගෙන ඒමට සහාය වන්නැයි ද ඉල්ලීමක් කරයි.
රටවල් 52ක් බුද්ධගයාවේ සිය පන්සල් පිහිටුවා තිබේ.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුද්ධගයා ප්‍රහාරය ඉන්දියා ජනපති හෙළා දකී
අමාලි සිල්වා Sunday, 07 July 2013 03:35 PM
කවුරු කළත් අමානුෂික ක්‍රියාවක්. කරපු සංවිධානය හෝ තැනැත්තාව අධිකරණට යොමු කර ඉහලම දඬුවම් දිය යුතුය (නි)
රූපවතී Sunday, 07 July 2013 03:47 PM
ඔය මිනිසුන්ට ඕවා අද හෙටම පඩිසන් දෙනවා. ඇෆ්ගනිස්ථානයක් වසර 10 කටත් වැඩිය විදවනවා. එයාලටත් රටක් අලුතෙන් ගෙනත් තියන්න වෙනවා ඇෆ්ගනිස්ථානය උඩින්. පලදුන්න තරම ලෝකෙටම රහසක්, අපි පමනයි දන්නේ. (නි)
රිෂාර්ඩ් Monday, 08 July 2013 12:22 AM
රූපවතී -ඒ කියන්නේ ඇමෙරිකාව ද ඔය දහමේ ගෝලයෝ ? මට පැහැදිලි නැහැ විස්තර කරන්න ? හැබැයි තාම ඉවරයක් නැහැනේ.(නදී)
ජයන්ත Monday, 08 July 2013 02:06 AM
මේ සසර දනව්වේ, අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ... (නි)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 07 July 2013 05:45 PM
මේකේ ලැජ්ජාව අපිට නෙමෙයි ඉන්දියාවට (නි)
දීපාල් Sunday, 07 July 2013 06:01 PM
මිනිසුන්ගේ හිත්වලට මොනවාවෙලද බුදු හාමුදුරුවනේ ? (නි)
ශ්‍රීලාල් Monday, 08 July 2013 03:55 AM
හෙලා දැකල විතරක් හරියනවද? තමන්ගේ පාලනය තිබෙන රටක මේවට දැඩි ක්‍රියාමාර්ග ගන්න එපායැ? ජිනීවා වල ලංකාවට විරුද්ධව ප්‍රසිද්ධියේ ඡන්දය දෙන්න මැලි වෙන්නේ නැහැ. අපේ එවුන්ටයි බූ හනස්සෙන් ගන්න ඕන.(නදී)
කුමාරසිරි Tuesday, 09 July 2013 11:22 AM
රිෂාඩ් ඔයාට සිංහල නම් තේරෙන්නෙ නැතුව ඇති. කොහොම වුනත් මුස්ලිම් මුලධර්මවාදීන්ට හොදක් නම් වෙලා නැහැ (නි)
කුමාර Sunday, 07 July 2013 07:13 PM
බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනාට ඉන්දියන් කාරයන්ට බැරි වුනා බෞද්ධ සිද්ධස්ථාන රැක ගන්න.කලින් අපිට අහසින් පරිප්පු දාලා ඒ ගොල්ලොම පස්සේ පරිප්පු කෑවා.මේ වගේ දේවල් කරලා මෙවරත් ඉන්දියාව පාඩමක් ඉගෙන ගන්න යන්නේ.මෙවර කොටින්ට උඩ ගෙඩි දීලා ඊළම හදන්නේ ඉන්දියාවේ.තමිල්නාඩුව මහා ආණ්ඩුවෙන් කැඩිලා යාවි. (නි)
නාලක Sunday, 07 July 2013 03:15 PM
අනේ! ඔය නිවේදනයේ අගට අපේ අහවල් ඇමති උතුමෙකුගේ ශෝකය සහ එතුමත් ඔය ප්‍රහාරය හෙළා දකිනවා කියලා එකතු කරන්නකෝ (නි)
කළණ Sunday, 07 July 2013 03:22 PM
තමුන්ගේ දේවල් වලට අනතුරක් ආපුවහම ආරක්ෂා කරන්න ගියහම ජාති වාදී කියලා හංවඩු ගහනවා. තේරෙයි නුඹලාට වැඩි කල් නොගිහින්ම. (නි)