IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බදු නොගෙවා හැංගෙන තැන් පෙන්නන ආයතන විසි හතක්

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය නිලධාරීන් නිවැරදි පරිදි බදු එකතු කර ගන්නේ නැතිව මගහරිනවා නම් ඊට විරුද්ධව නඩු පැවරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා පැවසීය.

ආදායම් බදු එකතු කරගන්න ෆයිල් දාහක් ගෙන බැලුවොත් ඒ දාහටම උපදෙස් දෙන වරලත් ගණකාධිකාරී ආයතන 27 තිබෙන බව කී මාරසිංහ මහතා මෙලෙස  රාජ්‍ය ආදායමට වැට බඳින ආයතන විසි හතේ නිලධාරීන් ගැන මාධ්‍යවේදීන් ද  සොයා බැලිය යුතු බව පැවසීය.  

බදු හංගන ආකාරය , ලාභ නොපෙන්වා සිටින  ආකාරය පිළිබඳ උපදෙස් දෙන්නේ මේ ආයතන විසිහත විසින් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ යැයිද ආශු මාරසිංහ මහතා කීය.

බදු අදායම් ලබා ගැනීමේ ආයතන වන රේගුව, අදායම් බදු, සුරාබදු දෙපාර්තමේන්තු මගින් බදු අදායම  රැස් කර ගැනීමේ හැකියාව වර්ධනය වී තිබෙන බවද මාරසිංහ මහතා කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (8)

බදු නොගෙවා හැංගෙන තැන් පෙන්නන ආයතන විසි හතක්

Kumara Kukulegama Thursday, 14 December 2023 08:39 PM

දෙමව්පියන්ට කිඹුහුම් යන එක වැඩි වුණා නේද?

:       1       2

Harin Thursday, 14 December 2023 09:08 PM

ටැක්ස් වැඩියෙන් ගැහුවාම මේ වගේ ආයතන, බදු හොරු, මගඩි තවත් වැඩි වෙනවා. වක්‍රව හොරකම්, වංචා, අල්ලස් , මංකොල්ල තවත් වටයකින් නගිනවා...

:       1       1

Bamunuarachchi Thursday, 14 December 2023 11:15 PM

ඔන්න එහෙනම් අහගන්න. Hardware කාරයෝ බොහොමයක් 95% මුද්‍රිත බිල් නිකුත් කරන්නේ නැත. තුණ්ඩු කෑල්ලක් පමණක් දෙනවා. එවිට ඔවුන්ගේ ආදායම කොපමණද කියලා ආදායම් බදු දෙපාර්තමේන්තුවට හොයාගන්න බැහැ. ඒවගේම වෙළෙන්දෝ පරිභෝගිකයාට issue කරන බිල් පතේ බඩුවේ මිල සහ වැට් වෙනවෙනම පෙන්වන්න නීති ගෙනඑන්න. එවිට අපි දන්නවා වැට් පෙන්වා අයුතු ලාභ ගන්නවාද කියලා.

:       1       8

malasara Friday, 15 December 2023 06:17 AM

බලු බද්දකුත් ගැහුවොත් තමා හොඳ

:       1       4

C.K.Lankaputhra Friday, 15 December 2023 06:45 AM

හැබැයි ඕනැ කෙලියක් කරන්න, නමුත් බල්ලො බැල්ලියෝ සම්බන්ද කරගන්න නං එපා මහත්තයෝ.

:       1       5

චින්තක Friday, 15 December 2023 08:01 AM

ඉතින් එම ආයතන වලින් එක් ෆයිල් එකකට ලක්ෂයක් වගේ මුදලක් අයකරන්න කටයුතු කලොත් මොකද වෙන්නෙ කියලා බලන්න .තවත් එකක් තමයි බදු ගෙවියයුතු ආයතන ගැන ඔත්තුකරුවන් යොදා බලන්න

:       1       1

wedage Friday, 15 December 2023 10:05 AM

අර ඔය ගෙනපු මෙට්ටය දැන් කොහෙද තියෙන්නෙ ලොක්ක එක භාවිත කරනවද ?

:       1       4

මොහොට්ටාල Friday, 15 December 2023 10:45 AM

එහෙම ආයතන ඇතිවෙන්නෙ බදුගෙවීම සම්බන්ධ ආකෘති පත්‍රවල තියෙන කියවා තේරුම් ගන්න බැරි මහප්‍රාණ හා අපභ්‍රංස නිසා තමයි රජයේ නිළධාරින්ට කාර්‍යාල ක්‍රම හා කාර්‍යාල කළමනාකරණයේදී ජනතාවට තේරුම් ගන්න පුළුවන් ආකාරයට ආකෘති සකසන්න කියලා නියමයක් තිබුනා ඉංග්‍රීසි භාෂාවෙ වචන ගෙඩි පිටින්ම සිංහලෙන් ලිව්වම අධිකරණයට ගියාම නීති සහාය අවශ්‍ය වගේ ආදායම් බදු ගොනු සදහා උපදේශක කෙනෙක් අවශ්‍ය වෙනවා ඉන් පස්සෙ කැලේ හිටපු නයි රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කියනවා වගේ නීති අනපනත් හදන හදපු එවුන් යටිගිරියෙන් සුලුදිය පෙරමින් බෙරිහන් දෙනවා

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site