‘මේ රජය යටතේ මේ රටේ බුද්ධ ශාසනය විනාශ වී යන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දැනට ක්‍රියාත්මක වෙනවා. රටේ අගමැති වශයෙන් ඔබතුමා මේ ගැන නොදැන ඉන්න බැහැ. ඉදිරි මැතිවරණයක් නිසා බුද්ධ ශාසනා රක්ෂක යෝජිත පනත පවා යට ගහන්න යන බවට මට විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගන්නට ලැබී තියෙනවා.‘ යැයි උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත මහා නායක හිමියෝ මාතලේදී පැවැසූහ.
119 වැනි සමස්ථ ලංකා දහම් පාසල් දින ජාතික උත්සවයේදී පැවැසූහ.
පංසල් භූමියක යම් ඉදිකිරීම් රජයේ වියදමින් කරනවා නම් එම භූමියේ නෛතික අයිතිය රජයට පවරන්න ඕන බවට චක්‍ර ලේඛ මගින් මධ්‍යම පළාතේ පංසල් වලට දැනුම්දී තිබෙන බවත් මේ පිළිබද රටේ අග්‍රමාත්‍යවරයා වශයෙන් ඔබතුමා මෙහිදි ප්‍රකාශයක් කළ යුතු බවද මහනායක හිමියෝ මෙහිදි පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට පිළිතුරු අර අහවල් සේනාවගෙන් අහනවා නම් නරකද? (නි)
සත්‍යයා, ඒ වුනාට මෙහෙම සල්ලි ආවේ නැහැ ඒ කාලේ. දැන් බෞද්ධයෝම සල්ලිවලට විනාසේ කරනවා. ලැජ්ජයි මේ මිනිස්සු ගැනත් ඇස් පියන් ඉන්න පාලකයෝ ගැනත්.(නදී)
අනේ අපේ ශාසනය! (නි)
මොකක්ද කුමන්ත්‍රණය ? (දී)
තදබල චෝදනාවක්. දැන්වත් පාලකයන්ට හැලියේ වතුර උණු වෙන වග දැනිය යුතුයි. (නදී)
හැබෑටම මොකද්ද ඔය කියන කුමන්ත්‍රණය (දී)
බුද්ධ ශාසනය විනාශ වෙන්න පටන් ගත්තේ මේ ආණ්ඩුව එන්න බොහොම කලින්. ඒ කියන්නේ බණ්ඩාරනායක යුගයේත් මේ බලවේග හොල්මන් කළා. (නි)
අපේ හාමුදුරුවනේ බුද්ධ ශාසනය රැකගන්න උදව්වෙන්න. බෞද්ධයන් සියලුම දෙනා අත්වැල් බැඳගමු සියලුමබෞද්දයන් සහ අහිංසක රටවැසියන්ට අපේ උරුමය රැකගන්න ශක්තිය දහිරිය ලැබේවා! තෙරුවන් සරණයි (නදී)
මමත් මහනාහිමියන්ගේ කතාව අනුමත කරනවා. ඒ වගේම මෙතන සමහර අදහස් දාල තියෙන අයට අැයි බැරි තමන්ගේ නියම නමින්ම අදහස් පල කරන්න (නදී)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා මේ එන දේශපාලකයෝ පිළිනොගෙන ඇත්ත කතා කරන්ඩ, වැරදි දේට විරුද්ධ වෙන්න (නදී)
පෙර රජ දවාස්ත් අපේ බුද්ද ශාසනය බේරාගන්න පෙරමුණ ගත්තේ මහා සංඝරත්නයයි.ඔබ වහන්සේ කළ ප්‍රකාශය හරිම වැදගත්.අපි හැමෝම ඔබ වහන්සේ සමඟ ඉන්නවා.අපි මේ වෙන දේ රටේ නායකයන්ට පෙන්නලා දෙන්න බලමු (නි)
දහමට අත තබන කිසිවෙකුටත් පැවැත්මක් නැහැ. (නි)
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
ඔබ වහන්සේලා වහාම ක්‍රියාත්මක නොවුනොත් පන්සල් වලට අයත් ඉඩම් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ප්‍රමාද වෙලා හරි ප්‍රකාශයක් කල එක ලොකු දෙයක්. බුද්ධ ශාසනය අද පවතින දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කරන්න ඔබවහන්සේලා පෙරමුණ ගන්න.(නදී)
මේ කියන දේට මමත් එකඟයි (නි)
අපේ ගොඩක් අයට ඇත්ත තේරෙන්නේ නැහැ. (නි)
සුද්දෝ මුඩුබිම් පනත ගෙනල්ලා අපේ විහාර දේවාල වලට අයිතිව තිබු ඉඩම් කොල්ල කෑවා. ඔබ වහන්සේට රට ජාතිය ආගම වෙනුවෙන් සටන් කිරීමට ශක්තිය ධෛර්ය දීර්ඝායුෂ ලැබේවා!.(දී)
ලංකාව බුදුන් වැඩිය දේශයයි රැක ගැනීම අප සතු වගකීමක් !! (අ)
නිමල් ලලිත. ඔයාලා ඉතිහාසය ඉගනගන්නේ ටෙලිනාට්‍යවලින් වගෙයි. යුරෝපීයයන් මේ රටට එන්න ඉස්සෙල්ල බුද්ධ ශාසනේට තර්ජන තිබුනෙම නැද්ද? (අ)
අපිට ඕක තේරිලා ගොඩක් කල් . (අ)
එඩිතර ප්‍රක්ෂයක් (දී)
මැද රට පළාත් සබාව ගන්නේම ඔය වගේ බහුබූත තීරණ. මේවට දෙගොල්ලම වග කියන්න ඕනේ (අ)
හැම රටකම රජය ඒ රටේ සංස්කෘතිය ගොඩනැඟූ ආගම දහම රකිනවා.සෞදිය, ඉන්දියාව, එන්ගලන්තය වුණත් එහෙමයි. (නි)
ඔබ වහන්සේට තෙරුවන් සරණයි (දී)
මහනායක හාමුදුරුවනේ දැන්ද ඔබ වහන්සේලාටත් ඇස් අැරුනේ (නදී)
අද මුලු ලංකාවේම තිබෙන්නේ යම්කිසි මවාපෑමක් පමණයි (නි)
මේ බුදු සසුන රැක දෙන්න ඊට වඩා පිනක් නැහැ (දී)
අනේ අප්පුහාමි, සුද්දෝ මුඩුබිම් පනත් ගෙනල්ල විහාර දේවාල ඉඩම් කොල්ල කෑවා කියන කතාව හොයාගත්තේ කොහෙන්ද? මහා තකතීරු කතාවක්නේ. විහාර දේවල ගම පනතින් තමයි ඉංග්‍රීසි ආන්ඩුවෙන් සමහර සිද්ධ්ස්තානවලට අක්කර දාස් ගණන් වෙන් කරලා දුන්නේ. ඒවා අද කන්නේ කවුද? පන්සල්වලට හේත්තු වෙච්ච සමහර පවුල් තමයි ඒවාගෙන් පොරෝජන ගන්නේ. බුදු හාමුදුරුවන්ට, සැරියුත් මුගලන් ආදී රහතන් වහන්සේලාට එදා කෝසල, බිම්බිසාර , ලිච්චවී ආදී රජවරු අක්කර දාස් ගණන් පිදුවද? හාමුදුරුවරුන්ට මොකටද ඉඩම්? ඔන්න ඔතනින් තමයි සාසනේ පරිහානිය පටන් ගත්තේ. තව ටිකක් වර්දනේ වුනා හාමුදුරුවන්ට පඩිකාර රස්සා ලැබෙන්ට වුනාම. හාමුදුරුවෝ දේසපාලන බැස්සම හොඳටෝම සාසනේ පිරිහුණා.(නදී)
ලංකාවේ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් කරන්නේ මොනවද? (දී)
නිරාන් කියන දේ හරි. කරන්න තියන දේ පැත්තකින් තියලා පැවැත්ම ගැන විතරක් හිතලායි සමහරු වැඩ කරන්නේ. කෝටි ගණන් නාස්ති කරනවා. උඩින් බුදුදහම ඔලුව උඩ තියාගෙ ඉන්නවා. එහෙත් යටින් කරන්නේ වෙන වැඩ. වැඩි කල් නොගිහින් මේවා මිනිස්සු තේරුම් ගනීවි. (නි)
රජය වගකීමෙන් පිට පනිනවා (දී)
ආගම දහමට මුල් තැනක් දීම අවශ්‍යයි (නි)
ඔබ වහන්සේගේ හඩ අවදිකිරීම රටට සෙතක්. (නි)
නිමල් ඔබට තේරෙන්නේ නැහැ බොදුබල සේනාව වගේ සංවිධාන නැත්නම් මෙලහකටත් බුද්ධ ශාසනය අන්තවාදීන් විසින් විනාශ කරලා. අපේ නායක හාමුදුරුවනේ ඔබ වහන්සේවත් මේ බව අපේ නායකයන්ට කියල දෙන්න. ඔබ වහන්සේලා මේ හැමදේටම පෙරමුණ ගත්තොත් අපිට ලොකු සැනසීමක්. තෙරුවන් සරණයි...! (නදී)
ගොඩාක් පරක්කු වෙලානේ තේරිලා තියෙන්නේ. සෝම හාමුදුරුවෝ මේක දැක්කේ අවුරුදු 15 කට කලින්. කාට කියන්නද? දැන් විනාස වෙලා ඉවරයි. ඉස්සෙල්ලම කරන්න ඕනේ ප්‍රධානම 5 කියන්නද? 1. අර ප්‍රේමදාස ඇතිකළ, හාමුදුරුවන්ට රස්සා කරන එක නවත්වන්න, 2. විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරන එක නවත්වල, පිරිවෙන් අද්‍යාපනය පමණක් ලබා දෙන්න. 3. ඊට පස්සේ රටට ආදරේ කරන නායකයන්ට උදව් කරන්න. 4. බුද්ධාගම ආරක්ෂා කරන පනත් ටික සම්මත කරන්න. 5. සිංහල බෞද්ද පවුල් වලට උදව් කරන්න විධි විධාන ඇති කරන්න. (දී)
එකමුතු ශ්‍රී ලාංකිකයින් අපිට කවදා දකින්න ලැබේවිද? (නි)
පන්සලත් කොල්ල කන්න හදන දේශපාලුවෝ කොහෙන් මට්ටු වෙයිද මේ කන මංකොල්ල කෑමට (නදී)
ඔබ වහන්සේලාගේ දෙනෙත් ඇරෙන්න තිබුනේ මීට බොහොම කලින්. (නි)
නායක හාමුදුරුවනේ රැක දෙන්න බුදුසසුන (දී)
දැන් ඔබවහන්සේට මොන මොන කතා කියයිද දන්නෙ නැහැ (නි)
අනේ බුදුසසුනට ගිය කලක්! (නි)
නහන රුපුන් වනසා රට දය රැකුම මහන කමත් බන දහමත් එයයි මට (නදී)
රජයට වෙන වැඩ ඇත්තෙම නැද්ද? (නදී)
ඒ වගේ දෙයක් වෙනවා නමුත් වග කිව යුත්තෝ කවුද? එක ඇඟිල්ලක් ඉස්සරහට නම් අනෙක් ඇඟිලි හතර කොහාටද? (නදී)
අපේ අගමැති මොකද කීවේ? අනේ මෙහෙම බල ලෝභයක්. අපේ ඇස් පනාපිටම මේවට නිසි පිළිතුරු සොභාව ධර්මයෙන්ම ලැබේවා. (නදී)
සත්‍යා කියන දේ හරි (දී)
ඕනෑම දෙයක් විනාශ කලත්, තව කාලයක් යන තෙක් බුදුදහම විනාශ කරන්න නොහැකිය. යම් කෙනෙක් එහෙම උප්පරවැට්ටි යොදනවා නම්, ඒ අවසාන මනුෂ්‍ය ආත්මය ගත කරන කෙනෙක් කියා අනුමාන කල හැක. ඒ වගේ උදවියට, මේ ලෝකය විනාශය දක්වා වත්, නැවත මනුෂ්‍ය භාවයක් නොලැබෙනු ඇත. (දී)
අති පුජ්‍ය මහානායක බුද්ධ පුත්‍රයාණෙනි, ඔබේ දෙපා පසඟ පිහිටුවා නමස්කාර කරමි. අව්‍යාජ ප්‍රකාශය ඉතා කාලෝචිත බව මට හැඟේ. (නි)
සිතුමිනිගේ යෝජනා කාලෝචිතයි කියලා හිතෙනවා. (ස)
බුද්ධ සාසන අමාත්‍යාංශය තියෙන්නේ බුද්ධ ධර්මය වටා ගොනුවූ මානව හිතවාදී සත්‍ය දර්ශනය මිනිස් හදවතෙන් ගිලිහි නොයන ලෙසින් රැක ගැනීමට සුදුසු කාලෝචිත ක්‍රමවේදයන් සකස් කර ඒවා ක්‍රියාත්මක කිරීමටයි (නි)
ඔබ වහන්සේත් ඔහොම දේශනා කරනවා. ඊට පස්සේ මොකුත් සද්දයක් නැහැ (නදී)
රත්නායක මහතාගේ කීම හරි, සත්‍යා බුදු දහම, බොදු අයිතිය විනාශ කිරීමේ හොල්මන තිබුනේ යුරෝපියන් මේ රටට ආපුදා සිට. එහෙත් බණ්ඩාරනායක යුගයේ තමයි බුදු දහම රාජ්‍ය ආගම වශයෙන් රජය විසින් රැකිය යුතු ව්‍යවස්ථාවෙන්ම සම්මත කර තිබුනේ. ඒ සියල්ලම නැති කලේ ජයවර්දන ජනපතිගේ විදායක ජනාදිපති ව්‍යවස්ථාවයි. දැන් කල යුත්තේ වෙන විනාසය වලක්වා ගැනීම මිස අැද පලුදු සොයමින් සිටීම නොවේ. (නදී)
ගරු නායක හමුදුරුවන් කළ ප්‍රකාශය කල් පසු වී හරි ඇත්තක්. මීට වඩා ඉක්මනින් සහ ඍජුව කතා කරනවා නම් අපට ආදර්ශයක්. ඇත්ත ඇති සැටියෙන් දකිමු. බොරුව රජවෙන්ඩ දෙන්ඩ එපා.(නදී)
ඔබ වහන්සේලා දේශපාලන අතකොලු නොවී බුද්ද සාසනය වෙනුවෙන් කතා කරන්න. ආණ්ඩුවෙන් මැති ඇමති තුමෙක් ගියාම කියන්නේ වෙන දෙයක් නේ. විපක්ෂයෙන් ගියාම තව වෙන දෙයක්. කාටවත් බනිනවට වඩා සාසනය පිරිසුදු කර ගන්න එක වටිනවා.(නදී)
රටේ ව්‍යවස්තාවට අනුව රාජ්‍ය ආගම බුද්ධාගම. ව්‍යවස්තාවේ වගන්ති සහ රටේ අනෙකුත් නීති බෞද්ධ දර්ශනයට අනුකුලද කියල පර්යේෂණයක් කරන්න කියල දැන උගත් අයගෙන් කරන කාරුණික ඉල්ලීම. මහානායක හාමුදුරුවන්ට හැකියාව තියෙනවා බෞද්ධ දර්ශනය පිළිබඳව හොඳ දැනුමක් ඇති දේශපාලන හා සමාජ විද්‍යාවන් සහ නීතිය පිලිබඳ ප්‍රවීනයන් කණ්ඩායමකට ආරාධනය කරන්න මේ වැඩේ ඉක්මනින් කරලා දෙන්න කියලා. නාමික බෞද්ධයෙක් රාජ්‍ය නායකයා වූ පමණින් බුද්ධ ශාසනය රැකෙන්නේ නැහැ. (නදී)
නායක ස්වාමින්වන්සේ දැන්වත් මේ ගැන තේරුම් ගැනීම ගැන ගොඩක් සන්තෝස වෙමි. දැනටමත් රට ආගමිකව හා සමාජීය වසයෙන් ගොඩක් දුරට විනාස කරලා ඉවරයි. නොබියව සියලු සඟ රත්නය එකතුවෙලා අනෙකුත් ආගමික නායකතුමන්ලවත් එකඟ කරගෙන වැඩ පිළිවෙලක් හදන්න මහනායක හිමියනි. මේ රට මෙහෙම ගියොත් මනුශ්‍යයින්ට නොව තිරිසන් සතෙකුටවත් ජිවත් විය නොහැකි රටක් වෙනවා නොඅනුමානයි (නදී)
මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් කියන්නේ මේ රටේ සංග රත්නයේ මුදුන් මල්කඩ. ඔබ වහන්සේලා ඉතිහාසයේ සිටම අපක්ෂපාතිව බුදු දහම හා ජාතිය වෙනුවෙන් පෙනී සිටියා. අපිට කලයුතු දේට මග පෙන්වන්න හාමුදුරුවනේ. අපි මොන පක්ෂයේ සිටියත් අපේ සංග රත්නයට අවනතයි හාමුදුරුවනේ. මුළු ජාතියම එක්වන්නේ ඔබවහන්සේලා ඉදිරියේ පමණයි. (දී)
රට එන්න එන්න විනාශ වෙනවා. (නදී)
ඔබ වහන්සේ නිවැරදියි අපේ හාමුදුරුවනේ (දී)
නායක හාමුදුරුවන්ට දැන් හරි තේරෙනවා නම් ලොකු දෙයක්. කියන්ඩ තියන දේවල් කිව්වොත් මේ ගොල්ලෝ පලකරන්නේ නැහැ (නදී)
ඔබ වහන්සේලාගේ පුහු බියක් තියෙන්නේ , ප්‍රතමෙන් මහනායක එකමුතුව ආදර්ශමත් වියයුතුයි. (දී)
එන්නකෝ චන්දෙ ඉල්ලගෙන ........ (දී)
බුදු සසුන රැකදෙන්න හාමුදුරුවනේ (දී)
වගකීමෙන් කියූ කතාවක් ද අපේ හාමුදුරුවනේ (දී)
ලංකාවේ ලොකු ලොක්කොත් කුඩු කන්ටේනර් මුදාහරින්න ලියුම් දෙනවා නම්, බුද්ධ ශාසනය ගැන කවර කතාද හාමුදුරුවනේ? (නි)
අපේ හාමුදුරුවනේ බුදු බව ඇත වෙනවා (දී)
නිදහසෙන් පස්සේ මේ රට බාර ගත්ත හැමෝම කරේ ඔයටික තමා අපේ හාමුදුරුවනේ ප්‍රශ්නය තියෙන්නේ ඊළඟට බාර ගන්න ඉන්න ඉතිරි ටික කොහොම කාල දමාවිද යන්නයි (දී)
ඔබ වහන්සේ හඬ අවදි කරපු එකත් ලොකුදෙයක් අපේ හාමුදුරුවනේ, මේ උත්සාහය වචනවලට සීමා කරන්න එපා අපි සැවොම ඔබ සමග ඉන්නවා. (දී)
මේක දැන් අනිත් පක්ෂ ආයුදයක් කරගෙන මේ තියෙන ටිකත් නැති කරනවා කාටත් මතක ඇතිනේ අවුරුදු දෙකක් බලයේ හිටපු කාලේදී සිදුවීම් (නදී)
රජය එසේ කලානම් ඒ දේ වැරදියි (දී)
බොහොම හොඳයි. පළමු පියවර ඔන්න එහෙනම් තිබ්බා (නි)
ඔබ වහන්සේ කියන දේ හරි රජයේ වගකීමක් තමයි මේ (දී)
බොදු බල සේනා, සිංහල රාවය භික්ෂුන් වහන්සේලාට වක්‍රකාරව දොස් නගන අය කරුණාකරලා දෙරණ නාලිකාවේ ස්වර්ණපාලි ටෙලි නාට්ය බලන්න.(නදී)
සර්වාගමිකයකුගෙන් සාධාරණ ප්‍රකාශයක් ගන්න බැරිවෙයි අපේ හාමුදුරුවනේ.(නදී)
බුදුසසුන විතරක් නෙමේ රටත් ඉවරයි (නදී)
කාර් රේස් සිද්දියේදී ඔබ වහන්සේලා ඉතා තදින් හිටියනම් මේ වෙනකොට සැහෙන දෙයක් කරගන්න තිබුන. (දී)
ඔබ වහන්සේට වගේම අනෙකුත් මහා නායක හිමිවරුනුත් මේ දේවල් වලට එරෙහි විය යුතු කාලය එළඹ ඇත. බුද්ධ ශාසනය අනතුරක තියෙන වෙලාවක පදවි තනතුරු ගැන නොහිතා කටයුතු කළ යුතුයි. (නදී)
පුදුමයක් එත් සත්‍යයක්. අපි බලාපොරුත්තු වෙන්නේ සංඝයා වහන්සේලා මේ වගේ නොබියව නියම විදිහට කතා කිරීම තමා. රට නැතිකරන දේශපාලකයෝ කරන කියන දේවල් වලට ඇහැ කන පියාගෙන ඉන්න එපා හාමුදුරුවනේ .රට බෙර ගන්න දැන්වත් සංඝ සම්මේලනයක් පවත්වන්න. මේ රටේ ගොඩගන්න . (දී)
සල්ලි හම්බවෙනවා නම් බලේ ඉන්න පුලුවන්නම් තමන්ගේ රට, ජාතිය,ආගම විතරක් නෙවෙයි අපේ අය අම්ම තාත්තත් විකුනාවි (නදී)
මහනායක හිමියන් ප්‍රකාශ කල දේ සහතික ඇත්ත. (නදී)
ඔබවහන්සේලාට තෙරුවන් සරණයි (දී)
මගේ රට විනාශ කරන්න එපා (දී)
අපි පරක්කු වැඩියි (දී)
ගොඩක් දේවල් අපිට වැටහෙද්දී පෙරහැර ගිහින් ඉවරයි, අපේ හාමුදුරුවනේ! ඒක අපේ ජාතියේ අවාසනාවක්.(දී)
මෙහෙම දෙයක් කිවුව එක ගැන සතුටුයි (නි)
මේවා කාට කියන්නද හාමුදුරුවනේ (දී)
පලවෙනිවතාවට ඕකට ඉඩදෙමු හාමුදුරුවනේ, ඊටපස්සේ ප්‍රදෙශිය සභා සභාපතිලා ඒ ඉඩම්වල ඉදිකිරීම් හදල රටටම එකක්, අපට ගොඩක් කියල ඒ අයත් ජීවනෝපාය හදාගනීවි. (දී)
මහනායක හිමියන් මෙහෙම කතාකරන එක ලොකු දෙයක්. (නි)
නායක හාමුදුරුවනේ මගේ දැනුමේ හැටියට වැඩියම බුදුදහමට විනාශයක් කරන්නේ අතලොස්සක් නීතිය අතට අරගන ඉන්න සිවුර ඇඳගත්ත කීපදෙනෙක්. මම හිතනවා නායක හාමුදුරුවරු එකතුවෙලා සංඝායනාවක් තියල මේ තත්වය පැහැදිලි කරලා දෙන්න. ඒවගේ බුදුදහමට හානි වෙන දෙයක් වෙනවා නම් හාමුදුවරුන්ට පුළුවන් ඒ ගැන ඔබතුමන් ලවා දැනුවත් කරන්න. එවිට ඔබ තුමන්ලට පුලුවන් ඒ ගැන ජනපති හෝ අගමැති තුමාලා සමග සාකච්ඡා කරලා තීරණ ගන්න. දැන් වෙන දේවල් වලින් වෙන්නේ බෞද්ධයන් විතරක් නොවෙයි අනිත් අාගමිකයොත් කලකිරෙනවා. (නදී)
අනේ! ජාතිවාදය නැති ශ්‍රී ලාංකිකයින් අපිට කවදා දකින්න ලැබේවිද? (නි)
මේක මහා පුදුම රටක් හාමුදුරුවනේ. (නි)
එයාලට ඔිවට උත්තර නෑ.අසනීපෙන් ඉන්න නිසා වැඩි මතකයකුත් නෑ. (දී)
ඇත්තට කාටවත්ම තේරෙන්නේ නැද්ද මේ වෙන දේ? (නි)
අපේ හාමුදුරුවනේ ඔබේ වහන්සේ දැකල නැද්ද පුවත්පත් කාටුන්වල අගමැති තුමාව අදින විදිහ ? (දී)
විහාර දේවාල වලට ඉඩම් පවරලා දුන්නේ අපේ ඉතිහාසේ ඉස්සර හිටපු රජවරු. ඒ ඉඩම් වලින් ප්‍රයෝජන ගත්තේ ඒවා අයිතිව තිබු පන්සල් දේවාල වල ආවතේව කරපු උදවිය. අවශ්‍ය කරන ආව තේව කරන කරන අයට තමන්ගේ දිවි පැවැත්ම සඳහා යොදා ගන්නත් ඒ විහාර දේවාල වල කටයුතු සඳහා අවශ්‍ය මිල මුදල් සපයා ගන්නත් තමයි නින්දගම් පවරලා තිබුනේ. එම ඉඩම් වගා කරගනිමින් හිටපු අය සුද්දෝ මරල දැම්මා. ඊට පස්සේ ඒවා පාලුවට ගියා අන්න ඒ ඉඩම් මුඩුබිම් පනත ගෙනල්ල ඉංග්‍රීසි ආණ්ඩුවට පවර ගත්තා. රොනී උන්නැහේ තමුන් අපේ රටේ ඉතිහාසය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති බව හොඳට ඔප්පු උනා. (නදී)
වීරා "බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දැනට ක්‍රියාත්මක වෙනවා.." මේ ගැන තව විස්තර කීවා නම් බල සේනාවට වැඩිය අඩු වෙනවනේ? විහාරවල් වලින් අල්ලගත්ත ඉඩම් බෞද්ධයන්ට දෙන්න ඕනේ නැගෙනහිර විහාර රැකෙන්න නම් හාමුදුරුවනේ. (නදී)
නායක හිමිවරුන්ට ඇහැ කණ පියාගෙන ඉන්න තව වෙලාවක් නැහැ. දැන් ආශ්චර්ය ඉහටත් උඩින්. (නි)
එහෙම දෙයක් බෞද්ධයින් දැක්කට ඒ ගැන කතා කරන්නේ ටික දෙනයි (නි)
අනේ සාදු.....සාදු....!! (නි)