පිළියන්දල නගරයේ වෙසක් සැරසිලි විකිණිමට තිබු අළෙවිසැලක බුදුරුව පතුලට යෙදු බකට් තොගයක් සොයා ගත් බව ‘‘රාවණ බලය‘ භික්ෂු සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අද (29) පැවසීය.
වෙසක් බකට්ටුවේ ඉටිපන්දම් රදවන ස්ථානයෙහි බුදු රුවක් ඇතුලත් කිරීමෙන් බුදුරජාණන්වහන්සේට මෙන්ම සමස්ත බුදුදහමට මහත් අගෞරවයක් සිදුවන බවත් වහාම ඒ පිළිබඳව පිළියන්දල පොලිසියට දන්වන බවත් උන්වහන්සේ කීය.
මේ අතර කටාරයේ සිට ආ ශ්‍රී ලාංකිකයකු බුදු රුව සහිත කාන්තා බ්ලවුසයක් දැක එය රැගෙවුත් උකුවෙල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පරිවේණාධිපති මා උස්සාවේ අග්ගධම්ම හිමියන් වෙත අද බාර දුන්නේය.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
(ඡායාරූප - සිරි මහබෙල්ලන)
ඡායාරූපය - මහේෂ් කීර්තිරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd