IMG-LOGO

බැද්දේගම ලියු ලෙනාර්ඩ් වුල්ෆ් අගයයි

ඔක්ස්ෆර්ඩ් සරසවියේ වොල්ෆ්සන් විද්‍යාපීටය ලෙනාර්ඩ් වූල්ෆ් විසින් රචිත "බැද්දෙගම" නවකතාව පිළිබඳව සවිස්තරව සාකච්ඡා කෙරන එක් දින වැඩමුළුවක් සුදානම් කර ඇත.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවේ රජයේ සේවකයෙකු ලෙස රාජකාරිය කළ ලෙනාර්ඩ් වූල්ෆ් ලොව පුරා වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව ඉන්නේ "බැද්දෙගම" නවකතාවේ රචකයා ලෙසිනි. 

ඔහු 1904 ඔක්තෝබර් මස සිට සිට 1911 මයි මස දක්වා ශ්‍රී ලංකාවේ ජීවත්විය. ලන්ඩන්  නුවර සුප්‍රකට බ්ලුම්ස්බරි උද්‍යානයේ ඔහුගේ නමින් වෘක්ෂයක්ද රෝපණය කර තිබේ.

මෙම සෙනසුරාදා ඔක්ස්ෆර්ඩ් සරසවියේදී පැවැත්වෙන වැඩ මුළුවේදී "ලෙනාර්ඩ් වුල්ෆ් ශ්‍රී ලංකාවේ ගතකළ කාලවකවානුවේදී ඉංග්‍රීසිඅධිරාජ්‍යය  කෙරෙහි දක්වනලද විප්ලවකාරී ආකල්පය මෙන්ම පසුකලෙක ඔහු විසින් සම්පාදනය කළ කරුණු , කෘති සමස්තය තුල ඉදිරිපත්කර ඇති දේශපාලනමය අර්ථකථන මෙන්ම රැඩිකල්වාදී මති මතාන්තර සමඟ බැද්දේගම කෘතියෙහි ඇති සහ සම්බන්ධතාවය" සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙයි.

එමෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පැවතී අවදියේ සහ ඉන් තදාසන්න කාලවකවානුවේ රචිත සමහර ඉංග්‍රීසි කෘතීවල දැක්වෙන සන්දර්භ විෂයන් සඳහා ලෙනාර්ඩ් වුල්ෆ්ගේ රචනා කෙතරම් බලපෑමක් සිදුකර තිබේද යන්න පිළිබඳවද මෙහිදී පුළුල්ව සාකච්ඡාකෙරෙනු ඇත. මේ සඳහා වර්ජිනියා වුල්ෆ්, ඊ.එම්.ෆොස්ටර්, ලිට්න් ස්ට්‍රචීවැන්නවුන්ගේ රචනා ආදර්ශ ලෙස යොදාගනු ඇත. වර්ජිනියා වූල්ෆ් ලෙනාර්ඩ් වුල්ෆ්ගේ භාර්යාවයි.

මෙම වැඩමුළුව සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියේ මෙන්ම අනෙකුත් විද්‍යායතනයන්හි  විද්වතුන් බොහෝදෙනකු සහභාගීවීමටද නියමිතය.



අදහස් (0)

බැද්දේගම ලියු ලෙනාර්ඩ් වුල්ෆ් අගයයි

සිරිල් Tuesday, 05 March 2013 03:50 PM

එදා හෙළදිව ගැන කියූ සිරිමල් ඇතුළු සියලු දෙනාටම මගේ ප්‍රණාමය ... (ස)

:       1       0

සුදේශ් Tuesday, 05 March 2013 12:33 PM

ඔබ ශේෂ්ට මිනිසෙක් . අපි අතරම ඉපදේවා (ස)

:       0       0

සිරිල් Tuesday, 05 March 2013 12:33 PM

රොබට් නොක්ස් ලියපු " එදා හෙළදිව " පොත සිංහලෙන් කියවන්න ආසයි.. කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවද එම පොත ගන්න පුළුවන් තැනක් ගැන දන්න .... (ස)

:       0       0

සේනානායක Tuesday, 05 March 2013 11:46 PM

අපි අතර තවමත් පොතපත කියවන කට්ටිය සිටිනු දැකීම ඉතා සතුටට කාරණයක්. (නි)

:       0       0

සේනානායක Tuesday, 05 March 2013 11:42 PM

පොත් කියවන අය ඉන්නවා කියලා දැනුනම හරිම සතුටක්.(නදී)

:       0       0

සේනානායක Tuesday, 05 March 2013 11:48 PM

හැමදාම කියවන්න පුලුවන් පොතක්. (නි)

:       0       0

සිරිමල් Tuesday, 05 March 2013 01:06 PM

එදා හෙළදිව සිංහල පරිවර්තනය එම. දඩී. ගුණසේන මගින් මුද්‍රණය කර ප්‍රකාශයට පත්කර තිබෙනවා. (ස)

:       0       0

සරත් Tuesday, 05 March 2013 01:07 PM

ගුණසේන පොත් හලේ තයෙනවා. මේ පොත සිංහලෙන් (ස)

:       0       0

එස්.කේ. අතුකෝරල Wednesday, 06 March 2013 11:27 AM

‘රන්බිම‘ පුවත්පතට මම ලියූ ‘බද්දේගම‘ නවකතාව පිළිබඳ විචාරයට හොඳ ප්‍ර‍ිචාරයක් ලැබුණා.(නදී)

:       0       0

සුමිත්‍ර Tuesday, 05 March 2013 01:39 PM

කරුණාකරලා තව විස්තර පළකරන්න පුලුවන්ද? (නි)

:       0       0

රජීන්ද්‍ර Tuesday, 05 March 2013 01:40 PM

බැද්දේගම ටෙලිනාට්‍ය ඉතාම සාර්ථකයි . නූතන පරපුරට පවුල් සම්බන්ධතා ගැන ගතයුතු දේ හුඟාක් මෙහි දැක්වෙනවා (ස)

:       0       0

ලලිත් දෝහා Tuesday, 05 March 2013 06:47 PM

ඒ වගේම අගය කළ යුතු ලේඛක මහත්තයෙක් තමයි ආර්.එල්. ස්පිට්ල් මහත්තයා.. සුදු වැද්දා සහ සුදු ගෝනා පුදුම හිතෙන කියවන්න කියවන්න ආස හිතෙන පොත් දෙකක්. දෙපළම ඉතාම සාදරයෙන් සමරමි..!(නු)

:       0       0

දුමින්ද Tuesday, 05 March 2013 02:08 PM

කියවිය යුතු පොතක් (ස)

:       0       0

පෙරේරා Tuesday, 05 March 2013 03:06 PM

නුගේගොඩ සරසවියෙත් තියෙනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site