ඔක්ස්ෆර්ඩ් සරසවියේ වොල්ෆ්සන් විද්‍යාපීටය ලෙනාර්ඩ් වූල්ෆ් විසින් රචිත "බැද්දෙගම" නවකතාව පිළිබඳව සවිස්තරව සාකච්ඡා කෙරන එක් දින වැඩමුළුවක් සුදානම් කර ඇත.
බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවේ රජයේ සේවකයෙකු ලෙස රාජකාරිය කළ ලෙනාර්ඩ් වූල්ෆ් ලොව පුරා වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව ඉන්නේ "බැද්දෙගම" නවකතාවේ රචකයා ලෙසිනි.
ඔහු 1904 ඔක්තෝබර් මස සිට සිට 1911 මයි මස දක්වා ශ්‍රී ලංකාවේ ජීවත්විය. ලන්ඩන් නුවර සුප්‍රකට බ්ලුම්ස්බරි උද්‍යානයේ ඔහුගේ නමින් වෘක්ෂයක්ද රෝපණය කර තිබේ.
මෙම සෙනසුරාදා ඔක්ස්ෆර්ඩ් සරසවියේදී පැවැත්වෙන වැඩ මුළුවේදී "ලෙනාර්ඩ් වුල්ෆ් ශ්‍රී ලංකාවේ ගතකළ කාලවකවානුවේදී ඉංග්‍රීසිඅධිරාජ්‍යය කෙරෙහි දක්වනලද විප්ලවකාරී ආකල්පය මෙන්ම පසුකලෙක ඔහු විසින් සම්පාදනය කළ කරුණු , කෘති සමස්තය තුල ඉදිරිපත්කර ඇති දේශපාලනමය අර්ථකථන මෙන්ම රැඩිකල්වාදී මති මතාන්තර සමඟ බැද්දේගම කෘතියෙහි ඇති සහ සම්බන්ධතාවය" සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙයි.
එමෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පැවතී අවදියේ සහ ඉන් තදාසන්න කාලවකවානුවේ රචිත සමහර ඉංග්‍රීසි කෘතීවල දැක්වෙන සන්දර්භ විෂයන් සඳහා ලෙනාර්ඩ් වුල්ෆ්ගේ රචනා කෙතරම් බලපෑමක් සිදුකර තිබේද යන්න පිළිබඳවද මෙහිදී පුළුල්ව සාකච්ඡාකෙරෙනු ඇත. මේ සඳහා වර්ජිනියා වුල්ෆ්, ඊ.එම්.ෆොස්ටර්, ලිට්න් ස්ට්‍රචීවැන්නවුන්ගේ රචනා ආදර්ශ ලෙස යොදාගනු ඇත. වර්ජිනියා වූල්ෆ් ලෙනාර්ඩ් වුල්ෆ්ගේ භාර්යාවයි.
මෙම වැඩමුළුව සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියේ මෙන්ම අනෙකුත් විද්‍යායතනයන්හි විද්වතුන් බොහෝදෙනකු සහභාගීවීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ශේෂ්ට මිනිසෙක් . අපි අතරම ඉපදේවා (ස)
රොබට් නොක්ස් ලියපු " එදා හෙළදිව " පොත සිංහලෙන් කියවන්න ආසයි.. කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවද එම පොත ගන්න පුළුවන් තැනක් ගැන දන්න .... (ස)
එදා හෙළදිව සිංහල පරිවර්තනය එම. දඩී. ගුණසේන මගින් මුද්‍රණය කර ප්‍රකාශයට පත්කර තිබෙනවා. (ස)
ගුණසේන පොත් හලේ තයෙනවා. මේ පොත සිංහලෙන් (ස)
කරුණාකරලා තව විස්තර පළකරන්න පුලුවන්ද? (නි)
බැද්දේගම ටෙලිනාට්‍ය ඉතාම සාර්ථකයි . නූතන පරපුරට පවුල් සම්බන්ධතා ගැන ගතයුතු දේ හුඟාක් මෙහි දැක්වෙනවා (ස)
කියවිය යුතු පොතක් (ස)
නුගේගොඩ සරසවියෙත් තියෙනවා (ස)
එදා හෙළදිව ගැන කියූ සිරිමල් ඇතුළු සියලු දෙනාටම මගේ ප්‍රණාමය ... (ස)
ඒ වගේම අගය කළ යුතු ලේඛක මහත්තයෙක් තමයි ආර්.එල්. ස්පිට්ල් මහත්තයා.. සුදු වැද්දා සහ සුදු ගෝනා පුදුම හිතෙන කියවන්න කියවන්න ආස හිතෙන පොත් දෙකක්. දෙපළම ඉතාම සාදරයෙන් සමරමි..!(නු)
අපි අතර තවමත් පොතපත කියවන කට්ටිය සිටිනු දැකීම ඉතා සතුටට කාරණයක්. (නි)
පොත් කියවන අය ඉන්නවා කියලා දැනුනම හරිම සතුටක්.(නදී)
හැමදාම කියවන්න පුලුවන් පොතක්. (නි)
‘රන්බිම‘ පුවත්පතට මම ලියූ ‘බද්දේගම‘ නවකතාව පිළිබඳ විචාරයට හොඳ ප්‍රිචාරයක් ලැබුණා.(නදී)