“ආගමට හිමි විය යුතු තැන අහිමි වී වැනසී යන සමයක බුද්ධාගමට හිමි විය යුතු තැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික විය යුතුයි. අනාගමික රාජ්‍ය සංකල්පය අප පිළිගන්නේ නැහැ. බුද්ධාගම ශ්‍රී ලංකාවේ වාතාශ්‍රයට මුසු වී තිබෙනවා. අප හුස්ම ගන්නා විටත් ඒබව දැනෙනවා.“ යැයි කොළඹ සම්බෝධි විහාරයේ උත්සවයක දී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
“ශ්‍රී ලංකාවේ ජීවය ලෙස සැලකෙන්නේ බුදුන් වහන්සේ වදාළ ධර්මයයි. එවැනි ජීවන ක්‍රමයකට හිමි විය යුතු ස්ථානය හා ගෞරවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් අහිමි නොකළ යුතු දෙයක් ලෙසයි මා දකින්නේ. මේ කාරණය කිසිසේත්ම නොසලකා සිටින්න අපිට බෑ. මක් නිසාද අප ජීවත් වන්නේ බෞද්ධ පරිසරයකින් පෝෂණය වූ රටක නිසා. එම නිසා ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනතාවගේ අධ්‍යාත්මික ගුණ වගාව වෙනුවෙන් මහා සංඝරත්නය සමග කටයුතු කිරීමට අප සූදානම්“
අසිගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඥානරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ කිහිප නමකට උපහාර පිදීමේ දී කාදිනල් තුමෝ මේ බව පැවසූහ.
“අපේ ජීවිත වලට යම් කිසි සිත් තැවුලක් හෝ වේදනාවක් ඇති වන හැම අවස්ථාවකම හිතේ සහනය ලබා ගැනීමට බුද්ධ ධර්මය ඉවහල් වන බව අපට විශ්වාසයි. මහා සංඝරත්නය කෙරෙහි අප තුළ තිබෙන්නේ බලවත් විශ්වාසයක්.“ යැයිද කාදිනල්තුමෝ කීහ.
අමරපුම මහා සංඝ සභාවේ දොඩම්පහල චන්ද්‍රසිරි, මල්වතු පාර්ශවයේ දිඹුල්කුඹුරේ විමලධම්ම, මල්වතු පාර්ශවයේ නියන්ගොඩ විජිතසිරි නාහිමියෝ ද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාද කතා කළහ.













COMMENTS
ඔබතුමාට බුද්ධාගම ගැන තිබෙන කැක්කුම මේ රටේ ලොකු ලොකු ඇත්තන්ටවත් නැහැ. මේගොල්ලෝ ඔක්කොම බලයේ ඉන්න බොරු බයිලා කියනවා විතරයි. අපි හිතුවේ යහපාලන ආණ්ඩුව බලයට ආ පසු ඔක්කොම හරි කියලා. දැන් තමයි ඇස් ඇරුනේ අපේ (නි)
නියම කතාව. මගේ ප්‍රණාමය ඔබතුමාට. තෙරුවන් සරණයි! (නි)
මම ගාල්ලෙ හිනිදුම. බෞද්ධ බහුතරයක් ඉන්නෙ අපි. ඒ කල්වාරි මංගල්‍ය කාලෙට එන කතෝලික බැතිමතුන්ට අපි සලකන්නෙ වෙසක් පෝයට පන්සල් එන අපේම ජනතාවට වගේමයි. අපිත් කල්වාරි යනව. ඒකයි සැබැ සහජීවනය. රෙස්ෆෙක්ට් අදර්ස් කියන එක හැම හිතකම තීන්න ඕන. ඔබ තුමාගෙ වගේම තව දෙයක්. බුදුදහම ලංකාවෙ මහාගම නොවෙන්න කතෝලික හින්දු බෞද්ධ කිසිවෙකුට නිදහසෙ ඉන්න ලැබෙන්නෙ නැ. ඒක අනිවාර්යයි (බ)
අගය කළයුතු කතාවක් (නි)
පියතුමනි ඔබගේ කතාවට අප සියලු දෙනා හිස නමා ආචාර කරමු .අවාසනාවකට යහපාලනය මේ සැමදේම ගිල ගනිමින් සිටි (අ)
බුද්ධිමත් මිනිසුන්ට පමණයි යමක් තේරුම්ගන්න පුළුවන් (නි)
සාමය ඇතිවන්නේ නිහතමානිකම තුළිනි. (බ)
ඔබතුමා ඉතාමත් හොඳ දෙයක් කියලා තියෙන්නේ බුදු සරණයි (බ)
බුද්ධාගමට හිමි වියයුතු තැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වියයුතුයි. බුද්ධාගම ශ්‍රී ලංකාවේ වාතාශ්‍රයට මුසු වී තිබෙනවා. අප හුස්ම ගන්නාවිටත් ඒබව දැනෙනවා. අප අගරදගුරුතුමන්ගේ අගනා දෙසුම සියයට දෙසීයක් අගයකරමු. යහපාලකයිනි, ඇස් ඇර බලනු! බුදු දහමේ අගය රකිනු! (නි)
“වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත“ (නි)
සහතික ඇත්ත. එ්ත් බුදුදහම විනාශ වෙන්නේ යහපාලනයෙන්වත්, ආසියාවේ ආශ්චර්යේන්වත් නොවෙයි. සමහර හාමුදුරුවන්ගේ ක්‍රියාකලාප හේතුවෙන් බුදු දහම ලෝකයා ඉදිරියේ නින්දාවට පත්වෙනවා. (බ)
කාදිනල්තුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගමට අවශ්‍ය ගෞරවය හා නිසිතැන ලබාදී තිබෙනවා. ඊට අමතරව ලංකාවේ වෙසෙන ජනතාවත් බුද්ධ ධර්මයට මෙන්ම බහුතරයක් වන බෞද්ධ ජනතාවටත් ගෞරව කරනවා. ඒ ගැන අපිට ගැටළුවක් නැහැ. නමුත් පසුගිය කාලේ බෞද්ධ චීවරධාරීන් පිරිසක් විසින් එම තත්වය විනාශ කළා. දේශපාලකයින්ගේ හව්හරණය ලබමින් සමාජ ගණන්කාරයින් ලෙස හැසිරීම තුළින් බෞද්ධ දර්ශනය මෙන්ම බුද්ධිමත් බෞද්ධ ජනතාවගේ ගෞරවයත් ඔවුන් නැතිකළා. අනෙක් අය නිසි ගෞරවය අපට පුදනවිට එම ගෞරවය එලෙස තබා ගැනීමටත් අප පුරුදු පුහුණු වියයුතුයි. (නි)
හරියට හරි කාදිනල්තුමනි. ඔයටික සමහර අයට තේරෙන්නේ නැහැ. දේශපාලුවනේ, මේක තේරුම් ගනිල්ලා! රට ජාතිය ආගමට එරෙහිවන දේශපාලුවන් අපි තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැත. (නි)
තැනේ හැටියට ඇනේ ගහන්න හොඳ දැනුමක් ඇති, ආගමික නායකත්වයකට වඩා දේශපාලන නායකත්වයකට සුදුසු කෙනෙක් ලෙසයි මම එතුමාව දකින්නේ. (බ)
ගරුකටයුතු කාදිනල් තුමනි, එම වචන කිහිපය ආගමට හිමිවියයුතු තැන නොව සංඝරත්නයට හිමිවියයුතු තැන ලෙස නිවැරදි වියයුතුයැයි මගේ හැගීම වේ. මක්නිසාද යත් බුද්ධ සහ ධම්ම යන කරුණු ධම්ම ගවේෂී දනන් තුල ගසට පොත්ත සේ බැඳී පවතී. (බ)
අනේ ඔබතුමාට තිබෙන කැක්කුම අපේ නායකතුමන්ලාටවත් නැති හැටි? (නි)
ඔබතුමා අපිට සම්පතක් (නි)
මෙම කතාව සම්බන්ධයෙන් අපි අවංකවම සතුටුවෙනවා (නි)
කාදිනල් උතුමාණෙනි, ඔබවහන්සේට බොහොමත්ම පින්! (නි)
කාදිනල්තුමා ඔය කියන උතුම් බෞද්ධ සංස්කෘතිය එදා නම් අපේ සමාජයේ තිබුනා. එ්ත් ඇත්තටම වර්තමානයේ නම් සමහර සංඝයා කතාකරන වචන හා බණ අහන්නත් අප්‍රසන්නයි. ඉතින් කොහෙද අනිත් මිනිස්සු අපිට ගරුකරන්නේ? (නි)
හැබැයි මේ යහපාලනයක් කියලා ලංකාව පාවාදෙන්න හදන අයට නම් මේක තේරෙන්නේ නැහැ. ඔවුන් හදන්නේ ලෝකය සනසලා ලංකාවේ බුද්ධාගමට තියෙන තැන නැත්තට නැතිකරලා දාන්න. (නි)
හරිම සතුටුයි මේ දසුන දකිනවිට. ඔබ වහන්සේලාගේ ආශිර්වාදය මේ රටේ හැම දෙනාටම වටිනවා. මේ රටේ දේශපාලකයෝ මේ රටේ අහිංසක මිනිසුන්ව රවට්ට රවට්ටා රට විනාශ කරනවිට මේ අහිංසක මිනිසුන්ගේ පිහිටට හැමදාම හිටියේ පූජකතුමන්ලා විතරයි. අපිට මේ හොර දේශපාලකයන්ට වැඩිය ඔබවහන්සේලාව වටිනවා. (නි)
කාදිනල්තුමා කියා තිබෙන්නේ කාලෝචිත කියමනක්. මේ දේශපාලන ක්‍රමය සියලුම ආගම් විනාශ කරනවා. (නි)
සමහර පන්සල් දැන් දේශපාලකයින්ගේ තෝතැන්නක් වෙලා. සමහර සංඝයා වහන්සේලා දේශපාලකයින්ගේ අඬබෙර වෙලානේ. කාටද ඉතින් ආඩම්බර? මේ බෞද්ධ අපිටමනේ නේද? (නි)
පියතුමනි, මාගේ උපහාරය ඔබතුමාට පිරිනමනවා. ආගමික සහජීවනය අපි කුඩාකල සිට ඉගෙනගත්තෙමු. ඇතැමුන්ගේ පුහුමත මෙයින් දුරුවේවා!! (නි)
පියතුමාගේ වචන ටික ගොඩක් වටිනවා. (ර)
පන මෙන් රකිමු උපන් දේශය. ජාතිය ආගම. (ර)
මේ ශානලා වගේ අය නිසා තමයි මේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ? (නි)
බුදුදහම විනාශ මුඛයට අැද දමන්නේ අන්‍ය ජාතිකයන් නොව, බුදුදහම තුළම සිටින සමහර පුද්ගලයන්ය (නි)
යහපාලනය හා ආගමික සංහිඳියාවට මුවාවී, බුද්ධාගම රාජ්‍ය ආගම යන්න මකන්න හදන සමහරුන්ට හොඳ කණේ පහරක් (නි)
කාදිනල්තුමා කවදත් සත්‍යය කතාකරන කෙනෙක් (නි)
උදාර ගති ඇති සෘජු පුරුෂයෙක් වූ ශුද්ධ වූ කාදිනල්තුමනි, ඔබතුමන් කර ඇති මේ ප්‍රකාශය පරම ගාම්භීරයි. සමස්ත බෞද්ධයෝ වෙනුවෙන් මා ඔබතුමාට සිරස නමා ආචාර කරමි. (නි)
ශාන, ඒ කාරණය මෙතනට අදාළම නැහැනේ, නේද? (නි)
කාදිනල් පියතුමා කරපු ප්‍රකාශය කතෝලිකයෙක් වශයෙන් ඉතාම අගය කරනවා. අපිට අන් ආගමිකයන් සමඟ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ ආගම අපිට නිදහසේ කරගන්න අපිට පුළුවන්. බුද්ධාගමට රටේ ප්‍රදාන තැන හිමි වියයුතුබව මමත් පිළිගනිමි (නි)
කාදිනල් තුමනි මේ රටට ආදරයකරන සියලුම ලංකාවාසී ජනතාවගේ ගෞරවය ආදරය ඔබට නිරතුරුව ලැබේවා ඔබට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිට ලැබේවා.! (ර)
ඔබතුමාගේ කතාවට අප ඉතා ගෞරව කරමු (නි)
කාදිනල්තුමනි, අපේ මහා නායක හාමුදුරුවරුන්ටත් ඔබතුමාට තිබෙන උනන්දුව ලැබේවා කියා පතනවා. (නි)
මෙවන් කතාවක් අසන්න ලැබීමම සිතට සතුටක් (නි)
ඔබතුමන්ට අපේ ස්තූතිය! (නි)
පියතුමන්ගේ ආගමටද අපි ගෞරව කරමු. ඔබතුමන්ගේ අදහස් අප රටේ සියලු ජනතාවගේ ජනාදරයට හේතුවනු ඇත. රටේ සංහිඳියාව ඇති කළහැක්කේ ඔබතුමන්ලා වැනි අයට පමණි (නි)
පියතුමනි, ඔබගේ කතාවට අප සියලු දෙනා හිස නමා ආචාර කරමු. (නි)
පියතුමාට පුලුවන් නම්, අපේ සමහර චීවරධාරීන්ට විනය ගැනත් මතක්කරලා දෙන්න. ඒක බුද්ධ ශාසනයට කරන ලොකු සේවයක්. (නි)
ශාන, අපේ රටේ මිනිසුන්ගේ මොළ දේශපාලනය නිසා කුණුවෙලා ජරාජීර්ණ වෙලා තියෙන්නේ. ලංකාවේ වැසිකිළි වලට විතරයි දේශපාලුවන්ගේ නම් දාලා නැත්තේ . (නි)
මෙවන් ආකාරයට සිතන සොඳුරු මිනිසුන් රටට වාසනාවන්! (නි)
ඔබතුමාගේ කතාව ඉහළින්ම අගය කරමි (නි)
බුදුදහම නිර්මලයි. නමුත් මම දුටුවා පසුගිය දිනවල ජනමාධ්‍යය තුළින් නැගෙනහිර පළාතේ එක්තරා හිමිනමක් පොලිස් නිලධාරීන්ට කතාකළ ආකාරය. රටේ නීතිය මායිම් නොකරන මෙවැනි අයගෙන් මොනවාද අපි ලෝකයට දෙන ආදර්ශය? මෙන්න මේ අය තමා බුදුදහම විනාශය කරා රැගෙන යන්නේ. එමනිසා මේ අයගෙන් තමයි බුදුදහම රැකගන්න වෙලා තියෙන්නේ (නි)
ගරු කාදිනල් තුමාගේ කතාව ඉතාමත් කාලෝචිතයි ඔබ තුමාට දෙවි පිහිටයි. (ර)
සහජීවනයෙන් ජීවත්වෙන විදියේ රහස මෙයයි. බෞද්ධයෝ සැමදා සහය දෙයි, මෙහෙම එකට විශ්වාසයෙන් වැඩ කරනකොට (නි)
කාදිනල්තුමා ඉතාමත් වැදගත් ආදර්ශයක් දී තිබේ (නි)
අගරදගුරුතුමනි, ඔබගේ කතාවට අප සියලු දෙනා හිස නමා ආචාර කරනවා. ඔබලාටත් ඕනෑම ප්‍රශ්නයකදී අපි ඔබත් සමඟ ඉන්නවා (නි)
යුගයේ කාලීන දේශනයක් කළ අගරදගුරුතුමන්ට මගේ නමස්කාරය. මෙවැනි කතාවක් කියන්න හැකි තවත් අන්‍යාගමික එක පුජක උතුමෙක් හෝ සිටී නම් අපි පින්කළ බෞද්ධයෝ වෙමු. මම බෞද්ධයෙකු නිසාම මෙය කියනවා නොවේ. එ්ත් එතුමාට සත්‍ය පිළිබඳව ඇති අවබෝධයට අපි ගරු කළයුතුය. ආගමට හිමි වියයුතු තැන නීතියෙන් දෙන්නට සිදුවී ඇත්තේ අප තුළ ඇති දුර්වලකම් නිසා බව මෙම කියමනෙන් හොඳාකාරවම පැහැදිලි වේ. බුද්ධ දේශනාවේ ඇති දේ කවුරුත් කියෙව්වොත් කරුණු අවබෝධ කරගත හැකියි. (නි)
කාදිනල්තුමාගේ ප්‍රකාශය ගැන අපි මුලු හදින්ම සතුටුවෙනවා (නි)
අගරදගුරුතුමනි ,කුමන හේතුවක් නිසා හෝ නිශ්ශබ්දව සිටින බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇහැරවීමට උත්සාහ කිරීම ගැන, ඇත්ත පහදාදීම ගැන දස දහස් වරක් ඔබට පින්! (නි)
ඔබතුමාට බෞද්ධයෙක් හැටියට මම හිස නමා ආචාර කරමි. ඔබතුමන්ගෙන් මෙවන් කියමනක් අහන්න ලැබීම ඉතා අගයකොට සළකමි. දුක නම් මේවා අපේ නායකයන් යැයි කියාගන්නා සමහර අයට නොතේරෙන එකයි. (නි)
අපේ සමහර දේශපාලකයෝ සම්බාහන මධ්‍යස්ථාන විවෘත කරන්නෙත් බෝ පැලයක් හිටවලා. අපේ හාමුදුරුවරුන්ට නම් මොකුත් කියන්න අපිට හිතෙන්නේ නැහැ (නි)
පියතුමනි,ඔබතුමා ලොවටම ආදර්ශයක් ඇත්ත ඇතිසැටියෙන් දකින්න පුළුවන් එකම අන්‍යාගමික නායකයා ඔබතුමා වෙන්නැති. බෞද්ධ අය වෙනුවෙන් මම ඔබතුමාට හිසනමා ආචාරය,ගෞරවය පුදකරමි. සුවපත්වේවා (බ)
පියතුමනි ඔබතුමා විශිෂ්ටයි (බ)
කාදිනල් තුමනි ඔබ තුමාගේ ප්‍රකාශය ශ්‍රී ලාංකික අප සැමට ජාති ආගම් භේදයකින් තොරව ජීවත් වීමට මහත් පිටුවහලක්. පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලි වලට නොබෙදී - කියා කදිම ගීතයක් අතීතයේ ජනප්‍රියව තිබුනා (බ)
නැගෙනහිර පළාතෙ හිමිනම පොලිස් නිලධාරීන්ට කතා කරපු හැටි ලොකුවට උලුප්පා දමා ..එයම බුදුදමට අනියමින් සම්බන්ධකර වෙනස් විදිහට සිතන නිමල් වැනි අය.මංගලාරාමයේ හාමුදුරුවො එම තත්වයට පත්වෙන්න හා .එයට හේතු වූ කාරනා ඕනෑකමින් මගහැර නොදන්නාසේ මෙහි කොමෙන්ට්ස් දානවා (බ)
අපේ සමහර හාමුදුරුවොත් බහු ආගමික රටක් කරන්න හදන තැන ...ඔබ වහන්සේටවත් තේරෙන එක අපිට සතුටක්. (බ)
මදක් කල්පනා කර බලන්න . ඔබගේ ළඟම යහළුවෙක් හෝ යෙහෙළියක් වෙනත් ආගමිකයෙක් නම් ඔබ ඔහු හෝ ඇය සමග පවත්වාගෙන යන ඇසුර මොන වගේද කියා ... ඇයි ඔබ එලෙසින්ම හිතවතෙක් නොවන වෙනත් ආගමිකයෙක් දෙස ඒ අයුරින් නොබලන්නේ ...(බ)
අති ගරු කාදිනල් තුමාට අපේ උපරිම ආචාරය පිරිනමනවා. උතුරේ ඉන්න ද්‍රවිඩ සහ නැගෙනහිර ඉන්න මුස්ලිමානුවන්ට කිසිදා නොලැබෙන මිරිගුවක් පසු පස ලුහුබදින ජාතිවාදී ආගම්වාදී දේසපාලුවෝ සහ අනිකුත් සහචරයන්ට මෙතුමා උතුම් ආදර්ශයක් වේවා. (බ)
අප වටේ තිබුන සියලුම බෞද්ධ රටවල් අන්‍යාගමීකරණය වන විට ( පකිස්ථානය /ඇෆ්ගනිස්ථානය / බංගලාදේශය මාලදිවයින ) ලංකාවේ බෞද්ධ ධර්මය , අවුරුදු 2500 තිස්සේ පැවතීමේ රහස රාජ්‍ය පාලනය , බුදු දහම ආරක්ෂා කිරීමට බැදී සිටිය නිසයි .එහි සිදුකරන වෙනස , අප විසින් අපේම වළ කපා ගැනීමක් මය .(බ)
මංගල සමරවීර ට හොද උත්තරයක් කාදිනල් තුමා දීල තියෙන්නේ. මංගලට විතරක් නෙමෙයි යහපාලනේ හැමෝටම. (බ)
කාදිනල්තුමනි. ඔන්න ඕකයි අපි හැමෝම බලාපොරොත්තු වෙන සහජීවනය. ඔබතුමාට තෙරුවන් සරණයි ! (බ)
ඔබතුමාගේ කතාව 100% අපි අගය කරමු. එහෙත් සමහර භික්ෂුන් වහන්සේලා හැසිරෙන ආකාරය දැක්කහම අපිට හිතාගන්න බැහැ මේ කව්ද කියලා. මේවා නතර නොකර කිසිම දෙයක් කරලා වැඩක් නැහැ (නි)
බුද්ධාගමට නිසි තැන දෙන්න කලින් ආගම ජාතිය අවුල් කරන සංවිධාන නවතා දමන්න ඕනෑ (නි)
තිලක්, දීපාල් මහතුනි, වැරැද්දක් වුණා කියමුකෝ. මෙහෙමද හැසිරෙන්නේ? මම බුදු දහමට මෙය එකතු කරනවා නොව, මෙම දහම රකිනවා කියන්නේ මෙයාලද? රටක නීතියට ගරු කරන්න දන්නේ නැති අය ආගමේ තියන ගෞරවය රකියිද? (නි)
කාදිනල්තුමාගේ ප්‍රකාශය 25 වන දින එක්තරා රූපවාහිනි(පුද්ගලික) නාලිකාවක සම්පුර්ණයෙන් විකාශනය කළා. රට, ජාතියට හා බුදු දහමට ආදරේ උදවිය එය අහන්න වටිනවා (නි)