IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බුදු සසුනේ ප්‍රමුඛත්වය වෙනසක් නෑ

ආගමික වශයෙන් ඇති සංස්සථාගත අයිතිය හා ඊට කිසිදු බාදාවක් ඇති නොවන ආකාරයට අවශ්‍ය වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර බුද්ධ ශාසනයට ඇති ප්‍රමුඛත්වය ඒ අයුරින්ම ආරක්ෂා වන ආකාරයට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හමුවේ පැවසීය.

මහා සංඝරත්නයේ දහස්නමක් විෂයෙහි අරලිය ගහ මැදුරේදි මාර්තු 8 වැනිදා පැවැත්වෙන දානමය පිංකමක් සදහා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය භික්ෂුන් වහන්සේලාට ආරාධනා කිරිම පිණිස අගමැති පැමිණියේය.

එක්සත් ඡාතික පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හෝ මහ ආණ්ඩුව පළාත් සභා වශයෙන් බෙදි වෙන් විමෙන් ඇතිවන ප්‍රතිපලයක් නොමැති බවත් අවශ්‍ය වන්නේ පැහැදිලි ප්‍රතිපත්ති බවත් ඡාතික සැලැස්ම අනුව ඒ ඒ පළාත් දියුණු කිරිම බවත් අග්‍රාමාත්‍ය වරයා කිය.

මේ සඳහා පලාත්  ඇමති වරුන්, පලාත් සභා මහ ඇමැතිවරුන් හා ඇමැතිවරු ඇතුඵ නියෝඡිතයින්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවා එමගින් අවසන් වාර්තාවක් ගැනිමට බලාපොරොත්තු වන බවත්  එම ක්‍රියාව තමාම ඒ ඒ පළාත් වල ගොස් සොයා බලන බවත් මහනුවර නගර සංවර්ධන සැලැස්ම කඩිනමින් ක්‍රියාත්මක කරන බවත්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශවයේ මහනායක ගලගම ශ්‍රි අත්ථදස්සි මහනාහිමියන් හට පැවසීය.

බුද්ධ ශාසනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පතට ඇතුළත් විය යුතු සියලු දේ මහා සංඝරත්නයේ අදහස් අනුශාසනා ඇතිව ක්‍රියාත්මක කරන බවත් ඔබ වහන්සේලාට අවශ්‍ය දේ අවශ්‍ය පරිදි සකස් කර රඡයට භාර දුන් පසු ඒවා ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය වරයා අස්ගිරි පාර්ශවයේ මහනායක ගලගම ශ්‍රි අත්ථදස්සි මහනාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභික හිමිවරුන්ට පැවැසු බවත් අස්ගිරි පාර්ශවයෝ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ කීහ.

අස්ගිරි පාර්ශවය කාරක සංඝ සභාව නියෝඡනය කරමින් ආනමඩුවේ ධම්මදස්සි,මැදගම ධම්මානන්ද,ගොඩගම මංගල,කුඹුක්කදන්වල පුඤ්ඤරතන,නාරංපනාවේ ආනන්ද හිමිවරුද අමාත්‍ය වරුන් වන මලික් සමරවික්‍රම,ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

L-1 L-2 L-3 L-4 L-5 vlcsnap-2016-02-13-21h20m40s253



අදහස් (0)

බුදු සසුනේ ප්‍රමුඛත්වය වෙනසක් නෑ

ඩිල්ෂාන් Sunday, 14 February 2016 03:39 PM

ඒක තීරණය කරන්නේ බෞද්ධයෝ මිස , පාර්ලිමේන්තුව නෙවෙයි. බයිලා වැඩක් නැහැ.(රේ)

:       0       0

අතුල Sunday, 14 February 2016 04:16 PM

හාමුදුරුවන්වත් අන්දවන්න යන්නේ රටේ මිනිස්සුන්ව ආණ්ඩුව වගේ!(රේ)

:       0       0

භද්‍රානි Sunday, 14 February 2016 08:35 PM

මේ පන්සල් යන විදිහට අපේ රටේ නිවන් යන්නේ දේශපාලකයෝ විතරයි වගේ. මේ විදිහට ගියොත්, අහිංසක අපිට එහෙවත් තැනක් ඉතුරුකරන එකක් නැහැ (නි)

:       0       0

සුපුන් Sunday, 14 February 2016 09:03 PM

පොරොන්දු කඩකළ අය ගැන තවදුරටත් විශ්වාශයක් තැබිය හැකිද? (නි)

:       0       0

උපුල් Sunday, 14 February 2016 11:04 AM

අවශ්‍යව ඇත්තේ පනත් වලින් ශාසනය ආරක්ෂා කිරීම නොවේ. භික්ෂුවට ඇති පනත ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ඒ උතුම් වූ විනය පිටකයයි. විනය කඩකරන භික්ෂූන් හට ගතයුතුව ඇති විනය නීතී පැහැදිලිව දේශනාකොට ඇත. ලොව පුරා අදටත් උතුම් වූ රහතන් වහන්සේලා ඇත. අවශ්‍ය වන්නේ මෙවන් වූ උතුම් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාගේ අනුදැනුම ඇතුව, ශාසන චිරස්ථිතිය සඳහා, නැවතත් ධර්ම සජ්ඣායනාවක් කිරීමයි. ඒ උතුම් වූ සුපිරිසිදු දහම් ප්‍රචාරය කිරීමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site