බොදුබල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප නමක් කොම්පඤ්ඤවීදිය පොලිසියට කැඳවනු ලැබ සිටිති.
මුස්ලිම් සංවිධානයක පුවත්පත් සාකච්ඡාවක් සඳහා ජාතික බල සේනාව නියෝජනය කරමින් කොළඹ කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයට පැමිණි මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියනට බොදුබල සේනාවෙන් මරණීය තර්ජන කළැයි කොම්පඤ්ඤවීදිය පොලිසියට කළ පැමිණිල්ල අනුව ඥාණසාර හිමියන් කැඳවා ඇත.
තමන්ට තර්ජනය කළ නිසා ඒ අවස්ථාවේ දී තමන් මහා සංඝරත්නයෙන් සමාව ගත් බව විජිත හිමියන්ගේ පැමිණිල්ලේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසීමෙන් බලා ඉඳිමු මොකද වෙන්නෙ කියලා (නි)
ගලගොඩ අත්තේ ඥාණසාර හිමි වැනි හිමිවරුන් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ විදියටවත් අපේ බොදු හඬ අවදිකරන්න අපිට හැකිවුණේ උන්වහන්සේ නිසයි (නි)
ස්වාමින් වහන්සේ කෙනෙක් මෙහෙම රණ්ඩු සරුවල් කරන එක මම නම් අනුමත කරන්නෙ නැහැ. හැබැයි අසාධාරණයට එරෙහිව අපේ අතීත හිමිවරු පවා නැඟී සිටියා කියන එකත් අපි මතක්කර ගන්න ඕනෑ (නි)
මම නම් කියන්නේ ඥාණසාර හිමියන් වැරදි නැහැ කියලයි (නි)
දැනුම් තේරුම් නැතුව එකිනෙකා කියන පළියට සම්බුද්ධ ශාසනයට කිසිම පුද්ගලයෙකුට හානියක් කරන්න ඉඩනොදෙන බවයි ඥානසාර හිමියන් පවසන්නේ. කරුණාකර එය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුයි. (නි)
අනේ මන්දා මේ ප්‍රශ්න කොහෙන් කෙළවර වෙයිද කියලා (නි)
ස්වාමින් වහන්සේ නමක් මේ විදියට පොලිසි ගානේ ගොස් රස්තියාදු වීමට මම නම් ඇත්තටම අකමැතියි (නි)
මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)
ඇතමුන් ඥානසාර හිමියන් කියන කරන දේ අනුමත නොකරාවි. ඒත් කාලයක සිට වියයුතු දෙයක් අද උන්වහන්සේ කළේ යැයි මම සිතමි.මොකද සෝම හාමුදුරුවන්ගේ කාලෙදීත් මේ වැනි සිදුවීමක් වුණා මතකයි. ඥානසාර හිමියන්ගේ මේ නද සමහරු අනුමත නොකරාවි. නමුත් පසුකාලෙක නුඹලාගේ දරුවන් උන්වහන්සේට පින්දේවි. මෙය සියළුම ජාතිමාමකයින් එකට එක්විය යුතු මොහොතක් යැයි මම සිතමි (නි)
මේ රටේ බුදු දහම නැති උන දවසට දැනෙයි හැමෝටම හොදට....ඥානසාර හිමියන් වගේ තව දහස් ගණනක් ඉපදේවා අප ලක් දෙරණේ.....ඔබ වහන්සේට දිර්ගායු පතමි....(අ)
මෙහෙම ගියොත් ආගමික යුද්ධයක් ඇති වෙන්නත් බැරිකමක් නැහැ. මේ ප්‍රශ්නය ඉක්මනට සමාදාන කරන එක ලංකාවේ කිර්ති නාමයට හොඳයි (නි)
ඥානසාර හාමුදුරුවෝ කළ දේ හරි. (නි)
මට නම් දැන්ම මේ ගැන මුකුත්ම කියන්න බැහැ (නි)
මම නම් කියන්නේ හාමුදුරුවරු වුණත් අසාධාරණයේදී මෙහෙම ප්‍රචණ්ඩකාරීව හැසිරෙන එකේ වැරැද්දක් නැහැ (නි)
කීර්තිරත්න මහත්තයෝ, හාමුදුරුවරු ගහගන්නවා කියන්නේ මේ විදිහටද? (නි)
මේවා රටේ ලෝකේ මිනිස්සු හිනස්සවන වැඩ නේද? (නි)
කවුරු මොනවා කිවුවත් මට නම් මේ හිමියන්ගේ වැරැද්දක් කියන්න අමාරුයි (නි)
අපේ හාමුදුරුවෝ හරි! (නි)
මේ රටේ තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක්. ඒ තුළ හැම ජාතියකටම ඉන්න පුළුවන් (නි)
අපේ හම්දුරුවනේ ඔබ වහන්සේ සියයට සියයක් නිවැරදි මේ රට විනාස කරන එක නවත්වන්න ඕනේ සිංහල ජාතිය වෙනුවෙන් කරපු මෙහෙවරට ඔබ වහන්සේට පිං (අ)
බුදුහාමුදුරුවෝ හිටියා නම් මොනවා වෙයිද? (නි)
මටත් හිමියන්ගෙ වරදක් පෙනෙන්න නැහැ (නි)
බෞද්ධයෝ මෙහෙම තර්ජන කළා නම් මම ඒක අනුමත කරන්නෙ නැහැ (නි)
සාදු සාදු සාදු!!! වෙන කියන්න දෙයක් මගේ හිතට එන්නෙ නැහැ (නි)
ඔබ වහන්සේට දීර්ඝායුෂ අපේ හාමුදුරුවනේ! (නි)
මේ රටේ හරියට නිතිය තියනවා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ.(නදී)
ආපේ හාමුදුරුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!ස්වාමින් වහන්සේ නමක් හැටියට උන්වහන්සේට පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙලා තිබෙන්නේ උන් වහන්සේගේ දේපොළ රකින්න නෙමෙයි අපේ ආගම දහම වෙනුවෙනුයි මේ රටේ බුදු දහම නැති උන දවසට දැනෙයි හැමෝටම හොදට....ඥානසාර හිමියන් වගේ තව දහස් ගණනක් ඉපදේවා අප ලක් දෙරණේ.....ඔබ වහන්සේට දිර්ගායු පතමි...(අ)
ස්වාමින් වහන්සේ නමක් හැටියට උන්වහන්සේට පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙලා තිබෙන්නේ උන් වහන්සේගේ දේපොළ රකින්න නෙමෙයි අපේ ආගම දහම වෙනුවෙනුයි. එය ගරු කටයුතුව ඉහලින්ම අගය කලයුතු උතුම් දෙයක්. උන් වහන්සේට මගේ නමස් කාරය.(නදී)
සමාදානයෙන් මේ ප්‍රශ්නය විසඳේවා! (නි)
මේ සේරටම වැරදිකාරයා අන්තිමට කවුරුන් වේවිද? (නි)
හාමුදුරුවන්ගේ කතාවෙත් ඇත්තක් තිබෙනවා. නමුත් අපේ රටේ දේශපාලනයට තව උදවුවක් මෙහෙම කෑගහන එක. චීවරයේ ගරුත්වයත්, බෞද්ධ ධර්මයේ ගරුත්වයත් රැකීම ලොකු වගකීමක්. (නි)
අද කාලේ සමහර ‘දේවදත්තලාට‘ හොඳ පාඩමක් තමයි හාමුදුරුවෝ කියලා දුන්නේ (නි)
මේ කැඳවීම තුළ ලොකු රහසක් තිබෙනවා කියලයි මට නම් හිතෙන්නේ (නි)
ජාතියේ පිනට පහළ වු බොදු බළ සේනාවට ජයෙන් ජය ලැබේවා! (නි)
මෙන්න අපේ නියම සිංහල ලේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ මේ ශාසනය රැකගන්න මේ කරන කාර්යයට දෙවි පිහිටයි! (නි)
ඔබ වහන්සේ අපේ ආගම ජාතිය වෙනුවෙන්,අපේ සිංහලයන් වෙනුවෙන් පෙනීසිටින එක අපට ලොකු ශක්තියක්.මේක අපේ රට. එක එක්කෙනාට ඕනෑ ඕනෑ විදියට නටන්න දීලා බලා ඉන්න එක නෙමෙයි යුතුකම. අපි ඔබ වහන්සේ සමඟයි. (නි)
ගලගොඩඅත්තේ හාමුදුරුවෝ හරි.හරියටම හරි.වාසනාවකට ගලගොඩ අත්තෙ හාමුදුරුවෝ වගේ කොන්ද පණ තිබෙන කෙනෙක් ඉන්නේ.අපේ හාමුදුරුවෝ මේ රට රැක ගත්තේ බුදුදහම වෙනුවෙන්. (නි)
අපේ බුද්ධ ශාසනය වෙනුවෙන් යමක් කරන්නට ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා! ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! සිංහල බෞද්ධයින්ව රැක ගන්න ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
ඔබ වහන්සේ වගේ තව දෙතුන් දෙනෙක් අපේ රටේ හිටියා නම් මේ රටට මැති ඇමතිවරු අවශ්‍ය නැහැ (නි)
හාමුදුරුවෝ හරි (නි)
අපේ ලක් දෙරණේ සැබෑම කැක්කුම ,අයිතිය දැනෙන්නේ සිංහල බෞද්ධ පරම්පරාවට විතරමයි.අතීතයේ සිට මේ දක්වාම රටේ පැවැත්මට සටන් කරන්නේ රට වෙනුවෙන් උණු වෙන හදවත් තියෙන අය පමණයි. සෝම හාමුදුරුවෝ වගේම ඇත්ත නොබියව ප්‍රකාශ කරන්න අපේ ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ට පුළුවන්. අතීතයේ දුටුගැමුණු රජතුමා එළාර ඇතුළු පිරිස ඝාතනය කළේ ලක්දෙරණ බේරාගන්න. ඒක වැරද්දක් නෙමෙයි. අද සිංහලුන් ඉන්නේ ඒ නිසා.අපේ ඥානසාර හාමුදුරුවෝ වගේ අය ඉන්න නිසා අනාගතයේ මගේ දරුවන්ට ශ්‍රී ලංකාවේ වහලුන් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් වේවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. (නි)
බුදු හාමුදුරුවන් දෙසු ධර්මය මෙත් සිත් සනහන එකක් (නි)
ගලගොඩ අත්තේ හාමුදුරුවෝ කළ දේ හරි. (නි)
සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් මොන තීරණය ගත්තත් මම ඒකට විරුද්ධ වෙන්නෙ නැහැ (නි)
අන්තිම තීන්දුව දෙනතුරු තමයි අපි මේ නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නේ (නි)
මම නම් හාමුදුරුවන් හැසිරුණු ආකාරය අනුමත කරන්නේ නැහැ (නි)
පොලිචේ කට්ටිය පරිස්සමෙන් . (ස)
අපේ මේ හාමුදුරුවෝ වගේ දහස්ගණන් අප ලක්දෙරණේ බිහිවේවා (දී)
මේ ප්‍රශ්නයේ උච්චතම අවස්ථාව දැන් උදාවෙලා වගෙයි පෙනෙන්න තිබෙන්නේ (නි)