විල්පත්තු වන විනාශය පිළිබඳ ජනපති ප්‍රකාශය අගය කළ යුතු බවත් එය 2013 දී විල්පත්තු වන විනාශය පිළිබඳ බොදු බල සේනාව ඇරඹූ අරගලයේ එක් ජයග්‍රහණයක් බවත් බොදු බල සේනා සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සිදුවූ අනෙකුත් වංචා හා හොරකම්ද සොයා බැලිය යුතු බවත් ජාතික ආරක්ෂාවට මේ මගින් අනාගතයේ සිදුවිය හැකි තර්ජන නැති කළ යුතු බවද රටේ වෙනත් ප්‍රදේශවල සිදුවන අනෙකුත් පරිසර හානිද නැවත පැරණි තිබූ තත්වයට ගෙන ඒම කළ යුතු අතර ඒ සඳහා පනත් සංශෝධනය කළ යුතු බවත් එමගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.
අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විල්පත්තු වන විනාශය පිළිබඳ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති උත්සවයකදී පැවසීය. අවුරුදු තුනක් ඇතුළත මෙරට වන ගහණය 29% සිට 32% දක්වා වැඩිකරන බවද පසුගිය රජය අන්තර් අමාත්‍යංශ කමිටුවක් මගින් යුද්ධයෙන් අවතැන් ජනතාව පදිංචිකිරීමට අක්කර 3500ක් ලබාදී ඇති බවත් එයට විල්පත්තුව ද ඇතුළත්ව තිබීම හේතුවෙන් මේ ගැටළුව පැන නැගුණු බවත් ජනපති එහිදී කීවේය.
තමා එයට විරුද්ධවූ බවත් විල්පත්තු වනෝද්‍යානය විනාශ නොකර වෙනත් ප්‍රදේශයක ඔවුන් පදිංචි කළ යුතුව තිබූ බවත් ජනපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාවෙන් වැඩක් නෑ ක්‍රියාවයි වැදගත්වෙන්නෙ (බ)
කස හඬ එනකොට අපිනම් දන්නවා පෙරහැර පස්සෙන් එනවා කියල , දැන් බයවෙන්න එපා විල්පත්තුව ආරක්ෂා කරනවා සිකුරුයි කිව දේ කරන ජනපතිවරයෙක් දැන් අපට ඉන්නවා (බ)
ඔන්න ඔහොම හොඳ වැඩ අගය කරමින් ගරු ජනාධීපතිතුමා නියම මගට ගන්න බලමු, මොන පක්ෂයකින් ආවත් ගමේ මිනිහෙක් නේද? (ම)
රටේ ජනතාවගේ මෙන්ම ජනපතිගේ අවධානයත් ප්‍රමාද වී හෝ මෙයට යොමුවුණා නම් කඩිනමින් එහි ප්‍රතිඵල ජනතාවට ලැබිය යුතුය. ජනපතිගේ අණ හා නියෝග මත ක්‍රියාකාරකම් පරිසරකාමී වනු අපි කඩිනමින් බලාපොරොත්තු වෙමු. (නි)
මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ගතයුතුයි (නි)
ජනාධිපතිතුමා කියන්නේ ඒ ඉඩම් විල්පත්තුවට අයිති ඒවා කියලා. බදුර්දීන් කියන්නේ ඒවා කලින් මිනිස්සු පදිංචිවෙලා හිටපු ගම් කියලා. එතකොට ඇත්ත මොකක්ද? (නි)
හරි පසුගිය රජය කාලයේත් විල්පත්තු වන විනාශය පටන් ගත්තායි සිතමු.මේ රජය කාලෙත් එය සිදුවුණානේ. තවමත් වාර්ගික මට්ටමින් ජනපද ඉදිවෙනවනේ. (නි)
හොඳයි ජනපතිතුමනි, මීළඟට ගන්න පියවර කුමක්දැයි රටේ ජනතාව බලාගෙන ඉන්නවා. වන විනාශය නවත්වා නීතිවිරෝධී පදිංචිවීම් ඉවත් කරනවාද? කතා නම් වැඩක් නැහැ. (නි)
මෑත කාලයේ අපට අහන්න ලැබුන අතිශය සතුටුදායක ප්‍රවෘත්තියයි. ජනපතිතුමනි, ඔබට තෙරුවන් සරණ වේවා! (නි)
මෙය ප්‍රායෝගික බවක් පෙනෙනවා. එය ක්‍රියාත්මක කළයුතුයි. කියලා විතරක් මදි. (නි)
මට නම් හිතෙන්නේ විල්පත්තු අඩවියේ මානව වාසයක් කවදාහරි තිබුනා නම් ඒ සිංහලයන් බවයි. මොකද විල්පත්තුව ඇතුළේ තිබෙන නටඹුන් වලින් එය තහවුරු වෙනවා (නි)
ඔතනින් නවත්වන්න නම් එපා. කරලම පෙන්වන්න (නි)
මේවා කරලා තියෙන්නේ රජයේම නිලදාරීන්. (ස)
සෝදා -සෝදා මඩේ දැමීම. (ස)
මෙතන මෙකට ගන්න ඉක්මන් පියවරක් නෑ. සිදුවන විනාශය පරණ කට්ටියට පැවරීම පමණයි කරල තියෙන්නෙ. ඒක හැමදේටම සුපුරුදු කතාව. මෙයාලගෙ විය යුත්තේ වහා නැවැත්වීමට නියෝග දීමයි. ඇත්ත කළිනුත් පදිංවි කළා. අදත් කරනවා. රජයන් දෙක යටතෙම මේ විනාශය කරන්නෙ එකම කෙනෙක්. (ස)
බල්ටි නැතුව විසිල් විතරක් වැඩක් නැහැ. (ස)
ලක්ෂ්මන් ඇත්තටම මේ කතාවේ විසිල් විතරයි. බල්ටියක් ඇත්තෙම නැහැ.නොකළ යුතුව තිබුන බව තමයි මුළු රටම කියන්නේ. එත් එක වෙනස් කරනවා යයි කියල නැහැ නේ! (ස)