රංගිරි දඹුලු විහාරස්ථ උයන්වත්ත පුරාණ පන්සලේ ආරම්භ කර ඇති ශ්‍රී ජිනරතන සාමණේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ ගිහි පැවිදි කුඩා පිරිමි දරුවෝ 50ක් පමණ දුෂ්කරතා රැසක් මැද දහම් අධ්‍යාපනය ලබති.
විහාරාධිපති හල්මිල්ලවැවේ පේමරතන හිමියෝ මේ සියලු දෙනාට පියකු මෙන් පිහිට වෙති. දෙමාපිය ආදරය රැකවරණය නොමැති බොහෝ දරුවෝ උන්වහන්සේට ආදරය කරති.
මෙහි සාමණේර හිමිවරු 50කි. ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ දරුවෝ 20කි. මේ දරුවන්ට දිනපතා ආහාර හා අනෙකුත් දේ සපයා දෙනු ලබන්නේ පන්සලේ වැඩ සිටින කුඩා හිමිවරුන්ට ලැබෙන පිණ්ඩපාත දානයෙනි.
1993 දී ආරම්භ කළ භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ අඩුපාඩු රැසක් ඇති බවද උපකාර කිරීමට කැමති අය වෙතොත් අධ්‍යක්ෂක ශ්‍රී ජිනරතන සාමනේර භික්ෂු පුහුණු ආයතනය හා ළමා සුරැකුම් මධ්‍යස්ථානය දඹුල්ල යන ලිපිනයට හෝ දුරකථන 0662284882 / 0777293878 අංකවලට ඇමතිය හැකි බව විහාරාධිපති හිමියෝ කියති.
කොමර්ෂල් බැංකුව දඹුල්ල ශාඛාවේ ශ්‍රී ජිනරතන භික්ෂු පුහුණු ආයතනය නමින් ඇති ගිණුම් අංක 8540006741 දරණ ගිණුමට ආධාර මුදල් බැර කළ හැක.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසින් දකින්නට කණින් අසන්නට අමිහිරි දේ දසත පැතිරෙද්දී, සැබෑ බුදු පුතෙකුගේ සද් ප්‍රයත්නය ඉතා උසස් ලෙස අගයකරනවා. ඔබ වහන්සේට උපකාර කළ යුතුයි යන හැඟීම සම් මස් නහර විදගෙන ඇටමිදුළු දක්වා බැසගත්තා. (නි)
අනේ! කොළඹින් පිට තියෙන මෙවැනි පන්සල් වලට ඇයි අනිත් අය යන්න හිතන්නේ නැත්තේ? බුුද්ධාගම රැක ගන්න කියලා කෑගහන අයට පෙනෙන්නේ ලොකු පන්සල් විතරද? (නි)