IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘බොදු බලෙන් මෛත්‍රීට මෛත්‍රිය‘

විල්පත්තු වන විනාශය පිළිබඳ ජනපති ප්‍රකාශය අගය කළ යුතු බවත් එය 2013 දී විල්පත්තු වන විනාශය පිළිබඳ බොදු බල සේනාව ඇරඹූ අරගලයේ එක් ජයග්‍රහණයක් බවත් බොදු බල සේනා සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සිදුවූ අනෙකුත් වංචා හා හොරකම්ද සොයා බැලිය යුතු බවත් ජාතික ආරක්ෂාවට මේ මගින් අනාගතයේ සිදුවිය හැකි තර්ජන නැති කළ යුතු බවද රටේ වෙනත් ප්‍රදේශවල සිදුවන අනෙකුත් පරිසර හානිද නැවත පැරණි තිබූ තත්වයට ගෙන ඒම කළ යුතු අතර ඒ සඳහා පනත් සංශෝධනය කළ යුතු බවත් එමගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විල්පත්තු වන විනාශය පිළිබඳ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති උත්සවයකදී පැවසීය. අවුරුදු තුනක් ඇතුළත මෙරට වන ගහණය 29% සිට 32% දක්වා වැඩිකරන බවද පසුගිය රජය අන්තර් අමාත්‍යංශ කමිටුවක් මගින් යුද්ධයෙන් අවතැන් ජනතාව පදිංචිකිරීමට අක්කර 3500ක් ලබාදී ඇති බවත් එයට විල්පත්තුව ද ඇතුළත්ව තිබීම හේතුවෙන් මේ ගැටළුව පැන නැගුණු බවත් ජනපති එහිදී කීවේය.

තමා එයට විරුද්ධවූ බවත් විල්පත්තු වනෝද්‍යානය විනාශ නොකර වෙනත් ප්‍රදේශයක ඔවුන් පදිංචි කළ යුතුව තිබූ බවත් ජනපතිවරයා සඳහන් කළේය.

 

 



අදහස් (0)

‘බොදු බලෙන් මෛත්‍රීට මෛත්‍රිය‘

මාලි Tuesday, 05 January 2016 04:11 AM

කතාවෙන් වැඩක් නෑ ක්‍රියාවයි වැදගත්වෙන්නෙ (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 05 January 2016 04:19 AM

කස හඬ එනකොට අපිනම් දන්නවා පෙරහැර පස්සෙන් එනවා කියල , දැන් බයවෙන්න එපා විල්පත්තුව ආරක්ෂා කරනවා සිකුරුයි කිව දේ කරන ජනපතිවරයෙක් දැන් අපට ඉන්නවා (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 05 January 2016 05:18 AM

ඔන්න ඔහොම හොඳ වැඩ අගය කරමින් ගරු ජනාධීපතිතුමා නියම මගට ගන්න බලමු, මොන පක්ෂයකින් ආවත් ගමේ මිනිහෙක් නේද? (ම)

:       0       0

දිල්කි Tuesday, 05 January 2016 05:31 AM

රටේ ජනතාවගේ මෙන්ම ජනපතිගේ අවධානයත් ප්‍රමාද වී හෝ මෙයට යොමුවුණා නම් කඩිනමින් එහි ප්‍රතිඵල ජනතාවට ලැබිය යුතුය. ජනපතිගේ අණ හා නියෝග මත ක්‍රියාකාරකම් පරිසරකාමී වනු අපි කඩිනමින් බලාපොරොත්තු වෙමු. (නි)

:       0       0

විජිත Monday, 04 January 2016 04:27 PM

මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ගතයුතුයි (නි)

:       0       0

දහම් Monday, 04 January 2016 04:30 PM

ජනාධිපතිතුමා කියන්නේ ඒ ඉඩම් විල්පත්තුවට අයිති ඒවා කියලා. බදුර්දීන් කියන්නේ ඒවා කලින් මිනිස්සු පදිංචිවෙලා හිටපු ගම් කියලා. එතකොට ඇත්ත මොකක්ද? (නි)

:       0       0

නිමල් ලලිත Monday, 04 January 2016 04:32 PM

හරි පසුගිය රජය කාලයේත් විල්පත්තු වන විනාශය පටන් ගත්තායි සිතමු.මේ රජය කාලෙත් එය සිදුවුණානේ. තවමත් වාර්ගික මට්ටමින් ජනපද ඉදිවෙනවනේ. (නි)

:       0       0

සෝමසිරි Tuesday, 05 January 2016 06:00 AM

හොඳයි ජනපතිතුමනි, මීළඟට ගන්න පියවර කුමක්දැයි රටේ ජනතාව බලාගෙන ඉන්නවා. වන විනාශය නවත්වා නීතිවිරෝධී පදිංචිවීම් ඉවත් කරනවාද? කතා නම් වැඩක් නැහැ. (නි)

:       0       0

සෝමසිරි Tuesday, 05 January 2016 12:03 AM

මෑත කාලයේ අපට අහන්න ලැබුන අතිශය සතුටුදායක ප්‍රවෘත්තියයි. ජනපතිතුමනි, ඔබට තෙරුවන් සරණ වේවා! (නි)

:       0       0

මනෝජ් Tuesday, 05 January 2016 12:50 AM

මෙය ප්‍රායෝගික බවක් පෙනෙනවා. එය ක්‍රියාත්මක කළයුතුයි. කියලා විතරක් මදි. (නි)

:       0       0

හේරත් Tuesday, 05 January 2016 01:20 AM

මට නම් හිතෙන්නේ විල්පත්තු අඩවියේ මානව වාසයක් කවදාහරි තිබුනා නම් ඒ සිංහලයන් බවයි. මොකද විල්පත්තුව ඇතුළේ තිබෙන නටඹුන් වලින් එය තහවුරු වෙනවා (නි)

:       0       0

උපුල් Tuesday, 05 January 2016 01:28 AM

ඔතනින් නවත්වන්න නම් එපා. කරලම පෙන්වන්න (නි)

:       0       0

ගාමිණී Tuesday, 05 January 2016 01:37 AM

මේවා කරලා තියෙන්නේ රජයේම නිලදාරීන්. (ස)

:       0       0

දුමින්ද Tuesday, 05 January 2016 01:54 AM

සෝදා -සෝදා මඩේ දැමීම. (ස)

:       0       0

නුවන් Tuesday, 05 January 2016 02:59 AM

මෙතන මෙකට ගන්න ඉක්මන් පියවරක් නෑ. සිදුවන විනාශය පරණ කට්ටියට පැවරීම පමණයි කරල තියෙන්නෙ. ඒක හැමදේටම සුපුරුදු කතාව. මෙයාලගෙ විය යුත්තේ වහා නැවැත්වීමට නියෝග දීමයි. ඇත්ත කළිනුත් පදිංවි කළා. අදත් කරනවා. රජයන් දෙක යටතෙම මේ විනාශය කරන්නෙ එකම කෙනෙක්. (ස)

:       0       0

නිධන් ලක්ෂ්මන් Tuesday, 05 January 2016 03:04 AM

බල්ටි නැතුව විසිල් විතරක් වැඩක් නැහැ. (ස)

:       0       0

පිටිගල Tuesday, 05 January 2016 03:56 AM

ලක්ෂ්මන් ඇත්තටම මේ කතාවේ විසිල් විතරයි. බල්ටියක් ඇත්තෙම නැහැ.නොකළ යුතුව තිබුන බව තමයි මුළු රටම කියන්නේ. එත් එක වෙනස් කරනවා යයි කියල නැහැ නේ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site