බුද්ධාගමේ චිරස්ථිතියට එල්ළ වෙතියි කියන අන්‍යාගමික තර්ජන ,කැසිනෝ සූදූ, ගණිකා ජාවාරම් ඇතුළු දුරාචාර ගැන රජයේ නිහඩ පිළිවෙත ගැන මල්වතු අස්ගිරි මහා නහිමිවරුන් හමුවේ කරුණු දැක්වීමට බොදු බළ සේනා සංවිධානය , රාවණා බලය හා ජාතික සංඝ සම්මේලන නියෝජිතයෝ අද මහනුවට වැඩම කළහ.
බොදු බළ සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඤාණසාර , රාවණා බලයේ මහලේකම් ඉත්තෑපානේ සද්ධාතිස්ස ,ජාතික සංඝ සම්මේලනයේ රජවත්තේ වප්ප හිමිවරුන්, තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියනට කියා සිටියේ රජය මේ උවදුරු නැති කිරීමට ක්‍රියාත්මක නොවන්නේ නම් මහා සංඝරත්නය පාරට බසින බවයි.
‘ඔබ වහන්සේලා ශක්තිමත්. ආණ්ඩු හදන්නත් පුළුවන් . ආණ්ඩු පෙරළන්නත් පුළුවන්.’ මල්වතු මහ නා හිමියෝ එහිදී පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම් වශයෙන් දෙකට බෙදිලා ඉන්න තරමට ප්‍රශ්න (දී)
දැන් ඉතින් කැගිටියව්! නැතිනම් අපට ජාතිය ආගම නැතිවෙනවා නිසැකය.(නදී)
අපේ හාමුදුරුවනේ, සිංහල බොදුනුවන් වෙනුවෙන් ඔවුන්ට වන අසාධාරණයන් වෙනුවෙන් ඔබ වහන්සේලා නඟන හඩ මම අගය කරනවා.වැරදි මඟක යනවා නම්, වැරදි මඟක ගෙනියන්න හදනවා නම් මේ රජය නිසි මඟට යොමු කිරීමට කටයුතු කිරීම, අඩුපාඩු පෙන්වාදීම වගේම සුදු රෙදි ඇඳ උදේ හවා මල් වට්ටි පුදන මිතුරු වෙසින් සිට සතුරුකම් කරන මැති ඇමතිවරුන් ඇතුළු සියලු දුෂිතයන් සමාජය ඉදිරියේ හෙළිදරව් කිරීම, මුදල් මත යැපෙන දේශපාලනයේ අතුරු ප්‍රතිඵලයක් වන මේ මත් කුඩු ජාවාරම මර්දනයට රජයට බල කිරීමට කටයුතු කිරීම වගේම තිස් අවුරුදු ත්‍රස්තවාදී ශාපයෙන් රට මුදවා ගත් මේ රජය දෙස් විදෙස් එන් ජි ඕ බලපෑම් වලින් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමත් ඔබ වහන්සේලගේ වගකීමක්.අවදි වී තියෙන බොදු බලවේගය අයාලේ යා නොදී දේශපාලන මැදිහත්වීම් වලින් තොරව නිසි ඉලක්කයක් කරා මෙහෙය වන්න ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්යය වීර්යය ලැබේවා කියලා පතනවා. (නි)
ලංකාවේ පිරිසිදු බුද්ධ වචනය දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නේ බොහොම ටිකයි. අනික් පිරිස කරන්නේ උන්වහන්සේලාට අපහාස කර කර පව් රැස් කරගෙන මේ බුද්ධ ශාසනයත් විනාශ කරලා, මිනිස්සුන්ගේ මොළ ටිකත් විනාශ කරන එක. පන්සල්වල ඉන්න ස්වාමින් වහන්සේලා හරියට මේ ධර්මය මිනිස්සුන්ට කියලා දුන්නා නම් මෙහෙම වෙන්නෙ නැහැ. අද අපේ රටේ පන්සල් ශීඝ්‍රයෙන් වැහීගෙන යනවා. ස්වාමින් වහන්සේලා සරසවි යනවා. ගිහියෝ භාවනා පන්ති තියෙනවා. මේ සේරටම මුල බුද්ධ ශාසනයේ ආයුෂ ලෙස පවතින පිරිසිදු බුද්ධ වචනයත් විනයත් බැහැර කොට,අධර්මය තුළ හැසිරීමයි. යම්කිසි දවසක මේ රටේ සියලුම ස්වාමින් වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරයිද, බුදු දුන් දේශනාකොට වදාල ධර්මයට විනයට අනුව හැසිරෙත්ද, එදාට මේ ප්‍රශ්න කිසිවක් නැත. (නි)
ජාතිය ආගම වෙනූවෙන් අදහස් දැමූ අය දරුවන් කී දෙනෙක් ජාතිය ආගම වෙනූවෙන් පූජා කළාද? (නි)
හාමුදුරුවෝ කළ දේ අගය කරනවා (නි)
ලුම්බිනි ගේ කතාව හරියටම හරි. කවුරුවත් නීතිය අතට ගත යුතු නැහැ. අවවාද අනුශාසනා කරන්න ඕනෑ.නමුත් නිතිය අතට ගැනීම කොහෙත්ම අනුමත කළ නොහැකියි. (නි)
ලුම්බිණි ඔබ හරි (දී)
නොදී ඉන්නවද පෝල්? තවම නිර්මල බුදු දහම පැතිරිලා තියෙන්නේ ලංකාවේ විතරයි. (නි)
පටු විදිහට හිතන අය විවිද අදහස් දැරුවට අපේ ජාතිය විනාශ කරන්න කිසිම ජගතෙකුට බැහැ.(නදී)
මිනිසුනේ, ඔය අදහස් වලින් කියන දේවල් මොනවා කරන්නත් බෞද්ධ අපිට රටක් ඉතුරුවෙලා තියෙන්න ඕනෑ (නි)
මෙලෙස නොබියව කිසිදු සොයා බැලීමකින් තොරව සමහරුන් මෙලෙස හැසිරෙන්නේ ඔවුන්ට බෞද්ධ අපගේ ඉවසීම ගැන විශ්වාස බැවිනි. වේගවත් ජනගහන වර්ධනයත් සමඟ නුදුරේදීම එය කරනු ඇත්තේ මීට වඩා බෙහෙවින් දරුණු විදිහටයි. (නි)
නියමයි අපෙ හාමුදුරුවනෙ(දී)
සම්පත්, නිර්මල බුදු දහම එකක්. නීතිය තව එකක්. අපේ රට අද මුහුණපා තියෙන තත්ත්වය තේරුම් අරගෙන අදහස් දක්වන්න. හරි වුණත් වැරදි වුණත් අපිට තනියම ඉදිරියට යන්න බැහැ. පිටරටවල සහය ඕනෑ. (නි)
ලුම්බිනි ගේ කතාව හරියටම හරි. ආගමික නායකයින් නිතිය අතට ගත යුතු නැහැ අවවාද අනුශාසනා කරන්න ඕනේ. ඒ නිසා නිතිය අතට ගැනීම කොහෙත්ම අනුමත කල නොහැක. සෞදි වල මුතෙව්වන්ට එහෙ පොලිසි වලට වඩා බලයක් තියෙනවා. අද ලංකාව ලෝකයේ හොදටම කොන්වෙලා තියෙන්නේ ආගමික සංහිදියාවක් නැහැ කියලා , මේ වැඩ වලින් ඒක හොදට ඔප්පු වෙනවා. මේ සිද්දි හැම එකම එංගලන්තයේ කැනඩාවේ වගේ රට වල උලුප්පලා පෙන්වලා අපිව කපලම දානවා. ඊ ට පසු රට අස්ථිර උනාම කවුද බේරගන්නේ ? මේ කරන වැඩ වලින් අනවශ්‍ය ආගම් හා ජාති බේදයක් ඇති වෙන බව දැනට නොතේරුණත් පසුව හැමෝටම තේරේවි.(නදී)
ඔබ වහන්සේලා දේශපාලන වශයෙන් සංවිධානය වුණොත් පමණයි ජය ගත හැක්කේ. ඒත් ස්වාධීනව කටයුතු කරන්න. ජයවේවා! (නි)
ලෝකයේ එකම සිංහල බොදුනුවන් ඉන්න රටේ ආගම ජාතිය නැතීවී යනකොට කොහොමද බලා ඉන්නේ?ඉස්සර මෙහෙම කළේ නැහැ කියලා හිටියොත් අපිට අනාගතයේදී සිංහල ජාතියත් බෞද්ධ ආගමත් නැති වී යන බව සැබෑවකි. ජාතිය රන් විමනක් වේ ... ආගම මිණි පහනක් වේ... (නි)
මේ කියන දුරාචාර වලින් බුද්ධාගමේ චිරස්ථිතියට හානි වෙන්නේ කොහොමද? ගණිකා ජාවාරම් බුදුන් වහන්සේ ඉන්න කාලෙත් තිබුන. ආණ්ඩු හැදීමත් බුදු දහමත් අතර මොකද්ද තිබෙන සම්බන්ධය? මිනිසුන් බුදු දහමට අනුව ජීවත් වෙනවා නම් සහ අඩු වශයෙන් බණ කියන අය වත් බුදු දහම පිළිපදිනවා නම් කොයි තරම් දෙයක්ද? (අ)
ජයවේවා !!! (නි)
බුදුන් වහන්සේගේ කාලේ ඔය කියන දුරාචාර තිබ්බා කියලා බුදුන් වහන්සේ ඒවා අනුමත කලේ නැහැනේ ලුම්බිණි. බුදුන් වහන්සේ පරාභව සූත්‍රයේ දේශනා කලේ, ඉත්ති දුත්තො සුරා දුත්තො අක්ඛ දුත්තොච යෝ නරෝ ලද්දං ලද්දං විනාසේති තං පරභව මුත්තමං කියලා. ඒ කියන්නේ ස්ත්‍රීන්ට, සුරාවට, සූදුවට ලොල්වූවන් තමන් ලද සියළු දේ විනාශ කරගනිති, යන්නයි.(නදී)
බුදු දහම රැක ගැනිම සදහා උන් වහන්සේලා කරන කැප විම දිගටම කර ගෙන යන්න සුභ පතනවා ඵ් සදහා බෞද්ධ ඹබ සැමට ඵ්කතු වෙන්න කියලා ආරාධනා කරනවා.(නදී)
ලුම්බිණි, බුදු බණ පිළිපදින්නත් ඕනා තමයි. මේ රට විනාශ වෙන එක ගැනත් හිතන්න ඕනා නේද? (නදී)
අපිට ලුම්බිණි ගැන තීරණයක් ගන්න කාලය ඇවිත් වගේ. (ස)
සිංහල ජාතිය වෙනුවෙන් ඔබ වහන්සේලා කරන මෙහෙයට සිංහල අපේ සහයෝගය හැමදාම ලැබෙනවා.(නදී)
ඩොලර් වලින් සප්පායම් වන අය කරන මගඩි හොයන්න කතාකරන්න ඔබ වහසේලාට ශක්තිය තුනුරුවන්ගේ ආරක්ෂාව ලබේවා !(නදී)
ලුම්බිණි කියන කථාව හරියටම හරි... රාජ්‍යය පාලනය තමන්ට අදාල දෙයක් නොවන බව බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කර තියෙනවා. ඒ වගේම ජේතවනරාමේ ලගම තිබුණු ඌරුමස් මඩුව වහන්න බුදුන් වහන්සේ පාරට බැස්සේ නැහැ... එහි ආදීනව ප්‍රයෝගිකව ශ්‍රාවකයින්ට පැහැදිලිකර දුන්නා.(නදී)
පටු දේශපාලන ආකල්ප නිසා සමහරු නිහඬයි.බොදු බළ සේනා සංවිධානය,රාවණා බලය හා ජාතික සංඝ සම්මේලනයට ජයවේවා! බුදු සරණයි. (නි)
ඔබ හරි ශෙහාන්. (ස)
පෙරට පැමිණි මහියංගනයේ සැමට ජාතියේ උපහාරය ! (නදී)
ලුම්බිණි සහෝදරයාගේ ,කතාව යුක්ති ගරුකයි .ඒ සංහිදියාව සමහර අයට නැහැ.(නදී)
මේකෙන් වෙන්නේ බෞද්ධ අපේ අයිතීන් රැකෙන එක විතරක් නෙමෙයි ලුම්බිණි. කැසිනෝ ,ගණිකා මඩම් ,බාර් වලට යන්නේ සිංහල බෞද්ධ අය විතරද? කවුරු හරි කියනවා නම් අපේ අය ඔය වැඩ කරන්නෙ නැහැ කියලා මම සාක්කි සහිතව ඔප්පු කරනවා.ඒක නිසා මේ ක්‍රියාවට සියලු ජාතින් සහයෝගය දිය යුතුයි. බුද්ධාගමට එල්ල වන බලපෑම් වලින් බුද්ධාගම රැකගැනීමට සියලු බෞද්ධයන් පෙරට පැමිණීමට කාලයයි මේ (නි)
මොන බලවේග තිබුනත් නැතත්, සත්‍ය බුදුදහම ජය ගන්නවා. බුදු බණ දෙසුවා නිරන්තරේ... බුදු බණ ඇසුවා නිරන්තරේ.... ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ.... (නි)
බුදුන් වහන්සේ කවරදාකවත් ජාතිය, ආගම, කුලය රැකගන්න බණ කියල නෑ.එහෙම කරන්න ඕන වුණෘනම් බුදුන් වහන්සේට තරම් එය කරන්න තවත් බලයක් ඇති කෙනෙක් හිටියෙත් නෑ. උන්වහන්සේට ඕනා වුණෙ මිනිස්සුන්ට සත්‍ය වටහල දෙන්න මිසක් මේ මිනිස්සු ගහගෙන ඉන්න ලේබල් රකින්න නොවේ.තුන්කල් දක්නා නුවණ තිබුණු බුදුන් වහන්සේ මතු (බුද්ධ පරිනිර්වාණයෙ වසර 2500ක් ගිය කළ) දිනක මේ බුදු සසුන භාරතයෙන් මැකී බෞද්ධයන් නැති වී යන බව නොදැක්කාද? ශාක්‍යයන් රැක ගැනීමට පෙරමුණ ගත්තාද? උන්වනසේ තම ජාතිය රට රැකගන්න උපදෙස් දුන්නාද? බුදුන් වසන සමයේම සියලු ශාක්‍යයන් සමුල ඝාතනය වු බව දන්නවාද? බෞද්ධයන් බෞද්ධකම පස්වල හෝ පොත්වල නොපවතී. සත්පුරුෂයන් ඈති තැන ධර්මය පවතී. නැති තැන ධර්මය නොපවතී. හිස් මානසිකත්ව මනසින් ඉවත් කර සත්ධර්මයට හිත යොමුකර නිවන කරා යොමුවෙන්න.සිංහලයාට බෞද්ධ විය නොහැක බෞද්ධයාට සිංහලද විය නොහැක. බෞද්ධ විය හැක්කේ ජාති, ආගම්, කුල මල ඉවත දැමූ සිත නිවාගත් මිනිසෙකුට පමණි. (ස)
අපේ නිහැඬියාව නිසා මෙතරම් විනාශයක් කරනවා. දැන් ඉතින් කාලය ඇවිත් තියෙන්නේ අපේ ශක්තිය පෙන්නන්ට. එකතු උනොත් අපිට කළ නොහැක්කක් නොමැත. (දිල්)
බුදු දහමට අනුව කිසිම දෙයක් තහනම් කරන්න බෑ. හොඳ නරක තෝරාගෙන ජිවත් වෙන්න කියලා තමා බුදු දහමේ කියලා දෙන්නේ. මෙවා රට තුල තිබුනා කියලා බෞද්ධ අයට ගැටලුවක් නෑ. මෙවා තිබුනා කියලා අපේ රටට වෙන හානියක් නෑ. මුස්ලිම් රට වල රාත්‍රී සමාජශාලා තියෙනවා ඒක සංචාරක කර්මාන්තෙට ඕනේ දෙයක්. ඒවා තිබුනා කියලා ඒ රට වල කිසිම ප්‍රශ්න වෙලා නෑ. ඉතින් අපි බය වෙන්නේ මොකටද මේවා අවට.(නදී)
මම නම් හිතන්නේ දැනටමත් පමා වැඩියි කියලා. මොකද "ලුම්බිනි වගේ" බලා හිටියා නම් අපේ රට තව ටික දවසකින් විනාශ වෙනවා. මම හිතන්නේ ලුම්බිනිට කවුරුත් නැතිව ඇති. අපිට නම් අම්මලා නංගිලා අක්කල ඉන්නවා. බුදු සරණයි! (නදී)
බුදු හාමුදුරුවන්ගේ කාලේ වගේ නෙමෙයි දැන්. බුදු දහම විනාශ කරන බලවේග රාශියක් රට තුල ක්‍රියාත්මක වෙනවා. හාමුදුරුවරු නායකත්වය ගත යුතුමයි. වාරියපොළ පරපුරේ නිර්භීත හිමිවරුන්ට අපගේ උපහාරය. (නදී)
ඔය කොයිකටවත් කවුරුවත් කාවවත් බලෙන් ගෙනියන්නේ නෑ, රට තුල දැනටමත් කැසිනෝ තියනවා, ඒවාට මිනිස්සුන්ව උස්සන් ගිහින් දාල නෑ. එක නිසා ඒවායේ අදීනව මිනිස්සුන්ට කියල දෙනවා මිසක්, ඔහොම බලෙන් ඕව නවට්ටන්න බෑ. ඔය ටික තේරුම් ගන්න කන් ඉතින් ප්‍රශ්න තමයි. (නදී)
ජගත්ට තේරෙන දේ ලංකාව ඇතුලේ ඉන්න අයට තේරෙන්නේ නැත්තේ මොකද?? අපිටත් අපේ රට අගෙයි. බුදුන්ගේ කාලෙත් එක්ක සසදන්න ගියොත් නම් අපට රටක් නැතිවේවි. සර්ව සුභ වාදී වෙන්නේ නැතුව පොඩ්ඩක් ගැඹුරින් හිතා බැලුවොත් තේරේවි අද අපේ රටට වෙන්න යන්නේ මොකක්ද කියලා.අපි දැනටමත් පමා වැඩියි. ඒක තමයි ඇත්ත. (ස)
දහම්, ඔබගේ සැබෑ නම දහම් නම්, එය ඔබට තියපු කෙනා හරියටම තුන් කල් බලල ඒක කරල තියෙනවා. ඔබ කියන දේ මේ මෝඩ මිනිසුන්ට තේරෙන්නේ නෑ. සිංහල බෞද්ධයන් මේවා මනස්ගාත. නියම හා බෞද්ධයන් ලෝකේ කොහේ හිටියත් එයාලගේ ආගමත් බෞද්ධ, ජාතියත් බෞද්ධ, කුලයත් බෞද්ධ. ඔබේ අදහස හරි වටිනවා. (ස)
වනාන්තර එළි කරන්නේපා නැත්නම් ජල උල්පත් නැතිවේ කිව්ව පමණට පෘථග්ජන මිනිසුන් පිළිගනීද??? බහුතරයකගේ යහපත සදහා එය නැවැත්වීමට නීති ක්‍රියාත්මක කළ යුතුය. දුරාචාර සදහා ද එය සත්‍යකි. (ස)
පාරට අපි බැහැගන්නම්, ඔබ වහන්සේලා පන්සල රැකගන්න. (ස)
සැබෑ බුද්ධ පුත්‍රයෝ මිනිසුන් වෙනස් කරන්නේ ශ්‍රී සද්ධර්මය නමැති අමා පැන් වලින්. අතින් පයින් නෙමෙයි. මේ වගේ වැඩ වලින් බුද්ධ ශාසනය රැකෙන්නේ නැහැ. වැනසෙන එකයි වෙන්නේ. (ස)
සිව්වනක් පිරිසම තම තමන් විසින් බුද්ධ දේශනාවට සහ විනයට අනුව ප්‍රතිපත්ති ගරුකව කටයුතු නොකරන නිසා ශාසනය විනාශ වෙනවා. ව්‍යවස්ථාවේ ලියා ඇති නමුත් රජය ශාසන චිරස්ථිතිය සඳහා තායිලන්තයේ මෙන් මැදිහත්ව කටයුතු නොකිරීම වත්මන් අර්බුද වලට එක් ප්‍රබලම හේතුවකි. රාජා භවතු ධමමිකෝ. (ස)
මේ ස්වාමින් වහන්සේලා මේ කරන දේ වෙනුවෙන් සිංහල අපගේ ප්‍රණාමය !!! (ස)
ඔක්කොම කට්ටිය ලුම්බිණි කියන දේ හරිය වැරදිය කියා කියා ඉන්නකෝ තව අව්රුදු දහයක් යනකොට ඔය බුද්ධාගමට ගරහන්න ලුම්බිණි කියල නම දාගෙන ඉන්න මොහොමඩ්ලා අපිට පන්සලකටවත් යන්න දෙයිද කියල? ඒ අය බෞද්ධයන්ට විතරක් සර්ව ආගම. ඔය කියන එක මුස්ලිම් මනුස්සයෙක් කියනවද එයාලගේ පළාත් වලට ඇවිත් සිංහලයන්ට පදිංචි වෙන්න කියල සිංහල ජාතිය ගැන කතා කරන්න මෙහෙමවත් සංවිදාන තියෙන එක කොච්චර දෙයක්ද (දී)