බුද්ධ රූප හා දේව රූප පුවත්පත් හා කැලැන්ඩර් ආදීයේ මුද්‍රණය කිරීමෙන් ඇති වන නිගරුව වැළැක්වීමට නීතී පනවන ලෙස ඉල්ලා ජනතා සංදේශයකට අත්සන් එකතු කරන තරුණයෙක් රෝද දෙකේ කරත්තයක්ද තල්ලුකැරගෙන වසර තුනක් තිස්සේ රට පුරා යයි.
දැනට ලක්ෂ 15 කගේ පමණ අත්සන් ලබාගෙන ඇතැයි කියන ඔහු උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහ නා හිමියන් මගින් සංදේශය රජයට බාර දීම අරමුණයි.
අතුරුගිරියේ යු ජී සුගත් මෙම තරුණයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර කාල තියෙනවා බුදු දහම හැංගිලා තියෙන කාල නමුත් යම් කාලෙක නවත මතු වෙනවා බුදු දහම කියන්නේ ජීවමාන දහමක් (දී)
සාදු..සාදු. මේ වගේ තරුණයෙක් දැකීමත් පිනක්.. ඔබගේ උත්සහය සාර්ථක වේවා (දිල්)
සල්ලි පස්සේ යන ලෝකයේ ඔබ වැනි තරුණයින් ඉතාම විරලයි.ඔබට බුදුසරණයි(දිල්)
අහිංසක ප්‍රාර්ථනයක්, ඔබට සමන් දෙවි පිහිටයි! (නි)
කාටවත් නොවැටහුණ දෙයක් මේ බුද්ධිමත් තරුණයාට තේරිලා. ඔබට තෙරුවන් සරණයි! (නි)
ඉතාමත්ම හොඳ වැඩක්. (නි)
අගේ කලයුතු වැඩක් පුතේ. එත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඇතැම් උදවියගේ දුෂ්ට වැඩ නිසා, මීට වැඩ බුදු හාමුදුරුවන්ට නිගාවක් වෙනවා නේද කියල. (දී)
අගය කළ යුතුයි.(නදී)
මේ තරුණයාගේ උත්සාහය අගය කරනවා. මෙවෙනි ආගම ශාස්තෘවරුන්ට අගෞරව වන දේවල් වහාම නැවැත් විය යුතුයි.(නදී)
ඔබේ ප්‍රාර්ථනාව ඉටුවේවා! (නි)
ඉතා හොඳ වැඩක් (නි)
කැපවීමෙන් කරන වටිනා උත්සහයක් (නි)
මිනී මැරීමයි, මංකොල්ලකෑමයි,රටේ දේපොළ සහ අලි ඇතුන් ජාවාරමයි, දේශපාලකයන්ගේ නරක වැඩයි නතර කරන්න කියලා ඔය අත්සන් ටික ලබා ගත්තා නම් වටිනාකම කෝටියයි. (නි)
බුදු සරණයි(දිල්)
මෙන්න නියම මිනිස්සු ඡන්දෙ නොඉල්ලුවට(දිල්)
ඇත්තටම මෙය වටින දෙයක් සමයර මාළු කඩවල මාළු ඔතලා දෙන්නෙත් බුද්ධ රූප තියන පත්තර කොළවල ඔබගේ අරමුණ සපල වේවා(දිල්)
ඔබට ජයවේවා! බොහෝමත්ම විරල මිනිසෙක් (නි)
අගය කළ යුතු චරිතයක් (නි)
කාලෝචිත මෙන්ම, ක්‍රියාවට නැගිය යුතු දෙයක්.(නදී)
රත්තරන් මල්ලියේ ඔයාට සියළු දෙවි පිහිටයි. (නදී)
සමහරු බස්වල පිටුපසත් දළදා මාලිගාවේ ඡායාරූප අලවලා. බස් එක ඇතුළේ සීවලී පින්තූරේ, සිවුරේ ධන ලක්ෂ්මී පින්තූරේ අලවලා. බුදු පිළිමේ වට්ටියට දාලා කාසි පුරවලා.බුදුන්ට දේශසීමා දාලා. මේ ශ්‍රද්ධාවලු. මේවා තහනම් කරන්න පෙත්සම් ඕනෑද? නීතිය ක්‍රියාත්මක කරන්න . (නි)
ඔබට තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලෑබේවා! (නි)
ඉතාමත් අගනා සහ කාලෝචිත වැඩක්. (නි)
ඔබගේ ප්‍රයත්නයට අපගේ ප්‍රණාමය!! නමුත් මේවාට අනෙක් අයගේ ප්‍රතිචාර කෙසේවන්නේ දැයි නොදනී(විශේෂයෙන් බටහිර බලවේගයන්) කුමන ඇසකින් විවේචනය කරත්දැයි කිව නොහැක. ආගමික සහජීවනය බිඳීමක් සිදුවන්නේ යැයි ද ඔවුන්ට කිව හැකිය. (නි)
ඉතාම යහපත් කාර්යයක් (නි)
නියමයි! (නදී)
බුදු රජාණන් වහන්සේ දේශනාකල ධර්මයෙන් රැකිය යුතුම දේ තමයි පන්සිල් පද පහ, අපේ රටේ පන්සිල් පද පහට පටහැනිව ඕනෑම දෙයක් කරන්න බලපත්‍ර නිකුත්කර තියෙනවා, උදාහරණයට.. රාත්‍රී සමාජ ශාලා, එහි ඇතුලත සුදුකෙලීම,ගණිකා ඇසුර, මත්පැන් ආදිය සියල්ල තිබේ, පුලුවන්නම් මේවගේ දේ වැළැක්වීමට නීතී පනවන ලෙස ඉල්ලා සංදේශයකට අත්සන් එකතු කරන්න.(නදී)
බොහොම හොඳ වැඩක්. අගයකොට සළකනවා. ඔබේ ප්‍රාර්ථනාව සිතන අයුරින්ම ඉටුවේවා කියලා මම ආශිර්වාද කරනවා. බුදු සරණයි! (නි)
ඔබතුමාට ගොඩක් පින්! සියළු පැතුම් ඉටුවේවා! (නි)
සොයුර ඔබ බුදුපියාණන් ගැන භක්තිමත් බව පැහැදිලියි. අපට උනත් පත්තර පිටුවක බුදුරුවක් තිබුනොත් එය විසි කිරීමට සිත සදා ගැනීමට නොහැකියි. එහෙත් මිට වඩා බුදුන් වදාළ දර්ම මාර්ගය අනුගමනය කිරීමම යහපත් යයි සිතමි. මොකද තිලෝගුරු බුදුපියාණන්ගේ ශරීරයවත් සදා කාලික නොවූ බැවින් ඒ ගැන තව සිතන්න. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ලැබේ!(නදී)
හොඳ වැඩක් මල්ලි. අද කාලේ සල්ලි හම්බවෙනවා නම් අම්මව තාත්තවත් විකුනන්න සමහර ඈත්තෝ සුදානම්. එවැනි කාලයක ඔබ කරන උත්සාහය සාර්ථක වෙන්න කියා ප්‍රර්ථන කරමි. අප ඉන්න රටවල මිත්‍යාදෘෂ්ටිකයෝ අපේ බුදුන්ගේ පින්තුරය වැසිකිලිවල වාහන පියනෙත් මුද්‍රණය කරලා තියෙන මා දැක තියෙනවා.(නදී)
අගය කළ යුතුයි (දී)
මම නම් මේ වගේ වැඩ අනුමත කරන්නේ නැහැ (දී)