විල්පත්තුව උතුරු මායිමේ වන රක්ෂණ දෙපාර්තමේන්තුව සතු භූමියේ ද විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ද බලෙන් ඉඩම් අල්ලා කෑලෑ කපා සිදු කැර ඇති මහා විනාශය බැලීමට බොදු බළ සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු සංඝරත්නය අඟහරුවාදා (08) එහි වැඩම කළහ.
මුසලි ප්‍රාදේශිය ලේකම් කේදීෂ්වරන් මහතා නියෝජිතයන් හමුවේ කියා සිටියේ රජයේ අනුමැතියෙන් සියලු දේ සිදු කරන බවයි.
නිවාස සෑදීමට රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ලැබෙන බවත් ඔහු කීවේය.
වන සංරක්ෂණ භූමීයේ අනවසරයෙන් ඇල්ලු දස දෙනකුට දැනට නඩු පවරා ඇත.එහෙත් තවත් දහස් ගණනක් විල්පත්තු රක්ෂිතයේත් විල්පත්තුවේත් අනවසරයෙන් ඉඩම් අල්ලාගෙන ඇතැතත් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
සිලාවතුර පොලීසිය නාවික හමුදාව ද ආරක්ෂාව සඳහා එහි ගොස් සිටියේය.
විටෙක උණුසුම් තත්ත්වයක් ඇති වුවත් කලබලයක් ඇති වුයේ නැත.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පැවසුයේ සතුන් සිටිය යුතු බිම සතුන්ට මිස මිනිසුනට අයිති නැති බවයි.
එහෙත් නිලධරයන් හා අනවසර පදිංචිකරුවන් කී බොහෝ දේ ඔප්පුකිරීම සඳහා ඔවුන් සතුව පිළිගත හැකි සාක්කි නොතිබු බව එහි වු කතා බහෙන් පැහැදිලි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ ඉඩම් වල දැන් හමුදා කදවුරු දාලා කියලා ඒවා අයින් කරන්න නේද මේ කියන්නේ.(නදී)
සාම ආගමකම ජාතියකම මිනිස්සු නීතිය අතට ගන්නේ නැතිව වැඩකලානම් මෙවැනි අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවේ. මෙයට අනුබල දෙන හැමෝම ජාතික සමගිය නැතිවීම ගැන වගකියන්න ඕනේ. නැගෙන හිර වේවා ,උතුරේ වේවා ,දකුණේ වේවා හැමෝම නීතියට යටත්.(නදී)
මෙහිදී ජාති ආගම් නෙමෙයි වැදගත් කැලේ අයිති සතුන්ට ඒවා විනාශ කර දානවා නම් කවුරු වුනත් වැරැදියි. පේනවනේ මේකේ ගස් කපල දාලා තියන හැටි වෙන තැන් නැතුවද මේවා කපල ගෙවල් හදන්නේ. අනාගත ලංකාව කාන්තාරයක් වෙනවා බොදුබල සේනාවේ ක්‍රියා මාර්ගය අනුමත කරනවා. මෙතන තව සිංහල අයත් පදිංචි කරලා තව වනාන්තර විනාශ කරන්න ඕනි නැ. මෙතන තියෙන්නේ වෙන වැඩපිළිවලක්.(නදී)
අපේ හාමුදුරුවන්ට දෙවි පිහිටයි (නි)
අපේ හාමුදුරුවන්ට තුණුරුවන්ගේ පිහිටයි (දිල්)
මෙවැනි වනාන්තර වනසන්නේ මොකද? සිංහල මිනිසුන්ට විතරද රට ගැන කැක්කුම තියෙන්නේ? (නදී)
කලිඩ්, මොනවද මේ කියන්නේ? (නි)
බලමුකෝ මොකක්ද වෙන්නෙ කියලා (නි)
කෝ දැන් අර මීට පෙර කෑගහපු කට්ටිය? (නි)
අපි අපේ රට විනාශ කරන්න කිසිම කෙනෙකුට ඉඩතියන්නේ නැහැ. (නි)
ඇත්තටම බොදු බළ සේනා සංවිධානයට ස්තූතිවන්ත විය යුතුයි මේ වැනි ක්‍රියාවන්ට විරුද්ධව පියවර ගැනීම ගැන. (නි)
ජාති ආගම් භේද අවුස්සාගන්නෙ නැතුව ඕනෑ දෙයක් (නි)
ඔතන දැන් පදිංචිවෙලා ඉන්න අයගේ මුල් ඉඩම් වල දැන් ඉන්නේ අපේ හමුදාව.(නදී)
කරුණාකරලා ආගම් භේද මේකට ගාව ගන්න එපා. මෙතන තිබෙන්නේ නීතිවිරෝධී වැඩක් නම් වැරදි කරුවන්ට දඬුවම් ලබාදීම වැරද්දක් නැත. අපි පදිංචි වුනෙත් නුවර අනවසර ඉඩමක. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක. නමුත් ඒවා දැන් ල.දු.දෙ හා නගර සභාවෙන් අවසර ගෙන ජාල හා විදුලි පහසුකම් ලැබිල තිබෙනවා. ඒ ඉඩම් ජාති ආගම් භේදයකින් තොරව හැමෝම වගේ අත්පත් කරගෙන ඉන්නවා. බොහොමයක් දුප්පත් අය ඉඩමක් මිලදී ගැනීමට නොහැකි දුගී දුප්පත් අය. නමුත් මෙය තරමක් වෙනස් ප්‍රශ්නයක් නිසා රජයේ අවධානය යොමුවිය යුතුයි. මේ අයට මෙම ඉඩම් වෙනුවෙන් වෙනත් ස්ථානයක පදිංචියට ඉඩම් ලබදීම වඩාත් නිවැරදි යය සිතමි. ධර්මපාල - සිංහල අයට පමණක් නොවේ අපිටත් මේ රට ගැන කැක්කුමක් තිබෙනවා. ඒ නිසා තමා මේ මිනිස්සු වනාන්තරයක හරි මේ රට තුල පදිංචි වෙන්න හදන්නේ. සමහරු වගේ මේ රට දාලා ගිහින් නැත්නම් වෙනත් රටවල් වලින් ලැබෙන වරප්‍රසාද වලට රැවටිලා මෙරට දෙකඩ කරන්න උත්සහ කරනවා හෝ මේ රටට විරුද්ධව සුද්දන්ට උල්පන්දම් අල්ලනවා නොවේ. ගෙවල් දොරවල් නැති සිංහල අය පවා අපේ රටේ අනන්ත ඉන්නවා ඒ අයගේ සැබෑ ප්‍රශ්නය මොකක්ද කියල හදුනාගැනීම තමයි වටින්නේ. (නදී)
ෆස්රුල් ගෆූර්ගේ අදහස මම අනුමත කරමි (නි)
ඔන්න කැලේ සත්තුන්ට දැන් තමයි ප්‍රවේශම් වෙන්න කාලය... (නි)
ඵෙතිහාසික පූරා විද්‍යාත්මක සාධක ඇති වසර සිය දහස් ගණනක් ඉපරණි වෘක්‍ෂලතාවෝ මහ පොළවට පතිත කර, අහිංසක සතුන්ට රාජධානියක් වැනි වනය වනසා දැමීම වෙනුවෙන් අනාගතයේදී ජීවිත වලින් පවා වන්දි ගෙවන්නට ලක්වැසියන්ට සිදුවිය හැක. ජලය රඳා පවත්නා භූමී විනාශ කිරීමෙන්, මහ පොළව වේළී ගොස් ඉරිතලා, මෙම භූමිය ලැව් ගිනි හටගන්නා කාන්තාරයක් වීමටත් පුළුවන්. මෙය කවුරු කළත් මහා ජාතික අපරාධයක් බව මම පවසමි. බොදු බළ සේනාවට පමණද මේ රට රැක ගන්න අවශ්‍ය වන්නේ, යන්න ගැටළුවකි. රටට ආදරය කරන හැම කෙනෙක්ම වැරදි වැඩ හෙළා දැකිය යුතුය. සතුනට අයිති පරිසරය වැනසීමෙන් වළකිනු! (නි)
මේ දේවල් පෙන්වාදීමට ඉදිරිපත්වීම ගැන බොදු බල සේනාවට මාගේ ස්තූතිය! ආගම ජාතිය කුමක් වුවත් විශාල විනාශයක් කර තිබෙන්නේ අනාගතයට සහ රටටයි. (නි)
බොදු බළ සේනා වැනි ජාතික සංවිධාන තිබීම අපගේ වාසනාවක් යැයි සිතේ. (නි)
භික්ෂූන් වහන්සේලා බෞද්ධකම වගේම මේ විදියට සතුන්ගේ නිජ භූමිත් ආරක්ෂා කරන්න කටයුතු කිරීම ගැන සතුටුයි. (නි)
සහෝදරයා අපි ඔබේ අදහස හිස මුදිනින් පිළිගනිමු. ඔබට ජය සහ බුදු සරණයි.(නදී)
දේශපාලන කන්නාඩිය දාගෙන බැලුවාම රටට ජාතියට වෙන විනාශය පෙනෙන්නේ නැහැ. (නදී)
වැරදි දේ කවුරු කළත් වැරදියි. අපි බලමු මොකද වෙන්නෙ කියලා. (නි)
සියළු ජාතීන් මේ භූමියේ සාමයෙන් සමගියෙන් ජීවත්වීම නොවෙද වැදගත්? (නි)
මෙවැනි දේ පෙන්වා දෙන බොදු බළ සේනාවට අපේ උපහාරය! (නි)
කොහොම වුණත් සත්තුන්ටයි මිනිස්සුන්ටයි එකට ජීවත් වෙන්න බැහැ. තව ටික කාලෙකින් ඔය පැත්තෙත් අලි-මිනිස් ගැටුම් ඇති වෙයිද දන්නෙ නැහැ. (නි)
එතකොට මොවුන් මින්පෙර පදිංචි වෙලා සිටියේ කොහේද? (නි)
තව ටික දවසකින් කාපට් පාරවල්, විදුලිය, නළ ජලය වගේ යටිතල පහසුකම් එහෙමත් සපයන්න වේවිද දන්නෙ නැහැ. (නි)
තට්ටු නිවාස ක්‍රමයක් ඒ ඉඩම් නැති අයට ලබා දුන්නා නම් සත්තුත් බේරෙනවා, මිනිස්සුත් බේරෙනවා. ප්‍රශ්නත් විසඳෙනවා. එහෙම නේද? (නි)
අපි බොදු බළ සේනාවට සදා ණයගැතියි. (නි)
මේ මිනිස්සු පෙර සිටි ඉඩම් කවුරුන් විසින් හෝ අයත් කරගෙන නම් ඒවා ලියකියවිලි සහිතව ඔප්පු කළ යුතුයි.කට වචනයට පමණක් පිළිගන්න අමාරුයි.ඔය පළාත් වල රජයේ ඉඩම් ඕනෑ තරම් තිබියදී පුද්ගලික ඉඩම් හමුදාවට මොකටද කාලිඩ් මහත්තයෝ?රටක නීතිය නිසි පරිදි අනවසර පදිංචිකරුවන් වෙතද ක්‍රියාත්මක විය යුතුයි නේද? නැතුව ජාති ආගම් භේද අපිට අවශ්‍ය නැහැ. (නි)
මෙතැන ක්‍රියාත්මක වන දෙය නීතීවිරෝධී ක්‍රියාවක් නම් ඊට අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුයි. (නි)
එකම රටක ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපේ සිත් තුළ ජාතික, ආගමික සංහිදියාව තිබීම නේද වැදගත්? (නි)
කොහොමටත් ඉතාමත්ම ඉක්මනින් ජාතිවාදි අරගලයක් ඇතිවෙන්න ඉඞතිබෙන බවනම් පැහැදිළියි. හැබැයි එය කොටි ප්‍රශ්නයට වඞා දරුණු වෙන බවනම් ස්තීරයී. දේසපාලුවෝ එයට වගකිව යුතුයි.(නදී)
අපිට ජාතිවාදයක් ආගම්වාදයක් අවශ්‍ය නැහැ, කිසිසේත්ම. මේ එකම දිවයින තුළ එකම අම්මා කෙනෙකුගේ දරුවන් වගේ, අපි සාමයෙන් සමගියෙන්, ප්‍රශ්න ගැටළු ඇත්නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගෙන ජීවත් වෙමු. (නි)
ඔබ බිය නොවී අයුක්තියට අසාධාරණයට මංකොල්ල කරුවන්ට එරෙහිව නැගී සිටින්න. එයයි ඔබේ යුතු කම.(නදී)
වැරැද්ද කව්රුකරත් වැරද්දමයි! මේ විනාශය වහාම නවතා දැමිය යුතුයි! එසේම ආගම්බේදයකින් තොරව දේශපාලනයකින් තොරව ප්‍රශ්නය විසදා නිවස අහිමි ජනතාවට සදාරණයක් ඉටුකිරීම බලධාරින් සතු වගකීමක්. (ස)
රටක රජයක් තියෙනවනම් නීතියක් තියනවනම් පොලිසියක් , ආරක්ෂක හමුදා ඉන්නවනම් , ඇයි මේ ආගමක් (ස)
රාජ්‍ය නොවන සංවිධානවලට මෙහෙම කරන්න පුලුවන්ද?කෝ මේ රටේ නීතියත්, නීති ක්‍රියාත්මක කරවන අයත්,පාලකයෝත්? (ස)
අපිට ජාතිවාදයක් ආගම්වාදයක් අවශ්‍ය නැති උනාට,ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවෙන දේවල් දිහා බලනකොට වෙන්න යන දේ හොදටම පැහැදිලියි.අපේ අනාගත දරුපරපුරට තව කරදරයක්. (ස)
මෙයාලා මෙතනින් ඉවත් කරන්න. (ස)
මේවට කට පියාගෙන නිකම් ඉන්නවට වඩා බොදු බල සේනාවවත් කතා කරන එක හොඳයි.(නදී)
සමස්තයක් ලෙස ගත්කල වන විනාශයක් වෙනවා, එක නැවැත්විය යුතුයි, ජාතිවාදීව බලන්න එපා මේ සිද්ධිය පිලිබදව, කවුරුන් හෝ කියනවා නම් මෙය රජයේ අනුමැතිය ඇතිව සිදු කරන්නක් බවට ඔහු පාසල් අධ්‍යාපනය නොලද අයෙකි, (ස)
ජාතික, ආගමික සංහිදියාව, සාමය සහෝදරත්වය ,එක මුතුව, නෑ කම යනාදිය ඇදගෙන යන්න පුළුවන් වන්නේ, මේ බලහත්කාර මංකොල්ල කරුවන්ට, (ස)
ඥාණසාර හිමි විතරද මේවට කතා කරන්නේ කෝ අපේ දේශප්‍රේමින් ............................අපි කැලේට ගිහින් දර කැල්ලක් කපා ගත්තාමත් ෆොරස්ට් එකෙන් අල්ලන් යනවා....................කෝ රට හදන අය .................(දී)
මේ විනාශය ගැන මීට කලිනුත් මට මතක විදිහට පත්තරේ තිබුනා තාම මේ ගැන ක්‍රියා නොකරපු එකනම් හරිම කනගාටුයි (දී)
අපේ රටේ නීතියක් නැහැ.කාට කියන්නද? (දී)
වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන්න කටයුතු කරමු (නි)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! (දී)
කවුරු කළත් මේවා වැරදියි (නි)
මොනවද මේ කරන විනාශකාරී වැඩ? (නි)
පස්ලුර් ගපූර්- කටාර්, ඔයා හරි. එයාලත් ලංකාවේ මිනිස්සු නේ. වන විනාශයට අපි එකග නැ. හැබැයි එයාල යුද්ධෙන් දුක් විදපු අය. (දී)
හාමුදුරුවන්ට ජයෙන් ජය! (නි)
මිනිසාගේ පරම යූතූ කම මිනිසාට සේවය කිරීමයි !(දී)
මෙතන තිබෙන්නේ අවතැන් වූ මිනිස්සු පදිංචි කිරීමක් නොව, ඉඩම් තිබෙන මිනිසුන් තමුන්ගේ අනාගත පරම්පරාවට ඉඩම් අල්ලගැනීමක් කියලයි මම නම් කියන්නේ (නි)
අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය! පරිසරය වැනසීමට කිසිවෙකුටවත් ඉඩදිය නොහැකියි. (නි)
මෙතන ජාති ,ආගම් ප්‍රශ්නයක් නෙමෙයිනේ තියෙන්නේ.කවුරු මැදිහත් වෙලා මේ දේ කළත් ජාතික අපරාධ මේවා.මෙච්චර විනාශයක් වනතුරු වගකිවයුත්තෝ සිටියේ තද නින්දේද? අපේ අය නින්දෙන් අවදිවද්දී මිනිස්සු එයාලට අවශ්‍ය ගමන ගිහින් අවසානයි.මෙහෙම හරි මැදිහත් වෙලා මේ අපරාධ වැළැක්වීමට අවශ්‍යතාව තිබෙන්නේ බොදු බළ සේනාවේ හිමිවරුන්ට පමණද? (නි)
විජේසිංහ සමඟ මම එකඟයි. ඔවුන්ට නිවාස තිබිය යුතුයි. නමුත් ඔවුන් මෙලෙස ගැටළුකාරී තත්ත්වයන් ඇති නොකළ යුතුයි නේද? (නි)
මොනවා වුණත් වනාන්තරය විනාශ කිරීම නම් අනුමත කරන්න නොහැකියි නේද? (නි)
මේ වන සංහාරය වහා නතර කර වනය ආරක්ෂා කරන්න.රටට ආවේණික වන සත්තු විනාශ වෙනවා. (නි)
අපේ හාමුදුරුවනේ,ඉවසීමෙන් කටයුතු කරන්න. (නි)
කරුණාකර මේ දේවල් වලට ජාති බේද ගාවගන්න එපා. කවුරු කළත් නීතියට පටහැනි නම් වැරදියි. කෙසේ නමුත් ඉන්න හිටින්න තැනක් නැති අසරණ උදවියට ජාති ආගම් බේද නොබලා උදව් කරන්න ඕනෑ. රටේ සංවර්ධනය කියන්නේ රටේ මානව සම්පත් සංවර්ධනය කිරීමයි. මෙතන නොහැකි නම් වෙනත් සුදුසු තැනකින් හරි ඉඩම් දීලා මේ අයගේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් නේද ? (නි)
එක් එක් දේශපාලකයෝ විවිධ ප්‍රදේශ වල නීතියට පටහැනි බොහෝ දේ කරනවා. මේවා නැවැත්වීමට රජය ක්‍රියා කළ යුතුයි නේද? විපක්ෂය මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නේත් නැහැ. ලෝකයේ දියුණු රටවල මන්ත්‍රීවරු නීතියට පටහැනි වැඩ කරන්නේ නැහැ. එම රටවල් දියුණු වී ඇත්තේ එම නිසායි (නි)
දැන් රටේ සිවිල් ප්‍රශ්න භික්ෂුන් වහන්සේලා බාර අරගෙන. එතකොට පොලිසිය මොකද කරන්නේ? ඔක්කොම කණපිට වගෙයි නේද? (නි)
ඔවු කුමාර, මාධ්‍ය වලින් පෙන්වා දුන්නා මහ ගස් කපමින්, කැලය වනසා මෙහි සංචාරක නිකේතනයකට පාරක් කපනවා කියලා. එය වාර්තාවක් පමණක් වෙලා. එය අද භූමිය ගිලගෙන හමාරයි. වගකිවයුත්තෝ අවදි වන්නේ නැහැ වගෙයි. අපිව ගලවා ගනීවි යැයි බලාපොරොත්තුවෙන් අපි විවිධ පුද්ගලයින් ගැන රැවටිලා විශ්වාස කර සිටියොත් අපි රැවෙටනවාමයි.ඒකයි මට දැනෙන වේදනාව. (නි)
අපිට ළඟදීම මේ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ලැබේවි නේද? (නි)
ඉවසීමෙන් බලාසිටිමු. (නි)
මම හොද බෞද්ධයෙක්. මම මීට පෙර දැක්කා වන උද්‍යාන වල ගස් කපලා හෝටල් හදලා තිබෙනවා.ඒවත් මේ වගේම බලන්න ගියා නම් හොඳයි.මොනවා වුණත් මේ දේවල් වලට බුද්ධිමත්ව විසඳුම් හොයනවා මිසක් මෝඩ විදියට කටයුතු කර වැඩක් නැහැ. (නි)
ඔතන දැන් පදිංචි වෙලා ඉන්න අයගේ මුල් ඉඩම් වල දැන් පදිංචි වෙලා ඉන්න අය ගැන මෙතන පළවෙලා තිබෙන අදහස් නම් මම පිළිගන්නෙ නැහැ (නි)
බොහෝ දේශපාලකයෝ මනාපය දිනාගන්න ඕනෑම ආකාරයේ වැඩක් කිරීමට පසුබට වෙන්නෙ නැහැ (නි)
මේ මිනිස්සුන්ට සාධාරණයක් ඉටුකරන්න (නි)
විල්පතුවේ මේ හදලා තිබෙන්නේ මාළිගා වගේ ගෙවල් නෙමෙයිනේ. පවු අහිංසක මිනිස්සු. (නි)
මුලින්ම අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණ පතනවා! මේ අපරාධය කළේ කවුරු වුණත් වහාම ඉදිකිරීම් නවතා දඬුවම් ලබාදිය යුතුයි. රට වනසන්න කිසිකෙනෙකුට ඉඩ දෙන්න බැහැ. අපේ හාමුදුරුවන් යන මඟ හරි. ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
ඇත්තෙන්ම බොදු බළ සේනාවට පමණද මේ රට රැක ගන්න අවශ්‍ය වන්නේ? (නි)
අපේ හාමුදුරුවන්ට තුන්සරණේ පිහිටයි (නි)
ගස් කපලා තිබෙන විදිහ දකිනකොට හරි කණගාටුවක් ඇතිවෙනවා. හාමුදුරුවෝ මෙහෙම ගිහින් ඕවා නවත්වන්න බැහැ .ඒ මිනිස්සු කියනවා ඒගොල්ලෝ ඉන්නේ රජයේ අනුදැනුම ඇතුව කියලා.මේවා වෙන්නේ ප්‍රබල කෙනෙකුගේ අනුදැනුම ඇතුවයි.නීතිය පැත්තෙන් සියලුම දෙනා අසරණයි.මට පෙනෙන විදිහට මේගොල්ලන්ව මෙතනින් යවන්න බැරි වේවි.හාමුදුරුවෝ මොළය පාවිච්චි කරලා වැඩක් කළොත් යවන්න පුළුවන්.මෙහෙම ගිහින් ඕවා කරන්න බැහැ. (නි)
ප්‍රවේශමෙන් හාමුදුරුවනේ, ඔබට ජය! (නි)
මොනවා වුණත් කමක් නැහැ. ගහමරාගන්නෙ නැතුව මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් නම් හොඳයි (නි)
දේශපාලන හා ආගමික තල්ලුවක් සමඟ මේ මිනිස්සු මෙහි පදිංචි වෙලා ඉන්නවා කියන එක ,මේ මිනිසුන්ගේ ක්‍රියාකලාපයෙන් පෙනෙන කරුණක් වගේම,එකපාරට මෙතරම් විශාල පිරිසකට මේ වගේ භූමියකට එන්න මොනයම් හෝ සංවිධානයකින් උදව් ලැබෙන බවත් පෙනෙන දෙයක්. මොකද මේ අය ලංකාවේ නීතිය නොදැන ඉන්න බැහැ. කුමන හෝ පාසලකින් අධ්‍යාපනය ලැබුවා නම් රටේ නීතිය ගැන දැනුවත් වෙනවා. යුද්ධයෙන් අවතැන් වුණා නම්,ඇති කර ඇති ලියාපදිංචි කළ මධ්‍යස්ථාන වල ලියාපදිංචි වෙලා තියෙන්න ඕනෑ.කිසිම සංගණනයකට අසුනොවුණු මිනිස්සු කියන්නේ කාගෙ හරි බලපුලුවන්කාරකමට මුවාවෙන් සිදු වූ දෙයක් බව නේද? ඒ නිසා ජාති,ආගම් බේදයකින් තොරව සියලුම මිනිසුන්ගේ මුල් පදිංචිය තහවුරු කරගෙන ඒ මිනිසුන්ට නිවාස අහිමි නම් ඒකට පිළියමක් යොදන්න ඕනෑ. විනාශ කළ ජාතික දේපොළ ,වනය ,සතුන් වෙනුවෙන් මෙහි පදිංචි කළ මිනිසුන් ලවා වෙනම භූමියක ගස් වවා,සතුන්ට නිජබිමක් ඇති කිරීමක් කර,පරිසරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් පටන්ගන්න වහාම කටයුතු කරන්න.බොදු බළ සේනා සංවිධානයට ජය ශ්‍රී! (නි)
වැරදි දේ මොන ජාතියක,මොන ආගමක කෙනෙක් කළත් ඒක වැරදියි. (නි)
විවිධාකාර වූ හේතුන් මෙහි පෙන්නා.... සිරිලක් දම් දිවෙහි කිතුගොස යට යන්නා... මුලු ලොව ඉදිරියේ අප රට කැත වෙන්නා.... ලක්මව රකින්නට අපි හැම කැපවෙන්නා.... හෙළයනි අවදි වවූ! පෙරටම ඇදී වරෙවු! වෙන අපරාධ නවතන්නට සිතට ගනිවූ! පරිසර සංහාරයට සැරසෙන අයුරු දනිවූ ! ඉන්පසු දරුණු හෙළ පහරින් පළවා හරිවු! (නි)
මට නම් දැන් දැන් වෙන කිසිම දෙයක් ගැන තේරුම්ගන්න අමාරුයි (නි)
ජාති බේද ගාවගන්න නැතුව නීතිය පාවිච්චි කරන්න දන්න අය ඉන්නවා.මිනිස්සුන්ටත් සාධාරන වන ලෙසට වගේම සතුන්ටත් සාධාරනයක් වෙන විදියට වැඩ කරන්න බලන්න. මේක අපරාධයක් නම් හාමුදුරුවන්ට විතරක් ඇයි මේක පෙනෙන්නේ? (නි)
මට තිබෙන ප්‍රශ්නය පුරවැසියෙකු හැටියට මට සිවිල් ප්‍රශ්නයක් තිබෙනවා නම් මා පැමිණිලි කළයුත්තේ කාටද යන්නයි. නීතිය සහ බලය ඇත්තේ කවුරු අතේද කියන එක ලොකු ගැටළුවක්. (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් ඔබේ අදහස මාත් අනුමත කරනවා. නීති විරෝධී වැඩක් නම් වැරදි කරුවන්ට දඬුවම් ලබාදීම වැරද්දක් නොවේ. මිනිස්සුන්ටත් සාධාරන වන ලෙසට මිනිසුන්ගේ මුල් පදිංචිය තහවුරු කරගෙන ඒ මිනිසුන්ට නිවාස අහිමි නම් ඒකට පිළියමක් යොදන්න ඕනෑ. මෙතන නොහැකි නම් වෙනත් සුදුසු තැනකින් හරි ඉඩම් දීලා මේ අයගේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්.(නදී)
අන්තිමට මෙහෙම ගිහිල්ලා මේ භූමියත් මිනිස් ජනාවාසයක් වේවිද දන්නෙ නැහැ. (නි)
මේ පරිසර සංහාරය නැවැත්වීමට වහාම කටයුතු කළ යුතුයි නේද? (නි)
මේක කවුරුහරි දේශපාලන බලපුළුවන්කාරයෙකුගේ වැඩක් නේද? (නි)
මෙහෙම ගියොත් ලොකු විනාශයක් තමයි වෙන්නේ. (නි)
අපි මේ ප්‍රශ්නය ගරු ජනාදිපති තුමාට හා කැබිනට් මණ්ඩලයට බාර දෙමු. මේ අයව සෑම පළාතකම එක සමානව පදිංචි කරවමු.(නදී)
බුදු දහමට නිගා නොකර එය ආරක්ෂා කර ගත යුතුයි.(නදී)
මේකත් ඉතින් අන්තිමට විසඳන්න වෙන්නේ නගරාධිපතිතුමාට තමයි.(නදි)
තමනුත් ආරක්ෂා වෙලා අනෙක් අයවත් ආරක්ෂා කර ගැනීම තමයි වැදගත් වෙන්නේ (නි)
මේ දේවල් සාධාරණව විසඳීම තමයි නුවණට හුරු වෙන්නේ (නි)
ඇයි අර කුඹුක් ගස් ජාවාරමක් ගැනත් පහුගිය දවස් වල පළවෙලා තිබුණේ, දේශපාලන බලවතෙක් කරන. ඔවුන් පොලිසියත් බය කරගෙන. පොලිසියම කියනවා, මිනිස්සුන්ට නීතිය අතට ගන්න දෙන්න බැහැ, අපි ඉන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් මෙහෙමද නීතිය ක්‍රියාත්මක කරන්නේ? (නි)
එතකොට මේ පිරිස පසුගිය අවුරුදු 25-30 කාලයක් තුළ කොහෙද හිටියේ? මේ අය පුත්තලමේ හිටියා නම් මුහුදු ගිහින් හරි ජිවිතය ගෙනියන්න පුළුවන්නේ. නමුත් මේ වනාන්තරේ මේ අය මොකක්ද කරන්නේ? (නි)
තව ටික දවසකින් මේ අය කියයිද දන්නෙ නැහැ, සතුන්ගෙන් අපිට හිරිහැරයි. එනිසා සතුන්ව එලවලා දාන්න කියලා? (නි)
මට මෙතන පැහැදිලිව වැටහෙන දෙයක් තමයි, කවුරුහරි දෙපැත්තම අවුස්සලා දෙපැත්තෙම අරගල මැද්දේ තමන් වාසි සළසා ගන්න උත්සාහ කරන බව. නමුත් ඒ කවුද? (නි)
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය භාරය හරි හැටි සිදු නොවන බවයි මින් පෙනෙන්නේ.(නදී)
කාට වුණත් මේ රටේ වනාන්තර වනසන්න දෙන්න බැහැ. ඒවා ඔවුන්ගේ බූදලයන් නොවේ.කෑලෑව අයිති සතා සිවුපාවාට මිසක් මිනිසුන්ට නොවේ. ජනාවාස වුණහම තව විවිධ අවශ්‍යතාත් අවශ්‍ය වෙනවා. ශබ්ද විකාශන දාලා නිහඩ බව බිඳිනකොට සතා සිවුපාවෝ යන්නේ කොහේද කියලා හිතාගන්නත් අමාරුයි.රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් නිදහස් කරගත් දේශය අප කාගෙත් නිජබිමයි.එය රැකගැනීම කාගේත් යුතුකමයි.ඡන්ද ටිකට, තමන්ගේ වාසියට මේ රත්තරන් පොළවේ පාදඩ දේශපාලනයක් බිහිකරන්න එපා.නූපන් දරුවොත් අනාගතයේදී ශාප කරාවි. (නි)
කලිඩ්, හිතන්න පොඩ්ඩක් සාමාන්‍ය මිනිහෙකුට කැළේට රිංගලා කෝටු කෑල්ලක්වත් කඩාගන්න බෑ නඩු දානවා. ඒත් බලන්න දැන් ගෙවල් හදනවා.(නදී)
මේක වැරදි වැඩක් නම් ආණ්ඩුව ඇයි බලාගෙන ඉන්නේ. මේ මිනිස්සු ආයුද අරගෙන නෙවෙයිනේ ඉන්නේ.(නදී)
චානක, නොදන්නා දේවල් කතා කරන්න එපා .මෙම හාමුදුරුවන් වහන්සේලා නිසා තමයි මේ රටේ සමහර අකටයුතුකම් පාලනය වෙන්නේ. (නදී)
මේ සිංහල අපගේ රටයි. අප ඉපදුන මැරනෙ රටයි.(නදී)
මේ හාමුදුරුවන් වහන්සේ හිටියේ නැත්නම් තව අවරුදු 20 කින් මේ රට ඉවරයි. එහෙම වෙන්න දෙන්න එපා. අපේ සෝම හාමුදුරුවන් වහන්සේ කිවේ මේ ටිකම තමා.(නදී)
ඉතින් එහෙම බලනකොට ලංකාවේ කැලෑවක් සුද්ද කරලම නැහැ වගේ නේ මේ අයගේ අදහස්. අද බලන්න මොනතරම් නිදන් හාරලා විනාශයක් කරලද කියලා ? අනික මේ මිනිස්සු යුද්ධයෙන් අවතැන් උන කට්ටිය නේ මෙහෙමද පිළියම් යොදන්නේ.(නදී)
ඒක ඇත්ත. ජාති ආගම් භේද අවශ්‍ය නැහැ (නි)
මේ වන විනාශය නතර කිරීමට ස්වාමින් වහන්සේලා හෝ මැදිහත්වීම විටිනවා. මම හිතන්නේ නිතිය ක්‍රියාත්මක කිරීමට උන්වහන්සේලා සහය දේවි.(නදී)
ජාති ආගම් භේද ඇවිස්සෙයි කියලද නීතිය ක්‍රියාත්මක නොකර ඉන්නේ. ඒක බලවත් වැරැද්දක් නේද? (නදී)
තනුරගේ අදහසට මමත් එකඟයි (නි)
එහෙනම් ඒකත් එහෙම වුණා? ජය වේවා! (නි)
ෆස්රුල් ගෆූර්, මම ඔබතුමාගේ අදහස් නිතරම කියවන කෙනෙක්. ඔබතුමා නිතරම මධ්‍යස්ථව සිතන කෙනෙක්. කිසිම ආගමකට ජාතියකට දොස් නොකියන කෙනෙක්. සම්පුර්ණයෙන්ම නීති වීරෝධී වැඩක් මේ අය කරලා තියෙන්නේ. ඔබතුමා දන්නවා පසුගිය කාලේ මේකට සම්බන්ධ වූ බලවතා කවුද කියලා? මම නම සඳහන් කරන්න කැමති නැහැ. ඒ කෙනා තමයි මේ හැම දෙයකටම වග කියන්න ඕනෑ. මමත් කියන්නේ කිසිම ජාති බේදයකින් තොරව ඉඩම් ලබා දිය යුතුයි. අපි කවුරුත් ශ්‍රී ලාංකිකයෝ. (නි)