IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බොදු අයිතිය සුරකින්න වීදි බහි

පිටබැද්දර නගරයේ එක්තරා සංවිධානයක් මුදල් ද වෙනත් වරප‍්‍රසාද ද දී ගම්වැසියන් ඔවුන්ගේ වැඩපිළිවෙළට යොමු කැර ගනිතියි පිටබැද්දර ශාසනාරක්ෂක බළමණ්ඩලයේ ද දහම් පාසල් ද, විදුහල්පතිවරු ද, ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ ද, මල්පුදනැල්ලේ සිට පෙරහරකින් නගරයට පැමිණ ඊට විරෝධය පෑහ. දැනටම  සංවිධානය ප‍්‍රදේශයේ 16 දෙනකු ඔවුන්ගේ වැඩපිළිවෙළට  හරවාගෙන ඇතැයි කියති. පිටබැද්දර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි වැලිහේනේ අතුල හිමි, මොරවක විජය පිරිවෙනෙහි රන්සෑගොඩ විමලසාර හිමි, දංකොළුව දුමින්දාරාමාධිපති රඹුකන ඥානානන්ද හිමි, දෙහිගස්පේ අනගාරික ධර්මපාල විදුහල්පති කඩිහිංගල විහලානන්ද හිමි ද, සියඹලාගොඩ මැදි විදුහල්පති රංජි රණවක, පිටබැද්දර ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ශ්‍රීයානන්ද කණ්ඩම්බි, හිටපු විදුහල්පති සෝමසිරි කරවිට මහත්වරු ද මේ උද්ඝෝෂණයට එක්වූහ. සෙවන්ත් ඬේ ඇඞ්වෙන්ට්ස්ටි සභාවේ ඊ.එම්.යු.එස්.කේ. බණ්ඩාර දේවගැති පැවැසුයේ තරණ පෙළ මත් උවදුර ඇතුළු දුසිරිතෙන් මුදා ගැනීමට සඳහා ක‍්‍රියා කරනවා මිස කිසිවකු තම ආගමට බඳවා නොගන්නා බවයි



අදහස් (0)

බොදු අයිතිය සුරකින්න වීදි බහි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1697 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site