උතුම් බුදු පුත් කෙනකු සසුනට දායාද කළ මවක් හා පියෙක් මිනුවන්ගොඩ, ආරංගාව, හොරම්පැල්ල ප්‍රදේශයේ අසරණව ජීවත්වන බව වාර්තාවේ.
දැනට කුලී කඩ කාමරයක වෙසෙන ඔවුන්ට ජීවත්වීමට නිවසක් ඉදිකරගැනීම පිණිස පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි.
නමින් යු.එල්.එස්.බී. පී. ජයසිංහ නමැති එම පියා සහ ලක්ෂ්මි ප්‍රනාන්දු මව තම එකම දරුවා බුදු සසුනට පූජා කර ඇති අතර උන්වහන්සේ දැනට ආරණ්‍යවාසීව භාවනානුයෝගීව වැඩ වාසය කරති. එම දෙමාපියන්ට නිවසක් තනා ගැනීම සඳහා උපකාර කිරීමට කැමති අයට මහජන බැංකුවේ මිනුවන්ගොඩ ශාඛාවේ යූ.එල්.එස්.බී.පී. ජයසිංහ නමින් ඇති 021-2-001-1 0018274 ගිණුමට මුදල් බැර කළ හැක.
වැඩි විස්තර 071 4797564 දුරකථන අංකයෙන් ලබාගත හැකිය. ඔවුන්ගේ ලිපිනය නො. 551/7/බී, ආරංගාව, හොරම්පැල්ල.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහන දම් පිරීම හොදයි, නමුත් මහන දම් පුරන්නේ තරුණ වයසේ කෙනෙක් නම් දෙමාපියන් අසරණ වී ඇත්නම් ඒ ගැන සොයා බැලීම යුතුකමකි. නිවනට යාමට පෙර දෙමාපියන්ට සැලකීම උතුම් මංගල කාරණයකි. භාවනා යෝගීකම පසෙකලා ගෙදර ගොස් දෙමාපියන්ට හොදින් සලකා නිවන් මග ගිහි ගේ සිට පිරීම වඩා හොද යයි සිතෙයි. දෙමාපිය නැති කලෙක අවශ්‍ය නම් පැවිදි වී භාවනා යෝගී වීම වටී. (අ)
චන්දවිමල හිමියනි ඔබවහසේට මගේ ප්‍රණාමය . වටිනා වදනක් (අ)
චන්දවිමල හාමුදුරුවන්ගේ යෝජනාව හරියට හරි. වැදූ දෙමාපියන් අසරණ වෙලානම් නිවන් යන්නේ කෙසේද? (බ)
මේ මවට තියෙන්නේ පැවිදි බව ලබා පුතුන් සිටිනා පන්සලේම ජිවිතයේ අන්තිම කාලය භාවනා කරමින් නිවන් පල ලබන්න (බ)
මේ ගැටළුවේ දෙපැත්තක් ඇති බව අපි අවබෝධ කරගත යුතුයි (නි)
සිවුරට ඇතුළත්වීමට පෙර සියල්ල අත්හරින්නට පෙළඹුන මෙම හිමියන් සියල්ල අත්හරින්නේ නැතුව කෙලෙස අන් අයට බුදුන් වහන්සේගේ සත්‍ය ධර්මය දෙසන්නද? අරණ්‍යවාසී හිමිනමක් නම් දෙමව්පියන් ගැන කෙසේ දැනගන්නද? සත්‍ය අවබෝධ කරගැනීමට සියල්ල මගේ නොවන බව වටහාගෙන නිවන් අවබෝධ කරගැනීමට එම යුවළට මෙයම හේතු වාසනාවේවා! (නි)
දෙමාපියන්ට උවැටන් කිරීම මහා පිං ලැබෙන වැඩක්. එත්... (ර)
පුතා මහණදම් පුරන්න හේතුවක් ඇති. එත් දෙමාපියන්ට උවැටන් නොකර නිවන් යන්නේ කොහොමද හාමුදුරුවනේ. කොහොමද ලොවට දහම් දෙසන්නේ. (ර)
අපි මේ මව්පියන්ට උදව් කරමු. (ර)
ආනන්ද-දොඩන්ගොඩ කියන්නෙත් මගේ අදහස වගේම එකක්. (නි)
ගෙදර බුදුන් අම්මා කියා බුදු දහමේත් කියනවා , මේ අම්මගේ බුද්ධ පුත්‍රයාට තියෙන්නේ අම්මා ගැන සොයා බලන එක පළමුව , එ්කම ඇති නිවන් පල ලබනට (බ)
ඔබ හරි චන්දවිමල හාමුදුරුවනේ, නිවන් දකින්න බැහැ ඔය භාවනා කිරීමෙන්,අපි දන්නවා අද දරුවෝ දෙමව්පියන්ට සලකන්නේ නැහැ එක හරිම නරක දෙයක්. ඔබ වහන්සේ ගෙදර යන්න, දෙමව්පියන් සලකන්න, නිවන් යන්න එකම ඇති...(රේ)
එම හාමුදුරුවන්ගේ සිල්වත් බව හා අරමුණ නොදැන යමක් ප්‍රකාශ කළ නොහැක. දෙමාපියට සැළකීම යහපත් දෙයකි. නමුත් සියළු දෙනාගේම දුක් නිවාරණය කර නිවන් යාමට සිටියා නම් බුදු පියාණනුත් අද අපි සමඟයි (නි)
පුතා තමන් හැදු වැඩු මව්පියන්ට සළකන්න හිතට ගතයුතුයි නේද? ළඟදී ලංකාවට ආ විට ඒ අසරණ මව්පියන් බලන්න යන්නම්. (නි)
පවු අහිංසක මිනිස්සු! (නි)
දිස්නා හැර බොහෝ දෙනා කී දේ අනුමත කළ නොහැක. දෙමව්පියන්ට සැළකීම උතුම්ය නමුත් අරණ්‍යගතව භාවනානුයෝගීව මහණ දම් පිරීම (සසරින් මිදීම අරමුණු කරගෙනම) ඊට වඩා බෙහෙවින්ම උතුම්ය .අනන්ත සසරේ අප කෙතරම් දෙමාපියන් ලබා ඇතිද? කෙනෙකුට මවක හෝ පියකු නොවූවකු සොයාගත නොහැකි බව බුද්ධ දේශනාවේ සඳහන්ය. මේ බියකරු සසරින් මිදීම සඳහා අප්‍රමාදීව කටයුතු කීරීම අගය කරන්න. (බ)
සියල්ල අත් නොහැර කවදා සසරින් එතෙර වන්නද ? මම දුටුවා නිවැරදි අදහස දිපාල්ගේ පමණි .අප කර්මය දායාද කොට ඉපදී තිබේ . කරන්නට දෙයක් නැත .ප්‍රමාද නොවී සසරින් එතෙර වන්න ලෙස අවසන් බුදු වදනෙහිද සදහන්ව තිබේ (බ)
දෙමාපියන් හා අඹුදරුවන් රක්ෂාකිරිම මහත්පල මහානිසංස දෙන උතුම් පින්කමක් බව බුදුන්වහන්සේ දෙසනාකර තිබේ.(ම)
මෙ වගේ අසරණයො පේන්නෙ නෑ කාටත්. (ර)
අඹුදරුවන් රක්ෂාකිරිම මහත්ළුල මහානිසංස දෙන උතුම් පින්කමක් යයි බුදු දහමේ සඳහන්දැයි නොදනිමි.දරුවෙකුට තම දෙමාපියන්ට ණය නොවිය හැක්කේ ඔවුන්ව ධර්ම මාර්ගයේ පිහිටු විමෙන් පමණි.(ම)
නිවන් මාර්ගය මට අද ලැබුණත් මගේ දෙමාපියන්ට හව් හරණක් නැත්නම් වහා සිවුරු හැරගොස් ඔවුන්ව සෙනෙහසින් හැකි පමණින් රැක ගනිමි. නිවන් දැකීමට වඩා මට මගේ මව් පියන්ගේ සතුට වටී. අප වෙනුවෙන් අනන්ත දුක් විද සිටින දෙමාපියන් දුකේ හෙලා තනිව නිවනට යාම උතුම් නොවේ. (ම)
පුලුවන්නම් හෑමෝම උදවු කරන්න (අ)
ස්වභාව ධර්මය හැම ගෙදරකටම අම්මාවරු එවල තියෙන්නේ දරුවන්ට ආදරය ලබල දෙන්න. සියල්ල අතහැර භාවානුයෝගීව සිටින ඔබ වහන්සේ ගෙදර එන්න .ඔබේ රැකවරණය දෙමාපියන්ට අවශ්‍යම මොහොත මෙයයි (බ)